Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
අවිස්සාවේල්ල තල්දූව ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුවී තිබේ. ඊයේ (26) සවස 6.30 ට පමණ අවිස්සාවේල්ල තල්දූව මංසන්ධියේදී මෙම වෙඩිතැබීම සිදුවී ඇත. සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයෙක් අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබේ. මුහුණු ආවරණය කළ පුද්ගලයන් දෙදෙනෙකු යතුරුපැදියකින් පැමිණ මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බවට දැනට සිදු කළ පරීක්ෂණවලින් අනාවරණය වී ඇත. දෙපිරිසක් අතර කලක පටන් පවතින ආරවුලක් මත මෙම වෙඩිතැබීම සිදුවන්නට ඇතැයි පොලීසිය සැකකරයි. වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ තල්දූව ප්‍රදේශයේම පදිංචි 42 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් අවිස්සාවේල්ල මූලස්ථාන පොලීසිය පරීක්ෂණ සිදු කරයි.
මුම්බායි ඉන්දියන්ස් සහ ගුජරාට් ටයිටන්ස් අතර ඊයේ (26) පැවැති අවසන් පුර්ව වටයේ තෙවන තරගයේ ජය හිමි කරගැනීමට ගුජරාටි කණ්ඩායම සමත් විය. ඒ අනුව ගුජරාට් කණ්ඩායම ලබන ඉරිදා පැවැත්වෙන තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීය. මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම මේ වනවිටත් අවසාන මහ තරගයට සුදුසුකම් ලබා තිබේ. IPL තරගාවලියේ අවසන් මහා තරගයට අවස්ථා 9කදී සුදුසුකම් ලැබු චෙන්නායි කණ්ඩායම ඉන් අවස්ථා 4කදී ශූරතාව හිමි කරගැනීමට සමත් වුණි. ඊයේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 233ක් රැස් කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි ඉන්දියන්ස් පන්දුවාර 18යි පන්දු02ක් අවසානයේ…
මේ වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 604ක ආයෝජන ලැබී ඇතැයි ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඊයේ (26) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමට ශ්‍රී ලංකා මහබැංකුව අඛණ්ඩව පියවර ගන්නා බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අවධාරණය කරනවා. ජාත්‍යන්තර කම්කරු සංවිධානය සහ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය එක්ව සංවිධානය කළ ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධනය සහ ව්‍යවසායකත්ව ප්‍රවර්ධනය පිළිබඳ ජාතික කථිකාවතට කොළඹදී ඊයේ (25) එක්වෙමිනුයි මහබැංකු අධිපතිවරයා මේ බව කියා සිටියේ. එමෙන්ම පසුගිය කෙටිකාලය තුළ රජය සිදුකළ ප්‍රතිසංස්කරණ තුළ මෙරට ආර්ථිකයේ පැහැදිලි ස්ථාවරත්වයක් දක්නට ලැබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පැවසුවේ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා එක්සත් ජනපද වෙළඳ නියෝජිතයන් සමඟ මුදල් අමාත්‍යංශයේදී පැවති සාකච්ඡාවකදීයි. මේ අතර ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අද දිනයේදී රුපියල සුළු වශයෙන් ශක්තිමත් වුණා. ශ්‍රී ලංකා මහ බැංකුව…
දිවුලපිටිය ප්‍රදේශයේ වත්තකට අනවසරයෙන් ඇතුළු වී පොල් ගෙඩි 20ක් සොරකම් කිරීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයකුට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරයා අත්හිටවූ සිරදඬුවම් නියම කර තිබෙනවා. මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරයා විසින් විත්තිකරුට වසරක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළ අතර, එය වසර 10ක කාලයකට අත්හිටුවනු ලැබුවා. ඉදිරි වසර 10 යහපත් හැසිරීමෙන් ගතකරන ලෙසයි එහිදී මහේස්ත්‍රාත්වරයා විත්තිකරුට අවවාද කර ඇත්තේ. කෙහෙල්ඇල්ල ප්‍රදේශයේ එක්දරු පියෙකුට මෙලෙස අත්හිටවූ සිරදඬුවම් නියම වූයේ රුපියල් 1200ක වටිනාකමකට තක්සේරු කර ඇති පොල් ගෙඩි 20ක් සොරකම් කිරීමේ චෝදනාවටයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන්. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
කඳාන – වැලිගම්පිටිය ප්‍රදේශයේ නිවසක තනිව ජීවත් වූ පුද්ගලයෙකු දෙඅත් ගැට ගසා මුඛය ආවරණය වන පරිදි රෙදි කඩකින් බැඳ ඝාතනය කර තිබෙනවා. මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 84 ක් වූ වැලිගම්පිටිය, ජාඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. අදාළ පුද්ගලයාගේ දියණිය නිවසට පැමිණි අවස්ථාවේ ගේට්ටුව සහ නිවස අඟුළු දමා වසා තිබිම හේතුවෙන් ඇයට සැක පළ වී ඇති අතර එම නිසා ඇය වැඩිදුරටත් සොයා බැලීමක් සිදු කර තිබෙනවා. එහිදී අදාළ පුද්ගලයාගේ මළසිරුර සොයා ගත් බවයි වාර්තා වී ඇත්තේ. මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ දින කිහිපයකට පෙර මෙම ඝාතනය සිදු කර ඇති බවයි.
බාල සොහොයුරා සමග බයිසිකල් පදිමින් සිටී 13 හැව්රිදි පිරිමි දරුවෙකුගේ ශරීරයට පාන් ලොරියක යකඩ දොරක් ගැලවී පතිතවීමෙන් එම දරුවා මියගොස් තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ වාද්දුව , හබරලගහලන්ද ප්‍රදේශයේ පදිංචි 13 හැව්රිදි දරුවෙක් බව සඳහන්. ඔහු සිය බාල සොහොයුරා සමග බයිසිකල් පදිමින් වාද්දුව රතු ගේට්ටුව දෙස සිට හබරලගහලන්ද දෙසට ගමන් කරමින් සිටියදී , ඉදිරියෙන් පැමිණි පාන් ලොරියේ පැති යකඩ දොර ගැලවී දරුවාගේ පපුවේ වැදී දරුවා විසිවී බිම ඇදවැටී දොර ශරීරය මත පතිත වී ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ. බරපතළ තුවාල ලබා සිටී දැරුවා පානදුර මූලික රෝහලට ඇතුලත් කර දැඩ් සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
තලාව ප්‍රදේශයේ තිරප්පනේ වැව අසල දී ඊයේ (25) වන අලි පහරදීමකට ලක් වූ ළමයකු අනුරාධපුර රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබෙනවා. මියගිය ළමයා වයස අවුරුදු 15 ක් වන තිරප්පනය, තලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මියගිය ළමයා තවත් ළමයින් පිරිසක් සමඟ වන අලි නැරඹීම සඳහා තිරප්පනේ වැව අසලට ගොස් සිටියදී මෙම වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි වාර්තා වී ඇත්තේ. මෘත ශරීරය අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි තලාව පොලිසිය සඳහන් කළේ.
රජයට මිතුරු ව්‍යාපාරිකයින් 10 දෙනෙකු රාජ්‍ය බැංකු වෙත ගෙවීමට ඇති ණය කපාහැරීමේ තීරණයක් ගෙන ඇති බවට පළවන වාර්තාවන් අසත්‍ය බව වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අද පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා, “මිතුරන් සඳහා බැංකු ණය කපාහැරීමට සිද්ධවෙනවා කියලා කතාවක් කුමාර වෙල්ගම මහතා කියලා තිබුණා මම දැක්කා. ඒක මේ වගේ වෙලාවක ආන්දෝලනාත්මක ප්‍රකාශයක්. හැම කෙනෙක්ම මේ පොලිය වැඩිකිරීම මත, ආදායම අඩුවීම මත තමන්ගේ බලාපොරොත්තු වෙච්ච ව්‍යාපාර ප්‍රසාරණය අඩුවීම මත, බැංකු ණය පැත්තෙන් යම්කිසි පීඩනයක ව්‍යාපාරිකයින් ඉන්න මොහොතක. එතුමා ප්‍රකාශ කරලා තියෙනවා මිතුරන්…
