පොලිස්පතිවරයාගේ ප්රධානත්වයෙන් පැවැත්වෙන පොලිස්පති මහජන සහන දිනය නොවැලැක්විය හේතුවක් හේතුවක් මත හෙට (2) නොපැවැත්වෙන බව පොලිස් මූලස්ථානය ජනතාවට දැනුම් දෙයි.
පොලිස්පති මහජන සහන දිනය සතියේ සෑම සිකුරාදා දිනයකම මීට පෙර පැවැත්විණ. පොලිසියට අදාළ මහජනතාවගේ ගැටලු පිළිබඳව කරුණු විමසා බැලීම පොලිස්පති මහජන සහන දිනයෙන් සිදුකෙරිණ.
පොලිස්පති ධූරය සම්බන්ධයෙන් මතුවී ඇති ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් පොලිස්පති මහජන සහන දිනය මෙසේ කල් ගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.