Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
පොලිස්පති ධූරයට ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හය දෙනකු අතර සීතල යුද්ධයක් ආරම්භ වී ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ. වර්තමාන වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, ලලිත් පතිනායක( පරිපාලන වැඩබලන සහ මධ්‍යම පළාත් භාර) සංජීව ධර්මරත්න ( බස්නාහිර පළාත් බාර ) රන්මල් කොඩිතුවක්කු( අපරාධ සහ රථවාහන) කිත්සිරි ජයලත්(දකුණු පළාත)සහ රාජිත ශ්‍රී දමින්ද( සහායක සේවා) එම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු වෙති. ඇතැම් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ප්‍රබල දේශපාලනඥයන් සහ නායක ස්වාමීන් වහන්සේලා මාර්ගයෙන් පොලිස්පති ධූරය ගැනීමට ප්‍රබල උත්සාහයක මේ දිනවල නිරතව සිටින බව එම ආරංචි මාර්ග සඳහන් කළේය. වැඩබලන පොලිස්පතිවරයා ලෙස දැනට කටයුතු කරන ප්‍රියන්ත වීරසූරිය මහතාට පොලිස්පති ධූරය දෙන ලෙස ඇතැම් පාර්ශව රජයෙන් ඉල්ලීමක්…
රුපියල් මිලියන 73කට ආසන්න වත්කම් අයථා ලෙස උපයාගැනීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තනිය වන ඩේසි ෆොරස්ට් යන අයට නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවක් යළි සැප්තැම්බර් මස 22 වෙනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ. මෙම නඩුව අද (28) කොළඹ මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී යෝෂිත රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ සාක්ෂියක් ලෙස වෝහාරික විගණන වාර්තාවක් ඉදිරිපත් කර ඇති අතර එම විගණන වාර්තාව සකස් කිරීම සඳහා ඊමේල් පණිවුඩ අඩංගු සීඩී තැටි 26ක්, පෙන්ඩ්‍රයිව් 08ක්,…
හෝමාගම අධිකරණයෙහි රාජකාරියෙහි නිරත පිස්කල් නිලධාරීවරයෙකුගේ රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් ව්‍යාපාරිකාවක වන තිළිණි පියමාලි නැමැත්තිය අද (28) දින අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි. මේ සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලිසියට ප්‍රකාශයක් ලබා දෙන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරියම් මහත්මිය විසින් ඉකුත්දා නියෝගයක් ද කළාය. ඒ අනුව අද උදෑසන 9.10 ට පමණ හෝමාගම මූලස්ථාන පොලිසියට පැමිණි සැකකාරිය අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
බොරැල්ල, කනත්ත හන්දිය ප්‍රදේශයේ දී අද (28) උදෑසන සිදු වූ මාරක රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් පුද්ගලයින් පස්‍දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි. තිරිංග නිසිලෙස ක්‍රියාත්මක නොවූ දොඹකරය තවත් වාහන කිහිපයක ගැටී මෙම අනතුර සිදුව තිබුණි. අනතුරින් තුවාල ලැබූ පිරිස මේ වනවිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අගුණකොළපැලැස්ස 175 කිලෝමීටර් කණුව ආසන්නයේදී අද 27 සවස 5.30 ට පමණ වෑන් රථයක ටයරයක් පුපුරා ගොස් මැද ආරක්ෂිත වැටේ ගැටී සිදුවූ අනතුරකින් වෑන් රියේ ගමන් ගත් කාන්තාවන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පැවසීය. අනතුරට පත් වෑන් රියේ ගමන් ගත් තවත් හතර දෙනෙකු තුවාල ලබා අගුණකොළපැලැස්ස ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා හම්බන්තොට මහ රෝහලට මාරුකර යවා ඇතැයි පොලිසිය පැවසීය . ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වැලිගම දෙනිපිටිය ,වරකාපිටිය ප්‍රදේශයේ පදිංචි ඥාණවතී සහ නිලූකා යන නම් වලින් හදුන්වන අවු 40 සහ 60 වයසේ පසුවන කාන්තාවන් දෙදෙනකු බවද පොලිසිය සඳහන් කරයි. අගුණකොළපැලැස්ස අධිවේගී මුරපොළේ පොලිස් නිළධාරින් විසින අනතුර ගැන…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට දැවැන්ත ආරක්‍ෂාවක් අවශ්‍ය බවත් ජනාධිපතිවරයා අවශ්‍ය නම් හෙලිකොප්ටරයෙනුත් පැමිණිය යුතු බවත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පැවසීය. අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා මහනුවරදී පැවැති උත්සවයක් අමතමින් එසේ පැවසීය. මොකා මොන විවේචන කළත් ජනාධිපතිතුමාට දැවැන්ත ආරක්‍ෂාවක් අවශ්‍ය අතර කෙසේ වෙතත් අනුර සහෝදරයා එයට එච්චර කැමති නැති බවත් ඔහු කීය. ජනාධිපතිවරයා ඔහොම නොයායුතු යැයි පෞද්ගලික ස්ථාවරයේ තමන් සිටින බවත් ජනාධිපතිතුමාට මීට වඩා දැවැන්ත ආරක්‍ෂාවක් අවශ්‍ය බවත් ඒ මහතා සඳහන් කළේය. ජනාධිපතිතුමා එන තැනකට අනිවාර්යෙන්ම එන කණ්ඩායමක් සිටින අතර එය වැළැක්විය නොහැකි බව කී අමාත්‍යවරයා ඒවා පරණ ක්‍රමයටමයි කියා පෙන්නන්න ගියහොත් ඒවා…
පසුගිය වසරේ ජූනි මාසයට සාපේක්ෂව මෙම වසරේ ජූනි මාසයේදී මෙරට ඇඟලුම් අපනයනය සියයට 5.2 කින් වර්ධනය වී ඇතැයි ඒකාබද්ධ ඇඟලුම් සංසදය පසුගියදා ප්‍රකාශ කළේය. යුරෝපා සංගමය සහ බ්‍රිතාන්‍යය වෙළෙඳපොළ තුළ සිදුවූ වර්ධනයන් ජූනි අපනයනයන් ඉහළ යාමට ප්‍රධාන වශයෙන් හේතුවී තිබෙන බවද ඒකාබද්ධ ඇඟලුම් සංසදය පැවැසුවේ. කෙසේ නමුත් බ්‍රිතාන්‍ය සහ යුරෝපා සංගම් වෙළෙඳපොළවල් වෙත සිදුකළ අපනයන් ඉහළ යනවිට ඇමෙරිකාවට සිදුකළ අපනයනයන් පහළ ගොස් තිබෙන බවද එම සංසදය ප්‍රකාශ කළේය. ඒ අනුව යුරෝපා සංගමයට සිදුකළ ඇඟලුම් අපනයනයන් පසුගිය ජූනි මාසයේදී සියයට 23.1 කින් ඉහළ ගොස් තිබෙන බවත් බ්‍රිතාන්‍යයට සිදුකළ ඇඟලුම් අපනයනයන් සියයට 20.4 කින් ඉහළ ගොස් ඇති බවත් ඒකාබද්ධ ඇඟලුම් සංසදය පැවැසුවේය.…
ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් මැතිවරණ සමයේ පෙන්වූ ආදරය ලබාදී ඔවුන්ව සවිබල ගන්වන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. පරාටේ නීතිය ක්‍රියාත්මක වීම තාවකාලිකව අත්හිටුවීමකට ලක් වුවත් ඒ කාලයේ සිදුවිය යුතු ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු නොවීමත් පාස්කු ප්‍රහාරය, කොවිඩ් සහ බංකොලොත්භාවය යන ත්‍රිත්ව ඛේදවාචක නිසා ඔවුන් අන්ත අසරණ තත්වයට පත්ව ඇතැයිද විපක්ෂ නායකවරයා සඳහන් කළේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ දී ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයන් පිරිසක් සමග පැවැති සාකච්ඡාවකදීය. රටේ ආර්ථික වර්ධනයට 50%කට වැඩි දායකත්වයක් ලබා දෙමින් ලක්ෂ ගණනාවකට රැකී රක්ෂා ලබා දෙන…
මිනුවන්ගොඩ වීදියවත්ත දොලාගත ප්‍රදේශයේ පිහිටි බාඳුරාවත්ත පාර කොන්ක්‍රීට් අතුරා සකස් කර පැය කිහිපයක් තුළදී කිසියම් පිරිසක් කොන්ක්‍රිට් විනාශ කර හානි සිදුකර ඇතැයි මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති අසංක සංජීව (ජා:ජ:බ:)මහතා පවසයි . 2024 ප්‍රාදේශීය සභා ප්‍රතිපාදන යටතේ රුපියල් ලක්ෂ 10 ක් වියදමින් මෙම මාර්ගය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කළ බවත් එදින රාත්‍රියේ දේශපාලන විරුද්ධවාදීන් බවට සැකකරන පිරිසක් මෙසේ මාර්ගයට හානි සිදුකර ඇති බවත් සභාපතිවරයා කියා සිටි . එහිදී කොන්ක්‍රීට් ඇතිරීම සඳහා මාර්ගය දෙපසින් සවිකර තිබූ ලෑලි සියල්ලමද එම කඩාකප්පල්කාරීන් විසින් ගලවා දමා ඇතැයිද සභාපතිවරයා පවසයි . මෙම මාර්ගයට හානි කිරීමට අදාළ පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා ප්‍රදේශයේ ආරක්ෂිත කැමරා දර්ශන කිහිපයක් පරීක්ෂා කිරීමට…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු – මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට තරමක තද සුළං ඇති වේ.
