Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ඕමානයේ සිදුවන මිනිස් වෙළෙඳාම් සහ කාන්තාවන්ට සිදුවන ලිංගික අතවරයන් පිළිබඳව මාධ්‍ය පසුගිය දිනවල දිගින් දිගටම අනාවරණය කළේය. එවැනි පසුබිමක ඩුබායි සුද්දා නොහොත් නිශාන්ත ප්‍රියදර්ශන ඊයේ (03) මාධ්‍ය හමුවක් පවත්වමින් ඕමානයේදී ලිංගික අතරවයට ලක්වූ තරුණියන් පිළිබඳව මාධ්‍යට ඉදිරිපත් කළේ වීඩියෝ සාක්ෂි ද සහිතවය. එම වීඩියෝ පටයේ සඳහන් වූ තරුණිය පැවසුවේ තමන් සේවය කරන නිවසේ සිටින ගෘහ මුලිකයා මෙන්ම අවුරුදු 16ක් වැයසැති ඔහුගේ පිරිමි දරුවා අතින් ද නිරන්තරයෙන් ලිංගික අපයෝජනයට ලක්වෙන බවය. “මං ඉන්න ගෙදර අපේ බාබාගේ වයස අවුරුදු 16 කොල්ලෙක් ඉන්නවා. ඒ දෙන්නගෙන් පුදුමාකාර විදිහයට ලිංගික අපයෝජනයට ලක්වෙනවා. මගේ ශරීරයෙන් අල්ලනවා.බදාගන්නවා. මං හැමදාම මමාට කියනවා මට මෙහෙම දෙයක් තියෙනවා කියලා. නෑ…
ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහා ගුවන් යානා 11ක් ලබාගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ කල්බදු කාලය සම්පූර්ණ වීමෙන් පසු ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් ඉවත්ව කෙරෙන ගුවන් යානා 11ක් වෙනුවටය. ඊයේ (03) පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රීලංකන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ මහතා මේ බව සඳහන් කළේය. එහිදි අදහස් දැක්වූ ශ්‍රීලංකන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ මහතා, “මෙහෙයුම් ලාභය අද වනවිට මේ වසරේ රුපියල් මිලියන 6,000ක් තියෙනවා. ඊළඟ වසර වනවිට ලීසිං කාලය පිරීම නිසා ගුවන් යානා 9ක් 11ක් අතර ප්‍රමාණයක් අපෙන් යනවා. කැබිනට් මණ්ඩලය විසින් අප වෙත අනුමැතිය ලබාදුන්නා ඉවත්වයන ගුවන්යානා වෙනුවෙන් ගුවන්යානා ලබාගැනීමට. ඉදිරි මාස 3ක් 4ක් තුළදී ගුවන්යානා 3ක් හෝ 4ක් අපගෙන්…
මෙවර මහ කන්නයේදි ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර සපයන සමාගම් අසාදුලේඛනගත කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඵවැනි සමාගම්වලට නැවත ඵම කර්මාන්තයේ නිරත වීමට අවසර ලබා නොදෙන බවයි අමාත්‍යවරයා කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවති සමුළුවකදී පැවසුවේ. මේ වන විටත් ගාල්ල දිස්ත්‍රික්කයේ ගොවීන්ට ප්‍රමිතියෙන් තොර කොම්පෝස්ට් පොහොර සැපයූ සමාගමක් වහාම අසාදුලේඛනගත කරන ලෙසට ජාතික පොහොර ලේකම් කාර්යාලයට උපදෙස් දී තිබෙනවා. ඵම සමාගමට ඵරෙහිව නීතිමය පියවර ගන්නැයිද අමාත්‍යවරයා විසින් නිලධාරින්ට උපදෙස් දුන් බවයි කාෂිකර්ම අමාත්‍යංශය පැවසුවේ. අදාල සමාගම විසින් වී වගාව සදහා ගොවීන්ට නිකුත් කර තිබූ කොම්පෝස්ට් පොහොරවල සියයට 34ක් වැලි තිබූ බවට අනාවරණ වී තිබෙනවා. මෙවර මහ කන්නයේදි කාබනික පොහොරවල ප්‍රමිතිය සහතික කිරීම…
අමෙරිකාවේ නිල සංචාරයක නිරත විදේශ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සමග සාකච්ඡාවක් සිදුකර තිබේ. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී රාජ්‍ය ලේකම්වරයා සමග ඵලදායී සාකච්ඡාවක් පැවැත්වීමට හැකිවූ බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පවසා ඇත. ශ්‍රී ලංකාව සහ අමෙරිකාව අතර පවතින සබඳතා තවදුරටත් ඉහළ නැංවීම සම්බන්ධයෙන් එහිදී අවධානය යොමුව ඇති අතර අන්‍යොන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් ද සාකච්ඡා වූ බව අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.
වරාය ලාභ ලබන ආයතනයක් බවට පත්ව ඇති බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ පසුගිය වර්ෂයට සාපේක්ෂව මෙම වසරේ වරාය රුපියල් බිලියන 24 ක ලාභයක් උපයා ඇති බවය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. මේ අතර ඉදිරියේදී තවත් මගී නෞකා 06ක් මෙරටට පැමිණීමට නියමිත බව ද එහිදී වැඩිදුරට අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසීය.
sinhala.adaderana.lk Logo ENGLISH தமிழ் දෙපාර්තමේන්තුවකට මිලියන 68 ක පොල්ලක් දෙපාර්තමේන්තුවකට මිලියන 68 ක පොල්ලක් December 3, 2022 07:28 am ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 68 ක මුදලක් අය විය යුතුව පවතින බව වාර්තාවේ. ගබඩා පහසුකම් ලබාගෙන මුදල් නොගෙවූ ආයතන 6කට සහ මේ වනවිට ගබඩා පහසුකම් ලබාදී ඇති ආයතන දෙකකට එරෙහිව නඩු පවරා ඇති බව ආහාර කොමසාරිස් උපුල් ශාන්ත ද අල්විස් මහතා සඳහන් කළේය. එම දෙපාර්තමේන්තුව සතුව පවතින ගබඩා 120 න් 57 ක් රාජ්‍ය සහ පෞද්ගලික අංශ වෙත ලබාදී ඇති අතර ගබඩාවල ආහාර සංචිත නොමැති වුව ද ඔවුන් ලබාගෙන ඇති ගබඩා සඳහා වන හිඟ මුදල් ගෙවීම අනිවාර්ය වේ. පසුගියදා ආහාර කොමසාරිස්…
තාවකාලිකව අත්හිටුවා තිබූ වී මෝල් හිමියන් ලියාපදිංචි කිරීමේ වැඩසටහන ආරම්භ කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී තිබේ. ප්‍රාදේශිය ලේකම් කාර්යාල මට්ටමින් අදාළ වැඩසටහන ආරම්භ කිරීමට සියලුම දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත දැනටමත් උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් වී අලෙවි මණ්ඩලයෙන් සිදුකළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු පැවසුවේ වී මිලදී ගැනීමේ කටයුතු විධිමත් පරිදි සිදුකිරීමේ අරමුණින් නව මෝල්හිමියන් ලියාපදිංචි කිරීම ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවය. ඒ පිළිබඳව ඉදිරියේදී පුවත්පත් දැන්වීමක් පළ කිරීම මගින් අදාළ ලියාපදිංචි කිරීම් කටයුතු ආරම්භ කිරීමට පියවර ගන්නා බව ද වී අලෙවි මණ්ඩලය සඳහන් කළේය.
පුනර්ජනනීය බලශක්ති සංගම් 06ක නියෝජිතයින් සහ විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර හමුවක් සිදුව තිබේ. ඊයේ (02) පස්වරුවේ එම හමුව සිදුව ඇති බව අමාත්‍යවරයා පැවසීය. මෙම හමුව සඳහා ලංකා විදුලිබල මණ්ඩලය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරීන්ද එක්ව සිටි බව සඳහන් වේ.
උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
අපිට මැතිවරණ කොමිසම වටලන්න ඉඩ තියන්න එපා”යැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. මෙි වන විට පළාත් පාලන මැතිවරණය පවත්වන්න සූදානම් විය යුතු යැයිද මැතිවරණ කොමිසමේ නිලධාරීනුත් ඩබල් ගේම් දැයි සැකයක් තිබෙන බවද නලින් බණ්ඩාර මහතා කීය. මැතිවරණය පවත්වන්න මැතිවරණ කොමිසමේ නිලධාරීන්ට පැහැදිලිවම බලය තියෙන බවද බලතල තියෙන්නේ ක්‍රියාත්මක කරන්න මිස කඩුව මැද මැද එහාට මෙහාට ගිහින් ප්‍රවෘත්ති සාකච්ඡා තියන්න නොවේ යැයිද නලින් බණ්ඩාර මහතා පැවසීය. ජනාධිපති දෙන නියෝග අනුව නොව මැතිවරණ කොමිසමේ බලතල අනුව ක්‍රියාත්මක වෙන්නැයි ඉල්ලා සිටින බවද නලින් බණ්ඩාර මහතා කීය.