Author: LANKA24X7

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් සියයට 26.2කින් ඉහළගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඒ අනුව මෙරට නිල සංචිත ප්‍රමාණය මැයි මාසයේ දී අමෙරිකානු ඩොලර් බිලියන 3.2ක් බව සඳහන් වනවා. පසුගිය අප්‍රේල් මාසයේදී මෙරට නිල සංචිත ප්‍රමාණය දැක්වුණේ අමෙරිකානු ඩොලර් බිලියන 2.7ක් ලෙසටයි. චීනය විසින් සපයා ඇති ඩොලර් බිලියන 1.4ක මූල්‍ය පහසුකමද ඊට ඇතුළත් වනවා.

Read More

තමන් සමගි ජනබලවේගයේ උපලේකම් ධූරයෙන් ඉවත් වූ බවට සිය අත්සන යොදා සමගි ජන බලවේගය දිසා අධිකරණයට කූඨ ලේඛනයක් ලබාදී ඇති බවට රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ඊයේ පාර්ලිමේනිතුවේ දී චෝදනා කළා. ඊට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණිල්ලක් කළ බවද ඇය පැවසුවේ අද කල් තැබීමේ විවාදයට එක්වෙමින්. කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර ඇතුළු මෙරට කර්මාන්ත ක්ෂේත්‍රය මූහුණ පා ඇති ගැටළු පිළිබදව එම විවාදය පැවැත්වුණා.

Read More

දින 5ක් වයසැති බිළිඳිය, ගලේවෙල ප්‍රදේශයේ පිහිටි හෝටලයක් තුළ දී හොඳම යෙහෙළිය රවටා ඇයට බාර දී පලා ගොස් තිබෙනවා. හෝටල් කාමරය තුළ දී බිලිඳියට මවුකිරි දී හදිසි ගමනක් ගොස් එන තෙක් දරුවා හොඳින් බලා ගැනීමට යැයි පවසා යෙහෙළිය පිටත්ව ගිය බවත් සවස් වන තුරු සිය මිතුරිය නොපැමිණි බව පවසමින් විසිතුන් හැවිරිදි එම තරුණිය සිඟිති දරුවා වඩාගෙන ගලේවෙල පොලිසියට පැමිණ පැමිණිල්ලක් ද කර තිබෙනවා.. පුත්තලම මූලික රෝහලේ දී තම යෙහෙළිය දරුවකු ප්‍රසූත කළ බවත් ඇය ද, ඇය ප්‍රසූත කළ දරුවා ද කැටුව ඉකුත් 4 වැනිදා ගලේවෙල ප්‍රදේශයේ පිහිටි හෝටලයකට පැමිණ කාමරයක් කුලියට ගෙන නවාතැන් ගෙන සිටි බවත් පොලීසිය හමුවේ එම කාන්තාව…

Read More

අද (08) දිවයිනේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සබරගමුව පළාතේත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ද ඇති විය හැකි බවයි. එමෙන්ම වයඹ පළාතේ සහ යාපනය දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති වෙන බවත් සඳහන්. ඌව සහ මධ්‍යම පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙනවා. උතුරු සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට, පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන තද…

Read More

යෝජිත විකාශන අධිකාරී පනත් කෙටුම්පත පිළිබඳ විද්‍යුත් මාධ්‍ය ආයතන නියෝජිතයින්ගේ අදහස් ලබා ගැනීම අද (07) විපක්ෂයේ පක්ෂ එකමුතුව විසින් සිදු කරනු ලැබුවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී මෙම සාකච්ජාව සිදුව තිබෙනවා. මෙම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය ජී එල් පිරිස්, ලක්ෂ්මන් කිරිඇල්ල, රංජිත් මද්දුම බණ්ඩාර, තිස්ස අත්තනායක, ඉමිටියාස් බාකීර් මාකර්, ගයන්ත කරුණාතිලක, ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න,නාලක ගොඩහේවා, චන්දිම වීරක්කොඩි, මහාචාර්ය චරිත හේරත්, වසන්ත යාපා බණ්ඩාර, ඇතුලු පිරිසක් ද එක්ව සිටීම විශේෂත්වයක් සාකච්ඡාවට දිවයිනේ බලපත්‍රලාභි සියලු විද්‍යුත් මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ එහි නියෝජිතයින්,මාධ්‍ය සංවිධාන නියෝජිතයින් රැසක් සහභාගි වූ අතර යෝජිත විකාශන…

Read More

අඩි 12 ක් පමණ දිග කිඹුලෙක් අද පස්වරුවේ වාද්දුව මුහුදු වෙරල ආසන්න මුහුදේ ගැවසෙන අයුරු දැකගත හැකිවිය. මේ හේතුවෙන් වෙරළ ආසන්නයේ ජනතාව මෙන්ම ධීවර ප්‍රජාවද තරමක බියකින් පසුවන බවත් ඔවුන් ධීවර කටයුතුවලින් ඈත්ව සිටින බවත් වාර්තාවේ. වාද්දුව, මොල්ලිගොඩ , තල්පිටිය සහ පින්වත්ත වෙරළ ආසන්නයේ කිඹුලා ගැවසෙන අයුරු වෙරළ ආසන්නයේ ජනතාව දැක තිබේ. වනජීවි නිළධාරීන් දැනුවත් කර ඇති බවත් , වෙරලේ අනාරක්ෂිතව හැසිරීමෙන් වලකින ලෙසත් වාද්දුව පොලිසිය ජනතාවට දැනුම් දෙයි.

Read More

29 හැවිරිදි තිදරු මවක් බලහත්කාරයෙන් පැහැර ගෙන අයුතු ලෙස සිර කර තබා ගත් බව කියන මාලු ව්‍යාපාරිකයකු කඹුරුපිටිය මස්තකමුල්ල ප්‍රදේශයේ නිවසක දී අත් අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය පවසයි. මාලු ව්‍යාපාරිකයාගේ තර්ජන ගර්ජනවලට ලක් ව මාස 06 ක පමණ කාලයක් එම නිවසේ රැදී සිටි තිදරු මවද පොලීසිය බාරයට ගෙන ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු වෛද්‍ය පරීක්ෂයක් සදහා මාතර මහ රෝහල වෙත ඇතුලත් කර ඇත. පළා ගියහොත් සැමියා හා දරුවන් මරා දමන බව ද නිරුවත් වීඩියෝ දර්ශන ලබා ගෙන ඒවා අන්තර්ජාලයට මුදා හරින බවට නිතර තර්ජනය කළ බව ද එම කාන්තාව පොලිසිය කියා ඇත. කොණ්ඩය කපා දමමින්…

Read More

සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්යය හර්ෂ ද සිල්වා මහතා මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පත් කර තිබේ. ජනාධිපතිවරයාගේ යෝජනාවකට අනුව එම පත්කිරීම සිදුකර ඇති බව වාර්තා වේ. මුදල් පිළිබඳ කාරකා සභාවේ සභාපති ධුරය සම්බන්ධයෙන් පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ දීර්ඝ වශයෙන් විවාදයට ලක්වුණි.

Read More

ඩෙල්ෆ්ට් ජැටියේ පිවිසුම් දොරටුවේදී අනතුරට පත් ට්‍රෝලර් යාත්‍රාවක සිටි පුද්ගලයන් 38දෙනෙකු නාවික හමුදාව විසින් බේරාගෙන තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාව අද (07) උදෑසන සිදුකළ විශේෂ මෙහෙයුමකින් ඔවුන්ව බේරාගෙන තිබුණි. ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසුවේ යාත්‍රාවේ තිබූ ගොඩනැගිලි ද්‍රව්‍ය තොගයක් මුහුදුබත්වීමට නොදී ගොඩ ගැනීමටත් කටයුතු කළ බවය. යාපනය, පුණ්ගුඩුතිව් දූපතේ පිහිටි කුරිකඩ්ඩුවාන් ජැටියේ සිට ‍ඩෙල්ෆ්ට් දූපත දක්වා පුද්ගලයන් තිස් අට දෙනෙකු සමඟ ගොඩනැගිලි ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රෝලර් යාත්‍රාවක් ‍ඩෙල්ෆ්ට් දූපතේ වරාය පිවිසුම් දොරටුව අසලදී මුහුදේ පැවති බාදිය තත්ත්වය හේතුවෙන් යාත්‍රාවේ පතුල මුහුදු පත්ලේ ගැටී යාත්‍රාව සිදුරුවී තිබේ. එම යාත්‍රාව අනතුරකට පත්වී ඇති බවට උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා…

Read More

ණය නොගෙවූ දේපළ පවරා ගැනීම පිළිබඳ පරාටේ නීතිය යටතේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ගේ දේපළ අත්පත්කර ගැනීම් සහ වෙන්දේසි කිරීම් හාරසියයක් මේ වසරේ පළමු මාස හතරේදී සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය. මෙය කනගාටුදායක තත්වයක් බව පැවසූ විපක්ෂනායකවරයා මේ පරාටේ නීතිය රටේ ආර්ථික තත්වය ගැන සිතා තාවකාලිකව අත්හිටුවන ලෙස ඉල්ලා සිටියේය. එම නීතිය යුගයට සරිලන පරිදි වෙනස් කළ යුතු බවද ඔහු සඳහන් කළේය. ඉහළ බැංකු පොළිය හේතුවෙන් කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් දැඩි පීඩනයට පත්ව සිටින බවත් ඒ ව්‍යාපාරිකයන්ගේ ණය යම් මට්ටමකට කපා හැරීමට යෝජනා කරන බවත් විපක්ෂනායකවරයා කීවේය. ලීසිං කොම්පැණිකරුවන් අනීතිකව වාහන ඉස්සිම වැඩිවී…

Read More