Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
කොල්ලුපිටිය ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකර පළාගොස් සිටියදී අත්අඩංගුවට ගත් සැකකරුව එළඹෙන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. අදාළ පුද්ගලයා ඩුබායි රාජ්‍ය වෙත පළාගොස් සිටි අතර, ඊයේ (12) රාත්‍රියේ විදේශගතව සිට නැවත ලංකාවට පැමිණි අවස්ථාවේදී කටුනායක ගුවන්තොටුපොළේ දී ආගමන හා විගමන නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. කොල්ලුපිටිය ප්‍රදේශයේදී මෝටර් රථයක් ත්‍රීරෝද රථයක ගැටීමෙන් සිදුවු අනතුරේ මෝටර් රථයේ රියදුරු ලෙස කටයුතු කර තිබුණේ අදාළ සැකකරුය. පසුගිය 10 වනදා අලුයම කොල්ලුපිටිය ප්‍රදේශයේ දී මෝටර් රථයක්, ඉදිරියෙන් ධාවනය වු ත්‍රීරෝද රථයක ගැටීමෙන් අනතුරක් සිදුවු අතර අනතුරින් ත්‍රීරෝද රථයේ රියදුරු මියගියේය. අනතුර සිදුවන අවස්ථාවේදී මෝටර් රථයේ පිටුපස ගමන්කළ කාන්තාවකට තවත් කාන්තාවන් තිදෙනෙකු විසින් එම…
ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා සමගි ජන බලවේගය අපේක්ෂක අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇතැයි පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය. තරුණ ප්‍රජාව, වෘත්තීයවේදීන්, සමාජ පිළිගැනීමට ලක්වූ පිරිස් සඳහා මෙවර පළාත් පාලන මැතිවරණය අපේක්ෂකත්වය සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන බවත් මහ ලේකම්වරයා සඳහන් කළේය. ඒ අනුව අපේක්ෂක අයදුම්පත් “පළාත් පාලන මැතිවරණ අපේක්ෂක අයදුම්පත” යන ශීර්ෂය යටතේ මහ ලේකම්, සමගි ජන බලවේගය, අංක 592, බංගලා හංදිය, කෝට්ටේ පාර පිටකෝට්ටේ යන ලිපිනයට ලියාපදිංචි තැපෑල මඟින් හෝ generalsecretarysjb@gmail.com යන විද්‍යුත් ලිපිනයට යොමු කරන ලෙස මහ ලේකම්වරයා ඉල්ලීමක් කරයි. මේ පිළිබද වැඩිදුර තොරතුරු 011 287 0211 හෝ 011 287 0212 ලබාගත හැකියි.
රනිල් වික්‍රමසිංහ යනු පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නොව රටේ ජනාධිපති අපේක්ෂකයා බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා මාධ්‍ය හමුවකදී පැවසීය. රනිල් වික්‍රමසිංහ කාගේ ජනාධිපති අපේක්ෂකයා දැයි මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් එජාප මහ ලේකම්වරයා මේ බව සඳහන් කළේය. ඉදිරි ජනාධිපතිවරණයේදී රටේම අපේක්ෂකයා රනිල් බව මතක තබාගත යුතු යැයිද රංගේ බණ්ඩාර මහතා සඳහන් කළේය. පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.
මහා පරිමාණ මූල්‍ය වංචා සිදු කිරීමේ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තිළිණි ප්‍රියමාලිව තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි ඇයව අද (13) බන්ධනාගාර නිලධාරින් විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 16 වනදා දක්වා එලෙස තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත. කෙසේවෙතත් තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංචාවලට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගත් ව්‍යාපාරික කාන්තාවක් වන ජානකී සිරිවර්ධන නමැත්තිය ඇප මත මුදාහැරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ලබන ජනවාරි මස 17 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. එදින මෙම සැකකරුට එරෙහිව පවතින සාක්ෂි පිළිබඳ සාක්ෂි සම්පිණ්ඩනයක් අධිකරණයට ඉදිරිපත් කළ ලෙසත් මහෙස්ත්‍රාත්වරිය විසින් ත්‍රස්ත මර්දන කාර්යාංශයට නියෝග කළාය.
තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා අන්තර් විශ්ව භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන් ඇතුළු දෙදෙනකු විසින් ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරු ලෙස නම් කර සිටින බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් නීතිපතිවරයා මෙම අවස්ථාවේ පෙනී සිටීමක් නොකරන බව ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මහතා අද (13) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. එම පෙත්සම අද බුවනෙක අලුවිහාරේ සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ෂමින්ද වික්‍රම මහතා අධිකරණයට දන්වා සිටියේ, මෙම පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස…
බන්ධනාගාරගත කර සිටි ඕමාන තානාපති කාර්යාලයේ තෙවැනි නිලධාරියා ලෙස කටයුතු කළ ඊ. කුෂාන් මහතාව ඇප මත මුදාහැරීමට නියෝග කර තිබේ. ඔහුව අද (13) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කළ අතර, එහිදී ඔහුට ඇප හිමිවූ බව අප වාර්තාකරු පැවසීය.
විශ්වවිද්‍යාල පද්ධතිය තුළට විශාල වශයෙන් මත්ද්‍රව්‍ය පැමිණීම පිළිබඳව පුළුල් පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපතිවරයා විසින් ආරක්ෂක අංශවෙත උපදෙස් ලබාදී තිබේ. අද (13) උදෑසන පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේය. මේ අතර, විශ්වවිද්‍යාල පද්ධතිය රැකගත හැක්කේ, විනය විරෝධී කටයුතු සිදුකරන සිසුන්ට එරෙහිව දැඩි පියවර ගැනීමෙන් පමණක් බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ශිෂ්‍යභාවය අහෝසි කිරීම වැනි තීරණවලට එළඹිය යුතු බවත් එවිට බියෙන් හා සැකයෙන් තොරව විශ්වවිද්‍යාල තුළ අධ්‍යාපනය හැදෑරීමට අවකාශය හිමිවන බවත් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය. “මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මහතාව කොළඹ විශ්වවිද්‍යාලය තුළ මරා දැමීමේ සිද්ධියේ පටන් විශ්වවිද්‍යාල ආචාර්යවරු තමන්ගේ කාමර ඇතුළේ හිරකරලා,…
පාසල් සිසුන්ගේ වැරදි චර්යා වළක්වා ගැනීම සඳහා උපකාරී වන අධ්‍යාපනික වැඩසටහනක් ලෙස සතිමත් බව පිහිටුවීමේ වැඩසටහන් සෑම පාසලකම ක්‍රියාත්මක කිරීමට නියමිතය. අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේ, ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බවය. ඒ අනුව 2023 ජනවාරි මස 4 වනදා සිට මාර්තු 24 දක්වා සෑම බදාදා දිනකම නියමු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඉන් අනතුරුව එම වැඩසටහන සෑම සතියකම සඳුදා, බදාදා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 7.30 සිට පෙරවරු 7.40 දක්වා විනාඩි 10ක කාලයක් ක්‍රියාත්මක කිරීමට සුදානම්ය.
ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. උණ රෝගී තත්ත්වයකින් සිට ඇති ඒ මහතා අද (13) අලුයම රාවතාවත්ත ප්‍රදේශයේ සිය නිවසේ දී ජීවිතක්ෂයට පත්ව ඇත. “බයිලා ගීත කලාවේ රජු” ලෙස හැඳින් වූ ඒ මහතා මියයන විට 76 වන වියේ පසුවුණි.