92 ප්රෙට්රල් ලීටරයක් රුපියල් 20කින් ඉහළ දමා තිබෙන අතර ඒ අනුව එහි නව මිල රුපියල් 348.00ක් වෙනවා.
එමෙන්ම 95 ප්රෙට්රල් ලීටරයක් රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල 375.00 බවයි වාර්තා වන්නේ.
ඩීසල් රුපියල් 2කින් පහළ දමා ඇති අතර සුපිරි ඩීසල් 12කින් ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම භූමිතෙල් රුපියල් 10කින් පහළට දමා ඇති අතර ඒ අනුව එහි නව මිල 226.00ක් වන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි IOC මිල ගණන් ද පහළ දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව සිපෙට්කෝ මිල ගණන් හා සමානවම IOC මිල ගණන් ද පහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.