Author: LANKA24X7

කළුතර බන්ධනාගාරයේ රැදවියකු වූ තම පුතුට මත්කුඩු දීමට රැගෙන පැමිණි මවක අත්අඩංගුවට ගත්බව කළුතර උතුර පොලිසිය පවසනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර විලේගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක බව සඳහන්. බන්ධනාගාරයේ රදවා සීටින සැකකාරියගේ පුත්‍රයා බැලීම සදහා සැකකාරිය කොට කලිසමක් රැගෙන පැමිණ ඇති බවත්, බන්ධනාගාර නිළධාරින්ට සැකසිතී පරීක්ෂා කිරීමේදී මෙම මත්කුඩු සොයාගෙන තිබෙනවා. එහි වාටියේ කඩදාසියක බහා සගවා තිබූ හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් පහකට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Read More

ආණ්ඩු පක්ෂයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) සහ ජනාධිපතිවරයා අතර ගැටුමක් නොමැති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. ජනාධිපතිවරයා සහ පොදුජන පෙරමුණ අතර ගැටුමක් පවතින බවට ඇතැමුන් කීමට උත්සාහ කරන බව ද අමාත්‍යවරයා පැවසුවා. මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් පළ කළ ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහාය දුන්නේ පක්ෂයේ අභිමතය පරිදි නොව ඔහුගේ අත්දැකීම් සහ අභියෝගවලට මුහුණ දීමේ හැකියාව හොඳින් විමසා බලා බවයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගෙන ඇති බවත් රණතුංග මහතා පැවසුවා. එමෙන්ම ජනාධිපතිවරයා ප්‍රමුඛ…

Read More

උතුරු හා නැඟෙනහිර පළාත්වල සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රදේශ 6ක Anopheles stephensi නමැති ප්‍රධාන මැලේරියා වාහක මදුරුවා සිටීම හේතුවෙන් සෞඛ්‍ය බලධාරීන් විසින් යළිත් වරක් මැලේරියා තර්ජනය පිළිබඳ අනතුරු ඇඟවීමේ සීනුව නාද කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ තතුදත් ආරංචි මාර්ග සඳහන් කරන පරිදි, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රදේශ 6 ට යාපනය MOH ප්‍රදේශය, පේදුරුතුඩුව MOH ප්‍රදේශය, අක්කරෙයිපත්තු MOH ප්‍රදේශය, තිරුක්කෝවිල් MOH ප්‍රදේශය, අම්පාර දිස්ත්‍රික්කයේ ආලයඩිවෙම්බු සහ අඩ්ඩාලිචේන MOH ප්‍රදේශ ඇතුළත්. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැලේරියා මර්දන ව්‍යාපාරය විසින් 2016 දෙසැම්බර් සිට 2017 අප්‍රේල් දක්වා කරන ලද කීට විද්‍යාත්මක පරීක්ෂණ මාලාවකින් 2016 වසරේ මන්නාරමෙන් සහ පසුව උතුරු පළාතේ යාපනය, මුලතිව් දිස්ත්‍රික්කවලින් පළමු වරට Anopheles stephensi හඳුනාගැනීම අනාවරණය වී…

Read More

මේ අතර ලුණුගම්වෙහෙර – ස්ප්‍රිල්යාය කැලෑබඳ ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි වයස අවුරුදු 49ක එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකුට වෙඩි තැබීමක් සිදුකර ඇති බවට පොලිසියට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා. යතුරුපැදියෙන් ගමන් කළ පුද්ගලයාට වෙඩි වැදී නොමැති අතර යතුරුපැදියේ පැති කණ්ණාඩියට වෙඩි වැදීමෙන් හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. මුහුණු ආවරණය කරගෙන සැගව සිටි පුද්ගලයන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු මෙම වෙඩි තැබීම සිදු කර පළාගොස් ඇති අතර ඔවුන් සොයා විමර්ශන ක්‍රියාත්මකයි.

Read More

ට්විටර් සම-නිර්මාතෘ සහ හිටපු ප්‍රධාන විධායක නිලධාරී ජැක් ඩෝර්සි ජනප්‍රිය යූ ටියුබ් වැඩසටහනකට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක් ඉන්දියාව සහ ට්විටර් සමාජ ජාලය අතර බරපතල අර්බුදයක් නිර්මාණය කරමින් තිබෙනවා. පසුගිය වකවානුවේ ට්විටර් මයික්‍රොබ්ලොගින් වේදිකාවේ මෙහෙයුම් වසා දමන බවට තර්ජනය කළ බව ඔහු කළ චෝදනාවක් ඉන්දීය ආණ්ඩුව ප්‍රතික්ෂේප කරන ලද අතර ඇමතිවරයෙකු එම ප්‍රකාශයන් “සම්පූර්ණ බොරුවක්” ලෙස හඳුන්වනු ලැබුවා. යූ ටියුබ් වැඩසටහනක් සමඟ සම්මුඛ සාකච්ඡාවකදී ජැක් ඩෝර්සි පසුගිය සඳුදා ඉන්දීය රජය තමන් වෙත දැඩි පීඩනයක් එල්ල කළ බවට ඉන්දීය බලධාරීන්ට චෝදනා කළා. පසුගිය වසරේ එලොන් මස්ක්ට ඩොලර් බිලියන 44කට විකුණා දැමූ ට්විටර් සමාජ ජාලයෙහි ඩෝර්සි තවදුරටත් සේවය නොකරන නමුත්, නව දිල්ලි පාලනය…

Read More

ජනාධිපතිවරයා රට සංවර්ධනය කිරීම සඳහා ගෙනයන වැඩපිළිවෙලට අඛණ්ඩව සහාය ලබාදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකඟතාව පළකර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවති සාකච්ඡාවකදී එම එකඟතාව පළකර ඇති බව වාර්තා වේ. ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂවල නායකයින් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ සාකච්ඡාවක් ඊයේ (14) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වුණි. එම සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, මහලේකම් සාගර කාරියවසම්, අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, අමාත්‍ය ජීවන් තොන්ඩමන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එල්.එම්.අතාවුල්ලා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගී වී තිබේ. එහිදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ නායකයින් පෙන්වා දී…

Read More

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර,මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී 40-45ක පමණ තද සුළං ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

ජනතාවට බදු සහන ලබා දෙන්නේ කෙසේදැයි මේ දිනවල රජය සාකච්ඡා කරමින් සිටින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය . ව්‍යාපාරිකයින් තමන්ට ලාබ තබා ගනිමින් ජනතාවටත් සහන ලබා දෙන්න කටයුතු කළ යුතු බවද ඒ සඳහා පවතින ප්‍රායෝගික ගැටළු විසඳීමට රජය කටයුතු කරමින් සිටින බවද ඇමතිවරයා සඳහන් කළේය. කටුනායක, බණ්ඩාරනායක ගුවන් තොටුපල පිටවීමේ මගී පර්යන්තය තුළ ගුවන් මගීන් සහ වි‍ශේෂ අමුත්තන් සඳහා වන සෝ සිලෝන් ආලින්ද පහසුකම හා ආපන ශාලා පරිශ්‍රය විවෘත කිරීමේ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

Read More

ප්‍රංශයේ පැවැත්වෙන නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන ගෝලීය නායක සමුළුවේදී ඉහළ පෙළේ සාකච්ඡා සභාවක් ඇමතීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඇරියුම් ලැබී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා මෙරට ජනපතිවරයාට ඊට ඇරියුම් කර ඇති බවය. එම සමුළුව ජූනි 22 සහ 23 යන දෙදින තුළ පැරිසියේදී පැවැත්වීමට නියමිතව තිබේ. මේ අතර ආණ්ඩුවේ පක්ස නායකයින් හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (14) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

ඇතැම් කාන්තාවන්ගේ ආකල්පමය ගැටලු හේතුවෙන් සම සුදුකිරීම සඳහා භාවිත කරන අලේපන නිසි සොයා බැලීමකින් තොරව භාවිත කිරීමට පෙළඹී ඇති බව චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට මහත්මිය පවසයි. අද (14) සෞඛ්‍ය කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඇය මේ අදහස් පළ කළේය. “අපි අන්තර්ජාලයට ගිහින් බැලුවොත් මෙන්න මේ ආලේපනය විකුණනවා කියලා කිව්වොත් ඒකට යටින් තියෙන කමෙන්ට්වල මම දැකලා තියෙන්නේ, එකම දේ තමා “කොච්චර ඉක්මනට සුදුවෙනවා ද? ගාණ කීයද ?” කිසිම කෙනෙක් අහන්නේ නෑ මේකේ මොනවා ද තියෙන්නේ කියලා. කිසිම කෙනෙක් අහන්නේ නෑ මේක ආරක්ෂිත ද? මේක රෙජිස්ටර් කරලා ද? අනුමැතියක් ලැබිලා තියෙනවා ද කියලා. ඒ වගේ දෙයක් ඇහුවත් අහන්නේ අපි වගේ…

Read More