Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
2023 වසරේ පළමු සතිය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 2,142 දෙනෙකු හඳුනාගෙන තිබේ. පසුගිය 02 වනදා සිට 07 වනදා දක්වා කාලය තුළ එම ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේය. එම කාලය තුළ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 440ක් වේ. එමෙන්ම අදාළ කාලය තුළ කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 433ක්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 273ක්, කල්මුණේ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 147ක්, යාපනය දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගින් 128 දෙනෙකු හඳුනාගෙන තිබේ. මීට අමතරව කළුතර, මහනුවර යන දිස්ත්‍රික්කවලින් ද සියයට අධික ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් ගත වූ දින 07ක කාලය තුළ හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය…
පසුගිය දා ජාතික රූපවාහිනී සංස්ථාවට බලෙන් ඇතුළු වූ සැකකරුවෙකු කුරුඳුවත්ත පොලීසිය වසමේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (10) සවස් කාලයේදී අදාළ සැකකරු කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු 44 හැවිරිදි ජලාශය පාර, මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු අද (11) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි. අදාළ සිදුවීම සම්බන්ධයෙන් මීට පෙර සැකකරුවන් 05දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති අතර කුරුඳුවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
එළඹෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඊයේ (10) පස්වරුව වන විට දේශපාලන පක්ෂ 08ක් සහ ස්වාධීන කණ්ඩායම් 11ක් ඇප මුදල් තැන්පත් කර තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඊයේ දිනයේ අනුරාධපුර, පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක සඳහා ඇප මුදල් තැන්පත් කළ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය. එමෙන්ම එක්සත් ජාතික නිදහස් පෙරමුණ ද ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව මහ නගර සභාව සඳහා ඇප මුදල් තැන්පත් කර තිබේ. ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය ද මඩකලපුව දිස්ත්‍රික්කයේ කාත්තන්කුඩු ප්‍රාදේශීය සභාව හැර සෙසු පළාත් පාලන ආයතන 11 සඳහා ඇප මුදල් තැන්පත් කිරීම ඊයේ දිනයේ සිදුකළ බව මැතිවරණ කොමිසම සඳහන් කළේය. පුත්තලම දිස්ත්‍රික්කයේ කල්පිටිය ප්‍රාදේශීය සභාව…
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පාස්කු ඉරුදින වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාට චෝදනා කරන්නේ නම් තම පාලන සමයේ එල්ල වූ බෝම්බ ප්‍රහාරවල වගකීම ද ඇය භාරගත යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය. රනිල් වික්‍රමසිංහ මහතා පොදුජන පෙරමුණ සමඟ හැදූ ආණ්ඩුවේ උපදේශිකාවක් ලෙස ද කටයුතු කරන චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ඔවුන් හා එක්ව මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දේශපාලන ජීවිතය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක යෙදී සිටින බව ද ජයසේකර මහතා සඳහන් කළේය. රනිල්, චන්ද්‍රිකා ඇතුළු පාර්ශව ඊ ළඟ මැතිවරණයට එක්ව තරඟ කරන්න සූදානම් වන අතරතුර රට තුළ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ද සහභාගීත්වයෙන් ගොඩනැගෙන බටහිරට…
විදුලිබල පනත හා මහජන උපයෝගිතා කොමිසමේ පනත අනුව ලංකා විදුලිබල මණ්ඩලයට, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට හෝ කැබිනට් මණ්ඩලයට විදුලි ගාස්තු වැඩිකිරීමට කිසිඳු බලයක් නැතැයි 43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. එමෙන්ම අතීතයට බලපාන අයුරින් විදුලිබල වැඩි කළ නොහැකි බවත්, මෙහි සම්පූර්ණ බලය ඇත්තේ මහජන උපයෝගිතා කොමිසමට බවත් කී මන්ත්‍රීවරයා ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි විදුලිබිල වැඩිකිරීම ව්‍යවස්ථාවට හා නීතියට පටහැනි බව ද සඳහන් කළේය. පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ 43 වන සේනාංක මූලස්ථානයේ දී ඊයේ (10) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. ජනතාවගේ පිට මත විශාල බදු බරක් පටවා ඇති මේ මොහොතක විදුලිබිලත්…
ශ්‍රී ලංකාව සමග පැවති පළමු එක්දින තරගයෙන් ලකුණු 67කින් ජය ගැනීමට ඉන්දියාව සමත් වූවා. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව සිය පන්දු ඕවර 50 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 373ක් රැස් කළා. එහිදී විරාට් කෝලී ලකුණු 113ක් රැස් කළා. ලකුණු 374 ක ඉලක්කයක් හඹා යෑමට පැමිණි ශ්‍රී ලංකා පිල සිය පන්දු ඕවර 50 අවසානයේ දී කඩුලු 8ක් දැවී ලකුණු 306ක් රැස් කළා. නායක දසුන් ශානක පන්දු 88 කදී නොදැවී ලකුණු 108ක් රැස් කළා. ඔහුගේ ඉනිමට හයේ පහරවල් 3ක් සහ හතරේ පහරවල් 12ක් ඇතුලත් වුවා. මීට අමතරව පැතුම් නිශ්ශංක ලකුණු 72ක් සහ ධනංජය සිල්වා ලකුණු 47ක් රැස් කිරීමට සමත් වුවා.
එළඹෙන පෙබරවාරි මාසයේ සිට නව දුම්රිය කාලසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ ප්‍රවාහන හා මහාමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා 05 වනදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය. එහිදී පවතින ධාරිතාව අනුව එම නව දුම්රිය කාලසටහන හඳුන්වා දෙන බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය. මේ අතර “ඇල්ල-ඔඩිසි” වැනි සංචාරක ආකර්ශනය සහිත දුර ගමන් දුම්රිය සේවාවන් සඳහා ටිකටිපත් මිලදීගැනීම 100%ක්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ ඇනවුම් කිරීමේ හැකියාව පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ මාධ්‍ය මගින් වාර්තා කළ ආකාරයට සේවකයින් විශ්‍රාම යෑම හේතුවෙන් දුම්රිය ගමන්…
කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාන මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට ඊයේ (10) අභියාචනාධිකරණය නියෝග කළේය. ප්‍රසන්න ද සිල්වා සහ ඛේමා ස්වර්ණාධිපති යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය ලබාදුනි. නරගාධිපතිවරයා විසින් එම රිට් පෙත්සම ඉදිරිපත් කර ඉල්ලා තිබුණේ තමන්ට එරෙහිව පැවැත්වෙන විනය පරීක්ෂණය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසටය. එම චෝදනා මගින් නගර සභා ආඥා පනත යටතේ වරදක් සිදුවී තිබේද? යන්න පිළිබඳ විමර්ශන සිදුකිරීම සඳහා වයඹ පළාත් වයඹ පළාත් ආණ්ඩුකාර වසන්ත කරන්නාගොඩ මහතා විසින් විශ්‍රාමික විනිසුරු ලලිත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ කමිටුවක් පත්කර ඇති බවත් පෙත්සම්කරු සඳහන් කළේය. එම පරීක්ෂණ කමිටුවේ කටයුතු නීතියට පටහැනි යැයි පෙන්වා…
මහනුවර ශ්‍රි දළදා වහන්සේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකිරීමේ චෝදනා එල්ල වූ සේපාල් අමරසිංහගේ ආදායම් මාර්ග පිළිබඳව අද අධිකරණයේදී විශේෂ කරුණු රැසක් හෙළිදරව් විය. ඒ බෞද්ධයින්ගේ මුදුන් මල්කඩ බඳු ශ්‍රී දළදා වහන්සේට නිගරු වන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සේපාල් අමරසිංහ සම්බන්ධ නීති කෘත්‍යය ඊයේ යළි කැඳවූ අවස්ථාවේදීය. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා ප්‍රකාශ කළේ සැකකරු ද්වේශ සහගත ප්‍රකාශ අන්තර්ජාලයට මුදාහරිමින් මාසිකව ලක්ෂ ගණන් මුදල් උපයා ඇති බවය. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරීස් මහතා…
කැනඩාව විසින් හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ මහත්වරුන් ඇතුළු ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙකුට එරටට ඇතුළුවීම තහනම් කරමින් සම්බාධක පනවා තිබේ. අනෙක් ශ්‍රී ලාංකිකයින් දෙදෙනා වන්නේ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක සහ ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන මහත්වරුන්ය. ශ්‍රී ලංකාවේ සිවිල් ගැටුම්වලදී මානව හිමිකම් කඩකළ බවට චෝදනා කරමින් කැනඩාව විසින් මෙලෙස ඔවුන්ට සම්බාධක පනවා ඇත. එසේම කැනඩාව සමග ව්‍යාපාරික සම්බන්ධතා පැවැත්වීම ඔවුන්ට තහනම් වෙයි. යම් හෙයකින් ඔවුන්ට කැනඩාවේ යම් හෝ දේපළ ඇත්නම් ඒවා රාජසන්තක කෙරේ.