Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
විගමණික ශ්‍රමිකයින්ට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් සිංහල හා දමිල අලුත් අවුරුද්ද වෙනුවෙන් රු.10,000ක මුදලක් ලබාදෙන බව පවසා විදේශ රටක සිට ක්‍රියාත්මක කරන Youtube නාලිකාවක් මගින් සිදුකරන ප්‍රචාරය මුළුමනින්ම අසත්‍ය බව කාර්යාංශය සඳහන් කරයි. විගමණික ශ්‍රමිකයින්ගේ ගමන් බලපත්‍රයේ පිටපතක්, දිවයිනේ පිහිටි ඕනෑම කාර්යාංශයේ කාර්යාලයකට යොමුකරන ලෙස අදාළ වීඩියෝව මගින් දන්වා සිටියි. එවැනි නිවේදනයක් කාර්යාංශය මගින් කිසිඳු අවස්ථාවක නිකුත් කර නොමැති අතර, මෙම වංචනික ක්‍රියාවට හසුනොවන ලෙස කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා ඇත. එවැනි වැඩපිළිවෙළක් මෙතෙක් කාර්යාංශය මගින් ක්‍රියාත්මක නොකරන බවත්, මෙය විගමණික ප්‍රජාව නොමග යැවීමේ චේතනාවෙන් සිදුකරන ප්‍රචාරයක් පමණක් බව කාර්යාංශය දැනුම් දී තිබේ. මෙවැනි අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන මෙන්ද කාර්යාංශය…
මෙම පොහොයේ සුවිශේෂ සිදුවීම් වනුයේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකා ගමන නාගදීපයට සිදු කිරීම’, මණි අක්ඛිත රජතුමා විසින් බුදුරජාණන් වහන්සේට කැලණියට වැඩමවන මෙන් ආරාධනා කිරීම, මිණිපළඟ තැන්පත් කොට නාගදීප සෑය බැඳීම වේ. බුද්ධත්වයෙන් පස්වන වසරේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටි බුදුරජාණන් වහන්සේට ශ්‍රී ලංකාවේ නාගදීපයෙහි චූලෝදර මහෝදර යන නා රජුන් දෙදෙනා මිණි පළඟක් මුල් කොටයදරුණූ සටනක් ආරම්භ කිරීමට සූදානම් වී සිටින බව පෙනුණි. මේ නිසා සිදුවිය හැකි දරුණු මනුෂ්‍ය ඝාතනයක් පිළිබඳව සලකා බැලූ උන්වහන්සේ බක් මස පුර පසළොස්වක පොහොය දින ලංකාවේ නාගදීපයට වැඩම කළහ. බුදුරජාණන් වහන්සේ නාගදීපයට වැඩමවාපළමුව අහසේ වැඩ සිට ප්‍රාතිහාර්ය දක්වා අනතුරුව සටන් බිමට බැස චූලෝදර මහාවතර නා…
සිංහල දෙමළ අළුත් අවුරුදු මංගල්‍යයේ හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය මහනුවර ශ්‍රී දළඳා මාළිගා චතුරස්‍රයේ ශ්‍රී මහා නාථ දේවාල භුමියේ දී අප්‍රේල් මස 16 වැනි බදාදා පෙරවරු 9.04 ට යෙදෙන සුබ නැකතින් සිදු කිරීමට නියමිත බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යංශය කියයි. මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් සහ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්වේ. මෙම අවස්ථාවට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්. බී. එස්. අභයකෝන් මහතා ඇතුළු පිරිසක් සහභාගී වෙති. මෙවර හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සංවිධාන කරයි.
මාතර දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය අසලදී සිදු වූ ද්විත්ව ඝාතනයට යොදාගත් ටී පනස් හයේ ගිනි අවිය සොයාගත් බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සඳහන්කරයි. ඉකුත් මාර්තු මස 21 වෙනි දින සිදු වූ එම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයන් 15 දෙනකු අත්අඩංගුවට ගෙන එයන් 6 දෙනෙකු ප්‍රශ්න කර මුදාහැර තිබූූ අතර ඉතිරි පුද්ගලයන් 9 දෙනාගෙන් 6 කු බන්ධනාගාර ගත කර තිදෙනකු දින 90 ක ත්‍රස්තවාදය වැළැක්වීම යටතේ රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරයි. එම සැකකරුවන් තිදෙනාගෙන් හෙළි වූ තොරතුරු අනුව කැකනදුර යටියන පාරේ දේවේන්ද හේන පාර නිවසක වහලයේ සිවිලිම තුළ, ඝාතනයට යොදාගත් ටි 56 ගිනි අවිය සඟවා තිබියදී සොයා ගත් බව පොලිසිය කියයි. සිදුවූ…
මධ්‍යම, සබරගමුව, දකුණ, බස්නාහිර සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනි තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර සහ දකුණු පළාත්වලත් පුත්තලම, යාවලය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවලට උදෑසන කාලයේදී වැසි ඇති විය හැකියි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ උතුරු,උතුරු – මැද වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් තරමක තද සුළං ඇති විය හැකියි. සූර්යයා අද දහවල් 12.11ට ආඩියකුලම්, වෙප්පන්කුලම්, පදවිය සහ කුච්චවේලි යන ප්‍රදේශවලට හිරු මුදුන්වනු ඇත.
බන්ධනාගාර ගත රැදවියන්ට සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් ඥාතීන් හෝ අමුත්තන් විවෘතව බැලීමට අවස්ථාව උදාකර දෙන බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී දිසානායක මහතා පැවසීය. මේ අනුව බන්ධනාගාර ගත රැඳවියන්ට අමුත්තන් හෝ ඥාතීන් විවෘතව බැලීමට (OPEN VISIT) අප්‍රේල් 13 හා 14 අවස්ථාව සැලසෙනු ඇත. මේ දින දෙකේදී රැඳවියන්ගේ ඥාතීන් රැගෙන එන ආහාර පාර්සලයක්, රසකැවිලි පාර්සලයක් හෝ සනීපරක්ෂක ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් එක් රැඳවියෙකුට ප්‍රමාණවත් වන පරිදි ලබා දීමට අවස්ථාව ලබාදී ඇත. සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව එම අමුත්තන් පෙන්වීමේ කටයුතු දිවයිනේ සියළුම බන්ධනාගාර ආයතනයන්හිදී මෙලෙස සිදුකෙරේ.
ඇමති නිවාස කාලයක් තිස්සේ වසා දමා තිබීම හේතුවෙන් වල් වැදී ඒවා ජරාවාස වෙමින් තිබෙන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය. මේ ඇමති නිවාස සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතා පැවසුවේ ඇමති නිවාස සම්බන්ධයෙන් සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් පසු තීරණයක් ගන්නා බවයි මීළඟ කැබිනට් මණ්ඩලයේදී ඒ පිළිබඳව තීරණයක් ගනු ඇතැයිද ඔහු සඳහන් කළේය. වර්තමාන රජයේ මැති ඇමතිවරුන් ඇමති නිල නිවාස ලබා නොගන්නා බවට දැනටමත් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇත. කොළඹ පිහිටා ඇති ඇමති නිලනිවාස සංඛ්‍යාව තිස්පහකි. මින් එක නිල නිවාසයක් අල්ලස් හෝ දූෂණ…
පාර්ලිමේන්තුවේ රැස්වීම් සවස 5.30න් පසු පැවැත්වෙන අවස්ථාවලදී සාමාන්‍ය සේවක සේවිකාවන්ට හිමිවන රුපියල් 750 ප්‍රවාහන දීමනාව (Transport Allowance) පාර්ලිමේන්තුවෙන් වාහන ලබාගෙන ඇති සහ වාහන දීමනාවට හිමිකම් කියන ප්‍රධානීන්ද කාලයක සිට ගැනීමෙන් විශාල මුදල් නාස්තියක් සිදුවන බව පාර්ලිමේන්තු සේවකයෝ පෙන්වා දෙති. පාර්ලිමේන්තු රැස්වීම් සවස 5.30න් පසු පැවැත්වෙන අවස්ථාවල සාමාන්‍ය සේවක සේවිකාවන්ට ඈත දුර බැහැර ප්‍රදේශවලට රාත්‍රී කාලයේදී පෞද්ගලිකවම මුදල් වැය කරමින් ගමන් කිරීමට සිදුවන හෙයින් ඒ වියදම සැලකිල්ලට ගෙන ඔවුනට මෙම ප්‍රවාහන දීමනාව කාලයක සිට මෙසේ ගෙවනු ලබන්නේය. සාමාන්‍ය සේවක සේවිකාවන්ට මෙම දීමනාව මෙසේ හිමිවී ඇත්තේ වෘත්තීය සමිති කලකට පෙර ගෙන ගිය අරගලයක ප්‍රතිඵලයක් ලෙස යැයි කියති කෙසේ වෙතත් සාමාන්‍ය සේවක සේවිකාවන්ට…
මීතොටමුල්ල සී.ටී.බී ඩිපෝවේ කාර්‍යාලීය ගොඩනැගිලි මේ වන විට ගරා වැටෙමින් පවතින බව කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර එහි කළ නිරීක්ෂණයකදී දැක බලා ගත්තේය. මීතොටමුල්ල ඩිපෝවේ වත්මන් තත්ත්වය සහ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව මෙහි දී නියෝජ්‍ය අමාත්‍යවරයා ඩිපෝ නිලධාරීන් සමඟ සාකච්ඡාවක් ද පැවැත්වීය. මෙහි දී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පැවසුවේ රජයේ සංවර්ධන වැඩපිළිවෙල යටතේ මීතොටමුල්ල ඩිපෝව සංවර්ධනය කිරීමේ කටයුතු සිදු කරන බවයි. එහි සේවක විවේකාගාර ද පවතින්නේ ඉතාම අඩු පහසුකම් යටතේ බව නිරීක්ෂණය විය. ඩිපෝවේ පවතින තත්ත්වය ගැන ප්‍රවාහන අමාත්‍යාංශයට දැනුම් දීමක් කරන බවත්, ඒ අනුව අවශ්‍ය ඉදිරි පියවර ගැනීමට කටයුතු කරන බවත්…
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවට කැඳවා තිබේ. චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට අවශ්‍ය බව කියමින් මෙම කැඳවීම කර ඇත. අප්‍රේල් 17 වෙනිදා පෙරවරු 9.30ට අල්ලස් කොමිසමේ පෙනී සිටින ලෙසද රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබේ. එදින අල්ලස් කොමිසමට නොපැමිණියහොත් 2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනතේ අංක 126 වන වගන්තිය ප්‍රකාරව කටයුතු කරන බවද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම් දී ඇත.