Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
කලුතර ප්‍රදේශයේ නිවාස බිඳුම් රැසකට සම්බන්ධ පිය පුතු දෙපළක් අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි. කළුතර නාගොඩ ප්‍රදේශයේ නිවසකට රාත්‍රී කාලයේදී ජනේලයක් කඩා ඇතුළුවූ මෙම පිය පුතු දෙපළ ලක්ෂ 15 ට ආසන්න රත්තරන් භාණ්ඩ සොරකම් කොට ඇති බව පොලිසිය කීය. සොරකම් කල රන් හාන්ඩ පෞද්ගලික ස්වර්ණාභරණ ආයතනයකට සහ උකස් මධ්‍යස්ථාන වලට අඩුමුදලට විකුණා තිබූ බවත් පොලිසිය කීය.
පළාත් පාලන මැතිවරණයේදී කොට්ඨාස මට්ටමින් ජයග්‍රහණය කළ අපේක්ෂකයන්ගෙන් සියයට හතළිහකගේ නම් ඒ ඒ දේශපාලන පක්ෂ මෙතෙක් බාරදී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. පළාත් පාලන ආයතන වල නිල කාලය ආරම්භ වීමට පෙර සභිකයන් සංඛ්‍යාව ගැසට් මඟින් ප්‍රකාශයට පත් කළ යුතු හෙයින් අපේක්ෂකයන්ගේ නම් කඩිනමින් යොමු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සියලු දේශපාලන පක්ෂ වලින් සහ ස්වාධීන කණ්ඩායම් වලින් ඉල්ලීමක් කරයි
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කරන ත්‍රිපුද්ගල කමිටුව සිය ඉදිරි විමර්ශන කටයුතු සදහා ලබන 28 වැනිදා නැවත රැස්වීමට නියමිතය. කමිටුව එදින පස්වරු 2.00ට පාර්ලිමේන්තු කාරක සභා කාමර අංක 8හිදී රැස්වන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි. කමිටුව පොලිස්පති දේශ බන්දු තෙන්නකෝන් මහතා ඊයේ කැඳවා චෝදනා පත්‍රය භාර දුන්නේය.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී වසරේ මේ දක්වා කාළය තුළ විදේශ රැකියා සඳහා පිටත් වූ ප්‍රමාණය ලක්ෂය ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව මේ වසරේ ජනවාරි සිට මේ දක්වා 100, 413 ලියාපදිංචි වී රැකියා සඳහා විදේශ ගත වී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. ස්වයං මාර්ගයෙන් ලියාපදිංචි වූ ප්‍රමාණය 64150 වන අතර. විදේශ රැකියා ඒජන්සි ආයතන මගින් ලියාපදිංචි වූ ප්‍රමාණය 36 263 කි. මේ අතරට කාන්තාවන් 39496 ද පිරිමින් 60917 ක් ද ඇතුලත් වේ. වැඩිම පිරිසක් ලියාපදිංචි වී ඇත්තේ කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා වන අතර එම ප්‍රමාණය 25672 කි. එක්සත් අරාබි එමීර් රාජ්‍ය සඳහා 18474 ක්,…
ගල්කිස්ස මහ නගර සභාවේ සේවකයා වෙඩි ඝාතනය ලක්ෂ 10 කොන්ත්‍රාත්තුවක් මත සිදු වූ බවක් බව ගල්කිස්ස පොලිසිය කියයි. ඝාතනයට ලක්වූ 19 හැවිරිදි තරුණයා වෙඩික්කරුවන්ගෙන් බේරීම සදහා මාර්ගය දිගේ දිව ගොස් වෙරළ පාර ප්‍රදේශයේදී ෙදිවයාමට නොහැකිව නතර වූ අවස්ථාවේ වෙඩික්කරුවකු ඔහු අසලට පැමිණ වෙඩි තබා යතුරුපැදියෙන් පලා යන අයුරු ද සී.සී.ටී.වී දර්ශනවල සටහන්වී තිබුණි. ඒ අනුව පොලිසිය දිගටම විමර්ශන සිදුකර තිබූ අතර එම ඝාතනයට ලක්වූ තරුණායගේ මව මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කාන්තාවක් බවත් ඒ සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මත මෙම තරුණයාට වෙඩි තබන්නට ඇති බවට පොලිසිය සැක පළකරයි.
දේශීය කර්මාන්තකරුවෙක්ට කිසියම් ආනයනකින් බලපෑමක් ඇතිවන්නේ නම් ඉන් ආරක්‍ෂා වීමට පනත් දෙකක් හදුන්වාදී ඇති බවත් කර්මාන්තකරුවන්ට ඒ සඳහා වාණිජ දෙපාර්තමේන්තුව සමඟ කටයුතු කළ හැකි බවත් වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්‍ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඊයේ (19) පැවසීය. දේශීය නිෂ්පාදකයා සහ කර්මාන්තකරුවා ආරක්‍ෂා කිරීම වෙනුවෙන් හදුන්වා දුන් 2018 අංක 2 දරණ ප්‍රපාතන විරෝධී සහ ප්‍රතිතෝලන බදු පනත පිළිබඳව දැනුවත් කිරීමට කොළඹ පනදම් ආයතනයේදී ඊයේ (19) පැවැති විශේෂ මාධ්‍ය හමුවේකදී අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා එසේ සඳහන් කළේය. කිසියම් ආනයකරුවෙක් සහනාධාර ලැබෙන භාණ්ඩයක් ආනයන කර වෙළෙඳපොළට සපයන්නේ නම් දේශීය කර්මාන්තයට බලපෑමක් වන බවත් මිල සඟවා ආනයන කරන්නේ නම් එය ද…
අදහන සහ විශ්වාස කරන බුද්ධ දර්ශනයට අනුකූලව රණවිරු දරුවන් වෙනුවෙන් මේ මොහොතේ කළ හැකි උතුම්ම කාර්ය පින් සහ සෙත් පැතීම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය. කොටි ත්‍රස්තවාදය පරාජය කළ විජයග්‍රණය වෙනුවෙන් ගංගාරාම විහාරස්ථානයේදී ආගමික වතාවත්වලට සහභාගි වීමෙන් පසුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය. සංග්‍රාම භූමියේදී රට වෙනුවෙන් දිවි පිදූ අභීත රණවිරුවන් සිහිපත් කරමින් පිං පැමිණවීම, ක්‍රියාන්විතයේදී ආබාධිත තත්ත්වයට පත්වූ සහ සෙසු සියලුම රණවිරුවන් වෙනුවෙන් සෙත් පැතීම සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් මියගිය සියලුම සිවිල් වැසියන් වෙනුවෙන් පිං පැමිණවීම පිංකමේ අරමුණ බවට පත්වූ බව ද ඒ මහතා කීය. යුද්ධය අවසන් වීමෙන් අනතුරුව ඇතැම් සේනාංකවල යුධ සෙබළුන් ඔවුන්ගේ දෑතින්ම…
ශ්‍රී ලංකාව වෙනුවෙන් නව පත්වීම් ලැබූ මහකොමසාරිස්වරු, කොමසාරිස්වරු සහ තානාපතිවරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ඊයේ (19) හමුවූහ. ඉන්දියාව සඳහා පී.එම්. කොලොන්නේ, නිව්යෝර්ක් සඳහා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජයන්ත ජයසූරිය, කියුබාව සඳහා ආර්. එම්. මහින්දදාස රත්නායක, පාකිස්ථානය වෙනුවෙන් විශ්‍රාමික රියර් අද්මිරාල් ෆ්රෙඩ් සෙනෙවිරත්න, ජපානය සඳහා මහාචාර්ය පී. ජානක කුමාරසිංහ, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සඳහා මහාචාර්ය අරූෂා කුරේ, එක්සත් රාජධානිය සඳහා එස්. ඩී. එන්. යූ. සේනාධිර යන මහත්ම මහත්මීහු මහකොමසාරිස්වරු , කොමසාරිස්වරු සහ තානාපතිවරු ලෙස පිටත්ව යාමට නියමිතය. නව තානාපතිවරුන් සහ කොමසාරිස්වරුන් සිය ධූරකාලය තුළ ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන කරුණු පිළිබඳව මෙහිදී අග්‍රාමාත්‍යවරිය දැනුවත් කිරීමට ද කටයුතු කළ…
විෂමාචාර සහ ධූරයේ බලතල අනිසි ලෙස භාවිත කරන ලදැයි කියන චෝදනා සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ත්‍රිපුද්ගල කමිටුව හමුවේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ (19) පස්වරුවේ පළමුවරට පෙනී සිටියේය. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නීතිඥ සංජය වීරවික්‍රම මහතාද සමග එම කමිටුව හමුවේ මෙසේ පෙනී සිටියේ ඉන් කෙරුණු දැනුම්දීමක් අනුවය. මෙහිදී පොලිස්පතිවරයා ඉදිරිපත් කළ මූලික විරෝධතා කමිටුව ප්‍රතික්ෂේප කළේය. කමිටුව මුලින්ම චෝදනා විසිතුනකින් සමන්විත චෝදනා පත්‍රය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට භාර දුන්නේය. වග උත්තර කාර පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආර් එස් වීරවික්‍රම මහතා මූලික විරෝධතා තුනක් සහ ඉල්ලීම් දෙකක් ඉදිරිපත් කළේය. නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින්…
ආසියානු රටවල් කීපයක ‘කොවිඩ් 19’ හෙවත් කොරෝනා වයිරස ප්‍රභේදයක් ඉතා වේගයෙන් ව්‍යාප්තවීමට පටන්ගෙන ඇතැයි විදෙස් සෞඛ්‍ය බලධාරීහු බිය පළ කරති. මෙම නව ‘කොවිඩ් 19’ වයිරසය වැඩියෙන්ම ව්‍යාප්ත වන්නේ සිංගප්පූරුවේ සහ හොංකොංවල යැයි පැවැසෙයි. ඊට අමතරව, ඉන්දියාවේ ප්‍රාන්ත කීපයකින් සහ තායිලන්තයෙන් ද ආසාදිතයන් වාර්තා වීමට පටන්ගෙන ඇත. මෙම නව ‘කොවිඩ් 19’ ප්‍රභේදය එල්.පී.8.1 යනුවෙන් නම් කර ඇති අතර, එහි ව්‍යාප්තිය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ද මේ වනවිට විමසිල්ලෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.