Author: LANKA24X7

අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට දැඩි චෝදනාවක් එල්ලවී තිබෙනවා. ඒ, 2020 අමෙරිකානු මැතිවරණ පරාජය වෙනස් කිරීමට කුමන්ත්‍රණය කළ බවටයි. ඒ අනුව මැතිවරණ ප්‍රතිඵල අවලංගු කිරීමට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උත්සාහය දැරීම සම්බන්ධයෙන් එරට අධිකරණයක් මඟින් පිටු 45කින් යුත් අධිචෝදනා හතරක් ගොනුකර ඇති බවයි විදෙස් මාධ්‍ය අද වාර්තා කළේ. අමෙරිකාවට වංචා කිරීමට කුමන්ත්‍රණය කිරීම, සාක්ෂිකරුවන්ට හානි කිරීම සහ පුරවැසියන්ගේ අයිතිවාසිකම්වලට එරෙහිව කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් මෙම චෝදනා එල්ලවී තිබෙනවා. කෙසේවෙතත් මෙම සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ තමන් යළිත් වරක් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම වැළැක්වීමට මෙම පියවර ගන්නා බවයි. අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව මීට පෙරද විවිධ චෝදනා එල්ලවුණා.…

Read More

ජනාධිපතිවරණයට වෙලාවට පොහොට්ටුවේ තුරුම්පු ආසියා ඉස්සරහට දාන බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. ලබන වසර කොහොමත් මැතිවරණ වසරක් බව කී අමාත්‍යවරයා ඒ නිසා ජනාධිපතිවරණ අපේක්ෂකයන් වැහි වැහැලා සිටින නමුත් රටේ විශාලතම ඡන්ද පදනම තියෙන පොහොට්ටුව තවම නිශ්ෂබ්ද බව පැවසීය. සජිත් ප්‍රේමදාස, අනුර කුමාර,සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් , ව්‍යාපාරිකයන් ජනාධිපතිවරණ අපේක්ෂක පෝලිමේ එන බව කී රණතුංග මහතා ජනාධිපතිවරණ, මහා මැතිවරණ, පළාත් සභා, පළාත් පාලන මැතිවරණ මොනවා තිබ්බත් ජනතා මනාපයෙන් ඉහලින්ම දිනන්නේ පොහොට්ටුව බව සඳහන් කළේය. ගම්පහ,උඩුගම්පළ පිහිටි කාර්යාලයේදී දේශපාලන ක්‍රියාකාරීන් පිරිසක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ඊනියා අරගලකරුවන් හා කුමන්ත්‍රණකරුවන් එකතුවී විනාශයට ගෙන ගිය රට යථා තත්ත්වයට…

Read More

සමහර නායකයන්ගේ ගිණුම් වල තියෙන මුදල් ප්‍රමාණය දැක්කම අරගලයේ ප්‍රතිඵලය කාටත් හොඳින් පැහැදිලි වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය. සමහර නායකයන් ඔවුන්ගේ පැවැත්ම සඳහා අරගලය පාවිච්චි කළ බවද ඔහු සඳහන් කළේය. දේශපාලනඥයන්ට සහ පුද්ගලයන්ට අවශ්‍ය පරිදි සහනාධාර ලබාදෙන ක්‍රමවේදය අවසන් කිරීමට පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් පැවසීය

Read More

වෛද්‍ය සැපයුම් සඳහා රුපියල් බිලියන 30 ක අතිරේක ප්‍රතිපාදන අනුමත කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි. ඉදිරි මාස තුන සඳහා ප්‍රමාණවත් වන පරිදි කඩිනම් වෛද්‍ය අවශ්‍යතා සපුරාලීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ මෙම ප්‍රතිපාදන අනුමත කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝග පරිදි මෙම පියවර ගෙන ඇත.

Read More

රටේ අවශ්‍ය ක්‍රමයේ වෙනසට ගැලපෙන ලෙස එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කිරීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ තීරණය කළේය. එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයේ දී පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් විය. එක්සත් ජාතික පක්ෂයේ 77 වැනි සම්මේලනය පැවැත්වීම පිළිබඳව සහ සහ පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කිරීම පිළිබඳව කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීන්දු කෙරුණු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සැප්තැම්බර් 10 වැනිදා පක්ෂ සම්මේලනය පැවැත්වීමට මෙහිදී තීන්දු කෙරිණි . අරගලයේ දී ජනතාව පැවසූ ආකාරයට රටේ ක්‍රම වෙනසක් කිරීමට අදාලව පක්ෂ ව්‍යවස්ථාවත් වෙනස් කිරීමට නියමිත බව පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. සමගි ජන…

Read More

කඩුවෙල වැව පාර ප්‍රදේශයේ ද ළඳු කැලෑවක් තුල කැපුම් තුවාල සහ පහර දීමේ තුවාල සහිතව හමුවූ මළ සිරුර ගොතටුව ප්‍රදේශයේ පුද්ගලයකුගේ බවට අනාවරණය වූ බව කඩුවෙල පොලිසිය කියයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ගොතටුව නින්ද හේන පසිඳු චාමර මධුශංක නමැත්තෙකි. මෙම පුද්ගලයා‍ෙ කිසියම් පිරිසක් වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී ඝාතනය කර මෙම ස්ථානයට ගෙනවිත් දමන්නට ඇතැයි පොලිසිය සැක කරයි. ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් වැල්ලම්පිටිය ප්‍රදේශයට ගිය බව උසස් නිලධාරියෙක් පැවැසීය. මළ සිරුර තිබූ ස්ථානයේ ජංගම දුරකථන දෙකක් මෙන්ම රතුපාටට හුරු තොප්පියක් පොලිසිය මඟින් සොයා ගැනිණි .

Read More

රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී වකුගඩු සැත්කමකින් පසු මියගිය දරුවාට ප්‍රතිකාර කළ වෛද්‍ය වාර්තාවලට අනුව ඔහුට වකුගඩු දෙකක් ඇති බවට සඳහන්ව තිබුණත් උපතේදීම තිබී ඇත්තේ එක් වකුගඩුවක් බවට අධිකරණ වාර්තාවේ සඳහන් වීම පරස්පර බැවින් ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය බොරැල්ල පොලීසියට ඊයේ (02) නියෝග කළාය. මෙම දරුවාට උපතේ සිටම තිබී ඇත්තේ එක් වකුගඩුවක් පමණක් බව සදහන් කරමින් දරුවාගේ මරණයෙන් පසු අධිකරණ වෛද්‍ය නිලධාරි රුහුල් හක් මහතා විසින් දෙන ලද වෛද්‍ය වාර්තාවේ සඳහන්ව තිබූ බව බොරැල්ල පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේ දී මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය කළාය. දරුවාට ප්‍රතිකාර කරනු ලැබූ අවස්ථාවේදී සායනික ප්‍රතිකාර…

Read More

ජල බිල ඊයේ මධ්‍යම රාත්‍රි සිට සියයට තිහ සිට (30%) ඉහල දැමීමට කටයුතු කළ බව එම මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ආචාර්ය වසන්තා ඉලංගසිංහ මහත්මිය පැවසුවාය. එම මිල ගණන් ඉහල දැමීමට අදාල ගැසැට්ටුව අද රාත්‍රි මුද්‍රණය සදහා යොමු කල බවත් ඇය පැවසුවාය. ඒ අනුව සමෘද්ධි සහ අඩු ආදායම්ලාභී ගෘහ ඒකක වෙත ලබා දෙන ජලය වෙනුවෙන් අය කෙරෙන ගාස්තු ඉහල දැමීමක් සිදු නොවන බවත් අනෙකුත් කාණ්ඩ සදහා ජලය පාවිච්චි කරනු ලබන ජල ප්‍රමාණය අනුව අවම සියයට තිහක සිට ඉහලට ජල ගාස්තු ඉහල යාමට නියමිත බවත් එය සමස්තයක් ලෙස (Avarage) සියයට පණහකට ආසන්න වන බව ද ඇය වැඩි දුරටත් පැවසුවාය. එබැවින් අද (03) දින සිට…

Read More

විල්පත්තුව ආසන්නයේ වනාන්තර කපා හෙළි කළ ප්‍රදේශවල යළි ගස් සිටුවීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය විසින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව නිකුත් කළ තීන්දුවක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. රිෂාඩ් බදියුදීන් මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර ඇති බව වාර්තා වෙයි. මේ අනුව පෙත්සම ලබන පෙබරවාරි මස 28 වනදා කැඳවන ලෙස අධිකරණය නියෝග කර ඇත.

Read More

ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත (NMRA) සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභා පනත (SLMC) සම්පූර්ණයෙන්ම අහෝසි කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. සෞඛ්‍ය ක්ෂේත්‍රයට වඩාත් විවෘත හා සාධාරණ වෙළෙඳපොළකට ඉඩ සැලසීම සඳහා එම තීරණය ගන්නා බව ඔහු තවදුරටත් පැවසීය. විද්‍යා විෂය ධාරාව පමණක් නොව සියලුම විෂය ධාරාවන් හැදෑරූ සිසුන්ට හෙද වෘත්තීය විවෘත කිරීමට ද තමා අදහස් කරන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි. අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව තුළ ඖෂධ පරීක්ෂාව සඳහා ‘Benchmark 4’ නම් ලොව ඉහළම පිළිගැනීමක් ඇති නවීන රසායනාගාර පහසුකම් මෙරට තුළ ස්ථාපිත කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මගපෙන්වීම අපේක්ෂා කරන බවය.

Read More