Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
What's Hot
Author: LANKA24X7
බෙන්තොට දෙද්දුව ප්‍රෙදේශයේ පදිංචි හෙදියකගේ මසක් වයසැති සිගිති දියණියක් ඊයේ (17) උදෑසන නිදි යහනේදීම මියගොස් ඇතැයි බෙන්තොට පොලිසිය පවසයි. මෙසේ මිය ගොස් ඇති දියණියට තවම නමක්වත් දමා නැත් බවද පොලීසිය කියයි. බලපිටිය මූලික රෝහලේ සේවය කරන මෙම හෙදිය සමග නිදියහනේ සිටි ළදැරියගේ වෙනසක් දැක වහා බෙන්තොට රජයේ රෝහලට ගෙන එන විටත් ඇය මියගොස් සිටි බව පරීක්ෂණවලදී අනාවරණයවූ බ්වද පොලීසිය කියයි. බෙන්තොට රෝහලේදී මේ පිළිබඳව අවසන් නිගමනයකට පැමිනීමට නොහැකි වූ බැවින් බෙන්තොට පොලිසියේ සහ පහළගම්හය හදිසි මරණ පරීක්ෂක කේ.වී.ඩී.උපාලි කුමාරසිංහ මහතා විසින් ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මෘතදේහය බලපිටිය මූලික රෝහලට ගෙනගොස් අධිකරණයේ උපදෙස් පරිදි කටයුතු කිරීමට තීරණය විය. බෙන්තොට පොලිසිය මේ…
වැලිමඩ බෝබුරුඇල්ල මාර්ගයේ සංචාරකයින් පිරිසක් ගමන් කළ වෑන් රථයක් 17දින සවස මාර්ගය හරහා පෙරළීයෑමෙන් එහි ගමන් කළ හයදෙනෙකු බරපතල තුවාල ලබා සිටියදි රෝහල් ගතකළ බව පොලිසිය කියයි. මෙම අනතුරින් මොණරාගල පදිංචි පිරිමි පුද්ගලයින් තිදෙනෙකු සහ කාන්තාවන් තිදෙනෙකු බරපතල තුවාල ලබා සිටියදි වැලිමඩ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා බදුල්ල මහ රෝහලට ඇතුලත් කර තිබේ. දිය ඇල්ල නැරඹීමට පැමිණි මෙම පිරිස ඇල්ල නරඹා නැවත වැලිමඩට ගමන් කරන අතරතුර කදු ප්‍ර දේශයකදී හදිසියේ වාහනයේ ඇතිවු කාර්මික දොෂයක් නිසා වාහනය බෝඹුරුඇල්ල පුදේශයේදීම පිටුපසට අධික වේගයෙන් ධාවනය වී මාර්ගය හරහා පෙරළී අනතුර සිදුව තිබේන බව පොලිසිය කියයි. අනතුරින් තුවාල ලැබු සංචාරකයින් හයදෙනාම බදුල්ල…
කොළඹ වරාය නගරයේ නවීන රෝහලක් ස්ථාපනය කිරීම සඳහා ගිවිසුම් ගතවී තිබේ. එම ගිවිසුම අත්සන් කර ඇත්තේ ආසිරි පොර්ට් සිටි හොස්පිටල් (පුද්ගලික) සමාගම සහ කොළඹ වරාය නගර ආර්ථික කොමිසම අතරය. අමෙරිකානු ඩොලර් මිලියන 100ක පමණ ආයෝජනයකින් එම රෝහල් ස්ථාපනය කර පවත්වා ගෙන යාමට ආසිරි පොර්ට් සිටි හොස්පිටල් (පුද්ගලික) සමාගමට ඒ අනුව අවස්ථාව හිමිවෙයි. එම රෝහලේ ඇඳන් 500ක් පමණ සමන්විත වෙතැයි වාර්තා විය.
ලොව මෙතෙක් බිහිවූ සුපිරිතම දඟ පන්දුයවන්නා ලෙස සැලකෙන මුත්තයියා මුරලිදරන්ගේ ජීවන කතාව සහිත චිත්‍රපටයේ පෝස්ටරය අද (17) නිකුත්කර තිබේ. එම චිත්‍රපටයේ මුරලිදරන්ගේ චරිතය රඟපානු ලබන්නේ ප්‍රකට ඉන්දීය නළුවෙක් වන මධුර් මිත්තාල් විසිනි. මෙම චිත්‍රපටය ද්‍රවිඩ භාෂාවෙන් නිපදවෙන අතර එය හින්දි සහ තෙළිඟු භාෂාවලින්ද නිකුත් කිරීමට සැලසුම්කර තිබේ.
දිවංගත අගමැතිනි සිරිමාවේ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රතිපත්ති පිළිගත්තේ නම් රට බංකොළොත් නොවනු ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසන්නීය. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ 107 වන ජන්ම දිනය වෙනුවෙන් බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ඇති සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වමින් හිටපු ජනාධිපතිනිය මේ බව කියා සිටියාය. “ප්‍රතිපත්ති පිළිගත්තා නම් පළමු වතාවට රට බංකොළොත් වෙන්නේ නෑනේ. මොකද ආණ්ඩුවට හොරකන් කරන්න බෑ මැතිනිගේ ප්‍රතිපත්ති අනුව. ඒ නිසා තිබුණා නම් රට හැදෙනවා. හැදෙනවා කියන්නේ රට ඉස්සරහට යනවා. දැන් ආපස්සට ගිහින් නේ ගව් ගාණක්.”
ගතවූ පැය 48ක කාලය තුළ අධිවේගී මාර්ගවලින් ලද ආදායම රුපියල් කෝටි 7 ඉක්මවන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. එම කාලය තුළ වාහන 256,225ක් අධිවේගී මාර්ගවල ධාවනය වී ඇති බවද වාර්තා වෙයි.
sinhala.adaderana.lk Logo ENGLISH தமிழ் සම්භාහන මධ්‍යස්ථානයට ගිය ප්‍රංශ යුවතියට සිදුවු අකරතැබ්බය April 17, 2023 10:05 am සම්භාහන සේවාවක් ලබාගැනීමට ගිය ප්‍රංශ ජාතික කාන්තාවකට ලිංගික අතවර කිරීමට උත්සාහ කළ බව පැවසෙන අයෙකුව සහ ඊට අනුබල දුන් බව කියන ව්‍යාපාරිකයෙකුව තොඩුවාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රංශ ජාතික කාන්තාව විසින් තොඩුවාව පොලීසියට කර ඇති පැමිණිල්ලකට අනුව එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ මාරවිල – තල්විල ප්‍රදේශයේ සම්භාහන ආයතනයක් පවත්වා ගෙන ගිය පුද්ගලයෙක්ව සහ එහි සේවය කළ අයෙකුවය. සැකකරුවන් විසින් පවත්වා ගෙන ගිය සම්භාහන ආයතනය බලපත්‍ර ලබා නොගන පවත්වා ගෙන ගිය එකක් බවටද පොලීසිය විසින් සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය…
සිංහල අලුත් අවුරුදු දිනයේ බීමත්ව නිවෙසට පැමිණ පියාට පහර දී නිවසේ තිබූ දේපොළවලට පහරදී අලාභානි සිදු කළ බව කියන කුරුණෑගල ,අලව්ව පොලිසියේ රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙක් වලස්මුල්ල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. එම පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ පෙරේදා 15 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කළ බව පොලිසිය කියයි. කුරුණෑගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල් චන්දන අබේසිංහ මහතාගේ උපදෙස් පිට මූලික විමර්ශනයක් පවත්වා මෙම පොලිස් කොස්තාපල්වරයාගේ වැඩතහනම් කර ඇත. අලව්ව පොලිසියෙන් රාජකාරී නිවාඩු ලබාෙ සිංහල අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් වලස්මුල්ල කිරම ප්‍රදේශයේ පිහිටි නිවසටමෙම කොස්තාපල්වරයා පැමිණ දාහතර වෙනිදා රාත්‍රියේ ප්‍රදේශයේ පැවති සංගීත සන්දර්ශනයක් නැරඹීමට ගොස් ඇතැයි පොලිසිය කියයි.
ත්‍රිකුණාමල පුල්මුඩේ ප්‍රදේශයේ ස්ථාන තුනක සිදුවු වන විනාශය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකළ ගෝමරන්කඩවල අඩවි කාර්යාලයේ බීට්ටු වන නිලධාරියාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටටු බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. පුල්මුඩේ වෙරියපුලත්තු රජයේ කැලෑව ඩෝසර් කිරිම,පන්කුලම පුල්මුඩේ රජයේ කැලෑවේ ගස් කැපිම හා පුල්මුඩේ සුන්තනේරු කුලම් කැලෑවේ ගස් කැපීම පිළිබදව නිසි ලෙස රාජකාරි සිදු නොකිරිම ඒ පිළිබද උසස් නිලධාරින් දැනුවත් නොකිරිම පිළිබදව පරික්ෂණයකින් පසු මෙසේ බීට්ටු වන නිලධාරියාගේ සේවය අත්හිටුවිමට ක්‍රියාකර තිබේ. මේ සම්බන්ධයෙන් නිලධාරින්ගේ කටයුතු නිසි අධික්ෂණයකින් තොරව කටයුතු කළ බවත් උසස් නිලධාරින් කිහිපදෙනකු පිළිබද මූලික විමර්ශනයක් සිදුකරගෙන යන බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, ඩෙල්ෆ්ට් දූපතට බටහිර දෙසින් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝග්‍රෑම් 62කට අධික තොගයක් සොයාගෙන තිබේ. එම මත්ද්‍රව්‍ය තොගය රැගත් ඉන්දීය ඩව් යාත්‍රාවක් සමඟ සැකකරුවන් තිදෙනෙකු ද නාවික හමුදා භාරයට ගෙන ඇත. අදාළ යාත්‍රාවේ උර දෙකක් තුළ පාර්සල් 23 අසුරා තිබු කේරළ ගංජා කිලෝ 65යි ග්‍රෑම් 400ක පමණ තොගයක් සොයා ගෙන තිබුණි. එම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 20කට අධික වෙතැයි විශ්වාස කෙරේ. නාවික හමුදා භාරයට ගත් සැකකරුවන්, ගංජා තොගය සහ ඉන්දීය ඩව් යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා ඩෙල්ෆ්ට් පොලීසිය වෙත…
