Author: LANKA24X7

මහනුවර ප්‍රදේශයේ විදුහලක ගුරුවරියකගෙන් රුපියල් ලක්ෂ 10ක ඉල්ල ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විභාග වන නඩුවකට පෙනී නොසිටි ප්‍රවීණ රංගන වේදී රංජන් රාමනායකට මහනුවර අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රාෆි මහත් වරෙන්තුවක් නිකුත් කළේය. රන්ජන් රාමනායකට ඇපකරුවකුට ද තරයේ අවවාද කළ විනිසුරුවරයා චුදිත රන්ජන් රාමනායක අධිකරණයට ඉදිරිපත් කරන්නැයි පොලිසියට නියෝග කළේය.

Read More

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් කුමරු මෙරටට පැමිණීම සම්බන්ධයෙන් උද්ඝෝෂණයක් කර මහජන පීඩාවක් ඇති කළැයි කියන සිද්ධියට අදාළව වරෙන්තු නිකුත් වී සිටි හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ වරෙන්තුව ආපසු කැඳවූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය, ඔහුට තරයේ අවවාද කරමින් පෙර ඇප මත ඊයේ (21) මුදා හැරියේය. මෙම සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා මෝසමක් මගින් අධිකරණයට ඊයේ (21) බාර වූ අවස්ථාවේ දී අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය. මේ ආකාරයෙන් අධිකරණයේ පෙනී සිටීම පැහැර නොහරින ලෙසට අවසන් වතාවට තරයේ අවවාද කරන බව මෙහිදී අධිකරණය සැකකාර හිටපු අමාත්‍යවරයාට විවෘත අධිකරණයේ දී දැනුම් දුන්නේය. මෙම නඩුව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල්…

Read More

මෙරට උද්ධමනය මැයි මාසයේදී සියයට 22.1දක්වා පහත වැටී ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යාලේන දෙපාර්තමේන්තුව කියයි. ඉකුත් අප්‍රේල් මාසයේදී මෙරට උද්ධමනය සියයට 33.6ක් ලෙස වාර්තා වී තිබූ අතර ඊට සාපෙක්ෂව මැයි මාසයේදී උද්ධනමය කැපීපෙනෙන ලෙස පහත වැටී ඇතැයි ද එම දෙපාර්තමේන්තුව කියයි. අප්‍රේල් මාසයේදි ආහාර කණ්ඩයේ උද්ධමනය සියයට 27.1ක් ලෙස වාර්තා වූ අතර මැයි මාසයේදී එය සියයට 15.8 දක්වා අඩුවී ඇතැයි ද ආහාර නොවන කණ්ඩයේ වාර්ෂික උද්ධමනය අප්‍රේල් මාසයේදී සියයට 39ක් වූ අතර මැයි මාසයේදී එය සියයට 27.6ක්ව තිබූ බව ද ජනලේඛන හා සංඛ්‍යාෙල්ඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අලුත් මාළු, එළවළු,සීනි කුකුළු මස්,මයිසූර් පරිප්පු, අර්තාපල්, ඉඟරු, සුදු ලූනු ලොකු ලූනු, දෙහි, කරවල,…

Read More

ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ඊයේ (21) යෝජනා 3ක් සම්මත කරගනු ලැබුවා. ඊට අදාළ සමුළුව කොළඹ විහාරමහා දේවි එළිමහන් රංග පීඨයේ පැවති අතර ඊට විදුලිබල මණ්ඩලය නියෝජනය කරන සියලු වෘත්තීය සමිති එක්ව සිටියා. සම්මත කරගත් පළමු යෝජනාවේ දැක්වෙන්නේ පෞද්ගලීකරණයේ හෝ විකුණා දැමීමට අවකාශ සළසමින් ඉදිරිපත් කර ඇති පනත ඉවත්කර ගතයුතු බවයි. කෙසේ වෙතත් සියලු දෙනාගේ අදහස් ලබාගෙන සිදුකරනු ලබන ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියකට සහය ලබාදෙන බව එහි දැක්වුණා. එමෙන්ම වසර 04කට වැඩි කාලයක් සේවය කරන සේවකයින් ස්ථීර කළ යුතු අතර අර්ථසාධක අරමුදල් මෙන්ම සේවකයින්ට හිමි විශ්‍රාම වැටුප් කප්පාදුවකින් තොරව ලබාදිය යුතුයි. එසේ නොකරන්නේනම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වන බව…

Read More

පසුගිය වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් බිලියන 6.3ක ශුද්ධ ලාභයක් ලබා තිබෙනවා. එම ආයතනය නිවේදනය කළේ මේ වසරේ සමස්ත අදායම රුපියල් බිලියන 17.5ක් බවයි. ඒ අනුව, පසුගිය 2021 වසරට සාපේක්ෂව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අදායම 120% වර්ධනයක් පෙන්නුම් කරන බවයි ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

Read More

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් පොලොන්නරුව ඉඩමක ගැබ්බර කෙණෙරකට වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. මෙම අපරාධය සම්බන්ධයෙන් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ පොලොන්නරුව කාර්යාලයේ මහ ට්‍රැක්ටර් රියදුරෙකු සහ මුරකරුත් අපරාධය කළ තුවක්කුවත් පොලොන්නරුව වනජීවි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 36ක සහ 39ක් වන පුද්ගලයින්. පොලොන්නරුව වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක ප්‍රදීප් හෙට්ටිආරච්චි පැවසුවේ කෙණෙර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ගිරිතලේ වනජීවී කාර්යාලයේ පශු වෛද්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් සිදුකළ බවයි.

Read More

අද (22) දිවයිනේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වෙනවා. උතුරු සහ වයඹ පළාත්වල වැසි ස්වල්පයක් ඇති වන බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතේ සහ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයට අනුව මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු-මැද පළාතේත් පුත්තලම, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-45) පමණ තද සුළං බලාපොරොත්තු විය හැකි බවත් සඳහන්. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන…

Read More

බහාලුමක තිබී රුපියල් මිලියන 500ට අධික වටිනාකමින් යුතු හෙරොයින් කිලෝග්‍රෑම් දාසයක් සොයා ගැනීමට ශ්‍රී ලංකා රේගුව සමත් වී තිබෙනවා. පාකිස්තානයේ සිට මෙරටට පැමිණි අර්තාපල් කන්ටේනරයේ ශීතකරණ යන්ත්‍රය තුළ මෙම හෙරොයින් සඟවා තිබුණ බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකා රේගු පාලන අංශයට ලද තොරතුරක් මත මෙම හෙරොයින් සොයාගෙන ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා. මෙම අර්තාපල් ලංකාවට ගෙන ආ ආයතනයේ එක් පුද්ගලයකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම ජාවාරමේ ඉතිරි පුද්ගලයින් සොයා තවදුරටත් විමර්ශන සිදු කෙරෙනවා.

Read More

හම්බන්තොට සෙට්ටිකුලම ප්‍රදේශයේ දී ‘මොහොමඩ් සහ්රාන්’ පැවැත් වූ අන්තවාදී දේශන සහ අවි පුහුණු කඳවුරකට සහභාගී වූ බව කියන තරුණයෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග ක‍ර තිබෙනවා. අදාළ දේශනය 2018 වසරේ ජුලි මස 21 වැනිදා සහ 22 වැනිදා යන දෙදින තුළ හම්බන්තොට සෙට්ටිකුලම ප්‍රදේශයේ දී පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට පෙර සූදානමක් ලෙසින් පවත්වා ඇති අතර එහිදී අන්තවාදී දේශන සහ අවිපුහුණුව ඇතුළත් නේවාසික පුහුණු කඳවුරක් පවත්වා ඇති බවයි වාර්තා වන්නේ. මෙම තරුණයා වයස අවුරුදු 23ක් වන නාවල විවෘත විශ්වවිද්‍යාලයේ පරිගණක පාඨමාලාවක් හදාරමින් සිටි ගම්පොළ වෙලම්බඩ පදිංචි අජ්මාල් සහීර් නැමැත්තෙක්. කෙසේ වෙතත් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයට…

Read More

පේරාදෙණිය බන්ඩාරණායක ශික්ෂණ ළමා රෝහලේදී සහ පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී සිදුකළ ශල්‍යකර්මයන් අතරතුර දරුවන් දෙදෙනෙකු ඇතුළු 4 දෙනෙකු මියයාමේ සිද්ධිය පිළිබද සොයා බැලීම සදහා එම රෝහල්වල අධ්‍යක්ෂකවරු මෙන්ම එම ශල්‍යකර්ම සිදුකළ වෛද්‍යවරු සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත අද (22) පෙරවරුවේ කැදවා තිබෙනවා. එහිදී අදාළ ශල්‍යකර්මයන්ට යොදාගත් ඖෂධ වර්ග සම්බන්ධයෙන් සොයාබැලීමක්ද සිදු කිරීමට නියමිතයි. පේරාදෙණිය ළමා රෝහලේ සිදුකළ ශල්‍යකර්මයක් අතරතුර දී නිර්වින්දනය කිරීම සඳහා ලබාදුන් ඖෂධය හෝ එහි උපකරණවල පවතින ගැටලුකාරි තත්ත්වය හේතුවෙන් කුඩා දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවට මීට පෙර කරුණු අනාවරණය කළා. එම දරුවන්ගේ දෙමාපියන් කියා සිටියේ නිර්වින්දනය කිරීමේදී ඇති වූ අසාත්මිකතාවයක් හේතුවෙන් තම දරුවන් මියගිය බවට, රෝහලේ වෛද්‍යවරු ප්‍රකාශ කළ බවයි.…

Read More