Author: LANKA24X7

යටිනුවර ප්‍රදේශීය සභාවේ විපක්ෂ නායක ( ස.ජ.බ) චම්පික විජෙරත්න( 53) , ඔහුගේ බිරිඳ සහ දියණිය ඔවුන් පදිංචි මුරුතලාව කම්බිඅඩිය නිවසේ අභිරහස් ලෙස මියගොස් සිටියදී සොයාගත් බව පේරාදෙණිය පොලීසිය කියයි. පේරාදෙණිය පොලීසියට ලද තොරතුරක් මත ඔවුන්ගේ සිරුරු සොයාගෙන තිබේ. මියගිය චම්පික විජේරත්න මහතා දිගු කලක් දේශපාලනයේ නිරතව සිටි අයෙකි. ඔහුගේ සිරුර නිවසේ කාමරයක එල්ලී තිබියදී පොලීිසියට හමුවී ඇති අතර 16 හැවිරිදි දියණියගේ සහ බිරියගේ සිරුරු නිවසේ තැනින් තැන තිබියදී හමුව ඇතැයි පොලීසිය කියයි. ඔවුන්ගේ කුඩා දියණිය සිද්ධියෙන් දිවි බේරාගෙන ඇතැයිද පොලීසිය කියයි. මෙම අභිරහස් මරණවලට හේතුව මෙතෙක් අනාවරණය වී නැති බව පේරාදෙණිය පොලීසිය පවසයි. මෙය දිවි නසා ගැනීමක්ද වෙනත් හේතුවක් මත…

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව කියයි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ දකුණු පළාතේ විටින් විට හමන පැ.කි.මී. 40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Read More

ජුලි මසට අදාල අස්වැසුම ප්‍රතිලාභී පවුල් වල වැඩිහිටි දීමනාව අදාල අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වලට හෙට( 30) බැර කරන බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. රුපියල් 3,003,840,000 (තුන් බිලියන තුන් මිලියන අටලක්ෂ හතලිස් දහසක) ක මුදලක් ප්‍රතිලාභීන් 600,768 (හය ලක්ෂ හත්සිය හැට අටක්) ක් අතරේ බෙදාහරිමින් ඔවුන්ගේ අස්වැසුම ප්‍රතිලාභි ගිණුම් වලට බැර කිරීමට නියමිත බවද සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

Read More

ත්‍රී රෝද රථයක ගැටී බරපතල තුවාල ලැබූ පදිකයකු රෝහල් ගත නොකර මාර්ගයේ දමා යාමෙන් ඔහුගේ මරණය සිදුකළ පුද්ගලයන් තිදෙනෙකු පෑලියගොඩ ‍පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ වත්තල පදිංචි 59හැවිරිදි පුද්ගලයෙකි. සැකකරුවන් තිදෙනා ත්‍රී රෝද රථයෙ ගමන් කරමින් සිටියදී කඳාන ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් කරමින් සිටි ඉහත පුද්ගලයා ත්‍රී රෝද රථයෙ ගැටී බරපතල තුවාල ලබා ඇත. අනතුරින් සැකකරුවන් තිදෙනා පදිකයා රෝහල්ගත කිරීම සඳහා බව පවසමින් ත්‍රීරෝද රථයේ දමාගෙන රැගෙන ගොස් රෝහල් ගත නොකර මාර්ගයේ දමා ගොස් තිබේ. මාර්ගයේ වැටී සිටින පුද්ගලයා සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිසියට ලද තොරතුරකට අනුව පොලිසිය පැමිණ තුවාලකරු රෝහල් ගත කරන අවස්ථාවේ ඔහු මිය ගොස් තිබේ.

Read More

ගුවන් සේවිකාවක බව කියන තැනැත්තියක 2010- 2015 කාලසීමාවේදී ජනාධිපති ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති සම්බන්ධීකාරක වශයෙන් බදවා ගෙන ඇයට වැටුපට අමතරව ඉන්ධන සහ ප්‍රවාහන දීමනාව වශයෙන් රුපියල් විසිතුන් ලක්ෂ අනූ හතර දහස් හාරසිය හැටක මුදලක් චක්‍රලේඛ විධි විධාන නොතකා ගෙවා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය පරීක්ෂණයක් ආරම්භ කර ඇත. ජනාධිපති ලේකම් කාර්යාලය මෙම විමර්ශනය ආරම්භ කර ඇත්තේ 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතේය. ගුවන් සේවිකාවට ඉන්ධන දීමනාව වශයෙන් දස ලක්ෂ හතළිස් හතර දහස් හාරසිය හැටක මුදලක්ද ප්‍රවාහන දීමනාව ලෙස රුපියල් දහතුන් ලක්ෂ පනස් දහසක මුදලක්ද මෙසේ ගෙවීම් කර ඇත. එම කාලයේදී චක්‍රලේඛ විධිවිධාන නොතකා ඉන්ධන හා ප්‍රවාහන දීමනා…

Read More

මනුෂ්‍ය ඝාතන රැසකට සම්බන්ධ බව කියන ‘වැලිගම සහන්’ නැමැත්තා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (28) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගනු ලැබීය. සැකකරු ඉන්දියාවේ සිට මෙරටට පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන් තොටුපළේ පැමිණීමේ පර්‍යන්ත යේදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු 31 හැවිරිදි වැලිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම සැකකරු පසුගිය අප්‍රේල් මාසේ දිනක හිරන ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණ පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරු ලෙස පොලීසිය හඳුනාගෙන ඇත. එමෙන්ම මෙම සැකකරු ඉකුත් ජුනි මාසයේ මට්ටක්කුලේ ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ වෙඩික්කරු ලෙසද කටයුතු කර ඇති බව පොලිසිය පවසයි. ජුනි මස දිනක පානදුර දකුණ පොලිස් වසමේ යතුරුපැදි කොටස් අලෙවි…

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම සඳහා හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණ විසින් වරෙන්තුවක් නිකුත් කර තිබේ. ඒ හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්ය. හෙට දිනයේ මෝසමක් මාර්ගයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත බවය.

Read More

නව තානාපතිවරුන් පස් දෙනෙකු, මහ කොමසාරිස්වරයෙක් සහ අමාත්‍යාංශ ලේකම්වරියක් පත්කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිව තිබේ. පසුගිය 24 වන දින පාර්ලිමේන්තුවේදී රැස් වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේදී මෙම අනුමැතිය හිමිව ඇත. ඒ අනුව ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස සුමදුරිකා ශෂිකලා ප්‍රේමවර්ධන මෙනවියගේ නම උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමත කර තිබේ. එමෙන්ම බ්‍රසීල ෆෙඩරල් ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස සී. ඒ චාමින්දා ඉනෝකා කොලොන්නේ, මාලදිවයින් ජනරජයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස මොහොමඩ් රිස්වි හසන්, තුර්කි ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්. ආර්. එම්. එන්. පී. ජී. බී. කදුරුගමුව, නේපාල ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස රුවන්ති දෙල්පිටිය,…

Read More

ශ්‍රී ලංකාවේ අපනයන 2025 වර්ෂයේ පළමු මාස හය තුළ කැපී පෙනෙන ප්‍රගතියක් පෙන්නුම් කරමින් සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 8,337.86 කට ළඟා වී ඇති බවත්, එය 2024 වර්ෂයේ එම කාල සීමාවට සාපේක්ෂව 6.70%ක වර්ධනයක් බවත් අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. මේ සම්බන්ධයෙන් අපනයන සංවර්ධන මණ්ඩලය විසින් නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් මෙසේ සඳහන් වේ. වෙළඳ භාණ්ඩ සහ සේවා යන දෙකම ඇතුළු සමස්ත අපනයන 2025 ජූනි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 1,460.34 කට ළඟා විය. මෙය 2024 ජූනි මාසයට සාපේක්ෂව 8.73%ක වර්ධනයක් පෙන්නුම් කරයි. 2025 ජූනි මාසයේදී පමණක් වෙළඳ භාණ්ඩ අපනයන 6.85%කින් වර්ධනය වී ඇමරිකානු ඩොලර් මිලියන 1,150.73 කට ළඟා වී ඇති බව…

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඌව පළාත් ප්‍රධාන ලේකම් ලෙස පී.ඒ.ජී. ප්‍රනාන්දු මහත්මිය පත් කරනු ලැබ තිබේ. ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී එම මහත්මිය වෙත භාර දුන්නේය. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක වන පී.ඒ.ජී. ප්‍රනාන්දු මහත්මිය, මෙම පත්කිරීමට පෙර, බස්නාහිර පළාත් අධ්‍යාපන, සංස්කෘතික හා කලා කටයුතු, ක්‍රීඩා හා යෞවන කටයුතු සහ තොරතුරු තාක්ෂණය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළාය.

Read More