Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
සබරගමුව, බස්නාහිර, මධ්‍යම, දකුණු, වයඹ, ඌව සහ උතුරු-මැද පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බවය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
කෑගල්ල, අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ රුවන්වැල්ල, වැන්දල ප්‍රදේශයේ දී මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ගමන්ගත් සුඛෝපභෝගී ජිප්රථය අනතුරකට ලක්ව තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ දී වාහනය තුළ රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පුද්ගලයින් 5 දෙනෙක් සිට ඇත. අප වාර්තාකරු පැවසුවේ අනතුරින් සියඹලාපිටිය මහතාගේ ආරක්ෂක නිලධාරියා තුවාල ලබා රෝහල් ගතකළ බවය. මේ අතර සුළු ආබාධ තත්ත්වයක් හේතුවෙන් රාජ්‍ය අමාත්‍යවරයා ද මේ වනවිට කරවනැල්ල මුලික රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ. රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවස ආසන්නයේ මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටී ජිප් රථය අනතුරට ලක්ව තිබේ.
දිවිතුරවත්ත, ඇත්කදුර ප්‍රදේශයේ ලැයිමක් අසල කැලෑබද ප්‍රදේශයක ගල් දෙබොක්කාවක තිබී ඊයේ (07) පුද්ගල මළ සිරුරක් හමුව ඇත. පොලීසිය පැවසුවේ මෙලෙස මිය ගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 21 හැවිරිදි අවිවාහක තරුණයෙකු බවය. මෙම පුද්ගලයා ඔහුගේ බාල සොහොයුරා සමග නිවසේ පදිංචිව සිට තිබේ. පසුගිය 05 වනදා ඔහු තවත් පුද්ගලයෙකු සමග නිවසෙන් පිටව ගොස් නැවත නිවසට නොපැමිනීම හේතුවෙන් ඔහුගේ සහෝදරයා විසින් ඒ පිළිබඳව පොලීසියට පැමිණිලි ද කර ඇති බව පොලීසය සඳහන් කළේය. මෙය සැකකටයුතු මරණයක් බැවින් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත දේහය ඇල්පිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ. ඇල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
බස්නාහිර, සබරගමුව, දකුණු, ඌව, මධ්‍යම, වයඹ සහ උතුරු – මැද පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසිද ඇති විය හැකියි. එමෙන්ම බස්නාහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේ දීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. තවද ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේ දී…
පාන් ඇතුලු බේකරි නිෂ්පාදන, සිමෙන්ති සහ කිරිපිටි මිල තීරණය කිරීම සඳහා ඉදිරියේ දී පාරිභෝගික අධිකාරියට මැදිහත්වීමට සිදුවනු ඇතැයි එහි සභාපති නීතීඥ ශාන්ත නිරිඇල්ල පවසනවා. කර්මාන්තකරුවන් මේ අවස්ථාවේ ඒවායේ මිල අඩු නොකිරීම ඊට හේතුව බවයි හිරු ප්‍රවෘත්ති අංශය සමඟ සංවාදයකට එක්වෙමින් ඔහු කියා සිටියේ. එසේම රසායනාගාර පරීක්ෂණ සහ ඔන්ලයින් ක්‍රමයට භාණ්ඩ අලෙවි කිරීම දිරිමත් කිරීමට ඉදිරියේ දී නව රෙගුලාසි හඳුන්වාදෙන බවද පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයා කියා සිටියා.
12 වන ජාත්‍යන්තර T-20 අර්ධ ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස් සමත් වී තිබෙනවා. ඒ, මේ වන විට පැවැත්වෙන තුන්වන T-20 තරගයේ දීයි. පන්දු 37ක් තුළ රැස් කළ මෙම අර්ධ ශතකයට හයේ පහර 4ක් සහ හතරේ පහර 4ක් ඇතුළත්.
“අපේ රට බංකොළොත් කළ හොරාකාපු දුෂිත මේ ආණ්ඩුවට සමගි ජන බලවේගයේ කිසිම මන්ත්‍රිවරයෙක් යන්නේ නෑ, යන්න අනුමැතියත් අවසරයත් මම දෙන්නේ නෑ.ර ජය කරන හොද වැඩ අපි විවේචනය කරන්නේ නෑ. අද ආණ්ඩුවේ ඉන්න මහින්දානන්ද ඇතුළු හිටපු ඇමතිවරුන්ට මේ ආණ්ඩුවේ ඇමතිකම් නොළබීම ගැන මම දකින්නේ දිට්ඨදම්ම කර්මය පටිසන් දුන්නා කියලයි.දැන් ජන්දයක් තියලා ජනතාවට කැමති රජයක් පත්කරගන්න ඉඩ දෙන්න” යැයි සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බංඩාර මහතා මාධ්‍ය හමුවක් පවත්වා බිබිලේදි පැවැත්විය, බිබිල මැදගම පිහිටි රංජිත් මද්දුම බංඩාර මහතාගේ නිවසේදි මාධ්‍ය හමුවක් පවත්වමින් ලේකම්වරයා එසේ පැවසීය එහිදි තවදුරටත් අදහස් දැක්වු රංජිත් මද්දුම බණ්ඩාර මහතා මෙසේද පැවසීය. “අද ආණ්ඩුවට බාලගිරි දෝෂය වගේ…
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේ බීමත්ව රිය පදවන්නන් නීතියේ රැහැනට කොටුකරගැනීමට රට පුරා පොලිස් ස්ථානවලට බීමත් රියදුරන් පරීක්‍ෂා කිරීමේ පරීක්‍ෂණ කට්ටල 170,000 කට ආසන්න සංඛ්‍යාවක් බෙදීම ආරම්භ කළ බව පොලිස් මූලස්ථානය පවසයි. එම පරීක්‍ෂණ කට්ටල 70,000 කට අධික ප්‍රමානයක් මේ වන විටත් පොලිස් ස්ථානවලට ලැබී ඇති බවත් ඉදිරි ප්‍රමාණය ඉදිරි දින දෙකේදී පොලිස් ස්ථානවලට යොමු කරන බවත් පොලිස් මූලස්ථානය වැඩි දුරටත් කියයි.
රාජ්‍ය සේවක වැටුප ලබන සඳුදා ලබා දීමට තීරණය කර තිබෙනවා. රජයේ ආරංචි මාර්ග පැවසුවේ විශ්‍රාම වැටුප සහ සමෘද්ධි දීමනාද එදිනම ලබා දෙන බවයි. ආසන්න කාලයකදී මාර්තු සහ අප්‍රේල් යන මාස දෙකේම වැටුප් සහ දීමනා ගෙවීම ගැටලුවක්ව තිබූ බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මීට පෙර ප්‍රකාශ කළේ. මේ අතර 2023 පළාත් පාලන මැතිවරණය සදහා නාම යෝජනා භාරදුන් රාජ්‍ය නිලධාරීන් සදහා වැටුප් ගෙවීමට අදාළ චක්‍රලේඛය ඊයේ නිකුත් කළා. පසුගිය තුන්වනදා පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී ඊට අනුමැතිය හිමි වුනා. ඒ අනුව මාර්තු 09 සිට අප්‍රේල් 25 දක්වා එම නිලධාරීන්ට හිමි මූලික වැටුප ලබාදෙනු ඇති.
ටයිම් සඟරාවේ 2023 වසරේ ලොව බලගතුම පුද්ගලයන් 100 දෙනා අතර පෙරමුණ ගැනීමට සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සමත්ව තිබෙනවා. මෙම බලගතුම පුද්ගලයින් තෝරා ඇත්තේ ටයිම් සඟරාවේ පාඨක ඡන්දයෙන්. ටයිම් සඟරාව සෑම වසරකම ලොව බලගතුම පුද්ගලයන් 100 දෙනා මෙලෙස නම් කරනු ලබනවා. ටයිම් සඟරාවේ පාඨකයන් මිලියන 1යි දශම 2කට වඩා වැඩි ප්‍රමාණයක් මේ සඳහා ඡන්දය ප්‍රකාශ කර තිබුණා. ඉන් සියයට හතරක ඡන්ද ප්‍රතිශතයක් හිමිව ඇත්තේ ෂාරුක් ඛාන්ටයි. පාඨක ඡන්ද වලින් සියයට තුනක ඡන්ද ප්‍රතිශතයක් ලබා දෙවන ස්ථානයට පත්ව ඇත්තේ නිදහස වෙනුවෙන් සටන් වදින ඉරාන ජාතික කාන්තාවක්. තුන්වෙනි සහ හතරවෙනි ස්ථානය දිනාගැනීමට හැරී කුමරු සහ මේගන් කුමරිය සමත්ව තිබෙනවා. 5වන ස්ථානය හිමිවුණේ…
