Author: LANKA24X7

හැටන් ජුම්මා පල්ලියේ මුරකරු ඝාතනය කර පිංකැටය කඩා මුදල් රැගෙන ගිය සැකකරු සමන්තුරේ ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. එම පුද්ගලයා සමන්තුරේ නගරයේ සැකකටයුතු ලෙස සැරිසරමින් සිටියදි සැකපිට ඊයේ (19) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඒ පිළිබඳව හැටන් පොලීසියට දැනුම් දුන් බව හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේන මහතා පැවසිය. සැකකරු හැටන් ප්‍රදේශයේ දින ගණනාවක් රැඳී සිටිමින් ඉකුත් (09) දින අලුයම හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේ මුරකරුව ඝාතනය කර පිංකැටය තුළ තිබූ මුදල් රැගෙන ගොස් තිබුණි. එම සැකකරුගේ ඡායාරුප මාධ්‍ය මගින් ප්‍රචාරය කළ අතර හැටන් පොලීසිය ඔහු සම්බන්ධයෙන් දිවයින පුරා පිහිටි අනෙක් පොලිස් ස්ථානද දැනුවත් කළේය. සැකකරු මනුෂ ඝාතන කිහිපයක් සම්බන්ධයෙන් සයින්දමරුදු…

Read More

ව්‍යාජ ලෙස වීසා බලපත්‍ර සකස් කරන මධ්‍යස්ථානයක් වටලා තිබේ. පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් එම වැටලීම සිදුකර ඇත. ඒ කුරුණෑගල පන්නල ප්‍රදේශයේදීය. අදාළ ස්ථානය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතින බවද පොලීසිය පවසයි.

Read More

පසුගිය දා ටිරාන් අලස් අමාත්‍යවරයා නීතීඥවරු සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය පිළිබඳව අප්‍රසාදය පළකරන බව කොළඹ මහාධිකරණ නීතීඥවරුන්ගේ සංගමය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පවසන්නේ, යම් පුද්ගලයෙකු නීතිය ඉදිරියේ වරදකරුවෙකු ලෙස තින්දු කරන තෙක් චූදිතයෙකු ලෙස සැලකෙන බවය. එවැනි චූදිතයින් වෙනුවෙන් පෙනී සිටීමට සහ චුදිතයෙකුට අධිකරණය හමුවේ කරුණු දැක්වීමට නීතිඥ සහාය ලබාගැනීමේ අයිතියක් පවතින බව ද එම සංගමය පෙන්වා දෙයි. ටිරාන් අලස් අමාත්‍යවරයා පසුගිය දා ප්‍රකාශ කළේ දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කිරීමට එරෙහි වූයේ අපරාධකරුවන් වෙනුවෙන් පෙනී සිටින ඇතැම් නීතීඥවරු බවය. කොළඹ මහාධිකරණ නීතීඥවරුන්ගේ සංගමය සිය නිවේදනය මඟින් තවදුරටත් පෙන්වා දෙන්නේ, නීතිඥ වෘත්තිය රටේ යුක්තිය සාධාරණත්වය මෙන්ම නීතියේ ආධිපත්‍ය…

Read More

අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා වන යෝජනාවලියක් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටින බව පරිසර යුක්ති කේන්ද්‍රය පවසයි. එහි සභාපති රවීන්ද්‍රනාත් දාබරේ මහතා පවසන්නේ විවිධ පාර්ශවල අදහස් හා යෝජනා මත පදනම්ව මෙම වාර්ථාව සකස් කෙරෙන බවය.

Read More

හග්ගල්ල අල්ගම මාර්ගයේ වලලියැද්ද කනත්ත අසලදි බස් රථයක් හා යතුරු පැදියක් ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් යුද හමුදා සෙබලකු මරණයට පත්වී ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි. ඊයේ ( 19) මෙසේ මිය ගොස් ඇත්තේ යතුරු පැදියෙන් අල්ගම දෙස සිට හග්ගල්ල දෙසට ගමන් කරමින් සිටිසිංහල පේඩිගේ සනෝජ් මධුසංක අන්නාසි වත්ත , දඹුටුව දෙබැහැර, පදිංචි – යුද හමුදා සෙබලෙකි. හමුදා සෙබළා හග්ගල්ල දෙසට ධාවනය කරමින් තිබු පුද්ගලික බස් රථයේ ගැටිම හේතුවෙන් තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුලත් කිරිමෙන් පසුව මියගොස් ඇතැයි පොලිසිය කියයි . බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

Read More

නාරහෙන්පිට මෝටර් රථ දෙපාර්තමේන්තුව අසල ගැවසෙමින් එහි පැමිණෙන ජනතාවට විවිධ අයුරින් බලපෑම් එල්ල කරමින් මුදල් එක්රැස් කිරීමේ යෙදී සිටි. පුද්ගලයන් 11 කු අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි. අත්අඩංගුවට පත් වූවන් අතර කාන්තාවක්ද වන බව පොලිසිය කියයි. විවිධ අවශ්‍යතා සඳහා දෙපාර්තමේන්තු වෙත යතුරු පැදි සහ වාහනවලින් පැමිණෙන පුද්ගලයන්ගේ වාහන නැවතීමේදී විවිධ බලපෑම් කරමින් මුදල් එක්රැස් කරන බවට බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක ප්‍රියදර්ශන විතානගේ මහතාට ලද තොරතුරකට අනුව වැටලීම සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සිටින බහුතරයක් දෙනා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් බවත් ඒවා මිලදී ගැනීම සඳහා මුදල් සොයා ගැනීමේ අරමුණින් මෙම ස්ථානයේ රැඳී සිටින…

Read More

මන්නාරම , පල්ලිමුනෙයි නිවසක් තුල සඟවා තිබූ ජෙලග් නයිට් පුපුරණ ද්‍රව්‍ය 525ක් අ‍ැතුලු පිපිරවීම් සදහා යොදාගන්නා උපකරණ තොගයක් සමඟ සැකකරුවකු ඊයේ (19) අත්අඩංගුවටගත් බව මන්නාරම පොලිසිය කියයි. පුපුරණ ද්‍රව්‍ය රැස්කරන පුද්ගලයකු සම්බන්ධයෙන් මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන එ‍්කකය වෙත ලැබුණ තොරතුරක් මත සිදුකල වැටලීමකදී පුපුරණ ද්‍රව්‍ය හා පිපිරවීම් සදහා යොදාගන්නා උපකරන අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය. සැකකරු සතුව තිබී විද්‍යුත් ඩෙටනේටර් 354ක් පිපිරවීම් සදහා යොදාගන්නා සේවානූල් විශාල ප්‍රමාණයක් සොයාගත් බවත් පොලිසිය සදහන් කළේය. අත්අඩංගුවටගත් සැකකරු මන්නාරම, පල්ලිමුනෙයි හි පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකි.

Read More

දරුවන්ගේ අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ පට අන්තර්ජාලයට හෝ සමාජ මාධ්‍ය හරහා විසුරුවාහරින පුද්ගලයන් හඳුනාගත හැකි අන්තර්ජාතික දත්ත පද්ධතියක් සමඟ එකතුවීමට ශ්‍රී ලංකා පොලිසියට හැකිවූ බව නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර මහත්මිය ඊ‍යේ 19 පැවැසුවාය. මීට මාස 2 කට පමණ පෙර මෙම දත්ත පද්ධතිය හා එක්වීමට ශ්‍රී ලංකා පොලිසිය හැකි වූ බවත් එමගින් අන්තර්ජාලය ඔස්සේ නිතර අසභ්‍ය වීඩියෝ නරඹන පුද්ගලයන් පිළිබඳව තොරතුරු ලබාගත හැකි බවත් නියෝජ්‍ය පොලිස්පතිනිය කීවාය. අන්තර්ජාල සේවා සපයන ආයතන මෙම අන්තර්ජාතික දත්ත පද්ධතිය හා සම්බන්ධවී එම තොරතුරු හුවමාරු කරගන්නා අතර මෙමගින් ඉතා පහසුවෙන් එවැනි පුද්ගලයන් හදුනාගැනීමට හැකියාව ඇති බවද ජයසුන්දර මහත්මිය පැවැසුවාය. 2023 වසරේ අන්තර්ජාලය ඔස්සේ දරුවන් අපයෝජයට ලක්වන…

Read More

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී , නීතිවිරෝධී ලෙස බලපත්‍ර නොමැතිව රැකියා නියෝජිත ආයතනයක් පවත්වා ගෙන යමින් , ජපානයේ රැකියා සදහා යවන බව පවසා රුපියල් ලක්ෂ 14 ක් ලබා ගත් පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දී තිබේ . මොහු අනුරාධපුරය ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි ව්‍යාපාරිකයෙකි . මොහු එම ප්‍රදේශයේ තරුණයෙකු ජපානයේ රැකියා සදහා යවන බවට පවසා ඔහුගෙන් රුපියල් ලක්ෂ 14 ක මුදලක් වංචනිකව ලබා ගෙන තිබේ . මේ පිළිබඳ එම තරුණයා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත පැමිණ පැමිණිළි කිරීමෙන් පසු මේ පිළිබඳ අනුරාධපුර…

Read More

දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පළාත් පහක පවුල් 3200 කට අයත් පුද්ගලයින් 10968 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි. ඒ අනුව වයඹ පළාතේ පවුල් 609 ක පුද්ගලයින් 2213දෙනෙකු සබරගමුව පළාතේ පවුල් 17 කට අයත් පුද්ගලයින් 68 දෙනෙකු, නැගෙනහිර පළාතේ පවුල් 863 ක අයත් පුද්ගලයින් 3052 ක් උතුරු පළාතේ පවුල් 1708 කට අයත් පුද්ගලයින් 5625 ක් ඌව පළාතේ පවුල් තුනකට අයත් පුද්ගලයින් 10 ක් වශයෙන් පළාත් පහක පවුල් 3200 ක පුද්ගලයින් 10968 ක් පීඩාවට පත්ව තිබේ. ඔවුන් අතරින් අවතැන් වු පවුල් 849 කට අයත් පුද්ගලයින් 2796 දෙනෙකු ආරක්ෂිත ස්ථානවල රඳවා ඇති බවත් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය තව…

Read More