Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
කඳාන දුම්රිපොළ පාරේ වල දමා තිබූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට උපයෝගී කරගන්නා බවට සැක කරන සුදු පැහැති කුඩු කිලෝ 100 ක සොයා ගත් බව කඳාන පොලිසිය කියයි. කළුතර කොට්ටාස අපරාධ විමර්ශන අංශය විසින් අපරාධයක් සම්බන්ධය අත්අඩංගුවට ගත් සැකකරුවකු විසින් ලබා දුන් තොරතුරකට අනුව එම කුඩු තොගය සොයාගෙන ඇත. කඳානක් දුම්රිය පොළ පාරේ ඉඩමක සහ ඒ අසන්නයේ පිහිටි බිමක තිබී මේවා සොයාගෙන ඇත.
උතුරු, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් කුරුණෑගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (08) ප.ව. 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමෙන්තුව කියයි. බස්නාහිර පළාත ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකි බව ද කියයි.
කොල්ලූපිටිය මුහුදු තීරයේදී කාන්තාවක සහ ඇගේ අවුරුද්දයි මාස දෙකක දරුවා ඊයේ (7) මුහුදට වැටීමෙන් පසු දරුවා දියවැලකට හසුව ගසාගෙන ගොස් අතුරුදන් වී ඇති බව කොල්ලූපිටිය පොලිසිය පවසයි. මුහුදට වැටුණු මව බේරාගැනීමෙන් අනතුරුව හුස්ම ගැනීමේ අපහසුතාවෙන් සිටියදී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි. ස්වාමිපුරුෂයා සමග ඇති වූ ආරවුලක් මත මෙම කාන්තාව සිය දරුවාද සමඟ වැලිමඩ ප්‍රදේශයේ සිට කොල්ලූපිටිය ප්‍රදේශයට පැමිණ ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. මෙම කාන්තාවගේ ස්වාමිපුරුෂයා නුවරඑළිය ප්‍රදේශයේ පොලිස් ස්ථානයක සේවය කරනු ලබන පොලිස් කොස්තාපල්වරයකු බවට තොරතුරු අනාවරණය වී ඇත. මෙම කාන්තාව දරුවාද සමඟ මුහුදට පැන සියදිවි හානි කර ගැනීමට උත්සාහ කළේද නැතහොත් මෙම…
කළුතර හිරණ සහ පානදුර පින්වත්ත යන ප්‍රදේශවලදී පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල සිදුකිරීම සහ පානදුර පිහිටි නිවසකට වෙඩි තැබීමේ සිද්ධිවලට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු ටී 56 වර්ගයේ ගිනි අවියක්, උණ්ඩ තිහක් සහිත මැගසිනයක් සමඟ අත්අඩංගුවට ගත් බව කළුතර අපරාධ කොට්ඨාශය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ සහ අළුබෝමුල්ල ප්‍රදේශවල පදිංචි 38 හැවිරිදි රියදුරකු සහ වඩු කාර්මික ශිල්පියෙකි. සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මිලිග්‍රෑම් 4300 ද පොලිසිය සොයාගෙන ඇත.
රිටිගල දැඩි ස්වාභාවික රක්ෂිතයට අයත් කොඩිගලකන්ද ප්‍රදේශයට අනවසරයෙන් ඇතුළු වු හිමිනමක් , කාන්තාවන් පස් දෙනෙකු ඇතුළු දහ දෙනෙකුගෙන් යුත් පිරිසක් රිටිගල වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත් එම පිරිස අතර සිටි කාන්තාවන් 05 දෙනා හා පිරිමි පුද්ගලයින් 04 දෙනා කඩුවෙල බෝමෙරිය ප්‍රදේශයේ පදිංචි කරුවන් බවද අත්අඩංගුවට පත්ව ඇති ඔවුන්ට මඟ පෙන්වූ බව කියන හිමිනම මුරියාකඩවල ප්‍රෙද්ශයේ විහාරයක වැඩ වාසය කරනු ලබන බවද වනජීවී නිලධාරිහු සිදුකළ විමර්ශන වලදී අනාවරණය කරගෙන ඇත. සැකකාර හිමි නම විසින් මීට පෙරද මෙලෙස නීති විරෝධී අයුරින් රිටිගල දැඩි ස්වභාව රක්ෂීතයට සංචාරකයින් රැගෙන යාමට උත්සහකළ අවස්ථා කිහිපයකදී දැඩි ලෙස අවවාද කර මුදා හැර…
දන්ත වෛද්‍ය උපාධිධාරීන් 86 දෙනකු සීමාවාසික පුහුණුවට බදවා ගැනීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය තීරණය ඇත. ඊට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (8) පෙරවරු 9.30 ට කොළඹ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ දී සිදුකිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පත්වීම් ලිපි ප්‍රදානය සිදු කෙරෙයි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ හිටියොත් රටට හොඳක් වේවි යැයි සිතන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අද (7) පැවැසීය. “නමුත් එහෙම කිසිම සූදානමක් නැහැ.එතුමා පාර්ලිමේන්තුවට යනවා නම් හරි කාලෙ බලලා යාවි.නමුත් දැනට එවැනි සාකච්ඡාවක් නැහැ.එවැනි සූදානමක් නෑ, යනුවෙන්ද එජාප නියෝජ්‍ය නායකයා කීය. එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මෙසේ කීවේ පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති දන්සලක ආරම්භක අවස්ථාවේ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි. රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපති පාර්ලිමේන්තුවට එනවා යැයි බොහෝ කතාබහක් ඇති වී තිබෙන බවත් එතුමා පාර්ලිමේන්තුවට යවන්න සූදානමක් තිබේදැයි එහිදී මාධ්‍යවේදීහු රුවන් විජයවර්ධන මහතාගෙන් විමසූහ. රනිල් වික්‍රමසිංහ මහතාට…
මොල්ලිපොතාන, 09 කොළණියේ පිහිටි ගණදෙවි කෝවිලේ ඊයේ (06) රාත්‍රී පැවැති වාර්ෂික උත්සවය වර්ණවත් කරමින් දැමූ පුපුරා නොගිය මල් වෙඩිල්ලකට පයින් ගසද්දී එය පුපුරා යාමෙන් බරපතල පිලිස්සුම් තුවාල ලැබූ පුද්ගලයෙකු කෝවිල් අඩි රෝහලට ඇතුළත් කරද්දී මිය ගිය බව තඹලගමුව පොලිසිය කියයි. මෙසේ පිළිසුම් තුවාල ලබා මියගියේ මොල්ලිපොතාන, සදාම් නගර් පදිංචි කනපතිපිල්ලේ කාලිරාසා (45) නැමැති අයෙකි. මල් වෙඩි සංදර්ශනයේදී එක් මල් වෙඩිල්ලක් පුපුරා නොගිය අතර පුපුරා නොගිය මල් වෙඩිල්ලට මියගිය අය කිහිප වරක් පයින් ගසද්දි හදිසියේ පුපුරා යැමෙන් මෙලෙස පිළිස්සුම් තුවාල ලැබූ බව සිද්ධිය දුටුවන් පොලිසියට පැවැසීය.
බන්ධනාගාර ගත කෙරුණු දරුණු ගණයේ පාතාලකරුවන්ට ජංගම දුරකථන සහ ඒ ආශ්‍රිත උපාංග ලැබෙන තාක් සංවිධානාත්මක අපරාධ මැඩලීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පැවසීය. මෙම හිරකරුවන්ට ජංගම දුරකථන ලැබීම නතර කිරීමට මීට වඩා ශක්තිමත් වැඩ පිළිවෙළක් නොපමාව ක්‍රියාත්මක කළ යුතු බව පැවසූ මහාචාර්යවරයා එසේ නොවන තාක් සිර මැදිරිවල සිට ජංගම දුරකතන යොදාගෙන වෙඩි තැබීම් ඇතුළු විවිධ අපරාධ සංවිධාන කිරීම දිගටම සිදුවිය හැකි බවද සඳහන් කළේය. ඇතැම් නිලධාරීන් පවා විවිධ පල ප්‍රයෝජන ලබාගෙන මෙම සිරකරුවන්ට ජංගම දුරකථන සපයමින් උදව් කරන බවට තොරතුරු වාර්තාවී ඇතැයිද ඔහු කීවේය බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින පාතාලකරුවකු එම බන්ධනාගාරයෙන් පොලිස් විශේෂ…
හොරණ කබල්ලාගොඩ ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ පෞද්ගලික ආරවුලක් හේතුවෙන් තියුණු ආයුධයකින් පහර දීමෙන් එක් පුද්ගලයකු මිය ගොස් ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය කියයි. මෙසේ මිය ගොස් ඇත්තේ හොරණ කබොල්ලාගොඩ ප්‍රදේශයේ අවුරුදු 66ක් පමණ වයසේ පසුවන මුණගමගේ ගාමිණි නැමති පුද්ගලයෙකි. අසල නිවසක පුද්ගලයකු මෙසේ මෙම පුද්ගලයාට පහර දී ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය කියයි.
