Author: LANKA24X7

පානදුර, පින්වත්ත ප්‍රදේශයේ අද (28) උදෑසන වෙඩිතැබීමකින් මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් සුඛෝපභෝගි වාහනයක් තුළ තිබී හමුව තිබේ. අද උදෑසන 8ට පමණ එම සිරුර හමුව ඇත්තේ, ප්‍රාඩෝ වර්ගයේ ජිප් රථයක් තුළ රියදුරු අසුනේ තිබිය දී බව පොලීසිය පවසයි. කෙසේවෙතත් මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙක් විසින් අදාළ වෙඩිතැබීම සිදුකරන්න ට ඇතැයි ‍පොලීසිය සැකපළ කරයි.

Read More

ශ්‍රී ලංකා රේගුව විසින් රඳවා ගෙන තිබෙන භාණ්ඩවලට අදාළව පවත්වනු ලබන පරීක්ෂණ හා විමර්ශන කඩිනම් කිරීම සඳහා අමාත්‍ය කමිටුවක් පත් කර තිබේ. අදාළ ක්‍රියාවලීන් නිම කිරීම සඳහා දීර්ඝ කාලයක් ගත වන බැවින් එකී භාණ්ඩවලට හානි වීම හා විනාශවීම ඇතුළු බොහෝ ආර්ථික පාඩු සිදුවන බැවින් මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව දැනට රේගුව විසින් අනුගමනය කරනු ලබන ක්‍රියාදාමයන් කඩිනම් කරන ලෙස ද ජනාධිපතිවරයා දැනුම් දී තිබේ. ඊට අදාළ කරුණු අධ්‍යයනය කර, අවශ්‍ය වන්නේ නම් රේගු ආඥාපනතට සිදුකළ යුතු සංශෝධන හඳුනාගෙන ඒ පිළිබඳ අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අදාළ කමිටුව පත්කර තිබේ. එම කමිටු සාමාජිකයින් පහතින් දැක්වේ. *වරයා, නාවික හා…

Read More

මාතර බලා ධාවනයවූ සීඝ්රහගාමී දුම්රියේ ගමන් ගත් රුසියන් ජාතික යුවළකගේ ලැප්ටොප් පරිඝනක දෙකක් අඩංගු ගමන් මලු දෙක සොරකම් කිරීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ ආරම්භ කළ බව පානදුර දකුණ පොලිසියේ පොලිසිය පවසයි. හික්කඩුවේ සංචාරක නිකේතනයක නවාතැන් ගෙන සිටින ඔර්ලෝ ඔලේග් නැමැති 32 හැවිරිදි රුසියානුවා විසින් අද 8 ට පමණ ලද පැමිණිල්ලක් අනුව මෙසේ පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලීසිය සඳහන් කරයි. රුසියානු ජාතික යුවළ මරදාන සිට මාතර බලා ධාවනයවූ දුම්රියෙන් කොළඹ සිට හික්කඩුව බලා ගමන් කර ඇති අතර, ඔවුන්ගෙන් ලැප්ටොප් දෙක අඩංගු ගමන් මලු දෙක දුම්රිය රාක්කයේ තබා අසුන්ගෙන සිට ඇතැයි සඳහන් වේ. පානදුර දුම්රිය ස්ථානයට දුම්රිය ළගාවන විට දුම්රිය මැදිරි…

Read More

බසයක ගමන්ගත් තරුණියකගේ පපු පෙදෙස අත ගෑ බව කියන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු අද පස්වරුවේ අත්අඩංගුවට ගත්බව අලුත්ගම පොලිසිය සදහන් කරයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර පොලිස් කොට්ඨාසය යටතේ ඇති පොලිස් ස්ථානයක විවිධ පැමිණිලි අංශයක ස්ථානාධිපති ලෙසින් රාජකාරි කරන 54 හැවිරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු බවද සදහන් වේ. අම්බලන්ගොඩ දක්වා ධාවනය ලංගම බස් රථයක ගමන්ගත් පුහුණු වන හෙදියක් ගමන් කර ඇති අතර , ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඇය අසල රැදී සිට පපු ප්‍රදේශයේ අතගෑ බවට පුහුණු හෙදිය බසයේදී පැවසීමත් සමගින් උරණවූ මගීන් ප්‍රධාන පොලිස් පරීක්ෂක වරයාට පහරදී පොලිසියට භාරදී ඇතැයි පැවසේ. සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. අලුත්ගම ස්ථානාධිපති ප්‍රධාන පොලිස්…

Read More

අත්‍යවශ්‍ය සේවා රැසක් අලුතින් අර්ථ දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අති විශේෂ ගැසට් නිවේදනයකට අත්සන් තබා තිබේ. මගීන් හෝ භාණ්ඩ පිටකිරීම්, මැදිරි ගොඩබෑම, ගබඩා කිරීම, බෙදා හැරීම සහ ආහාර පාන භාණ්ඩ හෝ ගල් අඟුරු, තෙල්, ඉන්ධන ඕනෑම වරායක් තුළ ඇති යාත්‍රාවලින් ඉවත් කිරීම පොදු ප්‍රවාහන සේවා බවට ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කර ඇත. එමෙන්ම මාර්ග, පාලම්, බෝක්කු, ගුවන් තොටුපළ, වරාය සහ දුම්රිය මාර්ග ඇතුළුව මාර්ග, දුම්රිය හෝ ගුවන් මගින් ප්‍රවාහන සේවා සඳහා පහසුකම් සැපයීම සහ නඩත්තු කිරීම, වහාම ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය සේවාවන් ලෙස ද ගැසට් නිවේදනය මගින් අර්ථ දක්වා ඇත.

Read More

විස්සයි විස්ස තරගයකදී කණ්ඩායමක් වාර්තාකළ අඩුම ලකුණු සංඛ්‍යාව පසුගිය (26) වාර්තා විය. එහිදී “Isle of Man” සහ ස්පාඤ්ඤය අතර පැවති තරගයේදී “Isle of Man” කණ්ඩායම ලකුණු 10කට දැවී ගියේය. “Isle of Man” දැවී ගිය ලකුණු ගණන කණ්ඩායමක් 20/20 තරගයකදී දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව වෙයි. මීට පෙර එම වාර්තාව හිමිකරගෙන සිටියේ සිඩ්නි තන්ඩර් කණ්ඩායමයි. ඔවුන් ඇඩිලේඩ් ස්ට්‍ර්යිකරස් කණ්ඩායම සමග පැවති තරගයකදී ලකුණු 15කට දැවී ගොස් තිබුණි.

Read More

කොළඹ තුරඟ තරග පිටියේදී පිහි ඇණුමකින් ඝාතනය කළ විශ්ව විද්‍යාල ශිෂ්‍යාවගේ මරණය ගෙල ප්‍රදේශයට සිදුවූ තුවාල හේතුවෙන් අධික ලෙස රුධිරය වහනයවීමෙන් සිදුවූ මරණයක් බවට අද අධිකරණය ප්‍රකාශ කර තිබේ. අදාළ නඩුව අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා හමුවේ විභාගයට ගනු ලැබූ අවස්ථාවේ මෙම තීරණය ප්‍රකාශයට පත්කර ඇත. මෙම සිද්ධියට අදාළ සාක්ෂි සහ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ වාර්තා සැලකිල්ලට ගැනීමෙන් පසු මහේස්ත්‍රාත් පරීක්ෂණයේ තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත. එම සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටින සැකකාර සරසවි සිසුවා අද දිනයේ අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහු අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ලබමින් සිටින බවට වාර්තාවක් මගින් අධිකරණයට දැනුම්දී තිබුණි. අධිකරණය එහිදී…

Read More

දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අද (28) දිනයේදී අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වලත් මුලතිව් සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි අතර, නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි. මී 75ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකිය. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මි. මී 50ට වැඩි තරමක තද වැසි ද ඇති වේ. උතුරු පළාතේද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය. උතුරු, උතුරු මැද, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය…

Read More

‍2022 වර්ෂය තුළ මෙරට පුද්ගලයින් ලක්ෂ 5කට පමණ අවම වශයෙන් රැකියා අහිමි වී ඇති බව ලෝක බැංකුව පවසයි. ඉන් වැඩිදෙනෙකු කර්මාන්ත සහ සේවා අංශවල රැකියා කරන කාන්තාවන් බව ලෝක බැංකුව පෙන්වා දෙයි. ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති මාටින් රයිසර් විසින් ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථීක තත්ත්වය පිළිබඳ නවතම වාර්තාවක් නිකුත් කරමින් මේ බව පෙන්වා දී තිබේ. එම වාර්තාවට අනුව 2021 සහ 2022 අතර කාලය තුළ ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය ආසන්න වශයෙන් සියයට 13 සිට සියයට 25 දක්වා වැඩි වී ඇති බව සඳහන් ය. එම කාල රාමුව තුළ නාගරික දරිද්‍රතාවය ද සියයට 5 සිට සියයට 15 දක්වා තුන් ගුණයකින් වැඩි වී…

Read More

පෙබරවාරි මාසය තුළ ද මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගොස් තිබේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ, පෙබරවාරි 26 වන දින වන විට මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් ඇති බවය. ජනවාරි මාසය තුළ ද සංචාරකයින් 102,545 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ. පෙබරවාරි මාසයේ මෙරටට පැමිණි සංචාරකයින්ගෙන් වැඩි දෙනෙකු රුසියානු ජාතිකයින් බව වාර්තා වේ. ඊට අමතරව ඉන්දියාව, බ්‍රිතාන්‍ය, ජර්මනිය, ප්‍රංශය, ඔස්ට්‍රේලියාව, කැනඩාව, අමෙරිකාව සහ ඊශ්‍රායලය යන රටවලින්ද වැඩි වශයෙන් සංචාරකයින් පැමිණ තිබේ.

Read More