Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල බල ප්‍රදේශයේ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 45 දෙනෙකු හඳුනාගෙන ඇතැයි පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී වෛද්‍ය ජගත් කුමාර මහතා පැවසීය. එම දරුවන් සදහා වසරක පමණ කාළයක් අවම වශයෙන් පෝෂණීය ගුණයෙන් යුත් ආහාර වට්ටෝරුවක් ලබා දිය යුතු බවත් එලෙස කළහොත් පමණක් ප්‍රතිඵලයක් ලබා ගත හැකි බවත් ඒ මහතා පැවසීය. එසේම මේ වන විට තම බල ප්‍රදේශය තුළ දරු උපත් අනුපාතය කෙමෙන් කෙමෙන් අඩු වී යන බවක් වර්ෂ 2014 දී සියයට 14.5 ක්ව පැවැති දරු උපත් අනුපාතය මේ වන විට සියයට 9 දක්වා පහත බැස ඇතැයි ද පැවසීය. තවද විවාහ වී දරුවන් අපේක්ෂාවෙන් සිටින මුත් දරුඵල නොලැබ සිටින කාන්තාවන්…
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම දත්ත අනුව අමෙරිකානූ ඩොලරයේ ගැනුම් මිල දිගු කලකට පසු රුපියල් 300ට වඩා අඩුවී තිබේ. ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල සඳහන් වන්නේ රුපියල් 299.21ක් ලෙසටය. එසේම ඩොලරයේ විකිනුම් මිල සඳහන් වන්නේ රුපියල් 312.37ක් ලෙසටය.
වයස අවුරුදු 9ක ගැහැනු දරුවෙක් සහ 13 හැවිරිදි මානසික ආබාධයකින් පෙළෙන පිරිමි දරුවෙක්ට වධහිංසා කළ මවක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ ඊයේ (17) ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශ මුලස්ථානයට ලද පැමිණිල්ලක් මත එම කාන්තාව අත්අඩංගුවට ගත් බවය. පෑලියගොඩ පොලීසිය විසින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර වනවාසල පාර, තොරණ හන්දිය, කැලණිය යන ලිපිනයේ තාවකාලික කුලී පදනම මත නිවසක රැඳී සිටි එම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් කාන්තාව අවුරුදු 26ක් වූ අයෙකි. සැකකාර මව රැකියාවට ගොස් රාත්‍රියේ නිවසට පැමිණෙන තෙක් එම දරුවන් දෙදෙනා ඉතා අනාරක්ෂිත ලෙස කාමරයක රඳවා තබා යන බවත් එතෙක් දරුවන්ගේ අධ්‍යාපනය හෝ පෝෂණය සම්බන්ධයෙන් සොයා නොබලා දරුවන්ව කෘෘරත්වයට…
සියලුම රාජ්‍ය ආයතනවල සහ දෙපාර්තමේන්තුවල ජලය විදුලිය ඉන්ධන සහ දුරකථන වෙනුවෙන් භාවිත කරන ලද මාසික ඒකක ගණන ඇතුළත් තොරතුරු වාර්තාවක් කැඳවීමට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ. පසුගිය වසරේ ජුනි 30 වන දින සිට දෙසැම්බර් 31 වන දින දක්වා මාස 06ක කාලය සඳහා මාසිකව වැය වී ඇති ඒකක ගණන පිළිබඳ දත්ත ලබාගැනීමට තීරණය කර ඇති බව වාර්තා වේ. ජාතික බලශක්ති විභවයන්, ක්‍රම උපායන් සහ මාර්ග සිතියම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ අරමුණින් මෙම දත්ත ලබාගැනීම සිදුකරනු ලබයි. ඒ අනුව ජුනි මස 30 වන දිනට පෙර සියලු රාජ්‍ය ආයතනවල සහ දෙපාර්තමේන්තුවල ජලය, විදුලිය, ඉන්ධන සහ දුරකථන…
අස්වැසුම ප්‍රතිලාභය ජනතාවට ලබාදීම සඳහා සමෘද්ධි බැංකු පද්ධතිය මහ බැංකුවේ ක්ෂුද්‍ර මූල්‍ය බැංකු පද්ධතියක් ලෙස ලියාපදිංචි කිරීමට රජය තීරණය කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි මුදල් අමාත්‍යාංශයේ දී ඊයේ (17) පැවති සාකච්ඡාවකදී එම තීරණය ගෙන ඇති බව සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා පැවසුවේය. මේ යටතේ දිවයින පුරා පිහිටි සමෘද්ධි බැංකු අස්වැසුම ක්‍රියාවලියට ඇතුළත් කිරීමට කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. ඊයේ පැවති මෙම සාකච්ඡාව සඳහා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙන්ම මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ යන මහත්වරුන් ද එක්ව වු බව සඳහන්ය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ගොනුකර තිබූ චෝදනා කිහිපයක් ඉවත්කර ගැනීමට ඔස්ට්‍රේලියානු පොලීසිය කටයුතු කර තිබේ. එරට මාධ්‍ය සඳහන් කළේ, ලිංගික අපයෝජන චෝදනා 4න් 3ක් ඒ අනුව ඉවත්කරගෙන ඇති බවය. 2022 වසරේ ඔස්ට්‍රේලියාවේ පැවැත්වුණු විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අතරතුරදී එරට කාන්තාවක් හා මිත්‍රවී ඇති ගුණතිලක පසුව ඇයව ඇයගේ කැමැත්තෙන් තොරව දුෂණය කළ බවට චෝදනා එල්ල විය. ඊට අදාළ නඩුව අද (18) සිඩ්නි හි “Downing Centre” අධිකරණයේදී කැඳවිණි. සිඩ්නි පොලීසිය ගත් ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් නීතිඥයින් එහිදී කරුණු හෙළිකළේය. මෙම නඩුව ජූලි 13 වනදා නැවත කැඳවීමට නියමිතය.
මවගේ අනියම් පෙම්වතාගේ පොලු පහරින් බරපතළ තුවාල ලැබූ දාහත් හැවිරිදි පුතෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මිය ගොස් තිබෙනවා. අදාළ පුද්ගලයා වයස අවුරුදු 50ක් වන කාර්මිකයෙක් බවයි පොලිසිය සඳහන් කරන්නේ. සැකකාර පුද්ගලයා පසුගිය දොළොස් වැනි දා බීමත්ව නිවෙසට පැමිණ මිය ගිය දරුවාගේ මව සමඟ ආරවුලක් ඇති කරගෙන තිබෙන අතර එම අවස්ථාවේ දී දරුවා විසින් ඔහුට බැන වැදී තිබෙනවා. දරුවා පවසා ඇත්තේ “බීල ආවනං සද්ද නැතුව ඉන්න” ලෙසයි. එම වචනයට කිපුණු සැකකරු යකඩ පොල්ලකින් දරුවාට පහර දී තිබෙන බවයි මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ. පහරකෑමෙන් තුවාල ලැබූ දහහත් හැවිරිදි තරුණයා ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කර ඇති…
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ක්‍රියාකාරීව සාකච්ඡා කිරීම සඳහා සිය මූල්‍ය ආයතන වෙත සහාය වෙන බව චීන විදේශ අමාත්‍යාංශය ඊයේ (17) ප්‍රකාශ කර තිබෙනවා. චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වෑන්ග් වෙන්බින් පවසන්නේ ඒ සම්බන්ධයෙන් චීනය නිශ්චිතව සහ අඛණ්ඩව ක්‍රියාකාරීව කටයුතු කරන බවයි. මෙහිදී ශ්‍රී ලංකා රජය පවසා ඇත්තේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සහභාගී වන ලෙස වාණිජ සහ බහුපාර්ශ්වික ණය හිමියන්ගෙන් ඉල්ලා සිටින බවත් චීනය ඇතුළු ණය හිමියන් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවත්ය.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පන්දු වාර විස්ස කාන්තා පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල 9 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. එහි පළමු ස්ථානය හිමිකරගෙන තිබෙන්නේ ඔස්ට්‍රෙලියාවේ Tahlia McGrath. බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවති තරගාවලියේ දැක් වූ දක්ශතා මත ඇය මෙලෙස ශ්‍රේණිගත කිරීම්වල පළමු දසදෙනා 9වන අතරට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. මෙම ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හර්ෂිතා මාධවී 27වන ස්ථානයටත් නිලක්ෂි සිල්වා 51වන ස්ථානයටත් පැමිණ තිබෙනවා.
පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ තමන්ව නැවත අත්අඩංගුවට ගැනීමට පොලිසිය ලාහෝරයේ පිහිටි ඔහුගේ නිවස වටලා ඇති බවයි. ඉස්ලාමාබාද් මහාධිකරණය විසින් ඛාන්ගේ ආරක්ෂක ඇප මැයි 31 දක්වා දීර්ඝ කළ බව ඔහුගේ නීතිඥවරයා ඊයේ (17) ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.