Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ප්‍රබල භූකම්පන තත්ත්වයක් හටගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම භූමිකම්පාව රික්ටර් පරිමානයේ ඒකක 8.0ක අගයක් සටහන් කළ බව ද පැවැසෙයි. භූමිකම්පාවේ අපිකේන්ද්‍රය පිහිටා ඇත්තේ රුසියාවේ ඈත පෙරදිග කම්චැට්කා අර්ධද්වීපයේ වෙරළට ඔබ්බෙන් යැයි පැවැසෙයි. භූකම්පනයෙන් පසුව හවායි දූපත් සහ ඇලස්කාවේ ඇලූටියන් දූපත් වල කොටස් සඳහා සුනාමි සුනාමි අනතුරු ඇඟවීමේ නිකුත් කෙරුණි් ජපානයේ වෙරළබඩ ප්‍රදේශවලට ද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත.් කර ඇතැයි පැවැසෙයි. ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය අනතුරු අඟවා ඇත්තේ මීටර 1ක් දක්වා රළ ඇති විය හැකි බවය.
උතුරු, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල ඉදිරිදින කිහිපයේදී සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ප.ව. 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වේ. දකුණු පළාතේ විටින් විට හමන පැ.කි.මී. 40ක පමණ තරමක තද සුළං ඇති විය හැකිය.
විල්පත්තු සංරක්ෂිත කලාපයේ පිහිටා තිබෙන වෙඩිතලතිව් රක්ෂිත කලාපයෙන් හෙක්ටයාර 168ක් ඉස්සන් ගොවිපොළක් පවත්වාගෙන යාම සඳහා මුදා හැරීමට පසුගිය රජයේ හිටපු වන ජීවී අමාත්‍ය පවිත්‍ර වන්නිආරච්චි මහත්මිය විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය ඉවත් කර ගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැනුම් දුන්නේය. එම ගැසට් නිවේදනය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වනජීවී ආරක්ෂක සංගමය සහ පරිසර යුක්ති කේන්ද්‍රය ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබුවේය. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය මෙම දැනුම් දීම සිදු කළාය. එස්. තුරෙයි රාජා, යසන්ත කෝදාගොඩ, ප්‍රියන්ත ප්‍රනාන්දු , යන…
නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් ඊයේ (29දා) දින වරෙන්තු නිකුත් කරනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (29දා) හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව ඇප මත මුදා හැර තිබේ. පෞද්ගලික සංචාරයක් හේතුවෙන් නාමල් රාජපක්ෂ ඊයේ විදෙස් ගත වූ අතර ඔහු අද උදෑසන දිවයිනට පැමිණ හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබුණි.
අධිකරණයෙන් වරෙන්තුවක් නිකුත් කර තිබියදී මාලදිවයිනට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද උදේ දිවයිනට නැවතත් පැමිණියේය. හම්බන්තොට වරාය විකිණීමට එරෙහිව 2017 වසරේ දී පැවති විරෝධතාවයකදී නොසන්සුන්කාරී ලෙස හැසිරෙන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පැවරුණු නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් හම්බන්තොට ප්‍රධාන මහේස්ත්‍රාත් ඕෂද මහ ආරච්චි මහතා මෙම වරෙන්තුව නිකුත් කළේය. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ නීතිඥවරු පිරිසක් හම්බන්තොට අධිකරණයට අද පෙරවරුවේ මෝසමක්ද ඉදිරිපත් කළහ
පසුගිය මාස කිහිපය තුළදී සංවිධානාත්මක අපරාදකරුවන් මෙන්ම විවිධ අපරාධවල නිරත වූ සහ ඊට ආධාර අනුබල දුන් පුද්ගලයන්ද ඔවුන්ගේ තරාතිරම නොබලා අත්අඩංගුවට ගනිමින් නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කර ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසයි. රටෙහි නීතිය හා සාමය ස්ථාපනය කිරීමේ අරමුණින් සිදු කරන මෙම අත්අඩංගුවට ගැනීම්වලට අදාළ සුවිශේෂි අත්අඩංගුවට ගැනීම් කිහිපයක් ඊයේ (28) දිනය තුළදී සිදු කිරීමට ශ්‍රී ලංකා පොලීසිය සමත්ව ඇත. ඒ අනුව හිටපු නාවික හමුදාපතිවරයෙකු වන නිශාන්ත උළුගේතැන්න යන අය පුද්ගල අතුරුදන් වීමක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ෂණවලට අදාලව 2025-07-28 වන දින අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහුව පොල්ගහවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන…
සිය නිවස තුළ මත්පෙති ගබඩාවක් පවත්වාගෙන ගිය පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු තිදෙනකු රුපියල් කෝටි 2කට ආසන්න වටිනාකමින් යුත් මත්පෙති තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොහුවල පොලිසියේ රථවාහන අංශයට අනුයුක්තව සේවය කළ කොස්තාපල්වරයෙකි. අත්අඩංගුවට පත්වූවන් අතර කොස්තාපල්වරයාගේ බිරිඳ සහ මත්පෙති සැපයූ බව කියන පුද්ගලයා ද සිටී. එම නිවස තුළ ගබඩා කර තිබී මිලිගෑම් 150 මත්පෙති පෙට්ටි 21ක් හා මිලිගෑම් 300 මත්පෙති පෙට්ටියක් සමග සම්පූර්ණ මත් පෙති 1,330,420ක ප්‍රමාණයක් පොලිසිය සිය භාරයට ගෙන ඇත. බොරලැස්ගමුව බෙල්ලන්විල ජය මාවත ප්‍රදේශයේ තාවකාලිකව පදිංචි කොහුවල පොලිසියේ රථවාහන අංශයට අනුයුක්ත කොස්තාපල්වරයෙක් නිවස තුළ මත්පෙති ගබඩාවක් පවත්වාගෙන යමින් දිවයින පුරා බෙදා හරින බවට මන්නාරම…
මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට සැලසුම් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ එළැඹෙන මස 04 වැනි දින සිට 08 වැනි දින දක්වා අදාළ විශේෂ දුම්රිය ධාවනය කරවීමට සැලසුම් කර ඇති බවය.
අනුර කුමාර ජනපතිගේ දක්ෂ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව වඩාත් ශක්තිමත් ආර්ථිකයක් කරා ගමන් කරනු ඇතැයි විශ්වාස කරන බව මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු මහතා පැවසීය. ලංකාව මෑතකදී මුහුණ දුන් ආර්ථික අභියෝග ජය ගනිමින් මේ වන විට ලබා ඇති ප්‍රගතිය පිළිබඳව සතුටු වන බවද මාලදිවයින් ජනාධිපතිවරයා කීය. මාලදිවයිනේ ජනාධිපතිවරයා මේ බව පැවසූයේ මාලේ නුවර දී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පිළිගැනීමේ රාජ්‍ය උත්සවයෙන් අනතුරුව දෙරට සබඳතා ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි. එහිදී මාලදිවයිනේ ජනාධිපතිවරයා මෙසේද පැවසීය. ජනාධිපති දිසානායක මැතිතුමා සහ එතුමාගේ දූත පිරිස මාලදිවයිනට සාදරයෙන් පිළිගැනීමට ලැබීම මට මහත් ගෞරවයක් සහ වරප්‍රසාදයකි. ඔබතුමාගේ මෙම සංචාරය, දිගු කාලයක් පුරා…
ගම්පොළ නාවලපිටිය මාර්ගයේ පිහිටි කුඩ කර්මාන්තත ශාලාවක විශාල ගින්නක් හට ගෙන ඇති බව මහනුවර ගිනි නිවීමේ ඒකකය කියයි. එම ගින්න විශාල වශයෙන් කර්මාන්තශාලාව පුරා පැතිර ගොස් ඇති බව පවසන මහනුවර ගිනි නිවන ඒකකය ගින්න මැඩ පැවැත්වීම සඳහා මහනුවර ගිනි නිවීමේ ඒකකයේ ගිනි නිවන රථ සහ ජල බවුසර් පිටත්ව ගිය බව එම ඒකකය කියයි.
