Author: LANKA24X7

රෙස්ලිං වළල්ලේ පුරාවෘතයක් ලෙස ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත ක්‍රීඩාලෝලීන්ගේ ගෞරවාදරයට ලක්ව සිටින අමෙරිකානු රෙස්ලිං ශූර ජෝන් සීනා සිය ක්‍රීඩා දිවියේ අවසන් තරගයට අද (13) ක්‍රීඩාකිරීමට නියමිතය. මෙම තරගය මෙරට වේලාවෙන් හෙට (14) අලුයම පැවැත්වේ. ඒ අනුව අද තරගයෙන් පසු ජෝන් සීනාගේ වසර 20කට වැඩි වෘත්තීය ක්‍රීඩා දිවිය අවසන් වනු ඇත. ඔහුගේ අවසන් තරගයේ ප්‍රතිවාදියා වන්නේ ඔස්ට්‍රියානු ජාතිකයෙකු වන ‘GUNTHER’ය. රෙස්ලිං ක්‍රීඩාවේ අමතක කළ නොහැකි සංදිස්ථාන රැසක් සනිටුහන්කර ඇති ජෝන් සීනා, 2001 වසරේ WWE රෙස්ලිං වළල්ලේ රැඳී සිටියි. ඔහු 17 වතාවක් WWE ශූරතා හිමිකරගෙන ඇති අතර, එය ක්‍රීඩකයෙකු දිනාඇති වැඩිම ශූරතාව සංඛ්‍යාව වේ. අඩි 6යි අඟල් 1(185cm)ක් උස,…

Read More

ආර්ජන්ටිනා සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනාල් මෙසී සිය තෙදින ඉන්දියානු සංචාරය ආරම්භ කරමින් අද (13) අලුයම කොල්කටා වෙත පැමිණියේය. මෙසීගේ පැමිණීම අපේක්ෂාවෙන් ඔහුව දැකබලාගැනීම සඳහා දහස් සංඛ්‍යාත පාපන්දු ලෝලීන් කොල්කටා ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ. එමෙන්ම ඔහු නවාතැන්ගෙන සිටින කොල්කටා නුවර හෝටලය ඉදිරිපිටටද ක්‍රීඩාලෝලීන් දහස් ගණනින් රැස්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඒ හේතුවෙන් කොල්කටා නුවර ආරක්ෂාව දැඩි ලෙස තරගකර ඇත. මෙසී මෙලෙස ඉන්දියාවට පැමිණියේ වසර 14කට පසුව වන අතර, ඔහුගේ ඉන්දීය සංචාරය නම් කර ඇත්තේ ‘GOAT India Tour 2025’ ලෙසින්ය. ඉන්දියාවට පැමිණි මෙසී පිළිගැනීමේ උත්සව කිහිපයක්ම සංවිධාන කර ඇත. එමෙන්ම අඩි 70ක් උසැති ඔහුගේ අනුරුවක්ද නිරාවරණය කර තිබේ. මෙසී සිය ඉන්දීය…

Read More

දෙසැම්බර් මස 18වනදා පාර්ලිමේන්තුව කැඳවමින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (12) රාත්‍රියේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය. අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල 16 ස්ථාවර නියෝගය ප්‍රකාරව දෙසැම්බර් 18වන බ්‍රහස්පතින්දා පෙ.ව. 9.30ට පාර්ලිමේන්තුව කැඳවන ලෙස අදාළ නිවේදනයේ දැක්වේ.

Read More

ෆේස්බුක් සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 22 ක් හා සැකකාරියන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව තෙල්දෙණිය පොලීසිය පවසයි. තෙල්දෙණිය පොලිස් වසමේ වික්ටෝරියා ජලාශය ආසන්නයේ හෝටලයක් තුළ මෙම ෆේස්බුක් සාදය පවත්වමින් සිට ඇති අතර අද (13) අලුයම් කාලයේදී වැටලීම සිදුකර තිබුණි. එහිදී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 4134ක්, හෑෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1875ක්, කුෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2769ක්, කොකේන් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 390ක්, මෂ්රූම් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 804ක්, මත්පෙති 13ක් සහ නීතිවිරෝධී දුම්වැටි 12ක් සමග සැකකරුවන් සහ සැකකාරියන් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් අවුරුදු 18ත් 31ත් අතර වයස්වල පසුවන මහනුවර, මුල්ලේරියාව, හැටන්, පිළගල, අතුරුගිරිය, කොටගෙදර, හෝමාගම, දොම්පේ, ඇඹිලිපිටිය, ත්‍රීකුණාමලය සහ ජාඇල ප්‍රදේශවල පදිංචිකරුවන් ය. සැකකාරියන් අවුරුදු 21ත් 26ත්…

Read More

අද (13) දිනයේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද අලුයම නිකුත් කළ නවතම කාලගුණ අනාවැකියේ සඳහන් වන්නේ,දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවය. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ද අපේක්ෂා කෙරේ. සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය…

Read More

ශ්‍රී ලංකාවේ සංචාරයක පැමිණ සිටින විදේශ රටවල් සමඟ මිත්‍රතා චීන මහජන සංගමයේ (CPAFFC) සභාපති ගරු Yang Wanming මහතා ඇතුළු දූත පිරිස අද (12) විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අමාත්‍යංශයේ දී මුණ ගැසී සාකච්ඡා කළේය. සෑම විටම ශ්‍රී ලංකාවට නෙැපැකිලිව ආර්ථික හා සංස්කෘති යන අංශවලින් උදව් කිරීමට චීන ඇප කැප වී සිටින බව පැවසීමට තම දූත කණ්ඩායම අමාත්‍යවරයා මුණගැසීමට පැමිණි බව Yang Wanming මහතා පැවසුවේ ය. වසර 2000කට අධික කාලයක මිත්‍රත්වයක් සහිත රටවල් වශයෙන් ශ්‍රී ලංකාවේ අසීරු කාලවලදීත් ශ්‍රී ලංකාව සමඟ සිටින බව පැවසූ ඒ මහතා නව රජය පත්වීමෙන් පසු ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා චීනයේ සංචාරයකට පැමිණීම…

Read More

රෝගී තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක කුසල් මෙන්ඩිස් හට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ජාත්‍යන්තර ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියෙන් තාවකාලිකව ඉවත්වීමට සිදුව තිබේ. උදරය ආශ්‍රිත ශල්‍ය කර්මයක් හේතුවෙන් මෙලෙස ඔහු තරගාවලියෙන් සතියක කාලයක් ඉවත්වීමට පියවර ගෙන ඇති බව සඳහන්. කුසල් මෙන්ඩිස් මෙම තරගාවලියේ සාජා වොරියස් කණ්ඩායම නියෝජනය කරනු ලැබීය. තරගාවලිය ජනවාරි මස 4 වනදා තෙක් එක්සත් අරාබි එමීර් පැවැත්වේ.

Read More

බදුල්ල සිට අනුරාධපුරය බලා අද (12) උදෑසන ධාවනය වෙමින් තිබූ කැකිරාව ලංගම ඩිපෝවට අයත් බස්රථයක තිරිංග අක්‍රීය වූ අවස්ථාවේ බස්රථය වේල්ලකට අල්ලා මගීන් 14 දෙනාගේ ජීවිත බේරා ගැනීමට රියදුරු මහතා සමත්ව තිබේ. බස්රථය පෙ.ව. 6.35ට බදුල්ලෙන් ධාවනය ආරම්භ කර බදුල්ල – මහියංගනය මාර්ගය ඔස්සේ ඉදිරියට යමින් තිබියදී බදුල්ල දුන්හිඳ වංගුව අසලදී බසයේ තිරිංග අක්‍රීයවූ බවත් තමා වහාම බස්රථය වේල්ලකට අල්ලා නතර කර ගත් බවත් රියදුරු ජනක තුෂාර මහතා පැවසීය. සීරිමක්වත් සිදුනොවී මගීන් සියලුදෙනාගේ ජීවිත ආරක්ෂාවූ බවත් එසේ නොකළේ නම් බස්රථය අඩි දහස් ගණනක ප්‍රපාතයට පෙරළී විශාල අනතුරක් සිදුවීමට ඉඩ තිබූ බවත් තුෂාර මහතා වැඩිදුරටත් කියා සිටියේය. කොන්දොස්තර මහතා අපට පවසා…

Read More

බල්ගේරියාවේ රජයට එරෙහිව එල්ල වූ දැවැන්ත විරෝධතා හේතුවෙන් එරට රජය ඊයේ (11) නිල වශයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔවුන් බලයට පැමිණ වසරකටත් අඩු කාලයක් තුළ මෙලෙස ඉල්ලා අස්වීම සුවිශේෂීය. එරට ආර්ථික ප්‍රතිපත්ති සහ දූෂණය මැඩපැවැත්වීමට පාලක රජය අසමත් වීම හේතුවෙන් සති ගණනාවක සිට එරට ජනතාව මාර්ග තුළ රැඳී සිටිමින් දැවැන්ත විරෝධතාවක නිතර විය. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් මෙලෙස ඉල්ලා අස්වීම නිවේදනය කර තිබේ. එමෙන්ම විශ්වාසභංග යෝජනාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඡන්දයක් පැවැත්වීමට නියමිතව තිබූ දිනට මිනිත්තු කිහිපයකට පෙර අගමැති රොසෙන් ෂෙලියාස්කොව් රූපවාහිනී දේශනයක් සිදුකරමින් මෙම ඉල්ලා අස්වීමේ තීරණය නිවේදනය කළේය. “අපගේ සන්ධානය රැස්වුණා, වත්මන් තත්ත්වය, අප මුහුණ දෙන අභියෝග සහ අප වගකීමෙන් යුතුව…

Read More

නුවරඑලියට පිවිසෙන කිසිදු මාර්ගයක රාත්‍රී කාලයේ රථවාහන ධාවනය නොකරන ලෙස නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි. නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (11) පස්වරුවේ පැවති මාධ්‍යට සාකච්ඡාවකදී ඇය මේ බව පැවසීය. වාහන ධාවනයට විවෘත කරල ලද ගම්පොළ නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ කටුකිතුල ප්‍රදේශයෙන් යළිත් ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩාවැටී ඇති බවත්, පවත්නා කාලගුණය අනුව තවදුරටත් මාර්ගවලට පස්කදු කඩා වැටීමේ අවධානමක් පවතින නිසා එම තීරණය ගත් බවත් දිස්ත්‍රික් ලේකම්වරිය පවසයි. ‘දිට්වා’ සුළි කුණාටුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආපදාවට පත් සියලු ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුලු පහසුකම් සලසා ඇති බවත්, ආපදාවට පත් සහ ආපදාවට පත් නොවූ ඇතැම් පිරිස් රජය අපහසුතාවට පත් කිරිමේ අරමුණින්…

Read More