Author: LANKA24X7

පානදුර ප්‍රසිද්ධ විහාරස්ථානයක විහාරාධිපති හිමි නමකගේ ගිණුමෙන් රුපියල් දෙකෝටි අට ලක්ෂයකට අධික මුදලක් වංචාකාරී ලෙස ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසයි . මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ, ජාඇල, මිනුවන්ගොඩ සහ ඒකල ප්‍රදේශයේ පදිංචි 33,34,45 සහ 46 වියැති පුද්ගලයන් බව පොලිසිය කීය. විහාරාධිපති හිමියන් කල පැමිණිල්ලක් මත සිදුකල දීර්ඝ විමර්ශන වලින් පසු සැකකරුවන් අත්අඩංගුවට ගත්බව පොලිසිය පවසයි . විහාරාධිපති හිමියන් පානදුර පෞද්ගලික බැංකුවක සිය ගිණුම පවත්වාගෙන යනු ලබන අතර , කලකට පෙර උන්වහන්සේ ගේ හැදුනුම්පත අස්ථානගතව ඇති බවත් පොලිසිය කීය. සැකකරුවන් එම බැංකවේම නාරම්මල ශාකාවෙන් අවස්ථා කිහිපයකදී මුදල් සිය ගිණුම් වලට මාරුකරගෙන…

Read More

මේ වසර සඳහා ණය ගැනීමේ අවශ්‍යතාවය පහල ගොස් ඇතැයි රජය පවසයි. ඉකුත් වසරේ සැප්තැම්බර් 21 වැනිදායින් ඇරැඹි අනුර දිසානායක පාලනය ආදායම් වියදම් අතර පරතරය අඩු කළ වසරක් වන අතර ඒ අනුව ලබන වසරේ පොලී වියදම අඩු වීමක් අගපේක්ෂා කරන බව රජය කියයි. අනුර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වී වසරක් ගත වන විට ලංකා ආර්ථිකයේ පැහැදිලි සුබවාදී දිශානතියක් පෙන්නුම් කරන බව රජය පවසයි. පරිපූරක ඇස්තමේන්තු නොමැති සැලසුම් කළ ලෙසම වියදම් සීමාවන් පවත්වා ගෙන යාමට හැකියව ලැබී ඇති වසරක් බවද රජය සඳහන් කරයි. බැංකු පොලී අනුපාතය ස්ථාවර අනුපාතයක එනම් 8%ක ප්‍රමාණයක පවත්වා ගැනීමට සමත්ව ඇතැයි ද 2025 පළමු මාස 6 තුල රාජ්‍ය…

Read More

බාග්‍රම් ගුවන් කඳවුරේ පාලනය යළි අමෙරිකාව වෙත ලබාදීමට ඇෆ්ගනිස්තානය කටයුතු නොකරන්නේ නම් අහිතකර ප්‍රතිවිපාකවලට මුහුණු දීමට සිදුවනු ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇෆ්ගනිස්තානයට අනතුරු අඟවා තිබේ. 2001 වසරේ සැප්තැම්බර් 11 වැනිදා අමෙරිකාවට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඇෆ්ගනිස්තානයේ රැඳි සිටි අමෙරිකානු සෙබලුන් භාවිත කළ මෙම කඳවුර, 2021 වසරේ එම සෙබලුන් ඉවත්ව යාමෙන් පසුව තලෙයිබාන් සංවිධානය විසින් අත්පත් කරගෙන සිටී. මේ සම්බන්ධයෙන් ඇෆ්ගනිස්තාන පාර්ශ්වය සමඟ සාකච්ඡා කරමින් සිටින බව ද ට්‍රම්ප් වැඩිදුරටත් පැවසුවේය.

Read More

සෙසු රටවල් ආක්‍රමණය කිරීමට ඊශ්‍රායලයට කිසිදු අයිතියක් නොමැති බව ඉරාන ජනාධිපති මසූද් පෙෂෙස්කියන් පවසා තිබේ. අසල්වැසි රාජ්‍යන්ගේ භූමි ප්‍රදේශ ද ඇතුළත් වන පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිත යැයි පැවසෙන ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ‘ග්‍රේට(ර්) ඊශ්‍රායල් ‘ හෙවත් ‍ශ්‍රේෂ්ඨ ඊශ්‍රායලය නම් සැලසුම හෙළා දකිමින් ඔහු මේ බව පවසා ඇත. ඒ චීන මාධ්‍ය ආයතනයක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්ය. එමෙන්ම මැද පෙරදිග කලාපය තුළ ඊශ්‍රායලයේ ක්‍රියාකලාපය ද එහිදී ඔහුගේ දැඩි විවේචනයට ලක්ව තිබේ. අමෙරිකාව ඊශ්‍රායලයට සහාය දැක්වීම ද ඉරාන ජනපතිවරයාගේ විවේචනයට ලක්වූ අතර ඊශ්‍රායලයේ මෙම නීතිවිරෝධි, අසාධාරණ සහ අමානුෂික ක්‍රියා සම්බන්ධව සෙසු රටවල් නිහඬව සිටිය යුතු නැති බව ඔහු වැඩිදුරටත් පවසයි.

Read More

මේ වන විට පවතින ඖෂධ හිඟයට හේතුව මූල්‍ය ගැටලුවක් නොවන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි අම්පාර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ ප්‍රසම්පාදනයේ පවතින ගැටලු හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවය. එමෙන්ම මේ වන විට ඖෂධ ගෙන්වීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලීන් ආරම්භ වී ඇති බවත් ඒ අනුව එළැඹෙන නොවැම්බර් මාසයෙන් පසුව අදාළ ඖෂධ ගෙන ඒමටද නියමිත බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා “සමහර ඖෂධ ප්‍රයිවට් මාර්කට් එකෙත් නෑ, එළියෙත් නෑ, වෙළෙඳපොළෙත් නෑ, ෆාමසිවලත් නෑ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. අපි ඖෂධ ලියාපදිංචියේදී අසීමිත ලෙස මිල ගණන් ඉදිරිපත් කරලා ලියාපදිංචි කරන්න දෙන්නේ නැහැ දැන්. දකුණු…

Read More

කළුවාංචිකුඩි පොලිස් වසමේ කෝට්ටේකල්ලාර් ප්‍රදේශයේ නිවසක් තුළ කාන්තාවක් මියගොස් ඇති බවට කළුවාංචිකුඩි පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විර්මශන ආරම්භ කර තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 57ක් වූ කෝට්ටේකල්ලාර් ප්‍රදේශයේ පදිංචිකාරියකි. අදාළ කාන්තාව සිය නිවසෙහි තනිව ජිවත්ව සිට ඇති බව මූලික විමර්ශනවලදි අනාවරණය වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් කළුවාංචිකුඩි පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read More

එක්සත් ජාතීන්ගේ 80 වැනි රාජ්‍ය නායක සමුළුව ලබන සතියේ අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී පැවැත්වීමට නියමිතය. ඒ සඳහා සහභාගිවීමට නියමිත පලස්තීන ජනාධිපති මොහොමඩ් අබ්බාස් ට වීසා ලබාදීම අමෙරිකාව ප්‍රතික්ෂේප කළේය. කෙසේවෙතත් එම සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඇමතීමට ඔහුට හැකියාව ලබාදෙන යෝජනාවක් එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල බහුතර ඡන්දයෙන් සම්මත කරගෙන ඇත. මෙම සමුළුවේ දී පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමටද සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.

Read More

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ තරග ආරම්භ කරමින් ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය අද (20) පැවැත්වීමට නියමිතව ඇත. තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 8ට ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. සුපිරි 4 වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම තරග 3කට ක්‍රීඩාකරනු ලබයි. ඒ යටතේ ශ්‍රී ලංකාව එළැඹෙන 23වනදා පාකිස්තානයට එරෙහිව අබුඩාබිහිදී හා සැප්තැම්බර් 26වනදා ඉන්දියාවට එරෙහිව ඩුබායිහිදී ශ්‍රී ලංකාව ක්‍රීඩාකිරීමට නියමිතය. සුපිරි 4 වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් ද්විත්වය අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගනු ඇත.

Read More

ශ්‍රී ලංකා පොලීසිය විසින් ‍දිවයින පුරා සිදුකරනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම්වලට අදාළව ඊයේ (18) දිනයේ දී පුද්ගලයින් 736 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. කොට්ඨාස මට්ටමින් සියලුම ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදි මෙම විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත. අදාළ මෙහෙයුම්වලදී පුද්ගලයින් 28,705 දෙනෙකු පොලීසිය විසින් පරීක්ෂාවට ලක්කර තිබේ. මේ අතර බීමත් රියදුරන් 50ක් හා අපරික්ෂාකාරී ලෙස රිය පැදවීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 20ක් ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය වැඩිදුරටත් පැවසීය.

Read More

ඉදිරි අයවැය රටේ සංවර්ධනයට අඩිතාලමක් වනු ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ පවතින සීමිත මුදල් ප්‍රමාණය මෙරටට ආයෝජන ගෙනෙන වැඩපිළිවෙළ සඳහා යොදවා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට රජය අපේක්ෂා කරන බවය. අයවැය පිළිබඳ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා මේ බව සඳහන් කළේය.

Read More