Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
පිළියන්දල බෝකුන්දර හන්දියේ බේකරියක ගින්නක් හටගෙන ඇතැයි පිළියන්දල පොලිසිය කියයි. ගින්න මැඩ පැවැත්වීම සඳහා දෙහිවල ගල්කිස්ස නගර සභාවේ ගිනි නිවන ඒකකය කැඳවූ බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
දෙනෝ දහසක් දෙනා බලා සිටියදී මහරගම සතිපොළ ඉදිරිපිට ප්‍රධාන ගේට්ටුව අසලදී මාළු වෙළෙන්දකු තියුණු ආයුධයකින් ඇන කොස් වෙළඳාමේ නිරත පුද්ගලයකු ඝාතනය කිරීමට දැරූ උත්සාහයක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ගේ ක්ෂණික මැදිහත්වීමෙන් නුලෙන් වැළකී ඇතැයි මහරගම පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී තියුනු ආයුධය සහ, මත් පෙති දෙකක්ද පොලිස් භාරයට ගෙන ඇත. පොලිස් විශේෂ කාර්ය බළකා මූලස්ථාන කඳවුරේ විශේෂ මෙහෙයුම් අංශයේ නිලධාරීන් වැටලීමක් සඳහා යමින් සිටියදී මහරගම දෙහිවල පාරේ සතිපොළ ඉදිරිපිට ප්‍රධාන ගේට්ටුව අසල පුද්ගලයකු තවත් පුද්ගලයෙකුට ඉවක් බවක් නොමැතිව තියුණු ආයුධයකින් අනින අයුරු හා එය වැළැක්වීමට කිසිවකු හෝ උත්සාහ නොදරා ඈත සිට නරඹමින් සිටින අයුරු නෙත ගැටී ඇතැයි…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසිවාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.
උඩරට දුම්රිය මාර්ගයේ ගලබොඩ හා ඉඟුරුඔය දුම්රිය ස්ථාන අතර රාත්‍රී තැපැල් දුම්රිය පීලිපැනීම හේතුවෙන් පැවැති මාර්ග අවහිරතා අද (30) උදෑසන සිට යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි. බදුල්ලේ සිට කොළඹ කොටුව බලා ධාවනය වු රාත්‍රී තැපැල් දුම්රිය අද (30) අලුයම 1.15ට පමණ පිලී පැනීමටකට ලක්වීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට මෙසේ බාධා එල්ල වී පැවැති බවද දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි. උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය මේ වනවිට සාමාන්‍ය පරිදි සිදුවන බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරියේ ප්‍රකාශයෙකු වැඩිදුරටත් පැවැසීය.
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කරමින් පසුගියදා කම්කරු අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම අත්හිටුවා අතුරු තහනම් නියෝගයක් නිකුත් නොකිරීමට අභියාචනාධිකරණය විසින් දී ඇති තීන්දුවට එරෙහිව වතු සමාගම් විසින් ගොනුකර තිබූ අභියාචනා පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකාබලා තිබේ. ආගරපතන වැවිලි සමාගම ඇතුළු සමාගම් 21 ක් විසින් අභියාචනයකින් ඉදිරිපත් කර තිබු මෙම පෙත්සම් ගාමිණී අමරසේකර, කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ඊයේ (28) දිනයේ කැඳවනු ලැබීය. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් දේශන ඉදිරිපත් කිරීම සිදු කෙරුණු බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය. අනතුරුව වැඩිදුර කරුණු සලකා බැලීම ලබන මස 4 වනදා දක්වා කල් දමා තිබේ. පෙත්සම්කාර…
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ ගැටලුව සම්බන්ධයෙන් ලබන සඳුදා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා සමග සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව අන්තර් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති මහා සම්මේලනය පවසයි. එහි සමලේකම් කේ.එල්.ඩී. රිච්මන් මහතා පැවුසවේ ඊයේ (28) දින රැස්වූ වෘත්තීය සමිති එකමුතුව වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකිරීමට තීරණය කළ බවය. කේ.එල්.ඩී. රිච්මන් මහතා, “විශ්වවිද්‍යාල පද්ධතියි අකර්මන්‍ය වෙලා අදට දින 53ක් වෙනවා. මේ වෙනකම් ගැටලු විසඳීමට සාධනීය මැදිහත්වීමක් කරලා නෑ රජය. ඊයේ දිනයේ වෘත්තීය සමිති රැස් වෙලා තීරණය කළා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකරගෙන යාමට. නිසි විසඳුමක් නොලැබුනහොත් වෘත්තීය ක්‍රියාමාර්ග අඛණ්ඩව සිදුකරනවා.”
චීන ජාතිකයින් 30 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවේ මීගමුව ප්‍රදේශයේ හෝටලයක රැඳී සිටියදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවය. අන්තර්ජාලය හරහා මූල්‍ය වංචා සිදුකිරීමේ චෝදනා මත මොවුන් අත්අඩංගුවට ගත් බව ඔහු පවසයි. මේ අතර අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කිරීමේ චෝදනාව යටතේ ඊයේ (28) දිනය වන විට ඉන්දීය ජාතිකයින් 137 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් භාරයේ තිබී ලැප්ටොප් පරිගණක සහ ජංගම දුරකථන රැසක් ද පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස්පති නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් අරාබි මුහුදු ප්‍රදේශය ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ. එම දෙපාර්තමේන්තුව පැවසුවේ උතුරු අක්ෂාංශ 06 ත් 20 ත් සහ නැගෙනහිර දේශාංශ 55 ත් 70 ත් යන ප්‍රදේශයේ පැයට කිලෝමීටර් 70 – 80 තද සුළං පවතින බවය. මේ හේතුවෙන් අදාළ ප්‍රදේශයේ ධීවර හා නාවික කටයුතුවල යෙදී සිටින පිරිස් වහාම ගොඩබිම හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි. එම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යත්‍රා නොකරන ලෙස එම දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දී තිබේ.
කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට 29 වනදා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව 29 වනදා පෙරවරු 9 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 15ක කාලයක් ජලසැපයුම අත්හිටුවනු ඇත. කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල යන මහනගර සභා බලප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව,කොළොන්නාව යන නගර සභා බල ප්‍රදේශ සහ කොටිකාවත්ත, මුල්ලේරියාව යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට ජලසැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි. ඊට අමතරව මොරටුව මහනගර සභා බල ප්‍රදේශයේ අඩුපීඩන තත්ත්වය යටතේ ජලය සැපයෙන බවද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් සහ ජල පිරිපහදු පද්ධතියේ…
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධියට අදාළව කරන විමර්ශන වල ප්‍රගතිය ලබන 12 වැනිදා අධිකරණයට දැනුම් දෙන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය රහස් පොලිසියට නියම කළය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් බාරයට පත් කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් ලබන 12 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය නියම කළාය. එසේ රිමාන්ඩ් බාරයට පත් කළේ අදාළව බාල ඖෂධ ගෙන්වු බව කියන ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරුු…