Author: LANKA24X7

ක්ලබ් වසන්ත ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාරිය ඇතුළු සැකකරුවන් දස දෙනා අද (05) යළි කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආවේය. ඉකුත් නඩු දිනයේදී මහෙස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මියගේ නියෝගය පරිදි අද දිනයේදී අදාළ නඩුව සම්බන්ධයෙන් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා, නීතිපති දෙපාර්තමේන්තුව සහ ඝාතනයට ලක් වූ සු⁣රේන්ද්‍ර වසන්ත පෙරේරා ගේ පුතු සහ ඔහුගේ දේහය භාරගත් තැනැත්තා නීති කෘත්‍යය සඳහා අධිකරණයෙහි පෙනී සිටීමට නියමිත වේ. මේ අතර, ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙකුට මරු කැඳවූ වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා තිබුණි. පසුගිය ජූලි 8 වනදා අතුරුගිරිය පොලිස් වසමේ ටැටූ මධ්‍යස්ථානයක් තුළ දී ටී 56 ගිනිඅවිවලින් වෙඩිතබා…

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වන හෂාන් තිලකරත්න මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම සඳහා සමගි ජන බලවේගය හා එක්විය. තිලකරත්න මහතා බංග්ලාදේශයේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් පුහුණුකරු ලෙස ද කටයුතු කරනු ලබයි. තිලකරත්න මහාතට අමතරව ඔහුගේ බිරිඳ වන අප්සාරි තිලකරත්න මහත්මියද සමගි ජන බලවේගයට සහාය පළ කිරීමට එක්වූවාය.

Read More

ගොවියාට පොහොර සහනාධාර දෙන්න රජයට මුදල් නොමැති වුවත් ජනාධිපතිගේ සුඛවිහරණය සඳහා කෝටි ගණන් මුදල් වෙන් කිරීමට මුදල් ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. මෙම සංස්කෘතිය වෙනස් කර ගොවියා, කම්කරුවා, ධීවරයා රජ කරවන වැඩපිළිවෙලක් සමගි ජන බලවේග රජයක් තුළ ක්‍රියාත්මක කරන බවද විපක්ෂ නායකවරයා සඳහන් කළේය. රටේ ජනාධිපතිවරයා රට වෙනුවෙන් වැඩිම කැපකිරීමක් කළ යුතු වුවත් තරු 7 හෝටල් මන්දිරවල සුපිරි ජීවිත ගත කරමින් පොඩි මිනිසාගේ දුක කදුල වේදනාව නොතේරෙන ලෙස ඔහු කටයුතු කරමින් සිටින බවද ප්‍රේමදාස මහතා කීවේය. නුවරඑළිය හගුරන්කෙත පැවැති සමගි ගොවි සමුළුව අමතමින් ඔහු මේ බව පැවසීය.

Read More

දේශපාලන පිටියේ පසුගිය දිනවල සිදුවුණු විවිධ පෙරළි සහ හැලහැප්පීම් හේතුවෙන් ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම්ද දැඩි උණුසුම්කාරී තත්වයක් ගනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. එසේම ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන අතරතුරදි පිල් මාරුවීම් කිහිපයක්ද සිදුවනු ඇතැයි දැනගන්නට ඇත. මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය නොදී වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ගත් තීරණයක් සමග පාර්ලිමේන්තුවේ බල තුලනයද වෙනස්වී ආණ්ඩු පක්ෂයේ බහුතර බලය අහිමිවී ගොස් ඇතැයි පැවසේ. මේ හේතුවෙන් යම් පනතක් සම්මත කිරීමේදී අවශ්‍ය සරල බහුතරය ලබා ගැනීමද ඉදිරියේදී ගැටලුකාරී වනු ඇතැයි දේශපාලන විචාරකයෝ සඳහන් කරති. ආණ්ඩුවේ සහයට මීට පෙර මන්ත්‍රීවරුන් 117 ක් පමණ සිටි අතර එම සංඛ්‍යාව…

Read More

එංගලන්තයේ සහ උතුරු අයර්ලන්තයේ නගර රැසක, සංක්‍රමණිකයන්ට එරෙහිව ප්‍රචණ්ඩකාරී විරෝධතා ආරම්භ වී ඇත. විරෝධතාවලට හේතු වූයේ මීට සතියකට පෙර, වයඹදිග එංගලන්තයේ, සවුත්පෝට්හි කුඩා දරුවන්ගේ නර්නත පාසලක පුහුණුවීම් සිදුවෙද්දී එල්ල වුණු පිහි ප්‍රහාරයයි. එම පිහි ප්‍රහාරයෙන් කුඩා දැරියෝ තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. සංක්‍රමණික විරෝධී සහ මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ විරෝධතා ආරම්භ වූයේ, එම පිහි ප්‍රහාරය එල්ල කළේ එංගලන්තයට සංක්‍රමණිකයකු ලෙස පැමිණ පදිංචි වූ, මුස්ලිම් අන්තවාදියකු යැයි සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන අසත්‍ය තොරතුරු නිසාය. පොලිසියට අනුව, ප්‍රහාරය එල්ල කළ තැනැත්තා එංගලන්තයේ උපත ලැබූවකු අතර ඔහු ක්‍රිස්තියානුවෙකි. ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන දහස් ගණනක් අන්ත දක්ෂිණාංශික විරෝධතාකරුවන්, කඩසාප්පු කොල්ලකමින්, අලභහානි සිදු කරන බවත්, මුස්ලිම් වැසියන්ට පහර දෙන…

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව කියයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Read More

ජනාධිපතිවරණය සඳහා තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. තැපැල් ජන්ද අයදුම් කිරීම සඳහා සුදුසුකම් සපුරා ඇති සියලු ජන්දදායකයන් සිය තැපැල් ජන්ද අයදුම්පත් දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් වෙත භාර දියයුතු බව ද කොමිෂන් සභාව සදහන් කරයි. තැපැල් ජන්ද අයදුම්පත් ජන්ද හිමි නාමලේඛන ප්‍රදර්ශනය කරනු ලබන ස්ථානවලින් හා දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලින් නොමිලේ ලබාගත හැකි බවත් කොමිෂන් සභාව පවසයි.

Read More

යාපනය ප්‍රදේශයේ දින 45 ක් වයසැති බිලිදෙකුට හිසට කළ පහර දීමකින් එම බිලිදා මියගොස් ඇතැයි තෙල්ලිප්පලේ පොලිසිය සදහන් කරයි. මියගොස් ඇත්තේ සසිරුබන් නික්ෂන් නමැති දින 45 ක බිලිදෙකි. මවු කිරි ලබා දීමෙන් අනතුරුව බිලිදා සිහිසුන්වූ බව පවසා මව විසින් බිලිදා අලවෙට්ටි ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කරනු ලැබ තිබේ.අනතුරුව වැඩි දුර ප්‍රතිකාර සදහා තෙල්ලිප්පලේ රෝහලට මාරු කර යවා තිබේ.එහිදී බිලිදා මියගොස් ඇත. මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ හිසට එල්ල වූ ප්‍රහාරයක් හේතුවෙන් බිලිදා මියගොස් ඇතිබව යැයි පොලීසිය කියයි. ඒ අනුව මරණය සම්බන්ධයෙන් බිලිදාගේ මව තෙල්ලිප්පලේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවද පොලීසිය පවසයි.

Read More

පුද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 22ක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ. ඊයේ (03) එම අනතුර සිදුව තිබුණේ මහඔය – අරලගංවිල මාර්ගයේ එම්.ඩී.කේ වැවට හැරෙන හන්දිය ආසන්නයේදීය. මහ ඔය දෙස සිට අරලගංවිල දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි තවත් පුද්ගලික බස් රථයක ගැටී එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. අනතුරින් බස් රථ දෙකෙහි ගමන්ගත් පිරිමි පුද්ගලයින් 02ක්, කාන්තාවන් 12ක්, පිරිමි ළමුන් 06ක් සහ ගැහැණු ළමුන් 02ක් තුවාල ලබා ප්‍රතිකාර සඳහා මහඔය රෝහලට ඇතුළත් කර ඇත. අනතුර සම්බන්ධයෙන් එක් බස් රථයක රියදුරෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මහඔය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

අම්පාර ඉගිණියාගල නාමල්ඔය ප්‍රදේශයේදි පොලිස් කොස්තාපල්වරයකු තවත් කොස්තාපල්වරයකුට වෙඩි තබා ඝාතනය කර ඔහු ද වෙඩිතබාගෙන මියගොස් ඇතැයි අම්පාර පොලිසිය කියයි. වෙඩි තැබූ බව කියන පොලිස් කොස්තාපල්වරයා තවත් කාන්තාවන් දෙදෙනකුට වෙඩි තබා මරා දමා ඇතැයි තහවුරු නොවූ පුවත් පවසයි. අද අලුයම 2.00 ට පමන මෙම වෙඩි තැබිම සිදුකර තිබේ. මෙසේ ඝාතනය කර ඇත්තේ මොණරාගල කරාඩුගල පොලිසියේ සේවය කරන කොස්තාපල් වරයෙකි. වෙඩි තැබීමේ සිද්ධියෙන් පැයකය පමන පසුව වෙඩි තැබූ බව කියන පොලිස් කොස්තාපල්වරයා වෙඩි තබාගෙන මියගොස් ඇති බව වාර්තා වේ. මියගිය කාන්තාවන් දෙදෙනා ගැන අද අලුයම වන තෙක් තොරතුරු වාර්තා වී නොමැත.

Read More