Author: LANKA24X7

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම, සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පස්වරු 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි විය හැකිය. සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත් මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කිතුත් කර තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ බස්නාහිර සහ සබරගමුව පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවය. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව සඳහන් වේ. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී තිබේ.

Read More

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත, පාසල්වල 06 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත්‍ර විදුහල්පතිවරුන් විසින් මාර්ගගත පද්ධතියට යොමු කිරීමේ කාලය දීර්ඝ කර තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ, මාර්ගගතව අයදුම්පත්‍ර යොමු කිරීමේ හැකියාව දෙසැම්බර් 05 දිනෙන් පසුව අක්‍රීය වන බව දන්වා තිබුණද පවතින ආපදා තත්ත්වය හමුවේ එම දිනය දෙසැම්බර් 12 වනදා දක්වා සංශෝධනය කර ඇති බවය. මේ අතර 2025 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වල 2026 වර්ෂයේ 6 ශ්‍රේණියට ඇතුළත් වීමේ පළමු අභියාචනා ඉදිරිපත් කිරීම මේ වනවිට ආරම්භ කර නොමැති අතර ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සංසරණය වන පණිවුඩ අසත්‍ය ප්‍රචාර බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. 2026 වසරේ…

Read More

දෙසැම්බර් මාසයේ මුල් දින 08 තුළ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 50,222ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරි පවසයි. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව, දෙසැම්බර් මාසයේ මුල් දින 08 තුළ දී ඉන්දියාවෙන් සංචාරකයින් 10,453ක් පැමිණ ඇති අතර එය 21.0% කි. තවද, රුසියාවෙන් 5,420ක්, ජර්මනියෙන් 4,822ක්, එක්සත් රාජධානියෙන් 3,823ක්, චීනයෙන් 2,627ක් සහ ඔස්ට්‍රේලියා ජාතිකයින් 2,594 ක් ද දෙසැම්බර් මාසයේ මුල් දින 08 තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇත. ඒ අනුව, 2025 වසරේ ජනවාරි 01 වනදා සිට දෙසැම්බර් 08 දක්වා සංචාරක පැමිණීම් සංඛ්‍යාව 2,153,815කි. ඒ අතරින් සංචාරකයින් 485,249ක් ඉන්දියාවෙන්, 164,013ක් රුසියාවෙන් සහ 195,565ක් එක්සත් රාජධානියෙන්…

Read More

දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වූ මෙරට ජනතාව වෙනුවෙන් සහන සැලසීමේ අරමුණින් රුසියානු මානුෂීය ආධාර රැගත් ගුවන් යානයක් ශ්‍රී ලංකාව බලා පිටත්ව තිබේ. මානුෂීය ආධාර ටොන් 35ක් රැගත් ගුවන් යානයක් මෙලෙස ශ්‍රී ලංකාව බලා පිටත් වූ බව ශ්‍රී ලංකා තානාපති ෂෝබිනි ගුණසේකර අද අලුයම වාර්තා කර ඇත. 2004 වසරේ ඇතිවූ සුනාමියෙන් පසු ශ්‍රී ලංකාවේ ඇති වූ දරුණුතම ස්වාභාවික විපත වූ “දිට්වා” සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් පුද්ගලයින් 639 දෙනෙකු මිය ගිය අතර ජනගහනයෙන් 10%කට පමණ බලපෑම් එල්ලවී තිබේ.

Read More

කටාන පොලිස් වසමේ කිඹුලාපිටිය ප්‍රදේශයේ ගිනිකෙළි නිෂ්පාදන ආයතනයක ඇතිවූ හදිසි පිපිරීමකින් තරුණයෙකුට ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (09) සවස් කාලයේ ඇතිවූ පිපිරීමෙන් බරපතළ තුවාල ලැබූ තරුණයා මීගමුව රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවට කටාන පොලීසියට ලද පණිවුඩයක් මත විමර්ශනයක් ආරම්භ කර ඇත. එලෙස මියගොස් ඇත්තේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 20ක තරුණයෙකි. මියගිය තරුණයා අදාළ ගිනිකෙළි නිෂ්පාදන ආයතනයේ සේවකයෙකු ලෙස කටයුතු කර ඇති අතර එහි එළිමහන් මඩුවක් තුළදී මෙම පිපිරීම සිදුවී ඇති බවට මෙතෙක් සිදුකල විමර්ශන වලදී අනාවරණය වී ඇත. මෘත ශරීරය මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කටාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Read More

මීගහකිවුල, මොරහෙල බෝගහපතන ප්‍රදේශයේ නායයෑමක් සිදුව ඇතැයි වාර්තා වේ. මෙම ප්‍රදේශයෙන් ජනතාව ඉවත්කිරීමට කටයුතු කළ ද සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත නොපැමිණි පවුල් කිහිපයක් මෙහි රැඳී සිට ඇතැයි ද වාර්තා වේ. නායයෑමක් සිදුවුවත් එම ස්ථානයෙන් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැත.

Read More

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. අඹේපුස්ස – අලව්ව අතර දුම්රිය ධාවනය සිදුවන්නේ තනි මාර්ගයේ බැවින් මෙම ප්‍රමාදය සිදුව බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බුජ්ජොමුව දුමිරිය ස්ථානය අසන්නයේ පිහිටි පැරණි බෝක්කුවක් කැඩීයාම හේතුවෙන් දුම්රිය ධාවනය අඹේපුස්ස දුම්රිය ස්ථානයට සීමා වී තිබුණි. කේසේවෙතත් කැඩීගිය එම බෝක්කුව ඊයේ පස්වරුව වනවිට යථාතත්වයට පත්කිරීමෙන් අනතුරුව අද සිට ප්‍රධාන මාර්ගයේ කාර්යාල දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මේ අතර අද අලුයම සිට ප්‍රධාන මාර්ගයේ කාර්යාල දුම්රිය කිහිපයක් සමාන්‍ය පරිදි ධාවනය කිරීමට කටයුතු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව රඹුක්කන,…

Read More

දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ස්ථාපිත වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ හේතුවෙන් අද (10) දිනයේ උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මීට අමතරව උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි විය හැකි අතර ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බව…

Read More

තෙවන පාසල් වාරයේ 2වන අදියර සඳහා එළඹෙන දෙසැම්බර් 16 වනදා ආරම්භ කෙරෙන පාසල් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය අද (09) නිල වශයෙන් දැනුම්දීමක් සිදු කළේය. අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීය. ඒ අනුව දෙසැම්බර් 16 වනදා බස්නාහිර, දකුණ, උතුර, නැගෙනහිර, සබරගමුව සහ උතුරුමැද පළාත්වල සියලු පාසල් විවෘත කිරීමට නියමිතව තිබේ. ඒ අනුව මෙරට සමස්ත පාසල් සංඛ්‍යාව වන 10,076ක් අතරින් පාසල් 9,929ක් එදිනට විවෘත කෙරේ. කෙසේවෙතත් විවෘත කිරීමට නොහැකි පාසල් 147ක් පළාත් 3කට අයත් වන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේය. ඌව පළාතේ වැලිමඩ අධ්‍යාපන කලාපයට අයත් පාසල් 5ක්, බණ්ඩාරවෙල අධ්‍යාපන කලාපයට අයත් පාසල්…

Read More