පැවති ජනාධිපතිවරණයේ දී ඒ සදහා ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගෙන් 35 දෙනකු මැතිවරණ වියදම් වාර්තා ලබාදී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි. වාර්තා ලබාදී නොමැති තිදෙනා වන්නේ ජනසෙත පෙරමුණේ පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන, සරත් කීර්තිරත්න සහ අරියනේත්‍රම් පාක්කියසෙල්වම්ය. මොවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.එහිදී එක් අයෙකුට රුපියල් ලක්ෂයක දඩ මුදලක් නියම කළ හැකි බව ද සදහන් කරයි.ජනාධිපතිවරණය පවත්වා දින 21ඇතුළත මෙම වාර්තා ලබාදිය යුතුය.එම දිනය ඉකුත් 12 වැනිදා අවසන් විය.
Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.

