Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ඌව පළාතෙත් අම්පාර, මඩකළපුව, මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ ඉහත ප්‍රදේශයන් හී ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවය. උතුරු පළාතෙත් මහනුවර, අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, මොනරාගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40 ක පමණ තරමක තද සුළං ඇති විය හැකිය. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම…
මහජන හදිසි අවස්ථා තත්ත්වය සැලකිල්ල ගෙන නිකුත්කර තිබූ හදිසි තත්ත්වය තවදුරටත් දීර්ඝ කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් අද (28) අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ. ශ්‍රී ලංකාවේ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් පැවතීම හේතු කොටගෙන මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම හා මහජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් හා සේවා පවත්වා ගෙන යෑම සඳහා මෙම මහජන හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කර ඇත.
“හෙළයේ ගීත කෝකිලාවිය” කලාශූරී ලතා වල්පොල මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු දෙසැම්බර් 31 වන බදාදා පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදුකිරීමට නියමිතය. රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ ඒ මහත්මියගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුකිරීමට රජය තීරණය කළ බවය. දේහය අද පස්වරු 3.00 සිට රාත්‍රී 10.00 දක්වා පුද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරෙන අතර එළැඹෙන 31 වනදා නිදහස් චතුරස්‍ර පරිශ්‍රයට රැගෙන යෑමෙන් අනතුරුව බොරැල්ල පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදුකිරීමට නියමිතය. රෝගී තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එතුමිය ඊයේ පස්වරුවේ අභාවප්‍රාප්ත විය. මියයන විට ලතා වල්පොල මහත්මිය 91 වන වියේ පසුවුණි. වර්ෂ 1934…
සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඉන්දීය කාන්තා කණ්ඩායම අතර සිව්වන විස්සයි20 ක්‍රිකට් තරගය අද (28)පැවැත්වෙයි. තරගය ඉන්දියාවේ තිරුවනාන්තපුරම් හිදී අද රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි. දෙරට අතර පැවති මුල් තරග තුනම ජයගත් ඉන්දීය කාන්තා කණ්ඩායම මේ වන විටත් විස්සයි20 තරගාවලිය ජයගෙන තිබේ.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද (28) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, මොනරාගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ…
විදේශගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු “හීනටියන මහේෂ්” නමැත්තාගේ ඥාතියකු බව පැවසෙන “ජින්ගා” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය මගින් සිදු කළ විමර්ශනයක දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු සන්තකයේ තිබී විදේශයක නිෂ්පාදිත පිස්තෝල වර්ගයේ ගිනිඅවියක්, මැගසිනයක් සහ ටී 56 උණ්ඩ 25ක් සොයාගත් බව පොලිසිය පැවසුවා සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරයි.
එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගනිමින් අමෙරිකානු කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු වේගපපන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් පත්කර තිබේ. එම වගකීමට අනතුරුව ඔහුට කණ්ඩායමේ සහායක පුහුණුකරුගේ වගකීමද ලබාදී ඇත. 2026 ලෝක කුසලානයට සහභාගිවීම සඳහා අමෙරිකානු ක්‍රිකට් කණ්ඩායම් ජනවාරි මස 10වනදා ලංකාවට පැමිණීමට නියමිතව තිබේ. ඔවුන් සිය ලෝක කුසලාන පුහුණුවීම් කටයුතු ශ්‍රී ලංකාවෙන් ආරම්භකිරීමට සැලසුම්කර ඇත. ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් අමෙරිකාව ක්‍රීඩාකරන පළමු තරගය පෙබරවාරි 7වනදා ඉන්දියාවට එරෙහිව වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
සීදුවේ සමාජ ශාලාවකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමින් සිටි බව කියන පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් සිදුකළ වැටලීමකදී සැකකරුවන් 06කු සහ පෙට්‍රල් බෝම්බ 06ක් අත්අඩංගුවට ගෙන ඇත. එම සැකකරුවන් අතර එම ආයතනයේ කළමනාකරු, ව්‍යාපාරිකයෙකු, ත්‍රිරෝද රථ රියදුරන් තිදෙනෙකු හා තවත් පුද්ගලයෙකු වන බව සඳහන් වේ. සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරයි.
හික්කඩුව, පන්නම්ගොඩ වෙරළ තීරයේ ඊයේ (26) දිය නෑමට ගිය විදෙස් කාන්තාවක් හා ඇගේ දරුවා දිය වැලකට හසුව මුහුදට ගසාගෙන යමින් සිටියදී බේරාගැනීමට හික්කඩුව පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් කටයුතු කර තිබේ. ඊයේ දහවල් කාලයේ වෙරළ තීරයේ රාජකාරී යෙදී සිටි උපපොලිස් පරික්ෂක සිරිමල්, පොලිස් කොස්තාපල් (87162) දිසානායක හා පොලිස් කොස්තාපල් (96221) දුමින්ද යන නිලධාරීන් විසින් ඔවුන් දෙදෙනා බේරාගෙන ඇත. අනතුරට ලක්ව ඇත්තේ යුක්‍රේන් ජාතික අවුරුදු 42ක් වූ කාන්තාවක් හා ඇගේ අවුරුදු 14ක් වූ පුත්‍රයා වේ.
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පුපුරණ ද්‍රව්‍ය ඇති බවට ලද තොරතුර යම්කිසි මහජන කැලඹීමක් ඇතිකිරීමට ගත් උත්සාහයක් බවට පොලිසිය සැක කරයි. අද (27) උදෑසන නවතම නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කරන්නේ මෙම තොරතුර සම්බන්ධව පරිගණක අපරාධ විමර්ශන අංශය මගින් වැඩිදුර විමර්ශන සිදුකරනු ඇති බවය. මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ස්ථාන 05ක බෝම්බ සඟවා ඇති බවට එම කාර්යාලයේ ඊ-මේල් ලිපිනයට ඊයේ (26) දින පණිවිඩයක් යොමු කර තිබුණි. ඒ, සම්බන්ධයෙන් මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට කරන ලද දැනුම්දීමක් මත මහනුවර පොලිස් ස්ථානයේ නිලධාරීන්, පොලිස් නිල සුනඛ කොට්ඨාසය, පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිෂ්ක්‍රීය අංශය සහ යුද හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීන් කැඳවා සෝදිසි…
