Author: LANKA24X7

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ සබරගමුව සහ දකුණු පළාත්වලත් කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පැවතිය හැකි බවය. ගිගුරුම් සහිත වැසි සමඟ එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ද ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ. ඒ අනුව අකුණු හා සුළං මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී ඇත.

Read More

ශ්‍රී පාදස්ථානයට පිවිසෙන හැටන් ප්‍රවේශ මාර්ගයේ මහගිරි දඹ ප්‍රදේශයේ ඇතිවූ නායයෑම් තත්ත්වය පරීක්ෂා කර ඒ සඳහා පිළියම් ලෙස යෝජිත නිර්දේශ මාලාවක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව පවතින අවධානම් තත්ත්වය අවම කිරීමේ අරමුණින් වූ නිර්දේශ 6ක් එම සංවිධානය විසින් රත්නපුර සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ඉදිරිපත් කර ඇති අතර එම නිර්දේශ ක්‍රියාත්මක කරන තුරු දැනට පවතින තත්ත්වය යටතේ හැටන් පිවිසුම ඔස්සේ මෙම අස්ථාවර කලාපය හරහා පිවිසීම සීමා කළ යුතු බවත් දන්වා තිබේ. තවද මෙම ස්ථානය රාත්‍රි කාලයේදී මෙම ස්ථානය ආලෝකමත්ව තබා ගැනීම සහ භූමියේ ඇතිවන වෙනස්කම් සම්බන්ධව අවධානය ‍යොමු කිරීම අනිවාර්ය බවත් එම ලිපිය මගින් අදාළ…

Read More

මිහින්තලය, මහකිරින්දේගම ප්‍රදේශයේ දී මොට ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. අදාළ පුද්ගලයා හා ඔහුගේ බිරිඳ අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් බිරිඳ විසින් සිදු කළ පහරදීමක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 61ක් වූ මහකිරින්දේගම, මිහින්තලය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඝාතනය සම්බන්ධයෙන් අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය 53 හැවිරිදි වියේ පසුවන බව පොලීසිය පැවසීය. මිහින්තලය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read More

තායිලන්තය විසින් කාම්බෝජයට යළි ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එම මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත්තේ, තායිලන්තය හා කාම්බෝජය අතර දේශසීමා ගැටුම් මධ්‍යයේ මෙලෙස ප්‍රහාර දියත්ව ඇති බවය. තායි හමුදා ප්‍රකාශක වින්තායි සුවරී අද (08) ප්‍රකාශ කර ඇත්තේ, දෙරට අතර සටන් විරාම ගිවිසුමක් කඩ කළ බවට චෝදනා කිරීම හේතුවෙන් මෙලෙස ප්‍රහාර දියත් කළ බවයි. මෙම ප්‍රහාර යළි ආරම්භ වී ඇත්තේ කාම්බෝජ හමුදා දේශසීමාවේ සිදුකර ඇති වෙඩි තැබීමකින් තායිලන්ත සෙබලෙකු මිය ගිය බවට තායිලන්තය විසින් චෝදනා කරමිනි. මේ අතර, නැවත මෙම ප්‍රහාර එල්ල වීමත් සමග දෙරට අතර අත්සන් කර ඇති සාම ගිවිසුම බිඳ වැටීමේ අවධානමක්ද මේ…

Read More

2025 වසරේ නොවැම්බර් මස අවසානය වන විට, චීන විදේශ විනිමය සංචිතය අමෙරිකානු ඩොලර් ට්‍රිලියන තුන ඉක්මවා ඇති බව වාර්තා වේ. චීන විදේශ විනිමය පරිපාලනය ඊයේ (07) නිකුත් කළ නවතම දත්තවලට අනුව, එම අගය දැක්වෙන්නේ අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 3.3464ක් ලෙසය. පසුගිය ඔක්තෝබර් මස අවසානයට සාපේක්ෂව එය ඩොලර් බිලියන 3ක වැඩිවීමක් වන අතර එහි වර්ධනය 0.09%කි. 2025 වසරේ නොවැම්බර් මාසයේදී, විනිමය අනුපාත පරිවර්තනය සහ වත්කම් මිල වෙනස්වීම වැනි සාධක හේතුවෙන් විදේශ විනිමය සංචිතය වර්ධනය වී ඇති බව චීන විදේශ විනිමය පරිපාලනය ප්‍රකාශ කර තිබේ. චීන ආර්ථිකය සාමාන්‍යයෙන් ස්ථාවර සහ ප්‍රගතිශීලී සංවර්ධන ප්‍රවණතාවක් පවත්වා ගෙන ගොස් ඇති අතර, විදේශ විනිමය සංචිතවල මූලික ස්ථාවරත්වයට…

Read More

අයහපත් කාලගුණ තත්ත්වයෙන් හානි වූ කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ කුඩාඔය සහ නාත්තන්ඩිය අතර දුම්රිය මාර්ගය කඩිනමින් ප්‍රතිසංස්කරණය කරමින් පවතී. වලහපිටිය උප දුම්රිය ස්ථානයට කිලෝමීටර් භාගයක් පමණ ආසන්න ඉපැරණි දුම්රිය යකඩ පාලමට සම්බන්ධ භූමි පෙදෙස ජල පහර හේතුවෙන් විනාශ වූ අතර එය ද පිළිසකර කරමින් පවතින බව වාර්තා වේ. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සෘජු අධීක්ෂණය යටතේ හලාවත බෝලවත්ත දුම්රිය නඩත්තු ඒකකයේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව ඒකාබද්ධව මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරයි.

Read More

දිවයිනේ සියලුම ජලාශවල ජල මට්ටම් සාමාන්‍ය ජල මට්ටමක් කරා පැමිණෙමින් තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ ඉංජිනේරු එල්.එස් සූරියබණ්ඩාර මහතා පැවසුවේ වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ මිනුම් මධ්‍යස්ථානවල දත්ත අනුව කිසිදු ජලාශයක ගංවතුර මට්ටමක් කරා තවදුරටත් නොපවතින බවය. එමෙන්ම පසුගිය පැය 24ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය වූ මිලිමීටර් 50-100ත් අතර ප්‍රමාණයක් ප්‍රධාන ජලාශ කිහිපයක් ආශ්‍රිතව වාර්තා වී ඇති බවත් ඒ අනුව කැලණි, කළු ගඟ ආශ්‍රිතව මිලිමීටර් 50-100ත් අතර ප්‍රමාණයක් මෙන්ම එමෙන්ම ගිං ගඟ සහ නිල්වලා ගඟ, අත්තනගලු ඔය ආශ්‍රිතව මිලිමීටර් 50ක වර්ෂාපතනයක් වාර්තාවූ බවත් ඒ මහතා සඳහන් කළේය. කෙසේ නමුත් මෙම වර්ෂාපතනය ගංගාවල ජල මට්ටම්…

Read More

උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල අද (08) රාත්‍රී කාලයේ සිට වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, උතුරු – මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි අතර මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි. එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි විය හැකියි. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු…

Read More

ආපදාවෙන් විපතට පත් මෙරට ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙළට අඛණ්ඩව සහාය පළ කරමින් ඉන්දීය රජයෙන් ලබා දෙන ද්‍රව්‍යමය ආධාර තොගයක් අද (07) පස්වරුවේ කොළඹ වරායේ BQ 2 හි දී භාරගෙන තිබුණි. මේ සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ වෙළෙඳ, වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහභාගී විය.

Read More

අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 04ක් සඳහා තවදුරටත් නායයෑම් රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කෝරළය, තුම්පනේ, මැදදුම්බර, අකුරණ, කුණ්ඩසාලේ, උඩුනුවර, දොළුව, උඩුදුම්බර, පාතහේවාහැට, හාරිස්පත්තුව, මිනිපේ, ගඟවට කෝරළය, පස්බාගේ කෝරළය, පන්විල, හතරලියද්ද, යටිනුවර, පාතදුම්බර, දෙල්තොට, පූජාපිටිය සහ උඩපළාත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබේ. මීට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල, අරණායක, ගලිගමුව, රඹුක්කන, බුලත්කොහුපිටිය, යටියන්තොට, මාවනැල්ල සහ කෑගල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර ඇති බව සඳහන්ය. කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, නාරම්මල, පොල්ගහවෙල, මල්ලවපිටිය, අලව්ව සහ මාවතගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස…

Read More