Author: LANKA24X7

ඉන්දුනීසියාවේ ජාකාරතා නුවරදී අත්අඩංගුවටගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් අතර සිටි බැකෝ සමන් යන අයගේ මස්සිනා රුපියල් ලක්ෂ 60 කට අධික වටිනා මත්ද්‍රව්‍ය තොගයක්, රුපියල් ලක්ෂ ගණනාවක මුදල් සහ ගිනි අවියක් සමග අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය කියයි. එම සැකකරු සමඟ මයික්‍රෝ වර්ගයේ පිස්තෝල අවියක් ,එම මැගසිනයක් සහ ජිව උණ්ඩ එකක් සහ හොරයින් මත්කුඩු ග්‍රෑම් 577 ක් රුපියල් 505,000/= ක මුදලක්ද පොලිස් භාරයට ගෙන ඇත. පොලිස් විශේෂ කාර්ය බළකා විශේෂ මෙහෙයුම් මේකේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෑලියගොඩ කැලණිය බියගම මාර්ගයේදී මෝටර් රථයකින් යමින් සිටි සැකකරු අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී හොරයින් මත්කුඩු ග්‍රෑම් 27 මිලිගෑම් 810 ක් මෙන්න මත්ද්‍රව්‍ය ජාවාරමෙන්…

Read More

ගිගුරුම් සහිත වැසි ඇති විමේ හිතකර වායුගෝලීය තත්වයක් සවස් කාලයේ පවතින බව කාලගුන විද්‍යා දෙපාර්තමේනතුව පවසයි. තදවැසි තද සුළං සහ ප්‍රබල අකුණු මගින් සිදුවන අනතරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගනනැයි ද දැනුම් දෙයි. දිවයිනේ බොහෝ පළාත්වලට පස්වර 1.00 පමණ පසු ගිගුරුම් සහිතවැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල,මාතර,යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් තැනින් තැන උදෑසන කලෙයේදී වැසි ඇති විය හැකියි. බසනාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු – මැද සහ ඌව පළාත්වලත් වවුනියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්තානවලට මිලි මීටර් 75 වැඩි තද වැසි ඇති වේ.

Read More

ආන්දෝලනයට තුඩු දී ඇති ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කළ යුතු විද්‍යාත්මක ආකාරය පිළිබඳව ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සඳහා ඉහළ මට්ටමේ කමිටුවක් පත් කරන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව රජයට යෝජනා කර ඇත. මේ අවශ්‍යතාව දැනුම් දෙමින් ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් අමාත්‍යාංශයට ලිපියක්ද යොමුකර ඇත. මේ වැඩ පිළිවෙල සම්බන්ධයෙන් රජය පාර්ශ්වයෙන් ද එකඟතාවය ලැබී ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචිමාර්ගවලින් පැවසේ. රජයේ අමාත්‍යවරුන් ඉදිරිපත් කර ඇති වත්කම් ප්‍රකාශයන්හිද ක්‍රිප්ටෝ මුදල් ආයෝජන කර ඇති බවට සඳහන් කර තිබීම හේතුවෙන් පසුගිය දිනවල මෙම මුදල් සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහක්ද නිර්මාණය විය

Read More

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද ඉදිරි සති දෙක තුන ඇතුළතදී කොළඹ රජයේ බංගලාවෙන් ඉවත්වී නගරයේම කුලී නිවසක පදිංචියට යෑමට නියමිතය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මේ දිනවල අසනීප තත්වයෙන් පසුවන හෙයින් ඒ කටයුතු ප්‍රමාද වුණු බවද හිටපු ජනාධිපතිවරියගේ ලේකම්වරයෙක් ලංකාදීපයට සඳහන් කළේය. හිටපු ජනාධිපතිවරුන්ගේ පහසුකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මත කෙරිණ. මේ අනුව හිටපු ජනාධිපති වරුන්ගේ විශ්‍රාම වැටුප හැර අනෙකුත් සියලුම පහසුකම් අහිමි වී ගියේය. එසේම හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිඳගේ විශ්‍රාම වැටුප මෙන්ම අනෙකුත් සියලුම පහසුකම්ද මෙම පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසු අහිමිවී ගොස් ඇත.

Read More

ආර්ථික අර්බුදයෙන් පසු මෙරට ආර්ථික වර්ධනය මේ වනවිට 5%ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජූලි කොසැක් මහත්මිය පැවසීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇය මේ බව පැවසුවාය. එහිදී කොසැක් මහත්මය වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකාවේ පුළුල් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන ආකර්ෂණීය ප්‍රගතියක් අත්කරගෙන තිබෙන බවය. තවදුරටත් අදහස් දැක්වූ කොසැක් මහත්මිය, “ශ්‍රී ලංකාවේ පුළුල් ප්‍රතිසංස්කරණ වැඩසටහන සම්බන්ධයෙන් මට කිව හැකි දේනම් එය අඛණ්ඩව ආකර්ෂණීය ප්‍රගතියක් අත්කර ගෙන තිබෙනවා. උද්ධමනය තවමත් අඩු මට්ටමක පවතින අතර, රජයෙන් ආදායම් රැස්කිරීම වැඩිදියුණු වෙමින් පවතිනවා. ඒ වගේම ජාත්‍යන්තර සංචිත එකතු වෙමින් පවතිනවා. 2024 වසරෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 5%ක් දක්වා…

Read More

බඩු බාහිරාදිය භාර ගැනීම සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර ඇති වී තිබෙන කඹ ඇදීමක් හේතුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පදිංචිව සිටි කොළඹ විජේරාම මාවතේ බංගලාව රජයේ භාරයට ගැනීම තවදුරටත් ප්‍රමාද වෙමින් තිබෙන බව වාර්තාවේ. එම බංගලාවේ ඇති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බඩු භාණ්ඩ ඉවත් කරගන්නා ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය කිහිප වතාවක්ම හිටපු දැනුම්දී ඇත. එහෙත් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ආණ්ඩුව බංගලාවේ බඩු භාණ්ඩ ලැයිස්තුව පරීක්ෂා කර ඒවා ඉවත් කර ගත් පසු තමාගේ බඩු භාණ්ඩ ඉවත් කරගන්නා බවයි. මුලින්ම බඩු ඉවත් කරගත්තහොත් යම් විදිහකින් හෝ රජයේ බඩු ගෙන ගියා යයි චෝදනාවක් එල්ල කිරීමට ඇති ඉඩකඩ වැළැක්වීමේ පියවරක් ලෙස හිටපු ජනාධිපතිවරයා…

Read More

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කොළඹ කැප්පිටිපොළ මාවතේ නිවසින් ඉවත්වීමට නොවැම්බර් මස පළමු වැනිදා දක්වා කාලය ඉල්ලා ඇතැයි වාර්තාවේ. කෙසේ වෙතත් ඔහු සියලුම වාහන රජයට දැනටමත් බාරදී ඇත. මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී බත්තරමුල්ලේ නිවසක පදිංචියට යෑමට නියමිතය.

Read More

දරුවන්ට ශාරීරිකව දඬුවම් කිරීම සම්බන්ධව දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ නීතියක් ලෙස සම්මත කර නොමැති යැයි අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා නිකුත් කළ නිවේදනය පහත දැක්වේ. “ ඉහත සඳහන් කළ දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පසුගිය සැප්තැම්බර් 24 වැනිදා පවත්වන ලදී. එහෙත් අදාළ පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයක් පැවැත්වුවා මිස එය නීතියක් ලෙස සම්මත කර ගැනීමකින් තොරව කල්තැබු අතර, අදාළ පනත් කෙටුම්පත සම්මත කරනු නොලැබුවේ එම සංශෝධනය බලාත්මකවීමට නම් ඊට සමානව අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ ද සංශෝධනයක් සිදු විය යුතු…

Read More

ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය නිවැරදිව කරන ලෙස ඉල්ලමින් ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තිය සමිති රැසක් ක්‍රියාත්මක කරන ‘අකුරට වැඩකිරීම’ ක්‍රියාමාර්ගය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් ලබන අඟහරුවාදා කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රභාත් ප්‍රියන්ත මහතා ඊයේ (3) පැවසීය. ‘අකුරට වැඩකිරීම’ වෘත්තීය ක්‍රියාමාර්ගය තව දුරටත් ක්‍රියාත්මක වන බවත් කම්කරු දෙපාර්තමේන්තුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කරන සාකච්ඡාවල ප්‍රතිඵලය මත ඉදිරි ක්‍රියාමාර්ග තීරණය වන බවත් ඒ මහතා කීය. ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට එරෙහිව එහි වෘත්තීය සමිති 25 ක් පසුගිය සැප්තැම්බර් මස 4 වැනිදා අකුරට වැඩකිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළ අතර එම වෘත්තිය ක්‍රියාමාර්ගය වර්ජනයක් දක්වා දැඩි කරන බව…

Read More

මාර්ග සංවර්ධන අධිකාරිය මාර්ග ඉදිකිරීම සඳහා දේශීය බැංකුවලින් ලබාගෙන ඇති රුපියල් කෝටි 31000ක පමණ අධික ණය මුදල් ප්‍රමාණය ගෙවීම ලොකු අර්බුදයක් බවට පත්ව ඇතැයි වාර්තාවේ. මේ හේතුවෙන් එම ණය මුදල් ගෙවීමට අයවැයෙන් වෙන් කර ඇති රුපියල් කෝටි 3600 ගැනීම සදහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමට පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරන බව ප්‍රවාහන අමාත්‍යාංශයේ නිලධාරීහු රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට දැනුම් දුන්හ. මෙම පරිපූරක ඇස්තමේන්තුව එම කාරක සභාවේදී සලකා බැලීමෙන් පසුව අනුමත කෙරිණ මේ අතර ශ්‍රී ලංකාව විදේශයන්ගෙන් හා දේශීයව දැනට ලබාගෙන ඇති ණය ප්‍රමාණ පිළිබඳව මුදල් කාරක සභාවට කැඳවා සිටි රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාල නිලධාරීන්ගෙන් විමසා සිටියේය. විදේශ ණය ඩොලර් කෝටි 3700…

Read More