Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑමට ලක්ව වසා දමා තිබූ නකල්ස් රක්ෂිතයේ රිවස්ටන් සංචාරක කලාපය දෙස් විදෙස් සංචාරකයින් වෙත අද (1) සිට යළි විවෘත කරනු ලැබීය. රිවස්ටන් සංචාරක කලාපය වෙත මාතලේ රත්තොට දෙසින් හා ලග්ගල දෙසින් ගමන් කිරීමට තිබූ මාර්ග දැඩි ලෙස අබලන් වී තිබූ අතර, එම මාර්ග මාස 2ක් වැනි කෙටි කාලයක් තුළ යළි ප්‍රතිසංස්කරණය කිරීමට හැකිව ඇත. ඒ අනුව සැහැල්ලු වාහනවලට පමණක් එම මාර්ග තුළින් ගමන්කර රිවස්ටන් සංචාරක කලාපය වෙත ඇතුළුවීමට හැකියාව තිබේ. මෙම මාර්ග හරහා පොදු ප්‍රවාහන සේවාවන් ආරම්භ කිරීමද සිදුවන අතර, දෙස් විදෙස් සංචාරකින් හට එම ප්‍රවාහන පහසුකම් ලබා ගනිමින්ද රිවස්ටන් සංචාරක කලාපයේ සොබා දහම අත්විඳීමට හැකියාව ඇත.…
දෙහිවල සහ කොහුවල ප්‍රදේශයන් හී සිදුවූ වෙඩි තැබීම් දෙකකට අදාළ සැකකරුවන් දෙදෙනෙකු බස්නාහිර පළාත් දකුණ දිසා භාර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 09 වැනි දින දෙහිවල පොලිස් වසමේ හෝටලක් තුළ එහි හිමිකරු වෙඩි තබා ඝාතනය කිරීම හා පසුගිය වසරේ දෙසැම්බර් 12 දින කොහුවල පොලිස් වසමේ බෝධියාවත්ත ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 14 මිලිග්‍රෑම් 730ක්ද නිලධාරීන් භාරයට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 18ක් වන බොරැල්ගමුව හා ගල්කිස්ස යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය. සැකකරුවන්…
පෞරාණික වටිනාකමකින් යුතු බුද්ධ ප්‍රතිමාවක් පැහැර ගැනීමක් සම්බන්ධයෙන් සැකකරුවන් 14 දෙනෙකු මාවතගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 28 වැනි දින රාත්‍රී කාලයේදී මාවතගම පොලිස් වසමේ කහපත්වල කැබිලිතිගොඩ පුරාණ රජමහා විහාරයේ ස්වාමින්වහන්සේලා වැඩවසන ආවාසයෙහි තැන්පත් කර තිබූ බුද්ධ ප්‍රතිමාවක් පැහැරගෙන ගිය බවට මාවතගම පොලීසියට ලද තොරතුරක් මත විමර්ශනයක් ආරම්භ කර තිබුණි. එදින රාත්‍රි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බව පවසමින් පුද්ගලයින් සිව් දෙනෙකු විහාරස්ථානයට පැමිණ එහි ආවාසය තුළ තැන්පත් කර තිබූ අඩි 1 1/2ක් පමණ වූ රන් පැහැති බුද්ධ ප්‍රතිමාව විමර්ශන කටයුත්තක් සඳහා අවශ්‍ය බව පවසමින් ස්වාමින්වහන්සේලාගෙන් එය ලබා ගෙන පැහැරගෙන ගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. මේ සම්බන්ධව සිදුකළ…
උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ උතුරු පළාතේත් ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවය. ඌව සහ වයඹ පළාත්වලද වැසි වාර කිහිපයක් ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගය එළැඹෙන පෙබරවාරි 02 වැනිදා සිට තීව්‍ර කිරීමට එම සංගමය තීරණය කර තිබේ. ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය 26 වැනිදා සමස්ත රෝහල් පද්ධතිය ආවරණය වන පරිදි මෙම අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබුණි. එහිදී පසුගිය 26 වැනි දින රැස්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව සෞඛ්‍ය අමාත්‍යවරයාට ඔවුන්ගේ ගැටලු සඳහා සාධනීය විසඳුමකට එළැඹ එය ප්‍රකාශයට පත් කිරීම සඳහා පැය 48ක කාලයක් ලබා දීමට තීරණය කෙරුණි. කෙසේ නමුත් අදාළ ඉල්ලීම් සඳහා සාධනීය විසඳුම් ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අපෙහොසත්ව ඇති බැවින් එළැඹෙන 02 වැනිදා සිට එම වෘත්තිය ක්‍රියාමාර්ගය තීව්‍ර කරමින් අඛණ්ඩ…
මැදපෙරදිග කලාපය හරහා ඇතිවෙමින් පවතින උණුසුම් ආරක්ෂක ප්‍රවණතා පිළිබඳව නිරන්තර අවධානය යොමු කරන ලෙස ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට සිටින ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දී තිබේ. ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ, පැමිණෙන ඕනෑම අවදානම් තත්ත්වයක් පාලනය කිරීමට ඊශ්‍රායල් ආරක්ෂක අංශ සුදානමින් සිටින බවත් ඊශ්‍රායල් ආරක්ෂක අමාත්‍යාංශය නිරන්තරයෙන් තොරතුරු හා උපදෙස් යාවත්කාලින කරනු ඇති බවත් ය. හදිසි අවස්ථාවක ඇතිවන මිසයිල ප්‍රහාර පිළිබඳව සෑම ස්මාර්ට් ජංගම දුරකථනයකටම තොරතුරු ලැබෙන අතර සයිරන් හඬ නිකුත් වුවහොත් තමා ආසන්නයේ ඇති ආරක්ෂක කුටියක රැකවරණ ලබා ගත හැකි බවත් එහි දැක්වෙයි. ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරන්නේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන අද…
දුරකථනයක් සම්බන්ධයෙන් ඊයේ (30) රාත්‍රියේ ඇතිවූ ආරවුලක් දුරදිග යාමකින් පියා විසින් සිය දියණිය තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි. මෙලෙස මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 14ක් වූ දැල්කඩ, ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පදිංචිකාරියක්ය. මියගිය දැරිය හා පියා අතර දුරකථනයක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මත පියා විසින් කැත්තකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බව මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත. තුවාල ලැබූ දියණිය ඇල්පිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. සැකකාර පිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, දැරියගේ මෘත ශරීරය ඇල්පිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් ඌරගස්මංහන්දිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
කම්කරු ක්ෂේත්‍රයේ සහයෝගීතාව පිළිබඳ ශ්‍රී ලංකාව සහ රුමේනියාව අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. දශක ගණනාවක සිට ශ්‍රී ලංකාව සමඟ විවිධ ක්ෂේත්‍ර වලට අදාළ දිගු කාලීන හා සුහද රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පවත්වාගෙන යන රුමේනියාව, විශේෂයෙන් ඉදිකිරීම්, නිෂ්පාදන, ආගන්තුක සත්කාර හා සේවා වැනි ක්ෂේත්‍රවල කුසලතා සහ අර්ධ කුසලතා සහිත ශ්‍රී ලාංකික ශ්‍රමික කාණ්ඩ අතර ප්‍රචලිත වෙමින් පවතින ගමනාන්තයක් බවට පත්ව තිබේ. වර්තමානයේදී රුමේනියාවට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් බඳවා ගැනීම, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අධීක්ෂණය යටතේ බලපත්‍ර ලාභී පෞද්ගලික රැකියා නියෝජිතායතන මඟින් සිදු කරනු ලබයි. කෙසේ වුව ද, ඉහළ යන ශ්‍රමික ඉල්ලුම හේතුවෙන් වඩාත් සංවිධානාත්මක හා තිරසර බඳවා…
මාතර මහ රෝහල කඹුරුගමුවෙහි නැවත ස්ථාපනය කිරීම සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම සඳහා කොරියානු අපනයන – ආනයන බැංකුව වෙතින් අරමුදල් සලසා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. දිවයින පුරා තෝරා ගත් සෞඛ්‍ය සත්කාර ආයතන සඳහා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ මිල දී ගැනීම තුළින් රෝග විනිශ්චය සහ ප්‍රතිකාර හැකියාවන් වැඩි දියුණු කිරීමේ අරමුණින්, කොරියානු අපනයන – ආනයන බැංකුවේ ආර්ථික සංවර්ධන සහයෝගිතා අරමුදල හරහා සහනදායී අරමුදල් පහසුකම යටතේ ‘ වෛද්‍ය උපකරණ අංශ සංවර්ධන ණය ව්‍යාපෘතිය ‘ ක්‍රියාත්මක කිරීමට 2019-04-09 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත. එහෙත්, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් උද්ගතව ඇති ප්‍රායෝගික ගැටලුකාරී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් එකී ව්‍යාපෘතිය අවලංගු කිරීමේ…
බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයට යාබදව දියවන්නා ඔය දෙපස පිහිටි ඉඩම් කොටස් 09 ක් විනෝදාස්වාද සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා බදු පදනම මත බැහැර කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. බත්තරමුල්ල, දියවන්නා ඔය ආශ්‍රිත තෙත් බිම් කලාපය ඇතුළත් වන පරිදි ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් කොළඹ අග නගරයේ ගංවතුර වැළැක්වීමේ සංවර්ධන ව්‍යාපෘතිය සැලසුම් කර ක්‍රියාත්මක කරනු ලැබ ඇත. එම ව්‍යාපෘතිය යටතේ බත්තරමුල්ල, වෝටර්ස් එජ් හෝටලය ආශ්‍රිත ප්‍රදේශයෙහි ජලාපවහන සංවර්ධන කටයුතු නිම කරනු ලැබ තිබේ. ඒ අනුව, නාගරික සංවර්ධන අධිකාරිය විසින් මහජනයාගේ විනෝදාස්වාදය සඳහා දියවන්නා ඔය දෙපස පිහිටි ඉඩම් යොදා ගනිමින් ‘ ෆ්‍රොලික් අයිලන්ඩ් විනෝදාත්මක මධ්‍යස්ථාන ‘ (Frolic Island Recreational Hub)…
