Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
අද (25) සහ හෙට (26) දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වය තරමක් දුරට වර්ධනය වනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි ද විය හැකි බව සඳහන්. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති වෙනවා. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයට අනුව ඌව පළාතේ සහ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන් වෙනවා.…
මහවැලි ගඟේ දිය නෑමට ගිය 15 හැවිරිදි පිරිමි දරුවෙක් දියේ ගිලී මියගොස් තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වැලිකන්න අම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි සඳහන් වෙන්නේ. සිය ඥාතීන් සමඟ දිය නෑමට මහවැලි ගගේ තැන්නේකුඹුර පාලම අසල දිය නෑමට යෑමේදී දරුවා මෙම අනතුරට මුහුණ දී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 51 ක් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් 2022 වසරේ අවසානය දක්වාම සොයාගත නොහැකිවූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. මෙම වාහනවල වටිනාකමක් හෝ සොයා ගැනීමට නොහැකිව ඇතැයිද වාර්තාවේ දැක්වේ. මේ අතර ජනාධිපති කාර්යාලය සතු වාහන 53 ක් වෙනත් රාජ්‍ය ආයතන ,විහාරස්ථාන, ආගමික නායකයන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිදහස් කර ඇති බවත් මේ වාහන අතුරින් වාහන 27 සඳහා එම කාර්යාලය නඩත්තු වියදම් ලෙස 2022 වසරේදී රුපියල් එක් කෝටි තිස් හත් ලක්ෂයක් වැය කර ඇති බවත් ජාතික විගණන කාර්යාලය පවසයි. එම වියදම් ප්‍රතිපූරණය කර කරගැනීමට හෝ කටයුතු කර නොතිබූ බව විගණන අංශ සඳහන් කළේය. ජනාධිපති කාර්යාලය…
මුහුණු පොතෙහි දැන්වීම් පළ කර අවිස්සාවේල්ල ගුරුගල්ල ප්‍රදේශයේ හෝටලයක් තුල පැවැත් වූ සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමගින් තරැණයන් 12 දෙනකු අත් අඩංගුවට ගත් බව සීතාවක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය පවසයි සීතාවක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන කොඩිතුවක්කු මහතාට ලද තොරතුරක් මත විසි පහකට වැඩි පොලිස් නිළධාරීන් ගේ සහභාගිත්වයෙන් සිදුකළ වැටලීමකදී මෙම පිරිස අත් අඩංගුවට ගැනීමට හැකි වී ඇත අදාල සාදය පැවැත් වූ හෝටලයේ හිමිකරු විසින් එම සාදය මුහුණු පොත හරහා සංවිධානය කර ඇති බවත් එම හෝටලයට යන මාර්ග ගස් කපා දමා හරස් කර කෙසෙල් කොල යොදාගෙන හෝටලය නොපෙනන ලෙස වසා දමා මෙම සාදය සංවිධානය කර තිබූ බවද එම කාර්යාලය පවසයි අත් අඩංගුවට…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අර්බුදයක් පවතින බැවින්, පැරණි ව්‍යවස්ථාව අනුව කටයුතු කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාව එම පක්ෂයට දැනුම් දී ඇත. මැතිවරණ කොමිෂන් සභාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාට ලිපියක් යවමින් මෙම දැනුම්දීම කර ඇත. පක්ෂයේ නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අධිකරණයෙන් තීන්දුවක් ලැබෙන තෙක්,පැරණි වව්‍යවස්ථාව අනුව කටයුතු කරන්නැයි ද එමගින් දන්වා ඇත. පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ගත් තීන්දුවට එරෙහිව නිමල් සිරිපාල ද සිල්වා මහතා සිවිල් අභියාචනාධිකරණයෙන් ලබා ගත් තීන්දුව ඔහු විසින් මැතිවරණ කොමිෂන් කමිෂන් සභාවට යොමු කරන ලද අතර,එය සැලකිල්ලට ගනිමින් කොමිෂන් සභාව මෙම ලිපිය නිකුත් කර ඇතැයි දැනගන්නට ඇත. ආණ්ඩුවට එක් වූ නිමල් සිරිපාල, මහින්ද…
හෙටින් (26)ආරම්භ වන සතියේ කොළඹ රැඳී සිටින්නැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය, ආණ්ඩුවේ සියලු මැති ඇමතිවරුන්ට දැනුම් දී ඇතැයි වාර්තා වේ . ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලය ආණ්ඩුවේ සියලුම මැති ඇමැතිවරුන්ට වට්ස්අප් පණිවුඩයක් මාර්ගයෙන් මෙම දැනුම් දීම කර ඇතැයි දැනගන්නට ඇත . එසේ වුවද ඒ කුමන කාරණයක් නිසා ද යන්න මැති ඇමතිවරුන්ට මෙතෙක් දැනුම් දී නැති බව ද දැනගන්නට ඇත. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාවක් සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවට ගෙන එන බැවින්,ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට කොළඹ රැඳී සිටින ලෙස සහ පිටරට නොයන ලෙස දැනුම්දී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි මේ අතර,මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා හදිසි අවශ්‍යතාවක් ලෙස සලකා,ලබන සෙනසුරාදා…
වයස අවුරුදු 60 සම්පූර්ණ කළ වෛද්‍යවරුන් විශාල පිරිසක් මේ මස අග දී එකවර විශ්‍රාම යාමත්,ඖෂධ හිඟය සහ ඖෂධ ගෙන්වා ගැනීමට ප්‍රමාණවත් තරම් මුදල් ප්‍රතිපාදන නොලැබීමත් යන කාරණා මත,රජයේ රෝහල් පද්ධතිය පවත්වාගෙන යාම බරපතළ අර්බුදයකට ලක්ව ඇතැයි වාර්තා වේ. වෛද්‍යවරුන්ට සේවය කළ හැකි වයස් සීමාව අවුරුදු 60 කට සීමා කිරීම හේතුවෙන්,විශේෂඥ වෛද්යවරුන් දෙසීයක පමණ පිරිසක් ද,සාමාන්‍ය වෛද්‍යවරුන් දෙසිය පමණ පිරිසක් ද,රජයේ ලියාපදිංචි වෛද්‍යවරුන් 250ක පමණ පිරිසක් සහ දන්ත වෛද්‍යවරුන් 50 ක පමණ පිරිසක් ද,මේ මස 30 වැනි දා විශ්‍රාම යාමට නියමිතව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි. ප්‍රාදේශීය රෝහල්වල ලියාපදිංචි වෛද්‍යවරුන් 650 ක පමණ පිරිසක් සේවය කරන අතර , ඔවුන්ගෙන් තුන්සිය…
මෙරට න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරිම සඳහා රුසියානු නියෝජිතයින් එළඹෙන සැප්තැම්බර් හා ඔක්තෝබර් මසවලදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිවරයා විසින් ඒ බව සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගර්යාන්, “මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ බලධාරීන් සමග සාකච්ඡා කිරීම සඳහා රුසියානු නියෝජිතයින් පැමිණෙයි. සාකච්ඡා සරත් සෘතු සමයේදී ඇරඹෙයි. බලාපොරොත්තු වෙනවා.. සැප්තැම්බර් සහ ඔක්තෝම්බර් මාසවලදී සිදුවේවි කියා. ඔවුන් පැමිණ එය අරඹනවා නම් ධනාත්මකව සියලු දේ සිදුවේ යැයි බලාපොරොත්තු වෙනවා.”
ඉරානයෙන් ලබාගන්නා තෙල් වෙනුවට මෙරට තේ නිෂ්පාදනවලින් පියවීම සඳහා 2021 වසරේදී දෙරටේ රජයන් එකඟතාවට එළැඹි අතර එම ක්‍රමවේදය ලබන ජුලි මස සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ. මෙහිදී පළමුව තේ අපනයන කරනු ලබන්නේ ශ්‍රී ලංකාව ඉරානයෙන් ලබාගත් අමෙරිකානු ඩොලර් මිලියන 250ක් වටිනා ඉන්ධන වෙනුවෙන් වන ගෙවීම් පියවීමටය. එම ගිවිසුමට අනුව මසකට අමෙරිකානු ඩොලර් මිලියන 05ක් වටිනා තේ මාස 48ක් පුරා ඉරානයට අපනයනය කිරීමට සැලසුම් කර තිබේ. බාටර් ට්‍රේඩ් නැත්නම් භාණ්ඩ හුවමාරු ක්‍රමය යටතේ ඉරානයට අපනයනය කරන මෙම තේ සඳහා ඛනිජ තෙල් සංස්ථාව ශ්‍රී ලංකාවේ තේ අපනයනකරුවන්ට ශ්‍රී ලංකා රුපියල්වලින් ගෙවීම් සිදුකිරීමට නියමිතය. එමෙන්ම ඉරාන තේ ආනයනකරුවන් ඉරාන ජාතික තෙල් සමාගම සඳහා…
ප්‍රදේශ 03කදී සිදුවූ රිය අනතුරුවලින් කුඩා බිළිඳෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ රිදීමාලියද්ද ඩී 01 ඇළ ප්‍රදේශයේදී යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන එක් අනතුරක් සිදුවී තිබූ බවය. එහිදී යතුරුපැදිය පෙරළීයෑමෙන් සිදුවූ අනතුරෙන් යතුරුපැදිකරු, එහි ගමන් කළ බිරිඳ සහ කුඩා දරුවා තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසු අවුරුදු දෙකහමාරක් වයසැති දරුවා මියගොස් ඇති බවය. එමෙන්ම දඹගල්ල කළුගහඅරාව ප්‍රදේශයේදී ලොරි රථයක් සහ බස් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් ලොරි රථයේ ගමන් කළ තිදෙනෙකු තුවාල ලබා දඹගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් අයෙකු මියගොස් ඇත. මියගොස් ඇත්තේ 26 හැවිරිදි බුත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මේ අතර, මිරිහාන දෙල්කඳ -…
