Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
කැලණි ගංගා ද්‍රෝණිය සඳහා ජලාධාර කළමනාකරණ සැලැස්ම සකස් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. කැලණි ගංගා ද්‍රෝණිය ආශ්‍රිත ජල පෝෂක ප්‍රදේශ මේ වන විට දරුණු ලෙස හායනය, පහළ නිම්නවල අවසාදිත තැන්පත් වීම, වැලි ගොඩ දැමීම, භූමි පරිහරණ රටාවන් වෙනස් වීම, නාගරීකරණය, කාර්මීකරණය, ජල පෝෂක ප්‍රදේශ දූෂණය සහ ජල ගුණාත්මක භාවය පිරිහීම ආදී සාධක හේතුවෙන් විශාල පාරිසරික ගැටලු වලට මුහුණ දෙමින් සිටී.එම කරුණු සැලකිල්ලට ගනිමින්, කැලණි ගඟ සඳහා සරල හා ආන්තික උප ජලාධාර තොරතුරු වලින් සමන්විත කළමනාකරණ සැලසුම් ඇතුළත්ව ජලාධාර කළමනාකරණ සැලැස්මක් සකස් කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ. ජලපෝෂක ප්‍රදේශ නගා සිටු වීම සඳහා ඒ සම්බන්ධිත ආයතන සහ ජල පෝෂක ප්‍රදේශ වල…
වැලිගම හෝටලයේ වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු කොළඹ අපරාධ කොට්ඨාශයේ ලේඛනයක් සම්පූර්ණයෙන්ම වෙනස් කෙරුණු බව කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයාගේ පෞද්ගලික සහකාර සුදත් පුල්ලපෙරුම මහතා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව හමුවේ සාක්ෂි දෙමින් ප්‍රකාශ කළේය. කොළඹ අපරාධ කොට්ඨාශයේ ඇති ඉන්වර්ඩ් සහ අවුට් වර්ඩ් ලේඛනයේ 2023.12. 29 දින දත්ත ටිපෙක්ස් කර ඒ වෙනුවට 30 වැනිදා මාතරට යැවීමට සූදානම් කර තිබූ රථයට අදාළ පොලිස් පෝරම 439 ට අදාල දත්ත යනුවෙන් වෙනස් කෙරැණු බව පැවසූ හෙතෙම ලේඛනය ටිපෙක්ස් කර ඇති හෙයින් එය නැවත සකස් කරන ලෙස වැඩබලන අධ්‍යක්ෂ නෙවිල් ද සිල්වා මහතා උපදෙස් දුන් බවද ප්‍රකාශ කළේය අදාල රථයෙන් පිටව…
ටෙහෙරානයට දිගින් දිගටම ප්‍රහාර එල්ලවීම හේතුවෙන් ඉරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එම ස්ථානයෙන් ඉවත් කර ගත් බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (17) පැවසුවේය. එහි උතුරු ප්‍රදේශයේ තාවකාලික ස්ථානයක සිට තානාපති සේවාව ලබාදෙන බවද එමප්‍රදේශයට යද්දි ශ්‍රී ලාංකික ශිෂ්‍යයන් පිරිසක් ද කැඳවාගෙන ගිය බවත් ඔහු කීවේය. ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ සිටි ශ්‍රී ලාංකිකයන් සිවුදෙනෙකුට තුවාල සිදුවී ඇති බවත් ඉන් තිදෙනෙකුට බරපතල නැති බවත් ඔහු සඳහන් කළේය.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (18) විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව කියයි. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, දකුණ සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට නවේදනය…
සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනකුගේ නම් පවසා පුද්ගලයෙකුට තර්ජනය කර රුපියල් කෝටික කප්පම් මුදලක් ඉල්ලා එයින් රුපියල් ලක්ෂ 20 ක මුදලක් ලබාගත් පුද්ගලයන් දෙදෙනෙකු මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ් යු කේ වුට්ලර් මහතා පැවසීය. එම සැකකරුවන් එකී මුදලින් මිලදී ගත්තේ නවීන පන්නයේ යතුරුපැදියක්, තීරෝද රථයක් සහ අපරාධයට යොදාගත් සෙල්ලම් පිස්තෝලයක් , යතුරුපැදිය , ජංගම දුරකථන සහ එම සිම්පත් සහ විවිධ බැංකු වලට අයත් ඒටිඑම් කාඩ්පත් මෙන්න යතුරු පෙදි සහ තීරෝද රථවල සියලුම ලිපි ලේඛන ද පොලිස් භාරයට ගෙන ඇත. මැටියගනේ සහ කොටුගොඩ ප්‍රදේශවල පදිංචි මෙම සැකකරුවන් දෙදෙනා ඉකුත් 9…
ධීවරයින්ට ” සයුර ” විශේෂ හදිසි අනතුරු රක්ෂ යෝජනා ක්‍රමයක් හදුන්වා දීමට කෘෂි රක්ෂණ මණ්ඩලය තීරණය කර තිබේ. ධීවරයින්ගේ අවදානම කළමනාකරණය කරමින් ඔවුන්ගේ ජීවන තත්වය වඩාත් සතුටු දායක තත්වයකට ගෙන ඒම සඳහා මෙම ” සයුර ” විශේෂ හදිසි අනතුරු රක්ෂණ යෝජනා ක්‍රමය ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේද සහයෝගය ඇතිව හඳුන්වා දෙ බව කෘෂි රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංහ ආරච්චි මහතා පැවසීය. ධීවර කර්මාන්තය් යෙදීම නිසා සිදුවන ජීවිත අවදානම පිළිබදව සලකා බලා මෙම රක්ෂණ යෝජනා ක්‍රමය, වාර්ෂිකව අලුත් කරගත හැකි පරිදි හා ධීවරයින්ගේ මූල්‍ය තත්වයට අනුව ආවරණ මට්ටම් 3 කින් සුළු වාරික මුදලක් යටතේ දායක විය හැකි පරිදි සකස් කර…
විපක්ෂය මැතිසබය වර්ජනය කළේ කොළඹ මහ නගර සභාවේ පරාජය දරා ගත නොහැකි වීම නිසා බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පාර්ලිමේන්තුවේදී අද (17) පැවසීය. ඔහු මෙසේ පැවසුවේ ක්‍රීඩාවේදී තහනම් උත්තේජක භාවිතය වැළැක්වීම පිළිබඳ පනත් කෙටුම්පතේ රෙගුලාසි පිළිබඳ විවාදයේදීය. කොළඹ මහ නගර සභාවට රහස් ඡන්දය පැවැත්වූයේ සියලු දෙනාගේ අනුමැතිය බවද ඔහු සඳහන් කළේය. පළාත් පාලන කොමසාරිස්වරිය ඇතුළු සියලු රාජ්‍යතන්ත්‍රය ආරක්ෂා කරන බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා කොමසාරිස්වරිය පළාත් පාලන පනත ප්‍රකාරව නිත්‍යානුකූලව කටයුතු කළ බවද සඳහන් කළේය. හැට දෙකේ ලේඛනය කොහේදැයි තමා මුජිබර් රහුමාන් මහතාගෙන් විමසන බවත් ඔහු තවමත් දුවන බවත් හෙතෙම පැවසීය.
අධික ලෙස බීමත්ව මාර්ග නීති උල්ලංඝනය කරමින් බදුල්ල සිට කොළඹ බලා බස් රථයක් ධාවනය කරමින් සිටි පෞද්ගලික මගී බස් රථයක රියදුරු අද (17) හල්දුම්මුල්ලේදී අත්අඩංගුවට බව හල්දුම්මුල්ල පොලිසියේ පැවසීය. හල්දුම්මුල්ල පොලිසියට ලැබුණු දුරකථන ඇමතුමක් අනුව හල්දුම්මුල්ල නගරයේදී මෙම බස් රථයේ නවතා පරීක්ෂා කිරීමේදී රියදුරු අධික ලෙස බීමත්ව සිටි බැවින් හල්දුම්මුල්ල දිසාරෝහලට කැදවා රියදුරු බීමත්ව සිටි බවට වෛද්‍ය වාර්තාව අනුව තහවුරුකරගෙන තිබේ. මගීන්ට සිදුවන අපහසුතා මගහැරවීමට බස් රථය වෙනත් රියදුරකු යොදවා කොළඹ බලා ධාවනය කරවීමට අවශ්‍ය කටයුතු යෙදූ බවද පොලිසිය පැවසීය.
2026 වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන පරිවර්තන ක්‍රියාවලියට අදාළ මාර්ගෝපදේශ මෙම වසරේ අගෝස්තු මාසයේ එළි දැක්වීමට අවශ්‍ය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි. ඒ සම්බන්ධයෙන් ගුරුවරුන් පුහුණු කිරීම පිළිබඳව සාකච්ඡාවක් ඊයේ (16) දින මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේදී අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරියගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. 2026 වසරේ සිට 1 සහ 6 ශ්‍රේණි සඳහා නව විෂය නිර්දේශ හඳුන්වා දෙන බවත්, 2028 වර්ෂයේ 10 ශ්‍රේණියට නව විෂය නිර්දේශය හඳුන්වා දීමට නියමිත බවත් නව විෂය නිර්දේශයට අනුව 2029 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්විමට කටයුතු කරන බව හා 9 වන ශ්‍රේණියේ සිට වෘත්තිය අධ්‍යාපනය හඳුන්වා දීමට නියමිත…
සීතාවක ප්‍රාදේශීය සභාව සඳහා නව සභාපතිවරයෙකු පත් කර ගැනීම සඳහා වූ ඡන්ද විමසීම අද (17) බස්නාහිර පළාත් කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. එහිදී සභාපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා රහස් ඡන්දයක් පවත්වන්නේද විවෘත ඡන්දයක් පවත්වන්නේද යන්න සිදුකළ විමසීමේදි එක් පාර්ශ්වයක් විවෘත ඡන්දයක් පවත්වන ලෙසත් තවත් පාර්ශ්වයක් රහස් ඡන්දයක් පවත්වන ලෙසත් වූ යෝජනා ස්ථීර කරන ලදි. ඒ අනුව යෝජනා දෙකක් ඉදිරිපත්වී ඇති බැවින් සභාපතිවරයා පත් කර ගැනීම සඳහා වූ ඡන්ද විමසීම රහස් ඡන්දයක් ද විවෘත ඡන්දයක්ද වශයෙන් තීරණය කිරීමේ බලය කොමසාරිස්වරියට ඇති බැවින් මෙය රහස් ඡන්දයක් ලෙස පවත්වන බවට කොමසාරිස්වරිය පවසා තිබේ. එම තීරණයට විරෝධය පළ කරමින් සභිකයින් 24 දෙනෙකු…