Author: LANKA24X7

සෙවනගල සීනි සමාගම වසාදැමීමට ආණ්ඩුව කිසිඳු තීරණයක් ගෙන නොමැති මෙන්ම දේශීය සීනි කර්මාන්තය බිඳවැටීමට කිසිඳු ඉඩක් නොතබන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ (1) පැවසීය. සෙවනගල සීනි සමාගම පිළිබඳව පසුගිය දිනවල පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (1) පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා එසේ පැවසීය. ආණ්ඩුවේ වැඩපිළිවෙළ දේශපාලන වශයෙන් කඩාකප්පල් කිරීමට කිසිවකු හෝ උත්සහ කරන්නේ නම් එයට එරෙහිව තීන්දු ගැනීමට නොපැකිළිව කටයුතු කරන බවත් ලංකා සීනි සමාගම හුදෙක්ම සීනි නිෂ්පාදනය පමණක් නොව ගොවී ජනතාව ලක්‍ෂ දෙකක් සහ පවුල් 5000 ක පමණ රැකියා ආරක්‍ෂා කරන බවත් ඒ මහතා කීය.…

Read More

ශ්‍රී ලංකාවේ කැනෝයිං සහ කයාකිං ජාතික සංගමය විසින් පවත්වන ලද චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව ඩ්‍රැගන් බෝට්ටු ශූරතාවලිය දියවන්නා ඔරු පැදීමේ මධ්‍යස්ථානයේදී කණ්ඩායම් 25 ක සහභාගීත්වයෙන් පැවැත්විණි. චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව ඩ්‍රැගන් බෝට්ටු ශූරතාවලියෙන් ජයග්‍රහණය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට කුසලාන සහ සහතික පත්‍ර පිරිනැමීමත්, මහජන චීන සමූහාණ්ඩුවෙන්, ලක්ෂ 50 ක වටිනාකමක් සහිත මකර බෝට්ටු පහක් මෙරටට ලබා දීමත් මෙම අවස්ථාවේ දී සිදු කෙරිණි. මෙම අවස්ථාවට එක්වෙමින් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පැවසුවේ, මෙම චීන-ශ්‍රී ලංකා මිත්‍රත්ව කුසලාන ශූරතාවලිය සහ මකර බෝට්ටු උළෙල දෙරට අතර මිත්‍රත්වයේ, සංස්කෘතියේ සහ සහයෝගීතාවයේ ප්‍රබල සංකේතයක් බවයි. මෙම අවස්ථාවට තරුණ කටයුතු නියෝජ්‍ය…

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි . ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි .

Read More

මුලතිව්, කුමළමුනේ ප්‍රදේශයේ කෝවිලක දිය කැපීම සඳහා සාදන ලද තටාකයකට වැටී සිසුවියන් දෙදෙනෙකු මියගොස් ඇති බව මුලතිව් පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ මුල්ලියාවේලි, මාමුලේ ප්‍රදේශයේ පදිංචි ආර්. කිරුෂිකා සහ ආර්. ර්ශ්මිදා නැමැති 15 හැවිරිදි දැරියන් දෙදෙනෙකි. මෙම දැරියන් දෙදෙනා දිය කැපීම සඳහා සකසා තිබූ තටාකයේ ඡායාරූප ගැනීමට යාමේදී එම තටාකයට වැටී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

Read More

බරපතළ වැඩ සහිත සිර දඬුවම් විඳින මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරුන් පවුලේ සාමාජිකයන්ට හෝ හිතවතුන්ට බැලීමට අවසර ලැබෙන්නේ මාසයකට සැරයක් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. සියලු අච්චු සිරකරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වන නීතිය එය බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණි දිසානායක මහතා පැවසීය. සාමාන්‍යයෙන් එක වරකට තිදෙනෙකුට එම අවස්ථාව ලැබෙන බවද ඔහු සඳහන් කළේය. මේ අතර හිටපු ඇමතිවරුන් දෙදෙනා එකම පොදු ස්ථානයක රඳවා සිටින බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. එම දෙදෙනාට බන්ධනාගාරයේ වැඩ පැවරීම බොහෝ දුරට අද කෙරෙනු ඇතැයිද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.

Read More

බස් රථයක් සහ යතුරුපැදියක් ගැටී සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන්ගත් පසුපැදිකාරිය එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා. ගාල්ල, කොළඹ ප්‍රධාන මාර්ගයේ, උතුරු පයාගල ප්‍රදේශයේදී අද (01) උදෑසන මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ. හම්බන්තොට සිට කොළඹ බලා ධාවනයවු මගි බස් රථයක අඹුසැමි යුවළක් ගමන් ගත් යතුරුපැදියක් එම බස් රථයේ පසුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ බෙන්තොට, හබුරුගල ,මහවිල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්. යතුරුපැදිය පැදවූ පිරිමි පුද්ගලයා බරපතල තුවාල ලබා කළුතර, නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. බස් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන විමර්ශන සිදු කරනවා.

Read More

මැයි 06 වැනිදා පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අදාළව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයාගේ ගැසට් නිවේදනයට අනුව එම සභා පිහිටුවීම හෙට (02) දිනයේදී සිදුකළ යුතු වෙයි. දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් බහුතර බලය හිමිකරගෙන ඇති ආයතන 161කට අදාළව සභා පිහිටුවීම හෙට දිනයේදී සිදුකළ හැකි අතර, අනෙකුත් ආයතනවල සභා පිහිටුවීම පළාත් පාලන කොමසාරිස්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම පළාත් පාලන ආයතන රැස්වී තීරණය කරනු ඇත. පළාත් පාලන ආයතන 339කට අදාළව මැයි 06 වැනිදා පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව තේරී පත්වූ සහ තෝරා එවා ඇති සභිකයින්ගේ නම් මැතිවරණ කොමිෂන් සභාව මගින් ඊයේ දිනයේදී ගැසට් මගින්‍ ප්‍රකාශයට…

Read More

කිලිනොච්චිය පුනගරි පොලිස් වසමට අයත් තම්බිරායිහිදී එල්ලවූ කඩු පහරකින් තරුණයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති බව පුනාගරි පොලිසිය කියයි. තම්බිරායි ප්‍රෙද්ශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණයකුට නාඳුනන පිරිසක් විසින් මෙම කඩු ප්‍රහාරය එල්ල කර පලා ගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 28 ක් පමණ වන කන්දසාමි ප්‍රනාවන් නමැති අයෙකු බව අනාවරණය කරගෙන තිබේ.

Read More

දෙදින තැපැල් සේවක වර්ජනය අවසන්වීම නිසා අද (01) සිට රාත්‍රී තැපැල් දුම්රිය සදහා තැපැල් මැදිරිය එක්කරන ලෙස තැපැල් දෙපාර්තමේන්තුව දුම්රිය දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ. ඒ අනුව කොළඹ කොටුව _බදුල්ල හා කොටුව _ගාල්ල රාත්‍රී තැපැල් දුම්රිය සදහා තැපැල් මැදිරිය එක්කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. බදූල්ල සිට ධාවනයේ යෙදුණු රාත්‍රී තැපැල් දුම්රිය අද අළුයම පීලි පැනීමට ලක්ව ඇති නිසා අද එම දුම්රියට තැපැල් මැදිරිය එක්කර නැති බවත් හෙට සිට එම තැපැල් දුම්රිය සදහා තැපැල් මැදිරිය එක්කරන බවද පාලක මැදිරිය සදහන් කරයි. ඉල්ලීම් 10 ක් මුල් කරගෙන ආරම්භ කෙරුණු තැපැල් සේවකයින්ගේ වර්ජනය හේතුවෙන් දෙදිනක් තැපැල් දුම්රියෙන් තැපැල් මැදිරි ඉවත් කර තිබූණි.

Read More

පානදුර වෑකඩ යතුරුපැදි අමතර කොටස් වෙළද සැලක් ඉදිරිපිට පසුගිය 29 දා සිදුවූ වෙඩි තැබීමේ සිදුවීමට ආධාර අනුබලදුන් සැකකරුවකු අත්අඩංගුවට ගත්බව පානදුර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පවසයි. එසේ අත්අඩංගුවටගෙන ඇත්තේ පානදුර කවිරාජ මාවතේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කීය. වෙඩිතැබීම සිදුකල තුවක්කුකරු සහ යතුරුපැදිකරු සැකකරු ගේ නිවසේ පෙරදින රාත්‍රී නවාතැන් ගෙන සිට ඇති බවට මෙතෙක් කල විමර්ශණ වලදී හෙලිව ඇති බව පොලිසිය සදහන් කරයි .

Read More