යෝජිත අනුරාධපුර පූජාභූමි සංවර්ධන සැලැස්ම කඩාකප්පල් නොකර ඒ සඳහා අවශ්‍ය උපකාර සිදුකරන ලෙස වැඩබලන අටමස්ථානාධිපති, රුවන්වැලි චෛත්‍යරාමාධිකාරි පූජ්‍ය ඊතල්වැටුණුවැවේ ඥානතිලක හිමියන් ඉල්ලීමක් කර තිබේ.
උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ බුද්ධ ශාසන අමාත්‍යාංශයේ අද (16) පෙරවරුවේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
අනුරාධපුර පූජා භූමිය තුළ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී අවශ්‍ය තීන්දු තීරණ ගැනීම වෙනුවෙන් පත්කෙරුණු ජනාධිපති උපදේශක සභාවේ රැස්වීමක් බුද්ධ ශාසන අමාත්‍යාංශයේදී අද (16) පෙරවරුවේ පැවැත්විණි.
ඒ, එහි සම සභාපතිවරු වන වැඩබලන අටමස්ථානාධිපති, රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය ඊතල්වැටුණුවැවේ ඥානතිලක හිමියන් සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාගේ ප්‍රධානත්වයෙනි.
එහිදී අදහස් දැක්වූ උන්වහන්සේ සඳහන් කළේ යෝජිත සංවර්ධන සැලැස්ම පිළිබඳ ඇතැම් කරුණු සම්බන්ධයෙන් ජනතාව නිසි පරිදි දැනුවත් කිරීමට නොහැකි වීම ගැන කනගාටුව පත්වන බවය.
එමෙන්ම පූජාභූමිය වටා ඉදිකිරීමට යෝජනා වී තිබූ වැට සම්බන්ධයෙන් ද ජනතාව තුළ වැරදි අවබෝධයක් ඇති වී තිබූ බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.
උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කර සිටියේ පූජා නගරය තුළ පදිංචි ජනතාව ඉවත් කිරීමේ කිසිදු අදහසක් හෝ සංකල්පයක් නොමැති බවය.

