Author: LANKA24X7

කෙහෙල්බද්දර පද්මේ නුවරඑළියේ පවත්වාගෙන ගිය අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයයේ පාකිස්තානු ජාතිකයින් දෙදෙනෙකුද සේවය කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය. මෙම අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරය පිළිබඳව තොරතුරු අනාවරණය වූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනයකදීය. අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරය ගැන තවත් තොරතුරු අනාවරණය වෙමින් පවතින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවසීය.

Read More

ටෙනෙක් විප්ලේස් එන්නත් මිලිග්‍රෑම් 40න් වයල් 30,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. හෘදයාබාධ ඇති වූ පුද්ගලයින් මිය යාම වලක්වා ගැනීම සඳහා දෙන ටෙනෙක්ටිප්ලේස් එන්නතින් වයල් 30,000ක් මිල දී ගැනීම සඳහා ජාත්‍යන්තර තරඟකාරී ලංසු කැඳවා ඇත. ඒ සඳහා ලංසු 3ක් ලැබී තිබේ. ඒ අනුව, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව අවම ලංසුකරු වන ශ්‍රී ලංකාවේ ABC Pharma Services (Pvt) Ltd. (Manufacturer: Reliance Life Sciences (Pvt) Ltd., India) ආයතනයට රුපියල් මිලියන 2,385 ක මුදලකට පිරිනැමීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Read More

තිස්සමහාරාම පොලිසියේ කැබ් රථයක් සොරාගෙන යාම සම්බන්ධයෙන් එම කැබ් රථ රියදුරු ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල් රියදුරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ එම සිද්ධියට ආධාර අනුබලදීම සම්බන්ධයෙනි. ඉකුත් 3වැනි දින තිස්සමහරාම පොලිසියේ සැරයන්වරයෙකු තවත් කොස්තාපල්වරුන් දෙදෙනකු සැකකාර රියදුරු පදවන ලද කැබ් රථයෙන් රාත්‍රී ජංගම සංචාරය සඳහා පොලිස් ස්ථානයෙන් පස්වරු 6 ට පිටත් වී 6.50 ලද පැමිණිල්ලක් අනුව වීරවිල පන්නෙගමුව ප්‍රදේශයට පැමිණ තිබූ බව පොලිසිය කියයි. 7.15 ට පමණ පැමිණිලිකාරිගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු 7.45 ට පමණ කැබ් රථය නවතා තිබූ ස්ථානයට පැමිණීමේදී එය නොමැති බව සැකකාර පොලිස් කොස්තාපල්වරයා විසින් සැරයන්වරයාට දැනුම් දී ඇත. අනතුරුව ඒ…

Read More

අතුරුදහන් වූ තැනැත්තන් සම්බන්ධයෙන් සිදු කරන පැමිණිලි පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහා විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනතේ විධිවිධාන යටතේ අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටුවා ඇත. අතුරුදහන් වූ සහ දක්නට නොමැති තැනැත්තන් පිළිබඳව විමර්ශන සිදු කර ඔවුන්ගේ ඥාතීන්ට වාර්තා නිකුත් කිරීම සිදු කිරීම මෙම කාර්යාලය විසින් ඉටු කරනු ලබයි. මේ දක්වා එකී කාර්යාලය වෙත ලැබී ඇති 16,966 ක් වූ පැමිණිලි අතරින් විමර්ශනය සඳහා තවදුරටත් පැමිණිලි 10,517 ක් ඉතිරිව ඇත. ඒ අනුව, අගතියට පත් පාර්ශ්වයන්ට යුක්තිය ඉටු කිරීම සඳහා 2027 වර්ෂය අවසන්…

Read More

උප සේවයේ සිට නිත්‍ය සේවයට අන්තර්ග්‍රහණය කරනු ලැබු පොලිස් නිලධාරීන් හේතුවෙන් නිත්‍ය සේවයේ රාජකාරි කළ නිලධාරීන්ට උසස්වීම් දීමේදී සේවා කාලය සැළකීම හේතූවෙන් තමන්ට සිදුවන අසාධාරණයට සුදුසු විසඳුම් දෙන්නැයි ඉල්ලා පොලිස් පරීක්ෂකවරු 72ක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් වල තීන්දුව පසුව ප්‍රකාශයට පත්කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (04) දැනුම දුන්නේය. නිසි විසඳුම් ඉල්ලා පොලිස් පරීක්ෂක ඕ සි සුබසිංහ මහතා ඇතුළු 72 ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය අවසන් කිරීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණය එලෙස දැනුම දුන්නේය. අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන මහින්ද සමයවර්ධන සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම් විභාගයට ගැනීණි. පොලිස් පරීක්ෂක ඕ සි සුබසිංහ මහතා ඇතුළු…

Read More

බීමත්ව රිය පදවා අනතුරක් වළක්වා නොගැනීම ඇතුළු චෝදනා යටතේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතාට එරෙහිව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන නඩු විභාගය තාවකාලිකව අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් ඊයේ (04) නිකුත් කළේය. තමන්ට එරෙහිව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුව වෙනත් අධිකරණයකට මාරු කරන්නැයි ඉල්ලා විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතා ගොනු කළ පෙත්සමක් සලකා බැලු අභියාචනාධිකරණය අදාළ අතුරු තහනම් නියෝගය නිකුත් කළේය. අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලිණ. පෙත්සම කැඳවු අවස්ථාවේදී පෙත්සම්කාර විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතා වෙනුවෙන් නීතිඥ චන්දන පෙරේරා මහතාගේ උපදෙස්…

Read More

අරගල සමයේ විනාශයට පත් කළැයි කියන මහවැලි අධිකාරියට අයත් සෙවණගල ප්‍රදේශයේ ඉඩමක අනවසරයෙන් ඉදිකර තිබූ ගොඩනැගිල්ලක් ඇතුළු දේපල සඳහා හානි පූර්ණ කාර්යාලය නිලධාරීන්ට බලපෑම් කර රුපියල් ලක්‍ෂ 88 1/2 ක වන්දි ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කර සිටින හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට ඇප නියම කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති ඇප ඇයැදුම ඔක්තෝබර් 02 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඊයේ (04) නියම කළාය. ඇප අයැදුම්පත සම්බන්ධයෙන් එදින කරුණු තහවුරු කරන ලෙස විනිසුරුවරිය නියම කළාය. හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ගොනු කර ඇති ඇප ඇයැදුම්පතේ වගඋත්තරකරු වශයෙන් අල්ලස් කොමිසම නම් කර ඇත. සෙවනගල ප්‍රදේශයේ පිහිටි ශ්‍රී…

Read More

ආසියා කනිෂ්ඨ කරාතේ ශුරතාවලිය සඳහා සහභාගී වීමට වීසා ලබා ගත නොහැකි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා ඔවුන්ගේ මව්පියන් පිරිසක් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයා හමුවිය. තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී අමාත්‍යවරයා හමු වූ එම පිරිස තමන්ට සිදුවූ අසාධාරණය පිළිබඳව අමාත්‍යවරයා හමුවේ කරුණු දැක්වීය. මෙම අවස්ථාවේදී තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ ඔවුන්ට සිදුවී ඇති අසාධාරණය පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක් පවත්වා, වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි. මෙම ක්‍රීඩක ක්‍රීඩකාවන්ට සිදුව ඇති අසාධාරණය වෙනුවෙන් හැකි උපරිම මැදිහත්වීම, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය ලෙස සිදුකරන බව ද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

Read More

වාර්ෂිකව ලංකාවෙන් ළමා පිළිකා රෝගීන් නව සියයක් පමණ වාර්තා වන හෙයින් සැකසහිත රෝග ලක්ෂණයක් පහළ වූ සැණින් වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ දී මාධ්‍ය හමුවක් කැඳවමින් පැවැසීය. දරුවන්ගේ පිළිකා සුව කර ගැනීමට වැඩිය හැකියාවක් පවතින බැවින් රෝග ලක්ෂණ පිළිබඳව කල්පනාවෙන් සිට කඩිනම් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු බව මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රුක්මාල් ගුණතිලක මහතා කීය. එම රෝග පරීක්ෂාව සඳහා දිවයින පුරා රෝහල් වල පහසුකම් සපයා ඇති බවද වෛද්‍ය රුක්මාල් මහතා සඳහන් කළේය. උපතේ සිට අවුරුදු 19 දක්වා දරුවන්ට සෑදෙන පිළිකා ළමා පිළිකා වශයෙන් හැඳින්වෙයි.…

Read More

සමනාත්මතාවෙන් සපිරි, නීතිගරුක සහ සාරධාර්මික රටක් ගොඩනැඟීමට දරන ප්‍රයත්නයට නබිතුමන්ගේ දහම නොනිමෙන ආලෝකයක් සපයන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මිලාද්-උන්-නබි උත්සවය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි. ජනාධිපතිවරයා මෙසේද කියයි. ලෝකවාසී ඉස්ලාමීය බැතිමතුන් ඉතා ගෞරවයෙන් සමරන ශුද්ධ වූ මුහම්මද් නබිතුමන්ගේ ජන්ම දිනය හෙවත් මිලාද්-උන්-නබි උත්සවය අදට යෙදී තිබේ. ඉස්ලාම් ආගමේ අවසන් නබිතුමන් වූ මුහම්මද් නබි නායකතුමන් දැහැමි සමාජයක් ගොඩනැඟීම සඳහා කැප වූ සහ ඒ වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ ආගමික ශාස්තෘවරයෙකි. එසේම, ඉස්ලාම් හර පද්ධතියක් ඇති කිරීමෙහි පුරෝගාමියා වන්නේද එතුමායි එකල සමාජයට ඉස්ලාම් දහම පිළිබඳ පණිවිඩය ඉදිරිපත් කිරීමේදී නබි නායකතුමා ලද කටුක අත්දැකීම් සුළුපටු නොවේ. එවන් මොහොතක වුවද ඉවසිම…

Read More