Author: LANKA24X7

බස්නාහිර පළාතේ අද(21) දිනය පුරා විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වෙනවා. එමෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් එලෙසම විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හැකියාවක් පවතින බවයි සඳහන්. තවද සබරගමුව, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් පවතිනවා. උතුරු සහ උතුරුමැද පළාත්වලත්, පුත්තලම දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. 40 ක පමණ තද සුළං තත්ත්වයක්ද ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ සඳහන්. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි…

Read More

ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ දී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් මේ දිනවල ජපානයේදී පැවැත්වෙන G7 සමුළුවේදී ද අවධානය යොමුකර තිබේ. ඒ අනුව G7 නායකයින් පෙන්වා දී ඇත්තේ, ප්‍රංශය, ඉන්දියාව සහ ජපානය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ණයහිමියන්ගේ සාකච්ඡා මෙහෙයවීම අගය කරන බවය. ඒ අනුව මධ්‍ය ආදායම් ලබන රටවල්වල ණය ගැටලු විසඳීම සඳහා අනාගත බහුපාර්ශ්වික ප්‍රයන්තයන්ට ද සාර්ථක ආදර්ශයක් ලෙස කඩිනම් විසඳුමක් මින් සපයනු ඇති බවද G7 රටවල නායකයින් පෙන්වාදී තිබේ.

Read More

ගෘහ සේවය සඳහා ඕමානයට ගිය තලවාකැලේ පදිංචි කාන්තාවකට බලහත්කාරයෙන් ගබ්සාවක් කළ පුවතක් වාර්තා වී තිබෙනවා. ඇය තලවාකැලේ ප්‍රදේශයේ පදිංචිකාරිනියක්. මේ අතර ගෘහ සේවය සඳහා ඕමානයට ගොස් විවිධ කරදර පීඩාවලට ලක්ව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවසේ රැඳී සිටින කාන්තාවන් දින කිහිපයක සිට විරෝධතාවල නිරත වන බවයි වාර්තා වන්නේ.

Read More

සෑම සතියකම සිකුරාදා දිනයේ පැය 02ක කාලයක් රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල මෙන්ම නිවෙස්වලත් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම සඳහා වෙන්කරගන්නැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ඒ, ඩෙංගු මදුරුවන්ගේ ව්‍යාප්තිය පාලනය සඳහා ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබුණද සතිපතා 2,000කට ආසන්න ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් තවමත් වාර්තා වීම හේතුවෙන්. මේ වසරේ ජනවාරි මාසයේ සිට අද දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 35,823 දෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා. රෝගීන්ගෙන් 50% ප්‍රතිශතයක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්. එමෙන්ම මැයි මාසයේ ගෙවුණු දින 19ක කාලය තුළ පමණක් රෝගීන් 5,575 දෙනෙකුම වාර්තා වී තිබෙනවා. ඩෙංගු ව්‍යාප්තියේ ශීඝ්‍ර වැඩිවීම තවදුරටත් පෙන්නුම් කරන සාධකයක් වී ඇත්තේ…

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදී ද වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ. ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හැට දෙවැනි වාර්ෂික මහා සභා රැස්වීම ඊයේ (20) කොළඹ ජයික් හිල්ටන් හිදී පැවැත්වීමට නියමිත බව එම ආයතනය නිවේදනය කරනවා. එමෙන්ම මෙහිදී 2023 වර්ෂයට අදාළව නව නිලධාරීන් මණ්ඩලය පත් කර ගැනීමේ නිලවරණය ද පැවැත්වීමට නියමිත බවයි සඳහන් වන්නේ. මෙම නිලවරණයේ දී තෝරා පන්කර ගනු ලබන ක්‍රිකට් ආයතනයේ නව නිලධාරී මඩුල්ලට 2023- 2025 කාලසීමාව සඳහා කටයුතු කිරීමට බලය හිමිවනවා.

Read More

කාන්තාවන්ගේ සම පැහැපත් කරන ආලේපන ක්‍රීම් වර්ග යැයි පවසා මෙරට නිෂ්පාදනය කරන ලද ප්‍රමිතියෙන් තොර කීම් වර්ග ඇසුරුම් කරන කොටහේන එල් බි පෙරේරා මාවතේ ස්ථානයක් වැටලූ බව පාරිභෝගික කටයුතු අධිකාරියේ හදිසි වැටලීම් ඒකකය පවසනවා. ප්‍රමිතියෙන් තොර ක්‍රීම් වර්ග ඇසුරුම් කරන බවට පොලිස් විශේෂ කාර්යාංශයට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර තිබෙන අතර පාකිස්ථානයෙන් ආනයනය කරන ලද ක්‍රීම් වර්ග යැයි පවසා මෙරට නිෂ්පාදනය කරන ලද කීම් වර්ග මෙම ස්ථානයේ ඇසුරුම් කරන බවට වැටලීමේදී අනාවරණය වී තිබෙනවා. වැටලීම කරන අවස්ථාවේදී සේවිකාවන් පිරිසක් කීම් වර්ග ඇසුරුම් කරමින් සිට ඇථි අතර එම ස්ථානයේ තිබූ ක්‍රීම් වර්ගවලට මුද්‍රා තබා හිමිකාරිය සහ තවත් පුද්ගලයකුට එරෙහිව නීති…

Read More

ලංකා ත්‍රිපෝෂ සමාගමේ ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය බඩඉරුඟු ආනයනය වෙනුවෙන් මෙතෙක් බඩඉරිගු ආනයනයේදී පනවා තිබූ බද්ද අඩුකර තිබෙනවා. ඒ අනුව 1 Kg එකක ආනයනය රු.75ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රු.25 දක්වා අඩුකළ බවයි මුදල් අමාත්‍යාංශය පවසන්නේ.

Read More

බොරැල්ල, ලෙස්ලි රණගල මාවත ප්‍රදේශයේදී අද (20) උදෑසන වෙඩි තැබීමක් සිදු වී තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් යතුරුපැදියකින් ගමන් කළ පුද්ගලයෙකුටයි මෙසේ වෙඩි තබා ඇත්තේ. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා රෝහල් ගත කළ බව පොලිසිය සඳහන් කළා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ තුවාල ලැබූ අදාළ පුද්ගලයා රෝහල් ගත කිරීමෙන් පසු මිය ගිය බවයි. මිය ගිය පුද්ගලයා වයස 53ක් වන කැළණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මෙම වෙඩි තිබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ. බොරැල්ල පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනවා.

Read More

පෘථිවියේ ගුරුත්වාකර්ෂණය අඩුම ස්ථානය හමුවන්නේ ශ්‍රී ලංකාවේ දකුණු කලාපයේ බව අමෙරිකාවේ නාසා ආයතනය පවසයි. එසේම ඉන්දීය සාගරයේ මාලදිවයිනට නැගෙනහිර කලාපයේ උතුරු කැනඩාවේ හඩ්සන් කලපුව ආසන්නයේද ඉතා අඩු ගුරුත්වාකර්ෂණයක් දක්නට ලැබෙන බව සඳහන් වෙයි. ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ බර අඩුවෙන් දැක්වෙන්නේ ඒ හේතුවෙන් බව සඳහන් ය. නමුත් ගුරුත්වාකර්ෂණය වැඩි තුර්කියේ දී බර වැඩි බවක් පෙන්වයි. ඒ අනුව නවසීලන්තයේදී කිලෝ 68ක් බර බව දැක්වෙන පුද්ගලයෙක්ගේ බර ගුරුත්වාකර්ෂණය අඩු කලාපවලදී ග්‍රෑම් 3ත් 6ත් අතර ප්‍රමාණයකින් අඩුවෙන් දැක්වෙන බව නාසා ආයතනය පැවසීය.

Read More