Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
පාර්ලිමේන්තු මුළුතැන්ගෙයි ( කුස්සිය) සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් පවතින බව ප්‍රකාශ කර ඇති හෙයින් එය තාවකාලිකව වසා දමා එම වැරදි වහාම නිවැරදි කරන්නැයි විපක්ෂයේ මන්ත්‍රීවරුන් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී කරුණු දක්වා ඇති නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවෙන් සැපයෙන ආහාර සඳහා මන්ත්‍රීවරුන් සහ සේවකයන් සැලකිය යුතු මුදලක් ගෙවන හෙයින් පිරිසිදු කෑම වේලක් සැපයීමේ වගකීමක් පාලනාධිකාරියට තිබෙන බවයි. මෙහිදී අදහස් දක්වා ඇති කතානායකවරයා පවසා ඇත්තේ පාර්ලිමේන්තු මුළුතැන් ගෙයි වැරදි සියල්ල නිවැරදි කිරීමට ඉදිරියේදී අවශ්‍ය සියලු කටයුතු කරන බවයි. පාර්ලිමේන්තු මුළුතැන්ගෙයි අඩුපාඩු සොයා බැලීම සඳහා කතානායකවරයා විසින් විශේෂ…
“Clean Sri Lanka” සමගාමී ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක “Dream Destination” වැඩසටහන යටතේ නාරාහේන්පිට දුම්රිය ස්ථානය නවීකරණය කිරීම ඊයේ (27) ආරම්භ කෙරිණි. කැලණි වැලි මාර්ගයේ තවත් එක් සුවිශේෂී දුම්රිය ස්ථානයක් සේ සලකන නාරාහේන්පිට දුම්රිය ස්ථානය කොටා පාර දුම්රිය ස්ථානයට හා කිරුලපන දුම්රිය ස්ථානයට මැදිව පිහිටා ඇත. කොළඹ සිට 5.06km දුරක් හා මුහුදු මට්ටමේ සිට උස 3.72mකින් පිහිටා ඇති මෙම දුම්රිය ස්ථානය ප්‍රධාන වේදිකා දෙකකින් හා එක් ටිකට් කවුන්ටරයකින් සමන්විත වෙයි. කම්කරු දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, මිනින්දෝරු දෙපාර්තමේන්තුව, ඇතුළු රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික ආයතනය රැසකට යාබඳව පිහිටා ඇති මෙම දුම්රිය ස්ථානය එදිනෙදා රාජකාරී කටයුතු සඳහා පැමිණෙන මගී ජනතාව විශාල පිරිසක් භාවිතා…
භික්ෂූන් වහන්සේලා අනතුරට ලක් වූ මැල්සිරිපුර නා උයනේ ඩක්කුව විද්‍යාත්මකව පිළිසකර කර දෙන බවට නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පොරොන්දුවක් දුන්නේය. මේ සිද්ධියට වගකිව යුත්තේ මොන ස්වාමීන් වහන්සේ ද මොන දායකයා ද කියා සොය සොයා ඉදීමට ආණ්ඩුවට අවශ්‍යතාවක් නැතැයි ද ඔහු සඳහන් කළේය. නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේ එම අනතුරින් අපවත් වූ භික්ෂූන් වහන්සේලාගේ ආදාහන පූජෝත්සවයට සහභාගි වෙමිනි.
සියලුම දෙනාට බැබලෙන්නට හැකි ලෝකයක් නිර්මාණය කිරීමට එක්ව කටයුතු කරන ලෙස ආරාධනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපානයේදී පැවසීය. අඛණ්ඩ අභියෝග වලට මුහුණ දුන් ශ්‍රී ලංකාව මේ වන විට තිරසාර සහ සහභාගීත්ව ආර්ථිකයක් නැවත ගොඩනඟමින් සිටින බවද ජනාධිපතිවරයා කීය. ජනාධිපතිවරයා මේ බව කීවේ එක්ස්පෝ 2025 ඔසාකා” (EXPO 2025 Osaka) ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා දින සැමරුම් උත්සවයේදීය. ජනාධිපතිවරයා ජපාන සංචාරයේ පළමු කටයුත්ත ලෙස ඔසාකා නුවර පැවැත්වෙන “එක්ස්පෝ 2025” ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා දින සැමරුම් උත්සවය සඳහා සහභාගි විය. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සංවිධානය කළ ශ්‍රී ලංකා දින උත්සවය, ශ්‍රී ලාංකීය අනන්‍යතාව පිළිඹිබු කරන…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (28) වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඌව පළාතේත් අම්පාර දිස්ත්‍රික්කයේත් ප.ව. 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකිය. ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ හලාවත සිට මන්නාරම, කන්කසන්තුරය සහ මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී.…
අතීතයේ පටන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පැවැති අභියෝග ජයගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතින් මහතා පැවසීය. ජනතාවගේ සුවතාවය ආරක්ෂා කිරීම රජයේ අරමුණ බවද අමාත්‍යවරයා කීය. ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක් රට පුරා පිහිටුවීමේ ව්‍යාපෘතියේ පළමු මධ්‍යස්ථානය ලෙස ගාල්ල මාපලගම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කරමින් අමාත්‍යවරයා මේ බව කීය. මෙම මධ්‍යස්ථානය මඟින් මාපලගම, තල්ගස්වල, ගෝනලගොඩ සහ ගෝනලගොඩ නැගෙනහිර යන ග්‍රාමනිලධාරී වසම්වල ජීවත්වන පන්දහසකට ආසන්න ජනතාවකට සුව සේවාවන් සැපයෙනු ඇත. නව රජයේ “සුවපත් රටක් උදෙසා” (HEALTHY SRI LANKA) නව්‍ය වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය යටතේ මෙම වර්ෂයේ දී ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර මධ්‍යස්ථාන සියයක් ජනගත කිරීමට නියමිත අතර, ජනතාවට වඩාත්…
2024/2025 තක්සේරු වර්ෂය සඳහා අවසාන ආදායම් බදු ගෙවීම් එළැඹෙන සැප්තැම්බර් 30 හෝ ඊට පෙර සිදුකරන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සියලුම බදු ගෙවන්නන්ට දනුම් දී ඇත. මෙම නියෝගය පුද්ගලයන්ට අමතරව සමාගම්, සංස්ථා, හවුල් ව්‍යපාර සහ අනෙකුත් ලියාපදිංචි ආයතන සඳහා අදාළය. එමෙන්ම ගෙවීම් පත්‍රිකා ලැබෙන තුරු බලා නොසිට නියමිත බදු මුදල මාර්ගගත බදු ගෙවීම් පහසුකම (OTPP) මගින් ලංකා බැංකුවේ ඕනෑම ශාඛාවකින් සිදුකළ හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. ප්‍රමාදයන් හෝ අතපසු වූ ගෙවීම් වෙනුවෙන් පොලී සහ දඩ මුදල් අයකරන බව සඳහන් කරමින්, භෞතික ගෙවීම් පත්‍රිකා සඳහා රැඳී නොසිටින ලෙසද දැනුම් දෙයි. තවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සියලුම බදු ගෙවන්නන්ට දැනුම් දී සිටින්නේ, බදු…
ඇඟිලි සලකුණු යන්ත්‍ර සවිකර නොතිබියදීත් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයන් 28403කට නීතියට පටහැනිව රුපියල් කෝටි 65 කට වැඩි අතිකාල දීමනා ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. මෙයට අමතරව දිසා ගිණුම් කාරයාල දාහතරක ඇඟිලි සලකුණු යන්ත්‍රයේ පැමිණීමේ හා පිටවීමේ වෙලාවන් සලකා බැලීමකින් තොරව ගිය වසරේ ජුනි මාසය දක්වා රුපියල් කෝටි 37කට වැඩි අතිකාල දීමනා ගෙවා ඇතැයි පවසන එම කාර්යාලය පාලක කාර්යාලයේ සේවකයන් හත්දෙනෙකුටද ඇගිලි සලකුණු නොමැතිව රුපියල් ලක්ෂ 40කට වැඩි අතිකාල ගෙවා තිබූ බවද සඳහන් කරයි. මේ අතර ඇඟිලි සලකුණු යන්ත්‍රයක් සවි කර තිබුණද ඇඟිලි සලකුණු යන්ත්‍රයේ පැමිණීමේ හා පිටවීමේ වෙලාවන් සලකා බැලීමකින් තොරව රාත්‍රී හත…
ශ්‍රී ලංකාවේ ආයෝජනයකට පැමිණි ජපානයේ ආයෝජකයන් පිරිසකට ඉහළ පෙළේ නිලධාරියකු සාකච්ඡාවකට අවස්ථාවේදී ඉන් මගහැර යෑම හේතුවෙන් එම ආයෝජකයන් පිරිස කලකිරීමට පත්ව ආපසු හැරී ගොස් ඇතැයි වාර්තාවේ. පසුව එම නිලධාරියා පෝය දිනයක වෙනත් ස්ථානයක සාකච්ඡා කිරීමට යෝජනා කර ඇති අවස්ථාවේදී එම ආයෝජකයන් එය ප්‍රතික්ෂේප කර ඇත. මේ සිද්ධියවූයේ මාර්ග ආරක්ෂණ වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් රජයේ අනුමැතිය ලබා ගැනීමට අමාත්‍යාංශ උසස් නිලධාරියෙකු හමුවීමට උත්සාහ දැරූ අවස්ථාවේදී බව එම ජපන් ආයෝජකයන් පිරිස සම්බන්ධීකරණය කළ රාජපුත්‍ර සමූහ ව්‍යාපාරයේ සභාපති සජීව් රාජපුත්‍ර මහතා කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. ” ඇත්තෙන්ම මට ඕන වුණේ මේ රට වෙනුවෙන් මේ වටිනා වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න. ඒක ක්‍රියාත්මක කරලා මාර්ග අනතුරුවලින් මියයන…
විවිධ නඩු පැවරුණු විපක්ෂයේ දැනට සිටින මන්ත්‍රීවරුන් මෙන්ම හිටපු මන්ත්‍රීවරුන් විස්සකට ආසන්න පිරිසක් ආණ්ඩුව විවේචනය කරමින් අදහස් දැක්වීම කර ඇර ඇති හෙයින් පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතදීත් ආණ්ඩුවට එරෙහිව ලොකු හඬක් නැගීමට ඇති අනගි අවස්ථාව අහිමි වීමෙන් පොදුවේ විපක්ෂය දැඩි අර්බුදයකට මුහුණදී සිටී. සමහර කාරණා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීමට විපක්ෂයේ පක්ෂ නායකයන් සමහර මන්ත්‍රීවරුන්ට වගකීම් පවරා ඇතත් ඔවුන් අවස්ථා ගණනාවකදීම ඒවා මගහැර ගොස් ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය. ” මට නඩු ටිකක් තියෙනවා. ඒ නිසා මම මේ වෙලාවේ ටිකක් නිහඩව ඉන්නම්” යනුවෙන් පවසා එසේ මඟ හැර ගොස් ඇති බව දැනගන්නට ඇත. මේ තත්වය යටතේ විපක්ෂයේ හඬ පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් දුර්වල වුණු…
