ලාෆ්ස් ගෑස් මිල ගණන් පහත දැමීමට එම සමාගම කටයුතු කර තිබේ.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරකයක මිල රුපියල් 5,995ක් දක්වා රුපියල් 745කින් අඩු කර තිබේ.
එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2,398 දක්වාද මිල අඩු කිරීමට එම සමාගම පියවර ගෙන ඇත.
නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කර ඇත්තේ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් සිදුකළ ඉල්ලීම සහ පාරිභෝගික ජනතාව මුහුණ දෙන අපහසුතා සැලකිල්ලට ගනිමින් ලාෆ්ස් ගෑස් සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය විසින් මෙම තීරණය ගත් බවත් සමාගම සඳහන් කර තිබේ
එමෙන්ම මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ සෞදි ඇරම්කෝ මිල සහ නැව් ගාස්තු ඇතුළු ආනයන පිරිවැය ඉහළ ගියද මාස තුනක් පුරා මිල සංශෝධනයක් නොකර එම පිරිවැය වැඩිවීමෙන් සිදුවූ අලාභය සමාගම විසින් දරාගත් බවත් එයින් ඇති වූ අඛණ්ඩ ආලභ හේතුවෙන් මෑතකදි රුපියල් 1,775කින් කිලෝ 12.5ක ගෑස් සිලින්ඩරයක මිල වැඩි කිරීමට සිදුවූ බවය.
ඒ අනුව පසුගිය 13 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් ගෑස් සමාගම විසින් සිය ගෑස් මිල ගණන් ඉහළ දැමීමට කටයුතු කරනු ලැබීය.
එහිදී රුපියල් 4,965ක්ව පැවැති කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 6,740ක් දක්වා ඉහළ යනු ලැබීය.
එමෙන්ම රුපියල් 1,988ක් ලෙස පැවැති කිලෝග්‍රෑම් 5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 732කින් ඉහළ දැමීමටද එම සමාගම පියවර ගත්තේය.
කෙසේ නමුත් අදාළ මිල වැඩි කිරීම සම්බන්ධව කරුණු දක්වන ලෙසට ඊයේ (16) දින පාරිභෝගික අධිකාරිය ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන්ට කැඳවීම්ක් සිදුකරනු ලැබීය.
එහිදී පාරිභෝගික අධිකාරිය වෙත පැමිණ සිටි ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන් පසුව පවසා ඇත්තේ ඉහළ දැමූ ගෑස් මිල ගණන් යම් ප්‍රමාණයකින් පහළ දැමීමට කටයුතු කරන බවත් එය අධ්‍යක්ෂක මණ්ඩලය රැස්වී තීරණය කර දැනුම්දෙන බවත්ය.
ඒ අනුව අධ්‍යක්ෂක මණ්ඩලය විසින් රැස්වී මේ සම්බන්ධව තීරණය කර ඇති අතර එහිදී මෙම ගෑස් මිල ගණන් පහත හෙලීමට සමාගම පියවර ගෙන ඇත.

