Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
What's Hot
Author: LANKA24X7
උත්සව සමය වෙනුවෙන් ඉහළ නැංවු ඉන්ධන කෝටාව එලෙසම පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් අද (17) දිනයේ දී තීරණය කරන බව බලශක්ති අමාත්‍යංශය පවසයි. පසුගිය 04 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන කෝටාව ඉහළ දැමීමට රජය පියවර ගෙන තිබුණි. එය හෙට (18) සිට යළි පැවැති ආකාරයටම ක්‍රියාත්මක කිරීමට මීට පෙර තීරණය කර තිබු බව සඳහන්ය. ත්‍රිරෝද රථ සඳහා වු ලීටර් 5ක කෝටාව ලීටර් 8ක් දක්වාත් යතුරු පැදි සඳහා ලීටර් 4ක ඉන්ධන කෝටාව ලීටර් 7ක් දක්වාත් ඉහළ නැංවීමට පසුගිය දා පියවර ගත්තේය. බස්රථ සඳහා ඉන්ධන කෝටාව ලීටර් 40 සිට ලීටර් 60 දක්වාත් මෝටර්රථ සඳහා ඉන්ධන කෝටාව ලීටර් 20 සිට ලීටර් 30 දක්වාත්…
සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක කුඩයක් යටට ගෙන ඒමට උත්සාහ කළ නමුත් සජබ නායකත්වයෙන් ඊට ප්‍රතිචාරයක් නොදැක්වූ නිසා උත්සාහය අත්හළ බව සජබ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පැවසීය. තමන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා එක්ව මේ උත්සාහය ගත් බවද මනෝ ගනේෂන් මහතා සඳහන් කළේය. කෙසේ වෙතත් “අගමැතිකම” පිළිබඳව එහිදී කිසිවක් සාකච්ඡා නොවූ බවද මනෝ ගනේෂන් මහතා සඳහන් කළේය.
සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලාගිය ජනතාවට යළි පැමිණීම සඳහා විශේෂ ප්‍රවාහන සේවා අද (17) දිනයේ ක්‍රියාත්මක ජාතික ගමනාගමන කොමිසම පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරෙන්ඩා මහතා පැවසුවේ, ඊයේ(16) දිනයේ ද ජනතාවට ප්‍රමාණවත් ප්‍රවාහන පහසුකම් සැපයීම සඳහා අවශ්‍ය පියවර ගත් බවය. මේ අතර ඊයේ දිනයේ දුම්රිය ගමන්වාර 30ක පමණ සංඛ්‍යාවක් අවලංගු කිරීමට සිදුවු බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. නිවාඩු ලබා ගිය දුම්රිය රියදුරන් පිරිසක් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් ප්‍රාදේශීය දුම්රිය ගමන්වාර කිහිපයක් මෙලෙස අවලංගු කිරීමට සිදුවු බව එම දෙපාර්තමේන්තුව පැවසුවේය. කෙසේවෙතත් අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී වී.එස් පොල්වත්තගේ මහතා පැවසුවේ මේ හේතුවෙන් මගී ජනතාවට විශාල බලපෑමක් සිදුනොවු බවය. “අපේ දෛනික කාලසටහනේ, දුරගමන්…
සංචාරක අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව ගාල්ලේදී (16) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේදී ශතක වාර්තා කිරීමට නායක දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් සමත්විය. පළමු දිනය නිමා වන විට පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකා පිල කඩුලු 4ක් දැවී රැස් කර සිටි ලකුණු සංඛ්‍යාව 386 කි. අයර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර මෙලෙස ටෙස්ට් තරගාවලියක් පැවැත්වෙන්නේ ඉතිහාසයේ පළමු වරටය. මෙම ඓතිහාසික ටෙස්ට් තරගයේ පළමුවෙන් කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. නායක දිමුත් කරුණාරත්න සමගින් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ නිෂාන් මදුෂ්ක ලකුණු 29ක් ලබා සිටියදී දැවීගියේ මුළු ලකුණු සංඛ්‍යාව 64ක්ව තිබියදීය. අනතුරුව නායක දිමුත් කරුණාරත්න සමගින් පිටියේ එක් වූ කුසල් මෙන්ඩිස්…
අමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ ඩේඩ්විල් නම් නගරයේ සාදයක් අතරතුර වෙඩිතැබීමක් සිදුකර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඉන් සිව් දෙනෙක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබුණි. එම වෙඩිතැබීම සිදුකර ඇත්තේ උපන් දින සාදයක් අතරතුර දීය. මෙම වසර තුළදී මේ දක්වා අමෙරිකාවේ සමූහ වෙඩිතැබීම් 140ක් පමණ වාර්තා වී තිබේ.
බංග්ලාදේශය විසින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති ඩොලර් මිලියන 200ක ණය මුදල නැවත ගෙවීම ආරම්භ කිරීමට තවත් මාස 06ක් ලබාදීමට බංග්ලාදේශ රජය තීරණය කර තිබේ. ඒ අනුව,ශ්‍රී ලංකාව විසින් එම ණය මුදලේ පළමු වාරිකය අගෝස්තු මාසයේදීත් දෙවැනි වාරිකය සැප්තැම්බර් මාසයේදීත් බංග්ලාදේශයට ලබාදීය යුතුය.
සබරගමුව, බස්නාහිර, මධ්‍යම, දකුණු, වයඹ, ඌව සහ උතුරු-මැද පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බවය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
කෑගල්ල, අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ රුවන්වැල්ල, වැන්දල ප්‍රදේශයේ දී මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ගමන්ගත් සුඛෝපභෝගී ජිප්රථය අනතුරකට ලක්ව තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ දී වාහනය තුළ රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පුද්ගලයින් 5 දෙනෙක් සිට ඇත. අප වාර්තාකරු පැවසුවේ අනතුරින් සියඹලාපිටිය මහතාගේ ආරක්ෂක නිලධාරියා තුවාල ලබා රෝහල් ගතකළ බවය. මේ අතර සුළු ආබාධ තත්ත්වයක් හේතුවෙන් රාජ්‍ය අමාත්‍යවරයා ද මේ වනවිට කරවනැල්ල මුලික රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ. රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවස ආසන්නයේ මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටී ජිප් රථය අනතුරට ලක්ව තිබේ.
දිවිතුරවත්ත, ඇත්කදුර ප්‍රදේශයේ ලැයිමක් අසල කැලෑබද ප්‍රදේශයක ගල් දෙබොක්කාවක තිබී ඊයේ (07) පුද්ගල මළ සිරුරක් හමුව ඇත. පොලීසිය පැවසුවේ මෙලෙස මිය ගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 21 හැවිරිදි අවිවාහක තරුණයෙකු බවය. මෙම පුද්ගලයා ඔහුගේ බාල සොහොයුරා සමග නිවසේ පදිංචිව සිට තිබේ. පසුගිය 05 වනදා ඔහු තවත් පුද්ගලයෙකු සමග නිවසෙන් පිටව ගොස් නැවත නිවසට නොපැමිනීම හේතුවෙන් ඔහුගේ සහෝදරයා විසින් ඒ පිළිබඳව පොලීසියට පැමිණිලි ද කර ඇති බව පොලීසය සඳහන් කළේය. මෙය සැකකටයුතු මරණයක් බැවින් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත දේහය ඇල්පිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ. ඇල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
බස්නාහිර, සබරගමුව, දකුණු, ඌව, මධ්‍යම, වයඹ සහ උතුරු – මැද පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසිද ඇති විය හැකියි. එමෙන්ම බස්නාහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේ දීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. තවද ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේ දී…
