Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ශ්‍රි පාද හැටන් මාර්ගයේ නල්ලතන්නිය සිට ගගුලතැන්න දක්වා පිහිටි වෙලදසැල සංචාරක හෝටල් වල කිරි ආශ්‍රිත නිෂ්පාදන ආහාර ද්‍රව්‍ය වල සාම්පල් ලබා ගැනිම මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් අද දින සිදු කරනු ලැබුවා. රත්නපුර එරත්න ශ්‍රි පාද මාර්ගයේ ලිස්ටිරියා රෝගියෙකු බවට සැකකරන පුද්ගලයෙකු හමුවිමත් සමග රත්නපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් පවත්වනු ලබන පරික්ෂණයකට යොමු කිරිම සදහා නල්ලතන්නිය ශ්‍රි පාද මාර්ගයේ වෙලදසැල් සහ සංචාරක හෝටල් වල කිරි ආශ්‍රිත නිෂ්පාදිත ආහාර ද්‍රව්‍ය වල සාම්පල් ලබාගත් බවයි මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එස්.බාස්කරන් මහතා කියා සිටියේ. අද දින ලබා ගත් කිරි ආශ්‍රිත ආහාර ද්‍රව්‍ය සාම්පල්…
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව ගොනුකර තිබෙන පෞද්ගලික පැමිණිල්ලක් බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත්කළ රිට් පෙත්සම පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ජුලි 31 වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (17) නියෝග කළේය. එම පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී අභියාචනාධිකරණ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළේය. ඒ අනුව අදාළ පෙත්සම ජුලි 31 සහ අගෝස්තු මස 09 වනදා විභාගයට ගන්නා බවත් විනිසුරු මඩුල්ල නියම කළේය. පාස්කු ඉරුදින දා ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය නොසලකා හැර සාපරාධී ලෙස රාජකාරිය පැහැරහැරීම සම්බන්ධයෙන්…
මෙරට 36 වන පොලිස්පතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කිරීමට ජනාධිපතිවරයා විසින් නිර්දේශ කර ඇති බව ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ වත්මන් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා විශ්‍රාම ගැනීමෙන් අනතුරුව එම තනතුර සඳහා දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කිරීමට නියමිත බවය. වත්මන් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා එළඹෙන 25 වනදා විශ්‍රාම ගනී. වර්ෂ 1998 දී ආධුනික සහකාර පොලිස් අධිකාරි වරයෙකු ලෙස පොලිස් සේවයට එක්වන දේශබන්දු තෙන්නකෝන් මහතා 2006 වර්ෂයේදි පොලිස් අධිකාරි තනතුරටද, 2011 වර්ෂයේදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරටද, 2015 වර්ෂයේදි නියෝජ්‍ය පොලිස්පති තනතුරටද උසස්විම් ලබා ඇත. අනතුරුව 2019.11.29 දින වැඩ බලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති…
ලාල් කාන්ත කියන්නේ ජාතික ජනබලවේගයේ ප්‍රගතිශීලි මනුස්සයෙක් යැයිද එලියට ගිහින් හිතලා රටේ සාමාන්‍ය ජනතාව ගැන කතා කරන කෙනෙක් යැයිද එක්සත් ජාතික පක්ෂ උපනායක අකිල විරාජ් කාරියවසම් මහතා පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. මෙම මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව කීය. ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වැඩ වර්ජනය කරන්නැයි ඉල්ලා සිටියද වැඩ වර්ජනය කර ජනතාව අසීරුතාවයට පත් කරන්න එපා යැයි ජාතික ජන ජනබලවේගයේ ලාල්කාන්ත පවසා ඇතැයි ද ඒ ගැන කිව හැක්කේ කුමක්දැයි මාධ්‍යවේදියා මෙහිදී විමසීය. ඊට පිළිතුරු දෙමින් අකිල විරාජ් කාරියවසම් මහතා” රටට අමාරු වෙලාවේ වැඩ වර්ජන අපරාධය දවසක…
ශ්‍රී ලංකාවට පසුගිය මාසයේ පැමිණි ඇමෙරිකානු දූත පිරිස සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා, පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි තොරතුරු නිලධාරී වෙත ලිපියක් යොමු කර ඇත. මන්ත්‍රීවරයා තොරතුරු දැනගැනීමේ පනත යටතේ මෙම තොරතුරු ඉල්ලා ඇත. ඇමෙරිකානු දූත පිරිසක් සී 17 – ග්ලෝබ්මාස්ටර් ගුවන් යානා දෙකකින් ශ්‍රී ලංකාවට පැමිණි ඇමෙරිකානු දූත පිරිස නියෝජනය කළ අයගේ නම් මොනවාද?, එලෙස පැමිණි පිරිස අතර ඇමෙරිකානු එක්සත් ජනපදයේ මධ්‍යම බුද්ධි නියෝජිතායතනයේ අධ්‍යක්‍ෂ විලියම් බර්න්ස් සිටියේද? එකී පැමිණි පිරිසේ ගමන් බලපත්‍ර ආගමන විගමන නිලධාරීන් පරීක්‍ෂා කළේද?, එම බලපත්‍ර ආගමන විගමන නිලධාරීන් විසින් මුද්‍රා තැබුවේද?, ඔවුන්ගේ ගමන් මළු රේගු පරීක්‍ෂාවට ලක්කළාද?,…
අවුරුදු 12ක වයසේ පසුවෙන පාසල් සිසුවියක්සමග වීරපුර ප්‍රදේශයේ කැලෑවක සිටි තිස් දෙහැවිරිදි පුද්ගලයකු සාලියවැව පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. සැකකරු සමඟ සිටි බාලවයස්කාර මෙම සිසුවිය ද පොලිස් බාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් 32 හැවිරිදි පුද්ගලයා ගිරිබාව ප්‍රදේශයේ පදිංචි අයෙකි. මෙම සිසුවිය රාජාංගනය ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන බව පොලීසිය සඳහන් කරයි. වීරපුර ප්‍රදේශයේ පිහිටි කැලෑවට ගිය පුද්ගලයකු බාලවයස්කාර දැරියක් සමග පිරිමි පුද්ගලයකු සිටිනවා දැක ඒ බව සාලියවැව පොලිසියට දැනුම් දී තිබේ. සාලියවැව පොලීසියේ පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් කැලෑවට ගොස් සෝදිසි කර පිරිමි පුද්ගලයා සැකපිට අත්අඩංගුවට ගෙන දැරියද පොලිස් භාරයට ගෙන ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. දැරිය පාසල අවසන් වීමෙන්…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සඳහා සහාය දක්වන විස්තීරණ අරමුදල් පහසුකම පිළිබඳ අවසන් තීරණය ලබන 21 වනදා නිළ වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ඒ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල රැස්වීමෙන් අනතුරුවයි. ඊට අදාළ විශේෂ මාධ්‍ය හමුවක් ශ්‍රී ලංකා වේලාවෙන් මාර්තු 21 වනදා පෙරවරු 08 ට කොළඹදී පැවැත්වෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අද නිළ වශයෙන් අනාවරණය කළා. ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව, ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී, පීටර් බෲවර් සහ ශ්‍රී ලංකාව, ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ දූත මණ්ඩල ප්‍රධානී මසහිරෝ නොසාකි සහභාගි වීමට නියමිතයි. ශ්‍රී ලංකාවට සහය ලබාදීම සම්බන්ධ වැඩසටහන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයට ලබන…
විදේශ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචාකළ පුද්ගලයින් දෙදෙනෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කුවේට් රාජ්‍යයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ පල්ලම ප්‍රදේශයේ පුද්ගලයෙකු විමර්ශන නිලධාරීන් විසින් මරදාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේය. අදාළ සැකකරු ගම්පොල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගෙන් කුවේට්හි රැකියාවක් ලබාදෙන බව පවසමින් හාරලක්ෂ 50,000ක මුදලක් ලබාගෙන තිබේ.
අද දිනයේ බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද දිනට අදාළ කාලගුණ නිවේදනය නිකුත් කරමින් මේ බව පවසයි. මේ අතර මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවල සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි. එසේම ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය ආරක්‍ෂිත පියවර අනුගමනය කරන ලෙසට එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.
නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළේය. වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් තරග ආරම්භය පමා විය. මේ අතර අද තරගයට නිරෝෂන් දික්වැල්ල වෙනුවට නිශාන් මධුෂ්ක කැඳවා ඇති අතර එය ඔහුගේ මංගල ටෙස්ට් තරගයයි.
