Author: LANKA24X7

පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ කළුගල් අතර තිබී මෝටර් උණ්ඩයක් සොයාගත් බව පොළොන්නරුව පොලිසිය කියයි. මෙම මෝටර් උණ්ඩය පැරැණි එකක් බවත්, පරාක්‍රම සමුද්‍රයේ ජල මට්ටම අඩුවීමත් සමඟ එම මෝටාර් උණ්ඩය උඩට මතු වි ඇති බවට සැක කරන බව ඒ පිළිබඳ පරීක්ෂණ සිදුකරන පොළොන්නරුව පොලීසිය සඳහන් කරයි,

Read More

ඉදිරි දින කීපයෙදි උතුරු, උතුරු මැද නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හිතරක වායු ගෝලිය තත්වයක් ඇති වෙමින් පවතී. උතුරු, උතුරු මැද නැගෙනහිර සහ ඌව පළාත්වල වස්වරු 2.00 පමණ පසු තැනි තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති. ඇතැම් ස්ථානවල මිලි මීටර් 5.00 වැඩි තරමක තද වැසි ඇති වේ.බස්නාහිර සහ සබරගමව පළාත්වලත් ගාල්ල,මාතර, මහනුවර සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වේ.

Read More

අද රාත්‍රියේ ලංකාවාසීන්ට ඉතා විරල පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැක ගැනීමේ අවස්ථාව ලැබෙන බව ආතල් සී.ක්ලාක් ආයතනයේ ප්‍රධානී මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය. ලෝක ජනතාවගෙන් සියයට අසූපහකට මෙම චන්ද්‍රග්‍රහණය දිස්වන බවද චන්දන ජයරත්න මහතා කීය. සූර්යයා සහ චන්ද්‍රයා අතරට පෘථිවිය පැමිණීම චන්ද්‍රග්‍රහණයක් ලෙස දිස්වන බව බව කී චන්දන ජයරත්න මහතා පෘථිවියේ සෙවනැල්ල චන්ද්‍රයා මතුපිට වැටීමෙන් චන්ද්‍රග්‍රහණයක් දැක ගැනීමට අවස්ථාව ලැබෙන බව සඳහන් කළේය. අද(7)රාත්‍රී 9.57 සිට චන්ද්‍රග්‍රහණය හොඳින්ම දැක ගැනීමට ලැබෙන බව කී මහාචාර්යවරයා රාත්‍රී 11.01 සිට 12.22 දක්වා චන්ද්‍රයා සම්පූර්ණයෙන්ම කළු පැහැයෙන් පෙනෙන බව සඳහන් කළේය. චන්ද්‍රග්‍රහණය දැකගත හැකි ඉතාම හොඳ අවස්ථාව හෙවත් ග්‍රහණ මධ්‍ය පස්වරු 11.42 ට යෙදී තිබේ. මීට…

Read More

ක්ෂේත්‍ර රාජකාරීවල නිරත වන සෞඛ්‍ය සේවකයින් හට උපරිම පහසුකම් ලබාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. සෞඛ්‍ය සේවාව ආයතනවලට සීමා නොවී ක්ෂේත්‍රයට ගෙන ඒමට කටයුතු කරන අතර එහිදී ක්ෂේත්‍රෙය් රාජකාරී නිසි පරිදි ඉටු නොවුනහොත් සෞඛ්‍ය සේවාවේ කුමන සංවර්ධනයක් කළ ද ඉන් ප්‍රයෝජනයක් අත් නොවන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි. පවුල් සෞඛ්‍යෙස්වාව තුළ පැන නැගී ඇති ගැටලු සම්බන්ධයෙන් සමස්ත ලංකා පවුල් සෞඛ්‍ය ස්වා නිලධාරිණියන්ගේ සංගමයේ සාමාජිකාවන් සමග පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ. මෙහිදී පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියන්ගේ වෘත්තීය ගැටලු කිහිපයක් ද ඔවුන් විසින් ඉදිරිපත් කර ඇති අතර ඒ පිළිබඳ අවධානය යොමු කරමින්…

Read More

සුදු අරලිය හෝටලයට යාබදව නිත්‍යානුකූල නොවන ඉඩම් කෑල්ලක් තිබෙන්නේ යැයි පිළිගන්නා බවත් එම ඉඩමේ වැට ගලවා දැමීමට තමා සූදානම් බවත් ප්‍රසිද්ධ ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පැවසීය. “අපි කවුරුත් නීතියට යටත් විය යුතුයි” යැයිද ඔහු සඳහන් කළේය. සිරිසේන මහතා මෙසේ පැවසුවේ හිඟුරක්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරික හමුවකදීය. ඩඩ්ලි සිරිසේන මහතා මෙසේද කීය. අපි කණ්ඩායමක් වශයෙන් මේ අවස්ථාවේදී එකතුව ගමනක් යා යුතුයි. ආණ්ඩුවට උදව් කළ යුතුයි. මම මේවා කියන්නේ සුදු අරලිය හෝටලය බේරගන්න හිතාගෙන නම් නෙවෙයි. ඒ වගේම මම ආණ්ඩුවට කඩේ යනවත් නෙවෙයි. මැයි මාසය වෙනකන් හෝටලයේ වෙඩින් බුකින් වගයක් තියෙනවා. ඒවා ඉවර වුණ ගමන් මම ඒක කඩල අලුතින් හදනවා.

Read More

පාර්ලිමේන්තුවේ වහලය ස්ථාන ගණනාවක හිල් පැවතීම හේතුවෙන් වර්ෂා කාලවලදී සභා ගර්භයේ යම් යම් ස්ථානවලට පවා ජලය කාන්දුවන බව පාර්ලිමේන්තු ප්‍රධානීහු පෙන්වා දෙති. කාලයක් තිස්සේ පිළිසකර නොකිරීම හේතුවෙන් මේ තත්වය ඇති වී තිබෙන බව ඔවුහු සඳහන් කරති. පාර්ලිමේන්තුවේ බොහෝ අංශ පිළිසකර කිරීමේ මෙහෙයුමක් යුද හමුදාවේද සහාය ඇතිව ආරම්භ කර ඇත. පාර්ලිමේන්තුවේ මෙම ඉදිකිරීම් කටයුතුවලට ජෙෆ්රි බාවා පදනම නොමිලේ උපදේශන සේවා ලබාදෙයි එසේම පාර්ලිමේන්තුවේ මුල් සැලැස්මට හානි නොවන පරිදි එහි ඉදිකිරීම් කරන්නැයි එම පදනම පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇත. එවකට ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ මගපෙන්වීම යටතේ එවකට අග්‍රාමාත්‍ය ආර්. ප්‍රේමදාස මහතා වර්තමාන පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ඉදිකිරීමේ කටයුතු මෙහෙයවීය. මේ අනුව මෙරට ප්‍රමුඛ…

Read More

පහළොස් දෙනෙකුගේ ජීවිත අහිමි කරමින් ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී අනතුරටපත් බස් රථය පොදු ප්‍රවාහනය සඳහා ලියාපදිංචියෙන් ඉවත් වූ එකක් බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය ජාතික ගමනාගමන කොමිෂන් සභාව 2023 වර්ෂයේදී එම බස් රථය පොදු ප්‍රවාහනය සඳහා ලියාපදිංචියෙන් ඉවත් කර ඇතැයි පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා බස් රථය සාමාන්‍යයෙන් නිවසේ භාවිතය සඳහා වෙනස්කම් කර තිබූ වාහනයක් ලෙස හඳුනාගෙන ඇතැයිද සඳහන් කළේය. සාමාන්‍යයෙන් පළාත් අතර පොදු ප්‍රවාහන සේවා කටයුතු කරන්නේ නම් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ලියාපදිංචි වී අවසර ලබා ගැනීම අත්‍යවශ්‍ය බව පැවසේ.

Read More

පානදුර, අලුබෝමුල්ල සඳගලවත්ත ප්‍රදේශයේ වෙළෙඳසැලකට අද (6) පෙරවරුවේ වෙඩිතැබීමක් සිදුව තිබේ. නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ මිලිමීටර 9 වර්ගයේ පිත්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇත. වෙඩිතැබීම සිදුවන අවස්ථාවේ කාන්තාවක් එහි සිට ඇත. ඇය වෙඩි ප්‍රහාරයෙන් බේරී පලායාමේ දී වෙළෙඳසැලේ තිබූ ශීතකරණයකට වෙඩි වැදී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අලුබෝමුල්ල පොලීසියට විමර්ශනයක් ආරම්භ කර ඇත. ඊට අමතරව පානදුර කොට්ඨාසය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ ද වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Read More

ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ සිදුවූ බස් අනතුරින් මියගිය තංගල්ල නගර සභාවේ සේවකයන්ගේ මෘතදේහ මේ වනවිට තංගල්ල නගර ශාලාව වෙත රැගෙනවිත් එහි තැන්පත් කර තිබේ. ඒ, මියගිය අයට අවසන් ගෞරව දැක්වීම සඳහාය. මේ වනවිට මියගිය පුද්ගලයින් 10 දෙනෙකුගේ දේහයන් නගර ශාලාවට රැගෙනවිත් ඇති බවය. තංගල්ල ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් පැමිණි පිරිසක් රැගත් බස් රථය ඇල්ල පොලිස් වසමේ ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 24 වන කිලෝමීටර් කණුව ආසන්නයේදී පෙරේදා (04) ප්‍රපාතයකට පෙරළී සිදුවූ මෙම අනතුරෙන් 15 දෙනෙකුට දිවි අහිමි විය. මෙම අනතුරින් තංගල්ල නගර සභාවේ ලේකම් ටී.ඩබ්ලිව්. කේ. රූපසේන මහතා ඇතුළු එම නගර සභාවේ සේවකයින් 12 දෙනෙකු ද මියගොස් තිබුණි. අනතුරින්…

Read More

ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ පසුගිය (04) රාත්‍රියේ සිදුවූ මාරක බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයෙක් වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 10 බැගින් වන්දි දීමට ජනාධිපති අරමුදල තීරණය කර තිබේ. එම අනතුරෙන් පුද්ගලයන් 15 ක් මරණයට පත්ව ඇති අතර ඒ අනුව රුපියල් ලක්‍ෂ 150ක් ජනාධිපති අරමුදලෙන් වන්දි ගෙවන බව එම අරමුදල වැඩි දුරටත් සඳහන් කළේය.

Read More