Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: 24x7
මෙවර 2023 අධ්‍යයන වර්ෂයට අදාළ පාසල් නිල ඇඳුම් ප්‍රමාණයෙන් 70%ක් ලබා දීමට එකඟත්වය පළ කර තිබූ චීන රජය එයින් 1/3ක් මින් පෙර ලබා දී තිබූ අතර ඉතිරි 2/3ක ප්‍රමාණය ද ලබා දෙමින් සම්පූර්ණ නිල ඇඳුම් ප්‍රදානය ම මේ වන විට පූර්ණ වශයෙන් ලබා දී අවසන් කර ඇත. චීන තානාපති චී. ෂෙන්හොන්ග් (Qi Zhenghong) මහතා විසින් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වෙත අධ්‍යාපන අමාත්‍යාංශයේ දී මෙම ඉතිරි නිල ඇඳුම් තොගය අද දින භාර දෙන ලදි. ඒ අනුව මේ වන විටත් ආරම්භ කර ඇති නිල ඇඳුම් බෙදාහැරීමේ කටයුතු කඩිනම් කර ඉදිරි පාසල් වාරය ආරම්භ වීමට පෙර නිල ඇඳුම් බෙදා අවසන් කිරීම…
ඊශ්‍රායල් රාජ්‍යයේ සාත්තු සේවා රැකියාවක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රු.1,195,000.00 ක මුදලක් වංචනිකව ලබාගත් කාන්තාවක, තවත් පුද්ගලයින් දෙදෙනෙකුගෙන් එලෙස මුදල් ලබාගන්නා අවස්ථාවේදීම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන නිළධාරීන් විසින් 2023.03.07 දින මාලඹේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. වරකාපොල ප්‍රදේශයේ පදිංචි රජයේ හෙද නිළධාරියෙකුගෙන් ඊශ්‍රායල් රාජ්‍යයේ සාත්තු සේවා රැකියාවක් ලබාදීම සඳහා මෙම කාන්තාව මෙසේ මුදල් ලබාගෙන ඇති අතර, අදාල රැකියාව ලබානොදීම හේතුවෙන් මේ පිළිබඳව ඔහු විසින් කාර්යාංශයේ විමර්ශන අංශය වෙත පැමිණිලි කර ඇත. එම පැමිණිල්ලට අනුව අත්අඩංගුවට ගනු ලැබූ බුලත්කොහුපිටිය ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි මෙම සැකකාරිය අද දින (2023.03.08 දින) රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 22 දින දක්වා රක්ෂිත…
මධ්‍යම සංස්කෘතික අරමුදලේ ක්‍රියාකාරීත්වය පිළිබඳ විශේෂ විගණන වාර්තාව මගින් මතු කරන කරුණු පිළිබඳ විමර්ශනය කිරීම කොට පසුගිය නොවැම්බර් 24 වැනිදා පැවති කෝප් කමිටුව විසින් ලබාදෙන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සොයාබැලීම පිණිස පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ගරු මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන්රැස් විය. උක්ත විශේෂ විගණන වාර්තාවෙන් මතු කරන ලද කරුණු විමර්ශනය කිරීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරයා විසින් පත්කරන ලදැයි කෝප් කමිටුව වෙත වාර්තා කරන ලද අභ්‍යන්තර විමර්ශන කමිටුව පිළිබඳව මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට එකඟතාවය පළවී තිබිණි. එමෙන්ම මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක සභාවේ රැස්වීම් පැවැත්වීම පිළිබදවත් අරමුදල් විධිමත් ලෙස වියදම් කර තිබේද යන්න පිළිබදවත් පසුගිය රැස්වීමේදී දිර්ඝ වශයෙන් සාකච්ඡා…
පනාගොඩ යුද හමුදා කදවුරට යාබද මුරපලකින් ටී 56 ගිනි අවිය සොරාගැනීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක පිට හිමිනමක සහ තවත් පුද්ගලයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් මගින් සැකපිට අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියකු පැවැසීය . මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම ගොඩගම ප්‍රදේශයේ විහාරස්ථානයක රැඳී සිටි හිමි නමක සහ පුද්ගලයෙකු බව පැවසේ. පනාගොඩ යුද හමුදා කදවුරට යාබදව පිහිටි යුදහමුදා නිවාස සංකීර්ණයේ ආරක්ෂාවට යොදවා හිටි සෙබළුකු රවටා ඔහු සන්තකයේ තිබූ ටී 56 ගිනි අවියක් , මැගසින් 4 , එහි බහා තිබූ උන්ඩ එකසිය විස්සක් සහ ආරක්ෂිත බෑගයක් ඉකුත් 3 දා රාත්‍රී සොරාගෙන ගොස් තිබුණි . පසුව සිද්ධිය සම්බන්ධයෙන් අවට සෝදිසි කිරීමේ දී…
අද වනතුරු එක්ක බිත්තරයක් වත් රටට ගෙනත් නැතැයි වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. බිත්තර ආනයනය සඳහා ලෝකයේ තිබෙන ඉහළම සහතිකය ලංකාව විසින් ඉල්ලා තිබෙන අතර එම සහතිකයට අනුව ඉන්දියාවේ එක සමාගමක් බිත්තර ලබා දෙන්න එකඟ වී තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. ආනයනය කරන ලද බිත්තර පරික්ෂා කිරීම සඳහා හමුදාවට මුලින් කන්න දුන්නා යැයි අමූලික බොරු කතාවක් පතුරවා තිබෙන බව කී අමාත්‍යවරයා ඒ සම්බන්ධව ද කටයුතු කරන්නැයි නීති අංශ වලට උපදෙස් දෙන බව සඳහන් කළේය. බිත්තර පමණක් නොව මෙරට නිෂ්පාදනයේ කඩා කඩාවැටීමක් වුවහොත් ආනයනය කර රටේ ජනතාවට දරාගන්න හැකි ලෙස භාණ්ඩ ලබාදීම වෙළෙඳ අමාත්‍යංශයේ වගකීමක් බවද නලින් ප්‍රනාන්දු මහතා…
සති අන්ත නිවාඩුවත් සමග හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණි විශාල වන්දනාකරුවන් පිරිස අතරින් ඇතැම් වන්දනාකරුවන් පරිසරයට විශාල වශයෙන් ප්ලාස්ටික්, පොලිතීන් ඇතුළු ඝන අපද්‍රව්‍ය මුදා හැර ඇති බව මස්කෙලිය ප්‍රාදේශිය සභාපත පැවසිය. නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගයේ ප්ලාස්ටික්, පොලිතින් ඇතුළු ඝන අපද්‍රව්‍ය බැහැර කිරිම සඳහා කැලි කසල බදුන් සවි කර ඇතත් , එම කැලි කසල බදුන් වලට ප්ලාස්ටික්, පොලිතින් ඇතුළු ඝන අපද්‍රව්‍ය ක්‍රමවත් ආකාරයෙන් බැහැර නොකර පරිසරයට මුදා හැර ඇති බවයි මස්කෙලිය ප්‍රාදේශිය සභාවේ සේවකයින් කියා සිටියේ. දිනපතා ශ්‍රි පාද ඉදිකටු පහණ සිට නල්ලතන්නිය දක්වා ඇතැම් වන්දනාකරුවන් විසින් පරිසරයට මුදා හැර ඇති ප්ලාස්ටික්, පොලිතින් ඇතුළු ඝන අපද්‍රව්‍ය ප්‍රාදේශිය සභාව විසින්…
ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇමෙරිකා ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ අරමුදල් පහසුකමක් ලබා දීම සඳහා පසුගිය වසරේ සැප්තැම්බර් මස පළමු වැනිදා ඇති කරගත් මූලික කාර්ය මණ්ඩල ගිවිසුම සමාලෝචනය කිරීම සඳහා එළඹෙන මාර්තු 20 වැනිදා විධායක කමිටුව රැස්වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන් මහතා පවසා ඇත. එහිදී ශ්‍රී ලංකාවට ණය මුදල ලබා ගැනීම සඳහා විධායක කමිටුවේ අනුමැතිය ලැබෙනු ඇතැයි බලාපොරත්තු වන බව ආර්ථික විද්‍යාඥයන් ප්‍රකාශ කර ඇත. විධායක කමිටුවේ න්‍යාය පත්‍රයට එහි සාමාජිකයන් අයිතම එකතු කරනු ලබන්නේ ඒ පිළිබඳ ක්‍රියා කිරීමට සුදානම් වූ පසුව පමණක් බව ආර්ථික විද්‍යාඥයන් පෙන්වා දී ඇත. ශ්‍රී ලංකාව තම…
රට ඉඳි සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද කිලෝ ග්‍රෑමයකට රුපියල් 200 සිට රුපියලක් දක්වා අඩු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝගයක් නිකුත් කර තිබේ. එළැඹෙන රාමසාන් උත්සවය වෙනුවෙන් මෙි තීරණය ගෙන අැත. මෙම බදු නිදහස් කිරීම අදාල වන්නේ විදෙස් රටවල්, සංවිධාන, ව්‍යාපාරික ආයතන, ස්වේච්ඡා සංගම්, සුභ පතන්නන් වෙතින් කිසිදු විදේශ විනිමය සම්බන්ධයකින් තොරව ත්‍යාගයක් හෝ පරිත්‍යාගයක් ලෙස ලැබුණු රටඉඳි සඳහා පමණක් බව ජනාධිපති කාර්යාලය පවසයි .
පොලිස් සැරයන්වරයකුගේ සහ පොලිස් කොස්තාපල්වරයකුගේ හිසට පොල්ලකින් සහ ගලකින් පහරදී තුවාල සිදුකළ බව කියන පුද්ගලයන් දෙදෙනෙක් තෙරිපැහැ පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ පහරකෑමට ලක්ව තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා නුවරඑළිය රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති. මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ තෙරිපැහැප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි රියදුරකු සහ අවුරුදු තිහක් වයසැති ගොවිතැන් කර ජීවිකාව ගෙන යන අයෙකි තෙරිපැහැ සමෘද්ධි සංවර්ධන බැංකුව අසල දී පොල්ලක් අත ඇතිව සිටි පුද්ගලයකු සහ තවත් සැකකටයුතු පුද්ගලයකු පරික්ෂා කිරීමට මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා ගොස් ඇතැයි පොලිසිය පවසයි මේ අවස්ථාවේ පොල්ලක් අතැතිව සිටි පුද්ගලයා සැරයන්වරයාගේ නිල ඇදුමෙන් ඇද එම එම පොල්ලෙන්හිසට පහර දී ඇති අතර අනෙකා ගලක්…
කෑගල්ල රිමාන්ඩ් බන්ධනාගාරයෙන් පළා යමින් සිටි බව කියන රැඳවියකුට බන්ධනාගාර නිලධාරියකු අද දින අලුයම 02:45 ට පමණ එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් එම රැඳවියා කෑගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව කෑගල්ල මූලස්ථාන පොලිසිය පවසයි. මෙසේ වෙඩි කා මිය ගොස් ඇත්තේ ඉඹුල්ගොඩ වත්ත මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචිව සිටි තිස්තුන් හැවිරිදි එම් අජිත් කුමාර නැමැත්තෙකි. වෙඩි කා තුවාල ලබා සිටි මෙම පුද්ගලයා බන්ධනාගාරයට නුදුරින් පිහිටි නගර සභා ගොඩනැගිල්ල ආසන්නයේ පිහිටි ඉඩමක වැටී සිටියදී බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහු කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇත. ප්‍රතිකාර ලබමින් සිටියදී මොහු මියගොස් ඇතැයි පොලිසිය කියයි. මොහුගේ පාදයකට සහ අතකට වෙඩි වෙඩි ඇති බව පෙනී යන්නේ යැයි ද…