Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
2025 වසරේ ලොව විශාලතම විදුලි වාහන නිෂ්පාදකයා බවට චීනයේ BYD සමාගම පත්ව තිබේ. මෙතෙක් කලක් එම කිරුළ දරා සිටියේ අමෙරිකාවේ ටෙස්ලා සමාගමය. ටෙස්ලා සමාගමේ වාහන අලෙවිය අඛණ්ඩව දෙවන වසරටත් පහත වැටීම හේතුවෙන් ඔවුන්ගේ ප්‍රබලම ප්‍රතිවාදියා වූ BYD සමාගම මෙලෙස ඔවුන් අබිබවා ගොස් ඇත. ටෙස්ලා සමාගම 2025 වසරේ දී වාහන මිලියන 1.64ක් අලෙවි කර ඇති අතර, BYD සමාගම එම වාසරේ දී වාහන මිලියන 2.26ක් අලෙවිකර ඇති නවතම වාර්තාවකින් හෙළිවී තිබේ. ඒ අනුව 2024 වසරෙට සාපේක්ෂව 2025 වසරේ දී ටෙස්ලා සමාගමේ වාහන අලෙවි 9%කින් පහත වැටී ඇති බව සඳහන්.
බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අදට (03) යෙදී තිබේ. වසරේ පළමු පොහොය අද වීමත් විශේෂත්වයකි. සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත බුදුන්වහන්සේ ලංකාවට වැඩම කර උන්වහන්සේට කේශධාතු මිටක් පූජාකර එම කේශධාතු නිධන් කර මහියංගනය සෑය ඉදිකිරීම ද දුරුතු පුර පසළොස්වක පොහෝ දිනයක සිදූවූ බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි.
2026 පන්දුවාර 20 ලෝක කුසලානය වෙනුවෙන් කොළඹ SSC ක්‍රීඩාංගණයේ සියලු නවීකරණ කටයුතු ජනවාරි 20වනදා වනවිට සිදුකර අවසන් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරික සූජිව ගොඩලියද්ද මහතා පවසයි. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගනිමින් SSC ක්‍රීඩාංගණයේ ස්ථාපිත නව අති නවීන LED විදුලි අලෝක පද්ධතිය සවි කිරීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතින බවද සඳහන් වේ. ක්‍රීඩාංගණයේ යටිතල පහසුකම් වැඩිදියුනු කිරීමේ ව්‍යපෘතියට අදාළව ක්‍රීඩක විවේකාගාරය වැඩිදියුණු කිරීම, තරග තීරකවරුන්ගේ සහ විනිසුරුවරුන් වෙනුවෙන් නව කාමර ඉදිකිරීම ඇතුළු කටයුතු රැසක් මෙහිදී සිදු කෙරේ. මෙම සමස්ථ ව්‍යාපෘතිය සඳහා වැයකෙරෙන මුදල රුපියල් බිලියන 1.7කට අධිකය එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරික සූජිව…
කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 3 ග්‍රෑම් 419ක් සමගින් ඉන්දීය ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 35ක අයෙකු වන අතර සැකකරු විසින් මෙරටට ගෙන ආ මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් මිලියන 34.19ක් වන බවද රේගු නිලධාරීන් පැවසීය. සැකකරු බැංකොක් සිට මෙරටට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් මෙරටට පැමිණ තිබේ. සැකකරු සහ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාර දී තිබේ.
මේ වසර සඳහා විදුලි ගාස්තු සංශෝධනයක් වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව වසරේ පළමු කාර්තුවේ දී 11.57%ක විදුලි ගාස්තු වැඩිකිරීමක් අවශ්‍ය බව එහිදී ඔවුන් සඳහන් කර ඇත.
මෙම මාසය තුළ ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුනොවන බවට වාර්තා වේ. ලෝක වෙළෙඳපොළේ පවතින තත්ත්වය අනුව ගෑස් මිලෙහි වැඩිවීමක් අවශ්‍ය වුවද රට තුළ පවතින තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් මෙම අවස්ථාවේ මිල සංශෝධනයක් සිදුනොකරන බව එම සමාගමේ ප්‍රකාශයෙකු පැවසීය. ලිට්‍රෝ කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 3,690ක් වන අතර කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රු. 1,482කි. කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රු. 694ක් ලෙස පවතී එහෙත් ඊයේ (01) සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ගණන් සංශෝධනය කර තිබුණි. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 4,250කි. එමෙන්ම කිලෝග්‍රෑම්…
2026 වර්ෂය තුළ පාසල් පවත්වන වේලාව දීර්ඝ නොකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත්කරමින් එම අමාත්‍යාංශය මේ බව පැවසීය. රට තුළ උද්ගත වූ ආපදා තත්ත්වය සහ පළාත් කිහිපයක පාසල් පද්ධතියට සහ ප්‍රවාහන පද්ධතියට සිදුව ඇති අලාභ හානි සැලකිල්ලට ගනිමින්, පාසල් පද්ධතිය සහ ප්‍රවාහන පද්ධතිය යථා තත්ත්වයට පත් වන තුරු මෙය ක්‍රියාත්මක නොකරන බව අදාළ නිවේදනයේ දැක්වේ. එමෙන්ම මේ සම්බන්ධයෙන් වන සවිස්තරාත්මක චක්‍රලේඛය (2) දින නිකුත් කරන බවද සඳහන්. ඒ අනුව, – 2026 වසර තුළ 5 -13 ශ්‍රේණි සඳහා පාසල් කාලය පෙ.ව 7.30 – ප.ව 1.30 ලෙස නොවෙනස්ව පවතියි. – රජයේ, රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන් 2026 වර්ෂයේ පළමු…
ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පවතින බැවින් ඉදිරි දිනවලදී දිවයිනේ උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (02) අලුයම නිකුත් කළ නවතම නිවේදනයේ සඳහන් වෙයි. අද දිනයේ නැගෙනහිර, මධ්‍යම, උතුරු-මැද සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවිය හැකිය. මධ්‍යම සහ ඌව පළාත්වලත් මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති වෙයි. උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවද එම නිවේදනයේ දැක්වෙයි. සෙසු ප්‍රදේශවල පස්වරු 2න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි…
සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක හුස්ම වැඩසටහන යටතේ කරවනැල්ල මුලික රෝහලට රු. ලක්ෂ 28ක් වටිනා රෝහල් උපකරණ ලබා දීමේ අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (01) එක්විය. මෙහි දී Patient Monitor 5ක්, Syringe Pump 1ක් හා Infusion Pump 1ක් පරිත්‍යාග කෙරිණි. දිට්වා සුළි කුණාටුව නිසා ඇති වූ ආපදා තත්ත්වය නිසා හානි වූ ප්‍රදේශවල සෞඛ්‍ය පහසුකම් දියුණු කිරීමේ අරමුණින් සහන වැඩසටහනක් ලෙස මෙම රෝහල් උපකරණ පරිත්‍යාග කිරීම සිදු විය. ඔස්ට්‍රේලියානු මොනැෂ් සරසවිය 2000-2019 කාලයේ රටවල් 9ක සුළි කුණාටු 217ක් සහ මරණ මිලියන 15ක් පිළිබඳ සිදු කළ පරීක්ෂණවල ප්‍රතිඵල අනුව සුළි කුණාටුව අවස්ථාවේ මරණයට පත්වූ ප්‍රමාණයට වඩා පසු ආපදා සමයේ නිර්මාණය…
දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම යටතේ විවිධ අපරාධ සිද්ධීන්වලට සෘජුව සම්බන්ධ පුද්ගලයින් 15දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම අත්අඩංගුවට ගැනීම් ඊයේ (31) දිනයේ දී සිදුකර ඇති අතර එහිදී පුද්ගලයින් 30,676දෙනෙකු පරීක්ෂාවට ලක්කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය. විවිධ සිද්ධීන්වලට සැකපිට පුද්ගලයින් 460දෙනෙකු සහ වරෙන්තුකරුවන් 191දෙනෙකු එහිදී අත්අඩංගුවට ගෙන ඇත. ඊට අමතරව බීමත්ව රිය ධාවනය සම්බන්ධයෙන් පුද්ගලයින් 591දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසීය.
