Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල අද (16) සවස 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, ඌව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේ මිහිදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.
රජය දැනට පියවා නොමැති බිල්පත්වල වටිනාකම රුපියල් බිලියන 200ක් පමණ වන බව මුදල් අමාත්‍යාංශ ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන මහතා පවසයි. ඔහු ඊයේ (15) පෙන්වා දුන්නේ, ලැබෙන ආදායම වැටුප් සහ සහනාධාර වැනි අත්‍යවශ්‍ය කරුණුවලටවත් ප්‍රමාණවත් නොවන බවය. “භාණ්ඩාගාරය පැත්තෙන් ගත්තොත් එදිනෙදා මුදල් ප්‍රවාහය හසුරුවනකොට මට පේනවා මේක කොතරම් දුෂ්කර කාර්යයක්ද කියලා. මොකද මේ ලැබෙන ආදායම වැටුප් සහ සහනාධාර වැනි අත්‍යවශ්‍ය දේවල්වලටවත් ප්‍රමාණවත් නැහැ. මෙහි ප්‍රතිඵලයක් ලෙස රජය දැනට පියවා නොමැති බිල්පත්වල වටිනාකම රුපියල් බිලියන 200ක් පමණ වනවා. විශේෂයෙන්ම ඉදිකිරීම් සහ වෙනත් ආයතනවලට ගෙවිය යුතු බිල්පත් ඒ අතරට අයත්. ඒ බිල්පත් ගෙවිය නොහැකි තත්ත්වයකයි රජය තිබෙන්නෙ.” “මේ පසුබිම නිසා තමයි රජය ආදායම්…
බොලිවුඩ් රංගන ශිල්පිනී ජැකලින් ෆර්නැන්ඩස් හට දිල්ලි අධිකරණය විසින් ඇප නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඉන්දීය රුපියල් කෝටි 200ක කප්පමක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ව්‍යාපාරික සුකේෂ් චන්ද්‍රෂේකර්ට එරෙහි නඩුවක විත්තිකාරියක් ලෙස ජැකලින් ෆර්නැන්ඩස් නම් කර තිබුණි. මේ අතර ජැකලින් ෆර්නැන්ඩස් හට ශ්‍රී ලංකාවේ ද වත්කම් මිලදී ගෙන ඇති බවට විමර්ශනවලින් හෙළිවී තිබේ. මේ සම්බන්ධයෙන් ජැකලින්ගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේ දී ඇය පවසා ඇත්තේ සුකේෂ් වැලිගම ප්‍රදේශයෙන් නිවසක් මිලදී ගත් බව පැවසුව ද තමන් කිසිදිනෙක එහි ගොස් නොමැති බවය. එරට මාධ්‍ය වාර්තා කරන්නේ මේ පිළිබඳව අධිකරණමය කටයුතු සිදුවෙමින් ඇති බවය. මුදල් විශුද්ධිකරණ නඩුවේ චෝදනාවලින් බේරීම සඳහා තමන් සුකේෂ්ගේ…
මීගමුව සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක අද දින විශාල බහලුම් රථයක් වැදී අනතුරක් සිදුවි තිබෙනවා. මීගමුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 10.10 ට කොළඹ කොටුව බලා ධාවනය වූ මගී දුම්රිය කුරණ දුම්රිය ස්ථානය ආසන්නයේ 10.15 ට පමණ පුද්ගලික හරස් මාර්ගයක දී අංක CPLM 8909 දරණ බහලුම් රථය මෙසේ අනතුරට ලක්ව ඇත්තේ. කෙසේ වෙතත් පුත්තලම් මාර්ගයේ ධාවනයට මේ වන විට බාධාවක් නොවූ අතර දුම්රිය ධාවනය මේ වන විට සාමාන්‍ය පරිදි සිදු කෙරේ. මෙම අනතුරු හේතුවෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු නොවූ අතර අදාල බහලුම් රථයේ ගැටුණු දුම්රියේ රියදුරු කුටියට දැඩි අලභානී සිදුව ඇත.
සමගි ජන බලවේගය ප්රමුඛ විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් 16ක් මැතිවරණ කොමිසම වෙත ගොස් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් එම කොමිසම සමග සාකච්ජා කිරීමට අද (15) පියවර ගත්හ. පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස ඉල්ලා ලිපියක්ද භාරදීමට එම පිරිස කටයුතු කළහ. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පිරිස මැතිවරණ කොමිසම වෙත පැමිණියහ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට තමා පැමිණිලි හතර පහක් ඉදිරිපත් කළත් අදටත් ඒවාට වෙච්ච දෙයක් නොමැති බවත් අල්ලස් කොමිසම වැඩ කරන්නේ මෙහෙම නම් මෙවැනි කොමිසමකින් මේ රටට ඇති ඵලය කුමක්දැයි තමා ප්‍රශ්න කරන බවත් අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (15) පැවසීය. ඒ පැමිණිලි සම්බන්ධයෙන් අල්ලස් කොමිසම තමාගෙන් පැය හතර පහ ප්‍රශ්න කිරීම් නම් හොඳට කළ බවද ඔහු සඳහන් කළේය. රාජපක්ෂ මහතා මෙසේ පැවසූවේ අයවැය දෙවෙනි වර කියවීමේ විවාදයේදීය.
ජනප්‍රිය තීරණ ගත්තේ බණ්ඩාරනායක ලා නොව ජේ.ආර් බව කුරුණෑගල දිස්ත්‍රික් පොදු පොදුජන පෙරමුණු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. බණ්ඩාරනායක ජනප්‍රිය තීන්දු ගන්නා විට තමා අමාරු තීරණ ගත් බවත් සිංගප්පූරුවේ අගමැති ලීක්වාන් යූ කිවුවා යැයි කතාවක් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අයවැය කථාව ඉදිරිපත් කරමින් සඳහන් කළ බව කී ජයසේකර මහතා බණ්ඩාරනායක මහතා සහ මැතිණිය ගත් අමාරු තීන්දු නිසා තමන් ද පොඩි එකෙක් ලෙස පාන් පෝලිමේ සහ භූමිතෙල් ගඳ රෙදි ගන්න පෝලිමේ සිට තිබෙන බව පැවසීය. ජනාධිපතිතුමාගේ මාමණ්ඩිට බණ්ඩාරනායකවරුන් රට බාරදෙන විට අය වැය අතිරික්තයක් තිබුණ බවද ජේ. ආර් ජයවර්ධන මහතා මහතා ජනප්‍රිය තීන්දු ගෙන රට නිෂ්පාදන ආර්ථිකයේ සිට යැපුම් ආර්ථිකයක්…
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඔවුන් සමග වසර 13ක් සිටි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු නායක කයිරන් පොලාර්ඩ් එළඹෙන IPL තරගාවලිය සඳහා තෝරාගෙන නොමැත. එබැවින් ඔහු IPL ක්‍රිකට් තරග වලින් සමුගන්නා බව පවසයි. සිය සමාජ මාධ්‍ය ගිණුමක සටහනක් තබමින් ඔහු පවසා ඇත්තේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ “පිතිකරණ පුහුණුකරු” ලෙස තමා එම කණ්ඩායම සමග එක්වන බවය.
ගම්පහ මාකවිට ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි. අප වාර්තාකරු පැවසුවේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මාකවිට ප්‍රදේශයේ පිහිටි ප්‍රාථමික පාසලක් අසලදී එම වෙඩිතැබීම සිදුකර ඇති බවය.
ව්‍යාපාර කඩා කඩාගෙන වැටී ඇති මොහොතක් බදු ගහනවා යනු ගහෙන් වැටුණු මිනිහට ගොනා අනිනවා වගේ වැඩක් යැයි ජාතික ජන ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. මිලියන එකොලොස් දාහක් ගිය වසරේ ලාභ ලබා තිබෙන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විකුණන්නට ආණ්ඩුව පාවිච්චි කරන තර්කය කුමක්දැයි හේරත් මහතා ප්‍රශ්න කළේය. පාඩු ලබන රාජ්‍ය ආයතන නොව අසීමිත ලෙස ලාභ ලබන රාජ්‍ය ආයතන විකුනන්නේ කුමටදැයි ප්‍රශ්න කළ හේරත් මහතා ලාභ ලබන ආයතන එක සැරේ විකුණා එයින් ලැබෙන කුට්ටිය අර්බුදය විසඳන්න පාවිච්චි කිරීම ආණ්ඩුවේ අරමුණයි යැයිද එයින් වන දිගුකාලීන හානිය ගැන සිතන්නේ නැතැයිද කීය. අයව දෙවැනි වර කියවීමේ විවාදය ට සහභාගී වෙමින් විජිත…