Author: LANKA24X7

නැගෙනහිර සහ ඌව පළාත්වලත් විටින්විට වැසි ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, උතුරුමැද පළාතේත් මාතලේ සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකිය. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

ව්‍යවස්ථාදායක සභාව අද (07) යළි රැස්වීමට නියමිතව තිබේ. ව්‍යවස්ථාදායක සභාව පසුගිය 25 වනදා සහ පසුගිය 30 වනදා රැස්ව තිබුණි. අද ව්‍යවස්ථාදායක සභාව රැස්වීමට නියමිත අතර එහිදි කොමිෂන් සභා සඳහා නව සාමාජිකයින් පත් කිරිමේ නව ක්‍රමවේදය පිළිබඳ අවදානය යොමු කිරීමට නියමිතය. පෙබරවාරි මස පළමු වැනිදා සිට පෙබරවාරි මස 15 වනදා දක්වා කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත් කර ගැනීමට අවස්ථාව සලසා දීමට පළමු රැස්වීමේ දි තීරණය කළේය. ඒ අනුව මහජන උපයෝගීතා කොමිසම සඳහා ද සාමාජිකයෙකු යෝජනා කර ඇති අතර ඊට අදාළ යෝජනාව ද අද දිනයේදී සාකච්ඡාවට ගැනීමට නියමිතය.

Read More

නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සැසිවාරය හෙට (08) විවෘත කිරීමට නියමිතව තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය විවෘත කිරීමට අදාළ සියලු කටයුතු සූදානම් කර ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේය. සභාවාරය විවෘත කිරීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 ව්‍යවස්ථාව ප්‍රකාරව ලැබී ඇති බලතල අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට පෙ.ව 10.00ට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය. නව සභාවාරය විවෘත කිරීමේ අවස්ථාව චාම් උත්සවයක් ලෙස පැවැත්වීමට ජනාධිපතිවරයාගේ උපදෙස් මත කටයුතු යොදා ඇති බවත් ඒ අනුව ත්‍රිවිධ හමුදා උත්තමාචාර, ආචාර වෙඩි මුර සහ රථ පෙළපාලි නොපැවැත්වෙන බවත් පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවේය. ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත්…

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී මෙන්ම තිරසර සංවර්ධන අරමුණු ජය ගනු ඇතැයි තමා විශ්වාස කරන බව ද බෑන් කී මූන් මහතා ප්‍රකාශ කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, කොළඹ පැවති “හරිත වර්ධන මාවතකට ශ්‍රී ලංකාව ගෙන යාම වේගවත් කිරීම සඳහා වූ උපාය මාර්ග සහ ක්‍රියාමාර්ග” පිළිබඳ විශේෂ සාකච්ඡාවට එක්වෙමින් බෑන් කී මූන් මහතා මේ බව සඳහන් කළ බවය. එම සාකච්ඡාවට එක්වෙමින් අදහස් දැක්වූ ගෝලීය හරිත වර්ධක ආයතනයේ සභාපති සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම් බෑන් කී මූන් මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ‍, මීට වසර හය හමාරකට පෙර ශ්‍රී ලංකාවේ පැවති තත්ත්වය සහ අද පවතින…

Read More

තුර්කියට සහ සිරියාවට බලපෑ භූකම්පන තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 3,700 ඉක්මවා ඇතැයි වාර්තා වේ. විදෙස් වාර්තා පැවසුවේ තුර්කියේ 2,300ක් සහ සිරියාවේ 1,444ක් පමණ මරණ වාර්තා වන බවය. දෙරටේම 15,000කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව අනාවරණය වී තිබේ. ඊයේ (06) අලුයම සිදුවූ රික්ටර් පරිමාණයේ ඒකක 7.8ක භූකම්පනය සහ ඒකක 7.5ක ප්‍රබල පසු කම්පනය හේතුවෙන් තුර්කි – සිරියා දේශසීමාවේ නගර රැසකට හානි සිදුව ඇති බව වාර්තා වේ. ගොඩනැගිලි දහස් ගණනක් බිඳවැටී ඇති අතර මාර්ග ජලනළ සහ ගෑස් නළ ද පිපිරීමට ලක්ව තිබේ. තවදුරටත් සුන්බුන් අතර සිරවී සිටින පිරිස් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වේ. ඒ සඳහා අමෙරිකාව ඇතුළු රටවල් රැසක සහාය හිමව ඇති…

Read More

මිනිසුන් ඝාතනය කර රාජ්‍ය දේපළ විනාශ කළ ජනතා විමුක්ති පෙරමුණට මැතිවරණයට ඉදිරිපත් විය හැකි නම් අවිහිංසාවාදී දේශපාලන පක්ෂයක් වන තම පක්ෂයට මැතිවරණයට ඉදිරිපත්වීමට සිය දහස් ගුණයක අයිතියක් ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. ජාතික ජනබලවේගය සුපිරිසිදු පක්ෂයක් යැයි ඇතමුන් විශ්වාස කළත් එය සත්‍ය නොවන බව කී ඇමතිවරයා පසුගිය මැයි 9 වැනිදා සිද්ධියට ඇතැම් තැන්වල නායකත්වය දුන්නේ ජවිපෙට සම්බන්ධ අය බව කීය. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ කුරුණෑගල හා හලාවත ප්‍රදේශවල පැවති පළාත් පාලන අපේක්ෂක හමු වලට සහභාගී වෙමිනි. කුරුණෑගල හා පුත්තලම් දිස්ත්‍රික්ක වල පළාත් පාලන ආයතන සඳහා මෙවර පොහොට්ටුවෙන් ඉදිරිපත් වන සියලුම අපේක්ෂයන්…

Read More

සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු ලෙස සැලකෙන දර්ශන හඳුන්ගොඩට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී තිබේ. සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හදුන්ගොඩ අද (06) පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී ආගමන විගමන නිලධාරින් විසින් අත්අඩංගුවට ගැනුණි. පසුව ඔහුව අද කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහිදී ඔහුට ඇප ලබාදීමට නියෝග කෙරුණි. ප්‍රචණ්ඩත්වය ඉස්මතුවන අන්දමේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලාවලට මුදාහැරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීම මඟ හැර යාමේ චෝදනාව මත දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට පත්වුණි. ඉකුත් වසරේ අරගල සමයේ මැයි 09 වැනිදා රාත්‍රියේ අරලියගහ මන්දිරය ඉදිරිපිට සිදුවූ කලහකාරී සිදුවීමේදී ප්‍රචණ්ඩත්වය ඉස්මතුවන අන්දමේ වීඩියෝවක් සමාජ මාධ්‍යවල මුදාහැරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන…

Read More

ලිට්රෝ ගෑස් මිලට සමගාමීව ලාෆ් ගෑස් මිල ද ඉහළ දමා තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 හේ ගෘහස්ථ ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200 කින් ඉහළ දමා ඇති අතර, ඒ අනුව එහි නව මිල සටහන් වන්නේ රුපියල් 5,280 ක් ලෙසයි. කිලෝග්‍රෑම් පහේ ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 80 කින් ඉහළ ගොස් ඇති අතර, එහි නව මිල රුපියල් 2,112 ක් ලෙස දැක්වුණා. ඊට අමතරව කිලෝග්‍රෑම් දෙකේ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 32 කින් ඉහළ ගොස් ඇති අතර, එහි නව මිල සටහන් වූයේ 845 ක් ලෙසයි. මෙම මිල සංශෝධනය අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි. ලෝක වෙළඳපොලේ ගෑස් මිල ඉහළ ගොස් ඇති අවස්ථාවක අවම…

Read More

ගෑස් මිල සංශෝධයන්ට සමගාමීව බේකරි ආශ්‍රිත නිෂ්පාදන මිල ගණන් ඉහළ නැංවීමක් සිදුනොවන බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි. “මේ රුපිල් 334ක ගෑස් මිල වැඩිවීම ආපන ශාලා පද්ධතිය තුළ කිසිදු ආහාර පානයක මිල ගණන් ඉහළ දාන්න අපි සිදුකරන්නේ නැහැ. මේ රටේ පාර්භෝගිකයාට තුන්වේල අහිමිවෙලා ඉන්නේ. අපිට අහිමි වෙච්ච එකේ පාරිභෝගීකයින්ට අපි මේ සහනය දෙන්න ඕනේ.” ලිට්‍රෝ ගෑස් මිල ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නැංවුණු අතර කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 4,743ක් වෙයි. කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1,904ක් වන අතර කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් අද සිට රුපියල් 883කි. ලිට්‍රෝ ගෑස් මිල ඉහළ නැංවීමත් සමඟ ලාෆ්ස් ගෑස්…

Read More

අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලිය කප්පාදුකිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මහජන උපයෝගීතා කොමිසම ගොනුකළ පෙත්සම සලකාබැලීමට මේ මස 8 වනදා එය කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය. මෙම පෙත්සම අද (06) සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එදින මෙම නඩුවට අදාළ ලේඛන ඉදිරිපත් කිරීම සඳහාත් අධිකරණය මහජන උපයෝගීතා කොමිසමට අවසර ලබා දුන්නේය.

Read More