Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ඉරානයට එරෙහිව අමෙරිකාව සහ ඊශ්රායලය සිදුකරන ඒකාබද්ධ හමුදා මෙහෙයුම්වලට ඉතාලිය තවදුරටත් සහයෝගය ලබා නොදෙන බව ඉතාලි අගමැති ජෝර්ජියා මෙලනි පවසා තිබේ. ඉතාලි පාර්ලිමේන්තුව අමතමින් ඇය මේ බව පවසා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. එහිදී ඇය පවසා ඇත්තේ, සිය හමුදා මැදපෙරදිගින් ඉවත්කර ගන්නා බවය. ඉතාලිය මැදපෙරදිගට එරෙහි යුද්ධයේ කොටසක් නොවන බවත්, ඉරානයට එරෙහි යුද්ධයකට ඉතාලිය සහභාගි නොවන බවත් එහිදී ඇය වැඩිදුරටත් පවසා තිබේ.
ඝාතනයට ලක්වූ අපරාධ කල්ලි නායකයෙකු වන ගනේමුල්ල සංජීවගේ සමීපතමයෙකු වන දැනට විදෙස්ගතව සැඟව සිටින මනෝජ් සුරංග නොහොත් බටුවත්ත චාමර යන අයගේ බිරිඳගේ නමින් මිලදී ගෙන ඇති ජා ඇළ වැලිගම්පිටියේ රුපියල් ලක්ෂ 400ක වටිනාකමකින් යුත් තෙමහල් නිවසක් දින 7ක කාලයක් සඳහා තහනම් කිරීමට නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පියවර ගෙන තිබේ. ඒ බටුවත්ත චාමර නමැත්තා මත්ද්රව්ය ජාවාරම් කිරීමෙන් උපයාගත් මුදලින් මෙම නිවස මිලදීගෙන ඇති බවට සාධාරණව විශ්වාස කිරීමට තරම් කරුණු අනාවරණ වීම හේතුවෙනි. මෙම නිවස වෙනත් පිරිසක් මීට මාස දෙකකට පමණ පෙර කුලී පදනම මත ගෙන වැඩිහිටි නිවාසයක් පවත්වාගෙන ගොස් තිබූ අතර එහි සිටි වැඩිහියන් 9දෙනෙකු හා සාත්තු සේවිකාවන් 4දෙනෙකු අද ඉන්…
ඊශ්රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදු කරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (14) දින 15ක් ගතවී තිබේ. ඉරානයේ නව උත්තරීතර නායක මොජ්ටාබා කමේනි සහ එරට ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ ඉහළ පෙළේ නායකයින් ගැන තොරතුරු සපයන්නෙකුට අමෙරිකානු ඩොලර් මිලියන 10 දක්වා වූ මුල්ය ත්යාගයක් ලබාදීමට අමෙරිකානු රාජ්ය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. එමෙන්ම අමෙරිකාව හා ඊශ්රායලය ඒකාබද්ධව ඉරානයට එරෙහිව සිදුකරන යුද්ධය වෙනුවෙන් මැදපෙරදිගට අමතර භට පිරිස්, මැරීන් භටයින් සහ නාවික නෞකා යෙදවීමටත් අමෙරිකාවෙන් තීරණයක් ගෙන ඇත. මේ අතර විදෙස් වාර්තා පවසන්නේ හෝමූස් සමුද්ර සන්ධිය අසල කාර්ග් දූපතේ හමුදා ස්ථාන කිහිපයකටම අමෙරිකාව විසින් බෝම්බ හෙළා ඇති බවය.
ඉරානයේ නව උත්තරීතර නායක මොජ්ටාබා කමේනි සහ එරට ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ ඉහළ පෙළේ නායකයින් ගැන තොරතුරු සපයන්නෙකුට අමෙරිකානු ඩොලර් මිලියන 10 දක්වා වූ මුල්ය ත්යාගයක් ලබාදීමට අමෙරිකානු රාජ්ය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. එමෙන්ම අමෙරිකාව හා ඊශ්රායලය ඒකාබද්ධව ඉරානයට එරෙහිව සිදුකරන යුද්ධය වෙනුවෙන් මැදපෙරදිගට අමතර භට පිරිස්, මැරීන් භටයින් සහ නාවික නෞකා යෙදවීමටත් අමෙරිකාවෙන් තීරණයක් ගෙන ඇත. මේ අතර විදෙස් වාර්තා පවසන්නේ හෝමූස් සමුද්ර සන්ධිය අසල කාර්ග් දූපතේ හමුදා ස්ථාන කිහිපයකටම අමෙරිකාව විසින් බෝම්බ හෙළා ඇති බවය.
මත්ද්රව්ය සහ ආයුධ සමග අත්අඩංගුවට ගත් ධීවර යාත්රා දෙකේ සිටි සැකකරුවන් 10 දෙනා සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිත බව පොලිසිය පවසයි. ශ්රී ලංකා නාවික හමුදාව විසින් දිවයිනට දකුණු දෙසින් වූ මුහුදේ දී මෙම බහුදින ධීවර යාත්රා දෙක සිය භාරයට ගත් අතර එහි තිබී මත්ද්රව්ය කිලෝග්රෑම් 654ක් සොයාගැනුණි. ඒ අනුව නාවික හමුදාව විසින් පොලිස් මත්ද්රව්ය කාර්යංශය වෙත මත්ද්රව්ය හා ගිනිඅවි සමග අදාළ සැකකරුවන් 10 දෙනා භාරදී තිබේ. නාවික හමුදාව මගින් ගැඹුරු මුහුදේ දී මත්ද්රව්ය හා ගිනි අවි සමඟ සැකකරුවන් 05 දෙනෙකු ගමන් කරමින් තිබු ධීවර යාත්රාවක් හා ඊට සමගාමීව සැකකරුවන් 05 දෙනෙකු ගමන් කරමින් තිබූ ධීවර යාත්රාවක් සිය භාරයට ගෙන (12)…
ශ්රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්රහාරයකට ලක්වූ ‘IRIS DENA’ නෞකාවේ සිට ජීවිතක්ෂයට පත්වූ ඉරාන නාවිකයින් 84 දෙනාගේ මළ සිරුරු රැගත් ගුවන් යානය ඉරානය බලා පිටත්ව ගොස් තිබේ. අද (13) රාත්රී 09.29ට මෙම ගුවන් යානය පිටත්ව ගිය බව සඳහන් වේ. මෙරට ඉරාන තානාපති කාර්යාලය සම්බන්ධීකරණය යටතේ මිය ගිය නාවිකයින්ගේ සිරුරු පිටත්කර යැවීම සිදුකෙරේ. පසුගිය මාර්තු මස 04වනදා ගාල්ල වරායට සැතපුම් 40ක දුරින් ඉරාන නෞකාවක් අනතුරට ලක්වූ අතර, එහි 180ක පමණ පිරිසක් සිට ඇතැයි අනාවරණය වුණි. පසුව ඉන් මුදාගත් 35 දෙනෙකු කරාපිටිය රෝහලට ඇතුළත් කරනු ලැබීය. අමෙරිකානු සැබ්මැරීනයක සිට ටොපිඩෝවක් උපයෝගි කරගනිමින් ජාත්යන්තර මුහුදු සීමාවේදී ඉරාන නෞකාවක් මුහුදු බත්කළ බව…
වෛද්යවරුන්ගේ සහ සමස්ත සෞඛ්ය පද්ධතියේ දත්ත ඇතුළත් සෞඛ්ය අමාත්යංශයේ වෙබ් අඩවියට අනවසර ඇතුළුවීමක් සිදුවි ඇති බවට සැකයක් පවතින බව රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය පවසයි. මේ වනවිට සෞඛ්ය අමාත්යංශයේ වෙබ් අඩවියේ විශේෂඥ වෛද්යවරුන්ට අදාළව සේවා ව්යවස්ථාවක් (Service Minutes) ස්ථාපිත කිරීමට සම්බන්ධ යැයි පවසමින් ලිපියක් ඇතුළත් කර ඇති අයුරු දක්නට ලැබෙන බව එම සංගමය සඳහන් කරයි. මෙම ලිපිය රාජ්ය ආයතනයක් මඟින් නිකුත් කරන නිල ලේඛනයක් යැයි බැලු බැල්මට නොපෙනෙන අතර ලිපි ශිර්ෂයක් නොමැතිව, දිනයක් නොමැතිව, යොමු කරන ලද පාර්ශ්වයක් හෝ පාර්ශ්වයන් නොමැතිව, සම්බන්ධීකරණ නිලධාරියෙක් සඳහන් කර නොමැතිව සකස් කර ඇති අවිධිමත් ලේඛනයක් පමණක් බව නිරික්ෂණය වෙන බවද රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය පවසයි.…
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර සිටින ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග මහතාට නොතීසි ලද විට මහාධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය අද (13) නියම කළේය. මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය දැනුම් දුන්නේ මෙම සැකකරුට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබෙන බවය. ඒ, මහාධිකරණයේ නොතීසි ලද විට සැකකරුට එම අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුවය. ඉන් අනතුරුව මෙම කරුණට අදාළව මහේස්ත්රාත් අධිකරණය හමුවේ පවතින නඩු කටයුත්ත අවසන් කිරීමටද මහේස්ත්රාත්වරයා නියෝග කළේය. 2017 – 2018 වර්ෂයේ මාස 6ක් සඳහා ලංකා ඛනිජ තෙල්…
නව මහාධිකරණ විනිසුරුවරයකු ලෙස එස්. සතීස්තරන් මහතා පත් කර තිබේ. ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී එස්. සතීස්තරන් මහතා වෙත භාර දෙන ලදී. අධිකරණ සේවයේ විශේෂ ශ්රේණියේ නිලධාරියකු වන එස්. සතීස්තරන් මහතා, චාවක්කච්චේරී දිසා විනිසුරුවරයෙකු ලෙස ද කටයුතු කළේය.
අමෙරිකාව සහ ඊශ්රායලය ඒකාබද්ධව පසුගිය 28 වෙනිදා සිට ඉරානයට එල්ල කරනු ලැබූ ප්රහාරවලින් ඉරානයේ පුද්ගලයින් 1,444 දෙනෙකු මිය ගොස් තිබේ. එරට සෞඛ්ය අමාත්යංශ ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්ය වාර්තා සඳහන් කළේ, තවත් පුද්ගලයින් 18,551ක් දෙනෙකු තුවාල ලබා ඇති බවය.
