Author: LANKA24X7

මතු පරපුරට සුරක්ෂිත ලෝකයක් බිහි කිරීමට හදවතට එකඟව ඇප කැප වෙමු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරය අමතමින් ලෝක නායකයන්ට ඇරයුම් කළේය. එහිදී අප යා යුත්තේ එකිනෙකා පරයා යන ගමනක් වෙනුවට එකිනෙකා අත්වැල් බැඳගත් ගමනක් බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරය නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ආරම්භ කෙරුණු අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා වේලාවෙන් අද (25) පෙ.ව 12.45ට සමුළුව ඇමතීය. ගාසා තීරයේ අඛණ්ඩව සිදු වන බිහිසුණු ව්‍යසනය පිළිබඳවද මෙහිදී කණස්සල්ල පළ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් සියලු පාර්ශ්වයන්ගේ එකඟතාව…

Read More

රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු නාවික හමුදාපති අද්මිරාල් (විශ්‍රාමික) නිශාන්ත උළුගේතැන්න මහතා එළැඹෙන මස 8වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පොල්ගහවෙල මහෙස්ත්‍රාත් උදුම්බරා දසනායක අද (24) නියෝග කළේය. අලව්ව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන කුරුණෑගල රෝහලේ නෙවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි අයෙක් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ චෝදනාවට හිටපු නාවික හමුදාපතිවරයාට අමතරව හිටපු බුද්ධි ප්‍රධානි රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් මොහොට්ටි ඇතුළු තිදෙනෙක් මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබීය. මෙම නඩුව කැඳවූ අවස්ථාවේ දී ඇපමත සිටින සැකකරුවන් හා බන්ධනාගාර ගතව සිටින 10 වන සැකකරු බන්ධනාගාර නිලධාරින් විසින් අධිකරණයට ඉදිරිපත් කළේය. එමෙන්ම 11 වන සැකකරු වන හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න, හිටපු නාවික හමුදා බුද්ධි…

Read More

වාහන ආනයනයෙන් රජය අපේක්ෂා කළ ආදායම් ඉලක්ක වසර අවසානය වනවිට ඉක්මවා යනු ඇතැයි රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය. ඒ, එම කාරක සභාව එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) රැස්වූ අවස්ථාවේදීය. රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා – වාහනවල අපේක්ෂිත ආදායම මොකක්ද මේ අවුරුද්දට? භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් දිලිප් සිල්වා – “මේ වසරට බිලියන 460ක්.” රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා – ඒක වෙනස් වුණේ නැද්ද? වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මල්ෂානි අබේරත්න – “දැන් තියෙන තත්ත්වය අනුව ඊට වැඩිවෙනවා. මෙච්චර වාහන එයි කියලා බලාපොරොත්තු වුණේ…

Read More

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය එක්ව පළාත් පාලන ආයතන වල ඝන අපද්‍රව්‍ය නැවත භාවිතයට ගත හැකි ද්‍රව්‍ය බවට පරිවර්තනය කිරීමේ පහසුකම් සැලසීම වෙනුවෙන් ඝන අපද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථාන ආරම්භ කිරීමේ වැඩසටහනක් සැලසුම් කර ඇත. ඒ අනුව පළාත් නවයම ආවරණය වන පරිදි ඝන අපද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථානය ඇති කිරිමට සැලසුම් කර ඇති අතර, එහි පළමු වැඩසටහන ලෙස රුපියල් මිලියන 50.8ක වියදමින් කාත්තන්කුඩි නගර සභාවේ ඝන අපද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථානයේ වැඩ ආරම්භ කෙරිණි. ඒ සඳහා නොදිරන කසළ ප්‍රමාණයක් ජනනය වන ස්ථාන 6ක් බැගින් ස්ථාන 54ක් තෝරා ගෙන ඇති අතර දැනට එම ස්ථාන අතරින් 25 ක ශක්‍යතා අධ්‍යනය…

Read More

අමාත්‍ය වසන්ත සමරසිංහ අමාත්‍යවරයා ලබාගෙන ඇති ක්‍රිප්ටෝ මුදල් 3000 සහ කතානායක වෛද්‍ය ජගක වික්‍රමරත්න මහතාගේ බයිනෑන්ස් ගිණුමේ ඇති යූඑස්ඩීටී 1850 ලබා ගත්තේ කෙසේදැයි මැතිසබයට හෙළි කරන්නැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය මේ අනුව ආචාර ධර්ම පද්ධතිය සහ වරප්‍රසාද පනත උල්ලංඝනය වන සේ මෙම අය ක්‍රියාකර අැත් නම් නම් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඒ පිළිබඳව වහාම සොයා බැලීමක් කර එ් පුද්ගලයින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතුව ඇතැයිද ඔහු සඳහන් කළේය. නීතිඥ දයාසිරි ජයසේකර මහතා මෙසේද…

Read More

වෛද්‍යවරයෙක් ලෙස පෙනී සිටිමින් රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කළ අයෙකු සහ ඔහුගේ සහායකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කළුතර දකුණ නොවිසඳුනු අපරාධ විමර්ශන ඒකකය සමත්ව තිබේ. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර, ගුරුදෙණිය සහ තලාතුඔය ප්‍රදේශයේ පදිංචි 31,33 සහ 38 වියැති පුද්ගලයන් තිදෙනෙකු බව පොලීසිය පැවසීය. දිවයිනේ පොලිස් ස්ථාන රැසකට ලද පැමිණිලි සියයකට අධික ප්‍රමාණයක් සැලකිල්ලට ගෙන කළුතර දකුණ නොවිසඳුනු අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ශ්‍රී රංගා මහතා ඇතුළු නිලධාරීන් මහනුවර පේරාදෙණිය ප්‍රදේශයේ නිවස වටලා සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. කළුතර දකුණ පොලිස් බලප්‍රදේශයේ පෞද්ගලික පරිගණක විකුණුම් ආයතනයකින් වංචනික ලෙස මෙම කණ්ඩායම මුදල් ලබාගෙන ඇති බවට ලද පැමිණිල්ලක් මත සහ කළුතර ශික්‍ෂණ…

Read More

ගම්පහ – මිනුවන්ගොඩ මාර්ගයේ අස්ගිරිය ප්‍රදේශයෙන් අත්තනගලු ඔයට පැන තරුණියක් සියදිවි හානි කරගෙන තිබේ. පොලීසිය පැවසුවේ අත්තනගලු ඔයේ පාලමෙන් පැන අදාළ තරුණිය සියදිවි හානි කරගෙන ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවය. මියගොස් ඇත්තේ 21 හැවිරිදි දොරණගොඩ, උඩුගම්පල ප්‍රදේශයේ පදිංචි තරුණියකි. සියදිවි නසා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව සඳහන්ය. අතුරුදන් වු කාන්තාවගේ මළසිරුර සෙවීමේ මෙහෙයුම් පොලීසිය, නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව තවදුරටත් සිදුකරන බව පොලීසිය පැවසුවේය.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (24) එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට ද නියමිතය. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ජනාධිපතිවරයා එරට වේලාවෙන් අද පස්වරු 3.15ට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට නියමිත බවය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වැනි සැසිවාරයට සහභාගී විම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ අමෙරිකාවට ළඟා විය. මෙම සංචාරය අතරතුරදී ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා සහ රාජ්‍ය නායකයින් කිහිප දෙනෙකු සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ඊට අමතරව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සමග හමුවකට ද සහභාගී වීමට නියමිත බවය. මේ අතර…

Read More

ඇඹිලිපිටිය – පනාමුර – බුළුතොට ( බී115) මාර්ගය වැඩි දියුණු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ගාල්ල – දෙනියාය – මාදම්පේ මාර්ගයේ රක්වාන – සූරියකන්ද මාර්ග කොටස වැඩි දියුණු කිරීම සඳහා අන්තර්ජාතික සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදලින් ඇමෙරිකා ඩොලර් මිලියන 40 ක ණය මුදලක් ශ්‍රී ලංකා රජය විසින් ලබා ගෙන තිබේ. එම ණය මුදලේ රුපියල් මිලියන 1,000ක පමණ ඉතිරියක් පවතින අතර, එම මුදල සහ රජයේ අරමුදල් භාවිත කර දැනට අබලන්ව පවතින ඇඹිලිපිටිය – පනාමුර – බුළුතොට මාර්ගයේ (බී115 ) කොළොන්න සිට සූරියකන්ද දක්වා වන කිලෝමීටර 9.62 ක් පමණ වන මාර්ග කොටස වැඩි දියුණු කිරීම සඳහා සැලසුම් කර ඇත. එම මාර්ග කොටස…

Read More

ප්‍රසිද්ධ රැස්වීම් වලදී වගකීම් විරහිත ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්ස කුට්ටිආරච්චි මහතාට අවවාද කර ඇත. එවැනි ප්‍රකාශ වලින් පක්ෂයට අනර්ථයක් සිදුවන බව පවසමින් මහ ලේකම්වරයා මෙසේ අවවාද කර ඇති බව දැනගන්නට ඇත.

Read More