Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
චීන ජනාධිපති ෂී ජින්පින් ඒකාධිපතියෙක් බවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් එල්ලකළ චෝදනාවට චීනය ප්‍රතිචාර දක්වා තිබේ. චීන බලධාරීන් පවසන්නේ අමෙරිකානු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය “විකාර, ප්‍රකෝපකාරී” බවය. එමගින් දෙරට අතර සංහිඳියාව තවත් පළුදු විය හැකි බව චීනය පැවසීය. චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයා පැවසුවේ අමෙරිකානු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය වගකීම් රහිත බවත් එය දේශපාලනික වශයෙන් වෛරී බවය. අමෙරිකාව සහ චීනය අතර පවතින නිරවි යුද්ධය සමනය කිරීම සඳහා අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයෙකු 05 වසරකට පසු ප්‍රථම වතාවට චීනයේ සිදුකළ සංචාරයේ උණුසුම මැකීයාමට පෙර ජනපති ජෝ බයිඩන් සිය ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබුණි. ඒ මාබ් සේතුංට පසු චීනයේ බිහිවූ ප්‍රබලතම රාජ්‍ය නායකයා වන ජනාධිපති ෂී ජින්පින් ඒකාධිපතිවරයෙකු ලෙස හැඳින්වීමෙනි.…
මහා පරිමාණ වංචා දූෂණ කොට විදෙස් බැංකුවල හංගා තිබෙන මුදල් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රමවේදයක් දූෂණ විරෝධය පනතේ නැතැයි පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී මහාචාර්ය ජී .එල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. මහා පරිමාණයේ වංචාවක් දූෂණයක් කෙරුණු අවස්ථාවක ඒ මුදල ආයෝජනය කරන්නේ විදේශ බැංකුවල බවද එම මුදල් නැවත රටට ලබාගැනීම ප්‍රමුඛතම අවශ්‍යතාවය බවද පීරිස් මහතා කීය. එය ලංකාවට හුදෙකලාව කරන්න නොහැකි බව ද ජාත්‍යන්තර ආයතන සමග ඒ සඳහා අත්වැල් බැඳගත යුතු බවද මහාචාර්යවරයා සඳහන් කළේය. සොරකම් කරන ලද මුදල් නැවත ලබා ගැනීම සඳහා ලෝක බැංකුවට අනුබද්ධිතව ස්ටාර් නම් ආයතනය ස්ථාපිත කර තිබෙන අතර දූෂණ වංචා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සම්මුතියට ද ශ්‍රී ලංකාව…
දූෂණ විරෝධී පනත් කෙටුම්පත සඳහා විපක්ෂය ලෙස සංශෝධන 43 ක් ලබා දුන් බව ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චන්දි වීරක්කොඩි මහතා පාර්ලිමේන්තුවේදී පවසීය. සොරකමට සම්බන්ධ නීති ලිහිල් කරන්නට නොව ජනතා බලාපොරොත්තු තවදුරටත් ඉටුකර පනත දියුණු කරන්න ඒ සංශෝධන ලබා දුන් බව කී මන්ත්‍රීවරයා ඒ ජනතා බලාපොරොත්තු ඉටු කිරීමට හැකි වේ දැයි නොදන්නා බවද කීය. පනතේ වගන්ති 163ක් තිබෙන නමුත් හොරකම් කර පිටරට ගෙනගොස් තිබෙන මුදල් නැවත රටට ගෙන ඒම ගැන සඳහන් වන්නේ එක වගන්තියක පමණක් බවද වීරක්කොඩි මහතා සඳහන් කළේය.
දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණයට පෙර මෙරට බැංකු පද්ධතියේ අක්‍රමික ණය අය කර ගැනීමේ කඩිනම් ක්‍රියාමාර්ගයක් ගත යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක පවසනවා. ඊයේ පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණු අයවැය කාර්යාල පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා. මේ අතර රාජ්‍ය, පළාත් රාජ්‍ය, රජයේ වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අජිත් කේ තිලකරත්න පැවසුවේ මහ බැංකුව පසුගිය කාලසීමාවේදී ප්‍රතිපත්ති පොලී අනුපාත අඩු කළ ද එහි වාසිය මෙතෙක් මහජනතාවට ලැබී නොමැති බවයි. ඒ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගන්නා බව ද ඔහු කියා සිටියා.
අම්බලන්ගොඩ ධර්මාශෝක නියෝජ්‍ය විදුහල්පතිට වෙඩිතබා ගාතනය කිරීමට උත්සාහ කළ සහ මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඝාතන සිදුකළ ප්‍රධාන වෙඩික්කරු බවට සැකකෙරෙන පුද්ගලයාව සහ ඔහුට සහාය දුන් කාත්තාවක් අවි හා හෙරොයින් සමග විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (20) කුලියාපිටිය හා කටාන පොලිස් වසම්වලදී සිදුකළ වැටලීමකදී එම සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන තිබුණි. වෙඩික්කරු බවට සැකකෙරෙන පුද්ගලයා ඩුබායි හි රැඳී සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මනික්කුගේ නුරේෂ් සුපුන් දයාරත්න නොහොත් හිනටියන මහේෂ් ගේ සමිපතමයෙකු ලෙස සැලකෙයි. එහිදී මනුෂ්‍ය ඝාතනයන් කිරිමට තැත් කිරිම, මනුෂ්‍ය ඝාතනයන්ට ආධාර අනුබලදීම, ගිනි අවි සන්තකයේ තබාගැනීම, හෙරොයින් ජාවාරම් කිරීම සහ සන්තකයේ තබාගැනිමේ වරදට කුලියාපිටිය පොලිස් වසමේ අංක 68,…
තව කෙටිකලක් ඇතුළත කොරියාව සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන්ගමන් ආරම්භ කිරීමට කටයුතු සූදානම් කරමින් පවතින බව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි. විශේෂයෙන්ම දකුණු කොරියාවේ රැකියා සඳහා යන පිරිස් එරටට රැගෙන යාමට යොදවා ඇති ගුවන්යානා දිගින් දිගටම පමාවීම හේතුවෙන් මෙම තීරණය ගන්නා බව ඔහු පැවසීය. දකුණු කොරියාව – ශ්‍රී ලංකා ඍජු ගුවන් ගමන් අරඹන තෙක් සිංගප්පුරුව හරහා එම පිරිස් දකුණු කොරියාවට යැවීමට සැලසුම් කරන බවද අමාත්‍යවරයා කීය.
මී උණ රෝගය හා සමාන මිලියොයිඩෝසිස් හෙවත් පාංශු උණ රෝගය දිවයිනේ පළාත් කිහිපයක මේ වනවිට ව්‍යාප්ත වෙමින් පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා. කොළඹ ඊයේ (20) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති මහාචාර්ය ඉනෝකා කොරෙයා කියා සිටියේ මෙම රෝගී තත්ත්වය බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්, වයඹ පළාතේ පුත්තලම, කුරුණෑගල දිස්ත්‍රික්කවලින් මෙන්ම දකුණු පළාතෙන් ද වාර්තා වන බවයි.
දුෂණ විරෝධි පනත් කෙටුම්පත හෙට විවාදයට නොගැනීමට ආණ්ඩුව සුදානම් වන බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ඊයේ (20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ සංශෝධන සහිතව සම්මත වූ පාර්ලිමේන්තු අයවැය කාර්යාල පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයට ඊයේ එක්වෙමින්. මේ අතර, ගොවීන්ට සාධාරණ වී මිලක් ලබාදීමට රජය කටයුතු කළ යුතු බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කිරීමත් සමග සභාව තුළ සංවාදාත්මක තත්වයක් ඇතිවුණා.
ඉඟිනියාගල පොල්වත්ත මහා විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ පාසල් සිසුවියන් දෙදෙනෙකු අතුරුදන්වීම සම්බන්ධයෙන් ඉඟිනියාගල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. මෙම සිසුවියන් දෙදෙනාම සමීපව ඇසුරු කළ යෙහෙළියන් බවද වාර්තා වනවා. මෙලෙස අතුරුදන්ව ඇත්තේ, ඉඟිනියාගල පොල්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි වියේ පසුවන බී.ජී.අශානි වශ්මිකා සහ එෆ්.ආර්. පවීෂා නෙත්මිණි යන සිසුවියන් දෙදෙනායි. ඉඟිනියාගල පොල්වත්ත මහා විද්‍යාලයේ 11 වන ශ්‍රෙණියේ ඉගෙනුම ලබන මේ සිසුවියන් දෙදෙනා සමීපව ඇසුරු කළ යෙහෙළියන් බව වාර්තා වුණා. පවීෂා පාසලට යන බව මව්පියන්ට පවසා අශානිගේ නිවසට පැමිණ තිබුණේ පසුගිය 15 වැනිදායි. අශානිගේ පියා කොළඹ රැකියාවක නිරත අතර ඇය ජීවත්ව තිබෙන්නේ මිත්තණියගේ නිවසේයි. ඒ, කුඩා කාලයේදී ඇගේ මව ඇයව…
වර්තමාන පොලිස්පති සී.ඩී වික්‍රමරත්නගේ සේවා කාලය ලබන (26) වැනිදායින් අවසන් වීමට නියමිත අතර අලුත් පොලිස්පතිවරයා ලබන සතියේදී පත් කෙරෙන බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන දේශබන්දු තෙන්නකෝන්, නිලන්ත ජයවර්ධන, ලලිත් පතිනායක, ප්‍රියන්ත වීරසූරිය සහ අජිත් රෝහණ යන මහත්වරුන්ගේ නම් මීළඟ පොලිස්පති ධුරය සඳහා යෝජනා වී තිබෙන බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් පොලිස්පති ධූරයට පත් කෙරෙන නිලධාරියා කවුදැයි යන්න තවමත් ස්ථිර තීරණයක් ගෙන නොමැති බවද සඳහන්. වර්තමාන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න ශ්‍රී ලංකාවේ 35 වැනි පොලිස්පතිවරයා ලෙසයි පත් වී ඇත්තේ. වර්තමාන පොලිස්පතිවරයා එම ධුරයට පත් කෙරුණේ 2020 නොවැම්බර් මස 27 වැනි දින වන අතර ඔහු පසුගිය මාර්තු 26 වැනිදා…
