Author: LANKA24X7

ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ පසුගිය (04) රාත්‍රියේ සිදුවූ මාරක බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයෙක් වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 10 බැගින් වන්දි දීමට ජනාධිපති අරමුදල තීරණය කර තිබේ. එම අනතුරෙන් පුද්ගලයන් 15 ක් මරණයට පත්ව ඇති අතර ඒ අනුව රුපියල් ලක්‍ෂ 150ක් ජනාධිපති අරමුදලෙන් වන්දි ගෙවන බව එම අරමුදල වැඩි දුරටත් සඳහන් කළේය.

Read More

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයකු මෙන්ම අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) හිටපු තරග තීරකවරයෙක් වන රොෂාන් මහානාම මහතා ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ. ජාතික ක්‍රීඩා සභාවෙන් ඉල්ලා අස්වීමට හේතුව ලෙස ඒ මහතා ‘ පෞද්ගලික හේතුවක්’ ලෙස යැයි සඳහන් කර ඇතැයි ක්‍රීඩා අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් බාර දෙනු ලැබූ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ලේකම්වරුන්ගේ මතය ඇතුළත් වාර්තාව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට පසුගිය ( 4) බාරදී ඇත. කෙසේ වෙතත් ලේකම්වරුන් එම යෝජනාව සම්බන්ධයෙන් ස්ථිර තීරණයක් ප්‍රකාශ කර නැත. යෝජනාව විවාදයට ගන්නවා නම් ඒ සඳහා යොදාගත හැකි කරුණුද විවාදයට නොගන්නවා නම් ඒ සඳහා යොදාගත හැකි කරුණුද ඇතුළත් කර මෙම වාර්තාව පිළියෙල කර බාරදී ඇති බව ආරංචි මාර්ග සඳහන් කළේය. විශ්වාසභංග යෝජනා ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය මෙන්ම මීට පෙර විශ්වාසභංග යෝජනා ඉදිරිපත් කර ඇති අය සම්බන්ධයෙන්ද විශ්වාසභංග යෝජනා සම්බන්ධයෙන් මෙරට සහ විදේශයන්හි භාවිතයන් සහ ලේඛනගත…

Read More

මෙරටට බලපා ඇති උණුසුම් කාලගුණ තත්වය පිළිබඳ ප්‍රදේශ රැසක ජනතාව හෙට (6) දිනයේ අවධානය යොමුකළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ‘අවධානය යොමු කළ යුතු’ මට්ටමක පැවතිය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පැවසීය.

Read More

ඇල්ල බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත් වූ සියලුදෙනාගේ පවුල් වෙත ජනාධිපතිවරයා ඇතුළු රජයේ සංවේගය පළ කරන බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ජාතික මීලාද් – උන් – නබි සැමරුම් උත්සවය අමතමින් පැවසීය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අම්බලන්තොට, මැලේ කොලනි ගම්මානයේ, මස්ජිදුල් අරූසියා ජුම්මා මස්ජිද් පරිශ්‍රයේදී ඊයේ (5) මෙම උත්සවය පැවැත්විණි. බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් ඉස්ලාම් ආගමික නායක මුහම්මද් නබිතුමාගේ ජන්ම දිනය නිමිති කොට ගෙන මෙම ජාතික උත්සවය සංවිධාන කර තිබු අතර ප්‍රදේශයේ මහා සංඝරත්නය ඇතුළු සියලු ආගම්වලට අයත් ජනතාවගේ සහයෝගය සහ දායකත්වය…

Read More

කොළඹ ප්‍රදේශයේ ස්ථාන තුනකදි සිවිල් පුද්ගලයන් කිහිප දෙනකුද සමග එක්වී මාර්ගයේ ගමන් කරන පිරිස් නවතා පරීක්ෂා කර ඔවුන්ගේ ජංගම දුරකථනවල අන්තර්ජාල බැංකු සේවා මගින් සිය ගිණුම්වලට බලහත්කාරයෙන් මුදල් බැරකර ගත්තේ යැයි කියන පොලිස් කොස්තාපල්වරයකු පසුගිය (4) සැකපිට අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසිය සඳහන් කරයි. මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් මූලස්‌ථානයේ කොස්තාපල්වරයෙකි. පසුගිය විසිවැනිදා ලේක්හවුස් ආයතනය ඉදිරිපිට දීද,27 දා බාලදක්ෂ මාවතේදී සහ පසුගිය අටවැනිදා පිටකොටුව ප්‍රදේශයේදී ද රැඳී සිටිමින් මාර්ගවල ගමන් ගත් ඇතැම් පුද්ගලයන් නවතා පරීක්ෂා කර බලා මෙසේ මුදල් ලබාගෙන තිබෙන බව පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. සැකකාර කොස්තාපල්වරයා සමග එක්වී මෙම ක්‍රියාවට සම්බන්ධ වූ…

Read More

ඇල්ල අනතුරේදී ජනතාවගේ ජීවිත බේරා ගැනීමට දායක වූ සියලු දෙනා පෙන්වූ මනුෂ්‍යත්වයේ උත්තරීතර බවට තම හෘදයාංගම ගෞවරය පිරිනමන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. නාමල් රාජපක්ෂ මහතා මෙසේද කියයි. ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදු වූ බස් රථ අනතුර පිළිබඳව මම දැඩි සංවේගයට පත් වුණෙමි. මෙම අනතුරට ලක් වූ තංගල්ල මහනගර සභාවේ ලේකම් වන ටී. ඩබ්ලිව්.කේ රූපසේන මහතා ඇතුළු පිරිසකගේ ජීවිත අහිමි වී ඇති අතර සමස්ත මහජනතාව මේ සිදුවීම හේතුවෙන් දැඩි කම්පනයට පත් වී ඇත. දැඩි බෑවුම් සහිත ස්ථානයක, අනතුරට ලක් වූ අපේම සහෝදර ජනතාවගේ ජීවිත බේරාගැනීමට…

Read More

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාලකරුවන් සමග සබඳතාවක් තිබුණා නම් එය නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ හෘද සාක්ෂිය එය හොඳාකාරවම දන්නවා ඇති යැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය. ” ආණ්ඩුව ඉදිරියේදී අපිත් ඔය පාතාලකරුවන්ට ගාවන්න ඉඩ තියෙනවා” යැයි නමල් රාජපක්ෂ මහතා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් කළ විමසුමකදී ඔහු එසේ පැවසීය. ශ්‍රී ලංකා පොලිසිය සාමාන්‍ය කට කතාවලට සහ ඕපාදූපවල කටයුතු නොකරන බවද මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය. විමර්ශනවලින් තොරතුරු අනාවරණය වීමටත් පෙර ඔහු එසේ ප්‍රකාශ කිරීම ප්‍රශ්නකාරී බවද ඔහු සඳහන් කළේය.

Read More

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදී ස්මාට් අත් ඔරලෝසුවක් , ජංගම දුරකථන තොගයක් සහ විවිධ මත්ද්‍රව‍්‍ය හමුවී ඇතැයි බන්ධනාගාර අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. සොයාගත් එම ජංගම දුරකථන 27 අතර ස්මාර්ට් ජංගම දුරකථන 07 ක් ද තිබී ඇතැයි දැනගන්නට ඇත.මත්ද්‍රව‍්‍ය අතර හොරයින් අයිස් සහ ගංජා ද අඩංගුව තිබී ඇතැයි කියයි. කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ජේ වාට්ටුවේ සිදු කළ සෝදිසි මෙහෙයුමේදී ජංගම දුරකථන 04 ක්ද , එම් 2 වාට්ටුවේ සිදුකළ සෝදිසි මෙහෙයුමේදී ස්මාට් ජංගම දුරකථන 07 ක් ස්මාට් අත් ඔරලෝසුව සහ සෙසු ජංගම දුරකථන තොගය මෙන්ම විවිධ මත්ද්‍රව්‍ය සොයා ගැනීමට හැකි වී ඇතැයි කියයි.

Read More

මුළු රටේ ම ජනතාව සංවේගයට පත් කළ ඇල්ල බස් අනතුරට මුහුණ දුන් ජනතාව වෙනුවෙන් අතිශය කණගාටුවට පත්වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. හිටපු ජනාධිපතිවරයා මේ බව පවසන්නේ සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනි. හිටපු ජනාධිපතිවරයා මෙසේද කියයි. ඇල්ල-වැල්ලවාය මාර්ගයේ ඊයේ රාත්‍රියේ (04) සිදුව ඇති බස්රථ අනතුර පිළිබඳව අසා බෙහෙවින් කම්පාවට සහ ශෝකයට පත් වූයෙමි. තංගල්ල ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් සඳහා පැමිණ, නැවත යමින් සිටිය දී රාවණා ඇල්ල ප්‍රදේශයේ සිදුව ඇති මෙම අනතුර හේතුවෙන් තංගල්ල නගර සභාවේ ලේකම් වන ටී. ඩබ්ලිව්. කේ. රූපසේන මහතා ඇතුළු තවත් පිරිසකගේ ජීවිත රැසක් අහිමි ව ඇති බවත්, තවත් බහුතරයක් තුවාල ලබා ඇති බවත්…

Read More