එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහකාර මහලේකම් කන්නි විග්නරාජා මහත්මිය ඊයේ පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී තිබේ. එම හමුව ජනාධිපති කාර්යාලයේදී සිදුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.පාලනය, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සහ ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය පිළිබඳව මෙහිදී මූලික වශයෙන් අවධානය යොමු කෙරුණු අතර “බහුමාන අවදානම් තත්ත්වයන් අවබෝධ කරගැනීම සහ එමඟින් ශ්‍රී ලංකාවේ ජනතාවට ඇති බලපෑම” මැයෙන් සකස් කරන ලද වාර්තාවක් ද එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතවරිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්වූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය වැඩිදුරටත් නිවේදනය කළේය.
Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Previous Articleජනපති අපේක්ෂකයින් තිදෙනෙකුට වැඩ වරදී
Next Article තංගල්ල ප්‍රා.ස. හිටපු උප සභාපති අත්අඩංගුවට

