Author: LANKA24X7

ඊයේ තරගයේ ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව තරග වදින B කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා. ඒ ප්‍රසාද ලකුණු 4ක් හිමිකරගනිමින්. එම කාණ්ඩයේ දෙවන තැන ස්කොට්ලන්තයද තෙවන තැන ඕමානය හිමිකරගෙන තිබෙන අතර සිව්වන ස්ථානයේ අයර්ලන්තය රැඳී සිටිනවා.

Read More

වෙළෙඳපොළේ එළවළු මිල මේ දිනවල යළිත් වරක් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. ආර්ථික මධ්‍යස්ථාන වෙත එළවළු තොග ලැබීම අඩුවීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි වෙළෙඳුන් පවසන්නේ. මේ අතර වෙළෙඳපළේ මත්ස්‍ය මිල ගනන් ද පවතින්නේ ඉතා ඉහළ අගයකයි. වෙළෙඳපොළේ එළවළු මිල මේ දිනවල යළිත් වරක් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල සටහන් වූ ආකාරයයි මේ. ඒ අනුව කැරට් කිලෝවක් රුපියල් 300ත් 310ත් අතර මිලකටත් ලීක්ස් කිලෝවක් රුපියල්200ත් 280ත් අතර මිලකටත් අලෙවි කෙරුණා. එමෙන්ම අමුමිරිස් කිලෝවක තොග මිල රුපියල් 600ත් 650ත් අතර අගයකටත් වම්බටු කිලෝවක් රුපියල් 150ත් 200ත් අතර මිලකටත් අලෙවි වී තිබෙනවා. මේ අතර පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ…

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කොට සිටිනවා. ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන්. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු-මැද පළාතේත් පුත්තලම, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන්කර සිටින්නේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ…

Read More

සිමෙන්ති මිල රුපියල් 300ත් 400ත් අතර මිලකින් ඉදිරියේ දී අඩුවනු ඇති බව නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (23) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.

Read More

ඩුබායි රාජ්‍යයේ චොකලට් නිෂ්පාදන ආයතනයක රැකියා ලබා දෙන බව පවසමින් මුදල් වංචා කළ කාන්තාවක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම කාර්යාංශය සඳහන් කළේ, මෙම ජාවාරම විවාහක යුවලක් විසින් මෙහෙයවා ඇතිබවයි. එක් පුද්ගලයෙකුගෙන් රුපියල් හත් ලක්ෂ පනස්දහස බැගින් පුද්ගලයින් 7 දෙනෙකුගෙන් මොවුන් මුදල් ලබාගෙන තිබෙනවා. ජාවාරමේ ප්‍රධාන සැකකාරිය වන අත්අඩංගුවට ගත් කාන්තාව මරදන ප්‍රදේශයේ විදේශ රැකියා නියෝජිත ආයතනයක සේවය කර ඇති අතර ඇය මහියංගනය ප්‍රදේශයේ පදිංචිකාරියක් බවටයි අනාවරණ වී ඇත්තේ. ජාවාරමට සම්බන්ධ ඇයගේ සැමියාද අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් ක්‍රියාත්මකයි.

Read More

පසුගිය 18 වැනිදා මිනුවන්ගොඩ දී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තැබූ සැකකරු ඇඹිලිපිටිය – වැලිකඩයාය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

Read More

ගාලු‍මුවදොර දී පුද්ගලයෙක් පැහැරගෙන ගොස් පහරදී මුදල් ඉල්ලූ සිද්ධියකට අත්අඩංගුට ගත් තුන්දෙනෙකු ලබන 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා. ඒ ඔවුන් ඊයේ (23) කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ පානදුර පදිංචිකරුවන් තුන්දෙනෙක්. ඔවුන් විසින් බකමූණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු පැහැරගෙන ගොස් තිබුණේ පසුගිය 21 වනදායි. තම පුත්‍රයා ගාලු‍ මුවදොරට ගෙන්වා පැහැරගෙන ගොස් ඇති බවත් ඔහු මුදා හැරීමට රුපියල් දස ලක්ෂයක මුදලක් සැකකරුවන් ඉල්ලූ බවට ඔහුගේ පියා සිදු කළ පැමිණිල්ලක් අනුවයි ඔවුන් අත්අඩංගුවට ගැනුනේ.

Read More

පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂ ධුරයක් දැරීම වළක්වමින් ගෝල්ඩන් කී සමුහ ව්‍යාපාරයේ හිටපු අධ්‍යක්ෂ ලලිත් කොතලාවලට අතුරු තහනම් නියෝගයක් කොළඹ වාණිජ මහාධිකරණය ඊයේ නිකුත් කළා. එස්. ඇන්ඩ්. එල්. ප්‍රොපටි ඩිවලොප්මන්ට් සමාගමේ කොටස් අනීතිකව හා වංචනිකව පවරා ගෙන ඇති බවට සඳහන් කරමින් පැවරූ පෙත්සමක් සලකා බැලීමෙන් පසුව කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මෙම අතුරු නියෝගය නිකුත් කර තිබුණා. සමාගමේ කොටස් වෙනත් පාර්ශවයකට පැවරීම වළක්වමින් එම අතුරු නියෝගය නිකුත් කර ඇති බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ. පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ වගඋත්තරකාර ලලිත් කොතලාවල විසින් සමාගමට අයත් වටිනා ඉඩමක ඔප්පුවක් අනීතිකව සකස් කර සමාගමේ…

Read More

සමෘද්ධි සහනාධාරය යටතේ අස්වැසුම ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී සුදුසු පුද්ගලයින්ට ප්‍රමුඛතාව ලබාදී නොමැති බවට චෝදනා කරමින් ප්‍රදේශ රැසකදී ඊයේ විරෝධතා සංවිධාන කර තිබුණා. කෙසේ වෙතත් වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අසාධාරණයට ලක්වූවන් සම්බන්ධයෙන් ඉදිරියේදී සොයා බලා කටයුතු කරන බවයි. පවුල් ලක්ෂ 20ක් සඳහා හඳුන්වා දී ඇති අස්වැසුම වැඩසටහන ලබන පළමුවනදා සිට ක්‍රියාත්මක කිරීමටයි නියමිතව ඇත්තේ. කෙසේ වෙතත් මාතර, රාගම, ත්‍රිකුණාමලය, බෙලිඅත්ත ආදි ප්‍රදේශ රැසක ජනතාව ඊයේ ප්‍රාදේශීය ලේකම්කාර්යාල ඉදිරිපිට විරෝධතාවක නිරතවී තිබුණේ තමන්ට මෙම සහනාධාරය අහිමිවී ඇති බවට චෝදනා කරමින්.

Read More

අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිදුකරන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (24) පෙරවරු අටේ රාත්‍රී 12 දක්වා පැය 16 ක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය සඳහන් කළේ කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවල මෙලෙස ජල සැපයුම අත්හිටවෙනු ඇති බවයි.

Read More