Author: LANKA24X7

ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16ට අඩු සමාජ මාධ්‍ය තහනම යටතේ ‘ස්නැප්චැට්’ සමාජ මාධ්‍ය ගිණුම් ලක්ෂ 0කට අධික ප්‍රමාණයක් අවහිර කිරීමට එරට රජය පියවර ගෙන තිබේ. ඒ අනුව සමාජ මාධ්‍ය තහනම යටතේ ‘ස්නැප්චැට්‘ සමාජ මාධ්‍ය ගිණුම් 415,000ක් මෙලෙස අවහිර කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය වසරේ දී ඔස්ට්‍රේලියාව විසින් නව නීති සම්පාදනය කරමින් වයස අවුරුදු 16ට අඩු බාල වයස්කාර දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනමක් පැනවීමට කටයුතු කරනු ලැබීය. ඒ යටතේ ස්නැප්චැට්, මෙටා, ටික්ටොක් සහ යූ ටියුබ් ඇතුළු සමාජ මාධ්‍යන් මෙලෙස තහනම් කිරීමට පියවර ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Read More

පෙබරවාරි 04 වැනිදාට යෙදෙන 78 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් රැඳවියන් 49 දෙනෙකුට විශේෂ ජනාධිපති සමාව ලබාදීමට තීරණය කර තිබේ. ඒ, ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්ති ප්‍රකාරව පැවරී ඇති බලතල අනුවය. ඒ අනුව බන්ධනාගාරගතව දඬුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවන ලද වසරකට සති 01ක සමාවක් ප්‍රදානය කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එමෙන්ම රුපියල් 75,000ට අඩු දඩ මුදල් නොගෙවීම හේතුවෙන් බන්ධනාගාරගතව සිරදඬුවම් විඳිමින් සිටින සිරකරුවන්ගේ ගෙවමින් පවතින දඬුවමේ ශේෂය ද අහෝසි කරනු ඇත.

Read More

හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ බාල පුත් ශමීන්ද්‍ර රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත. ඒ, එ‍යාර් බස් ගනුදෙනු නඩුවේ තුන්වන සැකකරු ලෙස නම් කිරීමෙන් අනතුරුවය.

Read More

අමෙරිකාවට බලපා ඇති ශීත කුණාටු තත්ත්වය හේතුවෙන් එරට ගුවන් ගමන් වාර 1,200කට අධික ප්‍රමාණයක් අවලංගු කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ශීත කුණාටු තත්ත්වයෙන් එරට ප්‍රවාහන හා බලශක්ති ක්ෂේත්‍රයන්ට දැඩි බලපෑම් එල්ලවී ඇති බවය. එමෙන්ම පුද්ගලයින් 178,000කට අධික පිරිසකට විදුලි සැපයුම ද බිඳ වැටී ඇති බව සඳහන් වේ. කෙසේ වෙතත් ඉදිරියේදී මෙම ශීත කුණාටු තත්ත්වයේ අඩු වීමක් අපේක්ෂා කළ හැකි බව අමෙරිකානු කාලගුණ බලධාරීන් පවසයි.

Read More

ත්‍රිකුණාමලය බුදු පිළිම සිදුවීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් සහ භික්ෂුන් වහන්සේලා සිව්නම ඇතුළු සැකකරුන් අද (02) අධිකරණයට රැගෙන විත් තිබේ. ඒ ත්‍රිකුණාමලය නගරයේ වෙරළ ආරක්ෂක කලාපය තුළ අනවසර කුටියක් ඉදිකර බුදු පිළිමයක් තැන්පත් කළේ යැයි වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් සිදුකර තිබූ පැමිණිල්ලට අදාළව පවතින නඩුවට අදාළවය. මෙම සිදුවීමට අදාළව ත්‍රිකුණාමලය කොටුව පාරේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ත්‍රිකුණාමලය කල්‍යාණවංශ තිස්ස හිමියන්, පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්, පූජ්‍ය ත්‍රිකුණාමලය සුඛිතවංශ තිස්ස හිමියන් සහ පූජ්‍ය නන්ද හිමියන්ද ඇතුළත් විය.

Read More

යුක්‍රේනයේ නැගෙනහිර ප්‍රදේශයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් පතල් කම්කරුවන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ යුක්‍රේනයේ ඩිනිප්‍රොපෙට්‍රොව්ස්ක් කලාපයේ පතල් කම්කරුවන් රැගත් බස් රථයකට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවය. එම සේවකයින් සිය සේවා මුරය නිමකර ආපසු යමින් සිටියදී මෙම ප්‍රහාරයට ගොදුරුව ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 15 දෙනෙකුද තුවාල ලබා රෝහල් ගත කර ඇති බවය. රුසියාවෙන් යුක්‍රේනයට මෙම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල වී ඇත්තේ දෙරට අතර එක්සත් ජනපදයේ මැදිහත් වීමෙන් පැවැත්වෙන ත්‍රෛපාර්ශ්වික සාකච්ඡාවල දෙවන වටය එළැඹෙන සතියේ පැවැත්වෙන බවට යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි නිවේදනය කිරීමෙන් පැය…

Read More

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගය අද (02) උදෑසන සිට තීව්‍ර කිරීමට එම සංගමය තීරණය කර තිබේ. ඒ අනුව අද උදෑසන 8.00 සිට මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තීව්‍ර කිරීමට පියවර ගන්නා බව එම සංගමය සඳහන් කළේය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ අද සිට ආරම්භ කරන අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ග තුළදී රෝහල තුළ නොමැති ඖෂධ සහ උපකරණ බාහිරින් ලබා ගැනීම සඳහා රෝගීන්ට නිර්දේශ කර තුණ්ඩු නිකුත් කිරීම අත්හිටුවීම, රෝහල තුල නොමැති රසායනාගාර පරීක්ෂණ බාහිරින් සිදු කරගැනීම සඳහා රෝගීන්ට නිර්දේශ කර තුණ්ඩු නිකුත් කිරීම අත්හිටුවීම, දේශපාලන කණ්ඩායම් විසින් සංවිධානය කරනු ලබන සෞඛ්‍ය කදවුරු සහ සායන සඳහා ස්වෙච්ඡාවෙන් සහභාගිවිමෙන් ඉවත් වීම, අනුමත වෛද්‍යවරුන්…

Read More

තම සංගමයේ කිසිදු වෛද්‍යවරයෙකු වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත නොවන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා සඳහන් කළේ සිය සංගමයේ සාමාජිකයින් (02) දිනයේත් සාමාන්‍ය පරිදි සිය රාජකාරී කටයුතු සිදුකරන බවය. ඉල්ලීම්වලට රජය විසින් යහපත් ප්‍රතිචාර ලබා නොදීමට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට දිනයේ සිට සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තීවෘ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා සඳහන් කළේ හෙට දිනයේ සිට දිවයින පුරා රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවය. කෙසේවෙතත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය…

Read More

ආර්ථික අපහසුතා හේතුවෙන් රටේ කිසිදු දරුවෙකුට වෘත්තීය අධ්‍යාපනය හෝ වෙනත් කිසිදු අධ්‍යාපන අවස්ථාවක් අහිමි නොවන ආකාරයෙන් රජයේ සියලු උපාය මාර්ගික සැලසුම් සකස් කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ, වෘත්තීය අධ්‍යාපන අංශයට අනුබද්ධ ආයතනවල අයවැය හා උපාය මාර්ගික සැලසුම්කරණය පිළිබඳ වැඩමුළුව අමතමිනි. ජාතික ආර්ථික සංවර්ධන සැලැස්මට අනුකූලව ප්‍රධාන ආයතනවල සංවර්ධන සැලසුම් සහ ඒවාට අනුයුක්ත සෙසු ආයතනවල සැලසුම් පෙළගැස්වීම අත්‍යවශ්‍ය කරුණක් බව ඇය පෙන්වා දෙයි. අධ්‍යාපන ආයතන මඟින් වෘත්තීය දැනුම සහිත පුද්ගලයින් බිහි කරනවා සේම, ඔවුන් තුළ මානව දයාව, සහකම්පනය, අන්‍යයන් කෙරෙහි දක්වන කරුණාව සහ සදාචාරාත්මක වටිනාකම් වර්ධනය කිරීමට හැකි වන පරිදි ප්‍රතිසංස්කරණ සිදුවිය යුතුය.…

Read More

අනුරාධපුර ගල්කුලම පොලිස් මාර්ග බාධකය ආසන්නයේ දී අද (01) අලුයම 5ට පමණ සිදු වූ රිය අනතුරකින් පස්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබේ. තිරප්පනේ පොලීසිය සඳහන් කළේ මොටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටි මෙම අනතුර සිදුව ඇති බවය. අනුරාධපුර නගරයේ පැවති සංගීත ප්‍රසංගයක් නරඹා යළි නිවෙස් බලා එමින් සිටි තරුණයන් සිව්දෙනෙක් ගමන්ගත් මෝටර් රථයක් හා කැලණිය සිට අනුරාධපුර වන්දනා කිරීමට පැමිණි එකම පවුලේ පිරිසක් ගමන්ගත් මෝටර් රථයක් මෙලෙස එකිනෙක ගැටි ඇති බව සඳහන් වේ. අනතුර සිදු වූ ස්ථානය වංගු සහිත ස්ථානයක් වූ බැවින් අනුරාධපුර සිට පැමිණි මෝටර් රථයට වේගය පාලනය කිරීමට නොහැකිව දකුණු පසින් ධාවනයවීම හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇති…

Read More