රුපියල් අට කෝටි හැට හය ලක්ෂ හතළිස් දහසක් වටිනා ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මොවුන් දෙදෙනාගෙන් එක් අයෙකු 35 හැවිරිදි වියේ පසුවන නැදුන්කර්නි ප්‍රදේශයේ පදිංචි යකඩ පෑස්සුම්කරුවෙකු වන අතර, අනෙක් පුද්ගලයා 46 හැවිරිදි වියේ පසුවන මහනුවර ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි.
අදාළ පුද්ගලයන් දෙදෙනා මෙම මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයෙන් මිලදී ගෙන මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර වෙත පැමිණ ඇති අතර, එතැන් සිට මැලේසියානු ගුවන් සේවයට අයත් එම්.එච්. 179 දරන ගුවන් යානයෙන් අද (16) අලුයම 12.00ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.
ඔවුන් දෙදෙනා විසින් රැගෙන ආ ගමන් මලු දෙකක තිබූ මත්පැන් බෝතල් ඇසුරුම් කළ පෙට්ටි හතරකින් බෝතල් ඉවත් කර ඒ වෙනුවට මෙම ‘කුෂ්’ මත්ද්‍රව්‍ය සඟවා තිබියදී සොයාගෙන ඇත.
එම මත්ද්‍රව්‍ය තොගය පැකට් හතරක අසුරා තිබූ අතර, එහි මුළු බර කිලෝග්‍රෑම් 8යි ග්‍රෑම් 664ක් බව සඳහන්.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද (16) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගෙන, මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කිරීමට නියමිතය.
