Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ශ්‍රී ලංකා සුපිරි කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් මෙම වසරේ දී සහභාගීවන වන සිය පළමු ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 ඉසව්ව සදහා ලබන මස 2 වැනිදා එක්වනවා. ඒ ඉතාලියේ ෆ්ලෝරන්ස් ඩයමන්ඩ් ලීග් තරගාවලියටයි. යුපුන් ක්‍රීඩා දිවියේ එතෙක් මෙතෙක් සහභාගී වන සුපිරිම තරගය මෙය බවට පත්ව ඇත්තේ මේවන විට ලොව මීටර් 100 ඉසව්වේ සුපිරිතම ක්‍රීඩකයින් එම තරගයට එක්වීම හේතුවෙන්. ඒ අතරට මීටර් 100 ඉසව්වේ වත්මන් ලෝක ශූරයා වන අමෙරිකාවේ ෆ්‍රෙඩ් කර්ලි , මීටර් 100 ඉසව්වේ ඔලිම්පික් රන් පදක්කම් ලාභී ඉතාලියේ මාසෙල් ජේකෝබ්ස්, පොදුරාජ්‍ය මණ්ඩලයීය මීටර් 100 රන් පදක්කම් ලාභීයා ඇතුළු වනවා. එමෙන්ම මෙම වසරේ මීටර් 100 ඉසව්වෙන් වේගවත්ම කාළය…
පළාත් කිහිපයකට අදත් (17) වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා. බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල මෙලෙස වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන්. මුලතිව් දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි වාර්තා වන්නේ. බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි ස්වල්පයක් ඇති වීමට ඉඩ ඇති බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වන්නේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
ආගමික සහජීවනය ට බාධා වන අන්දමේ ආන්දෝලනාත්මක ප්‍රකාශ කළ බවට චෝදනා එල්ල වී ඇති දේවගැති ජෙරම් ප්‍රනාන්දු (15) සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වී තිබෙනවා. ඔහු 15 අළුයම කටුනායක ගුවන් තොටුපළින් පිටත්ව ගොස් ඇති බවයි ගුවන් තොටුපල ආරංචි මාර්ග සඳහන් කළේ. කොළඹ අගරදගුරු නිල නිවසේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි පියතුමන් සදහන් කළේ ජෙරම් ප්‍රනාන්දු නැමැත්තා කතෝලික පුජාප්‍රසාදිතුමකු හෝ කතෝලික සභාවට කිසිදු ලෙසකින් සම්බන්ධ අයෙකු නොවන බවයි. මේ අතර ජෙරම් ප්‍රනාන්දු සිදු කළ ප්‍රකාශය හෙළා දකින බවත් එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත් කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි පියතුමන් එහිදී වැඩිදුරටත් කියා…
ජූලි මස පළමු වැනිදා සිට ක්‍රියාත්මකවීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සකස් කළ යෝජනාව ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත භාර දී තිබේ. ඒ අනුව එමඟින් සියයට තුනකින් විදුලි ගාස්තු අඩු කිරීමට යෝජනා කර ඇති බව වාර්තා වේ. විදුලි ජනන සහ විකුණුම් දත්ත, ඉන්ධන ගල්අඟුරු සහ අනෙකුත් ද්‍රව්‍ය මිල ගණන් මෙන්ම වසරේ විදුලි ජනන සැලසුම සහ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන එම යෝජනාව සකස් කර ඇති බව සඳහන්ය. කෙසේවෙතත් විදුලි නිෂ්පාදනය සඳහා දැරීමට සිදුවන වියදම් පහත වැටී ඇති අවස්ථාවක විදුලි ගාස්තු සියයට 20කින් පමණ පහත දැමිය හැකි බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පසුගියදා පැවසුවේය.
අමෙරිකානු ඩොලරයේ ගැණුම් මිල සහ විකිණුම් මිල අදත් වෙනස් වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ අමෙරිකානු ඩොලරයේ ගැණුම් මිල රුපියල් 305.43ක් බවත් එහි විකිණුම් මිල රුපියල් 318.79ක් බවත් ය.
සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද (16) පැවැත්වීමට නියමිතව තිබේ. අද පස්වරු හතරට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. එහිදී පක්ෂයේ උප සභාපතිවරයෙකු ලෙස කටයුතු කරන පී. හැරිසන් මහතා ජනාධිපතිවරයාට සහාය පළ කිරීම සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය පිළිබඳව අවධානය යොමු කිරීමට නියමිතව තිබේ. එමෙන්ම පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව ගනු ලබන තීන්දු සම්බන්ධයෙන් මෙහි දී අවධානය යොමු කිරීමට නියමිත බව ද සඳහන්ය.
බණ්ඩි පොහොර මිල රුපියල් 4,500කින් අඩු කිරීමට මිල කමිටුවේ අනුමැතිය හිමිවී තිබේ. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඒ බව පැවසීය.
කොළඹට ආරක්ෂක අංශ කැඳවීම සම්බන්ධයෙන් අද (16) දිනයේ පැවැත්වෙන ආරක්ෂක කවුන්සිලයේදී අවධානය යොමුවනු ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි. එම අමාත්‍යංශය පවසන්නේ පෙරහුරුවක් සඳහා අදාළ අංශ පසුගියදා කොළඹට කැඳවූ බවය. අද උදෑසන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක කවුසිලය කැඳවීමට නියමිත බව වාර්තා වේ.
මැදවච්චිය පොලිස් වසමේ මැදවච්චිය නගරය ආසන්නයේ දී වයස අවුරුදු 16ක දැරියක්ව බලෙන් රැගෙනයෑමට උත්සාහ කිරීමක් වාර්තා වේ. පොලීසිය සඳහන් කළේ, දැරියගේ මව විසින් මැදවච්චිය පොලීසියට අදාළ සිදුවීම සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති බවය. සිදුවීමට අදාළ ස්ථානයේ ඇති CCTV දර්ශන සම්බන්ධව විමර්ශන සිදුකිරීමේ දී එම කාලය තුළ එවැනි සිදුවීමක් වාර්තා නොමැති බව පොලීසිය පවසයි. කෙසේ වෙතත් මේ සම්බන්ධව මාර්ගයේ අනෙකුත් CCTV දර්ශන පරීක්ෂා කර මැදවච්චිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
ලබන ජුනි මස පළමු වනදා සිට බලපැවැත්වෙන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තරග නීති 3ක් සංශෝධනය කිරීමට තීරණය කර තිබේ. ඒ පිරිමි හා කාන්තා ක්‍රිකට් කමිටුව විසින් ලබාදුන් නිර්දේශ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විධායක කමිටුව අනුමත කිරීමත් සමගය. ඒ අනුව පිටියේ විනිසුරුවන් විසින් පන්දු රකින්නෙක් උඩපන්දුවක් රැකගත් බව අපැහැදිලි නම් එය තෙවන විනිසුරුට යොමු කිරීමේදී ඊට අදාළව පිටියේ විනිසුරුවන්ගේ මතය ප්‍රකාශ කිරීම (Soft signal) අවශ්‍ය නොවෙයි. එමෙන්ම ක්‍රීඩා පිටියේ අධි අවදානම් අවස්ථාවන්හීදී හිස් ආවරණ පැළඳීම අනිවාර්ය කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. ඒ අනුව පිතිකරුවන් වේගපන්දු යවන්නන්ට මුහුණ දෙන විට, කඩුලු රකින්නන් කඩුල්ල අසලට පැමිණ කඩුලු රැකීමේදී, කඩුල්ල ඉදිරිපස සිට…
